අතපසුවීමක් නිසා දෙදෙනෙකුට මේ උපසිරැසිය කිරීමට ලබා දී තිබු අතර අප අතින් වූ අතපසුවීම නිසා දෙදෙනාටම අසාදාරනයක් නොවනු පිණිස දෙදෙනාගේම උපසිරසි මෙලෙස පල කර ඇත. රවිඳු නවීන් සොහොයුරාගේ ලිපිය චිත්‍රපටයේ නමේ තේරුම “නිහඬ කැලෑ බල්ලා” කියන එකයි. සෙන්නායි නැත්නම් කැලෑ බල්ලා කියන සත්වයා බොහෝදුරට නරියෙකුට සමානයි.…

අතපසුවීමක් නිසා දෙදෙනෙකුට මේ උපසිරැසිය කිරීමට ලබා දී තිබු අතර අප අතින් වූ අතපසුවීම නිසා දෙදෙනාටම අසාදාරනයක් නොවනු පිණිස දෙදෙනාගේම උපසිරසි මෙලෙස පල කර ඇත.

රවිඳු නවීන් සොහොයුරාගේ ලිපිය

චිත්‍රපටයේ නමේ තේරුම “නිහඬ කැලෑ බල්ලා” කියන එකයි. සෙන්නායි නැත්නම් කැලෑ බල්ලා කියන සත්වයා බොහෝදුරට නරියෙකුට සමානයි. පොදුවේ නරියන් නිහඬ සතෙක් නෙවෙයි කියලා කවුරුත් දන්න් දෙයක්. මේ නමත් චිත්‍රපටියත් අතර මොකක්ද තියෙන සම්බන්ධය කියලා චිත්‍රපටිය බලලා තේරුම් ගන්න.

පාර්තිබන් රහස් පරීක්ෂකයෙකුගෙ ගාව රස්සාව කරන්නෙ. ඒත් පාර්තිබන්ගෙ රැකියාව හුඟක් අවදානම්. පාර්තිබන්ට පෙම්වතියක් හිටියත් කවදාවත් එයාටවත් මේ ගැන කිව්වෙ නැහැ. කොහොමින් හරි පාර්තිබන් වටේ වැරදි දේවල් සිද්ද වෙනවා කියලා පාර්තිබන්ට තේරෙන්න ගත්තා. මේ අතරෙදියි පාර්තිබන් දැනගන්නෙ එයා තාත්තා කෙනෙක් වෙන්නයි හදන්නෙ කියලා. අලුතෙන් ජීවිතයක් පටන් ගන්න එයාගේ ලොක්කා වුණ රහස් පරීක්ෂකයාගෙන් අයින් වෙන්න අවසර ඉල්ලනවා. පාර්තිබන් දැනටමත් බොහෝ කාලයක් රහස් පරික්ෂකයා කියලා හඳුන්වන පුද්ගලයා ගාව වැඩ කරලා තියෙනවා. පාර්තිබන් එලියට ගිහින් මෙයාලගෙ රහස් වැඩ හෙළි කරයි කියලා බයක් ඇති වෙනවා. පාර්තිබන් පස්සෙන් ලුහුබඳින්න කිහිප දෙනෙක් මේ රහස් පරීක්ෂකයා යොදවනවා. දවසක් පාර්තිබන්ට ආයේ රහස් පරීක්ෂකයගෙ තැනට එන්න කියලා කතා කරනවා. අවසාන වතාවට යනවා කියලා හිතාගෙන පාර්තිබන් එතනට යනවා. ගියාට පස්සෙදි දැනගන්නවා එයාගේ පෙම්වතියව රහස් පරීක්ෂකයා පැහැරගෙන කියලා. මෙයාලා පාර්තිබන්ගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. කොහොමින් හරි මේකට පොලිස් සහය කොමසාරිස් වරයෙකුත් සම්බන්ධ වනවා. පාර්තිබන්ගෙන් මෙයාලා ඉල්ලන්නෙ මොකක්ද? එයාලා ඉල්ලන දේ දීලා පාර්තිබන්ට පෙම්වතියව බේරාගන්න පුළුවන් වේවිද?

2021 ඔක්තෝබර් 10දා නිකුත් වුණ මේ චිත්‍රපය, මේ වන විට Imdb අගය 6.6ක්. විශේෂයෙන් විචාරකයින්ගේ ධණාත්මක ප්‍රතිචාර මෙම චිත්‍රපටයට ලබා ගැනීමට හැකි වනවා. Times of India පුවත්පතේ ඉහලින්ම ඇගයූ චිත්‍රපට 30 අතරටත් මේ චිත්‍රපටය එක් වනවා. TOI මෙම චිත්‍රපටයට දී ඇති අගය කිරීම 3/5ක්. ප්‍රේක්ෂකයින්ගේද අදහස් බොහෝ ධනාත්මක වූවා. ඇත්තටම මේක නාට්‍යමය චිත්‍රපටයක්. අපරාධ සහ අනාගත පරම්පරව වැනි කරුණු දිගේ මේ කතාව ගලා යනවා. තවද මේ චිත්‍රපටය නෝර්වේ දමිළ සිනමා උළෙල සඳහා නිර්දේශ වී තිබෙනවා.මෙහි රංගනයෙන් මයිකල් තංගදුරෛ, සනම් ශෙට්ටි, ගජ්රාජ්, ජයකුමාර්, අරෝල් ඩි, ශංකර් යන අය දායක වනවා. ගජ්රාජ් Petta, Pizza, Jigarthanda වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල තරුණ චිත්‍රපට අධ්‍යක්ෂක කාර්තික් සුබ්බුරාජ්ගේ තාත්තා. ගජ්රාජ් Maragatha Nanayam, Ponmagal Vanthal, Petta වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා. අරොල් ඩි. ශන්කර් මීට පෙරදී Yaman චිත්‍රපටයේ තංගපාන්ඩි ‍නම් චරිතයෙන් මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගත්තා. ඔහු මියගිය අධ්‍යක්ෂකවරයෙකු වන බාලු මහේන්ද්‍රාගේ(Theri චිත්‍රපටියේ දුෂ්ඨයා.) ශිෂ්‍යයෙක්. නළු ජයකුමාර් Thegidi, Pizza, Dhayam, Pizza II : Villa වැනි අභිරහස් කතා චිත්‍රපටවල දැකිය හැකියි.

නවක අධ්‍යක්ෂකවරයෙක් වන අර්ජුන් එකලෛවාන්ගේ අධ්‍යක්ෂණයක් සහ රචනයක්. අර්ජුන් අභිරහස්, හොල්මන් වැනි තේමා පාදක කරගනිමින් චිත්‍රපට තනන මිස්කින්ගේ සහය අධ්‍යක්ෂක කරයෙකි. ඒ වගේම මෙහි “මලෛ වරුම් වේලයිල්” ගීතය ගායනයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පී හරිචරන් දායක වනවා. හරිචරන් රහුමාන්ගේ සංගීත ප්‍රසංග වේදිකා වලදී පවා දැකිය හැකි ගායකයෙක්.

වෙනදා වගේම අදහස් උදහස් පහලින් කමෙන්ට් කරන්න. හැකියාවක් තියෙන දේවල් නම් කරන්න බලනවා. බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටමත් අදහස් දක්වන හැමෝටමත් ස්තූතිය පුදු කර සිටිනවා. ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙමු.

බුදු සරණයි! සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ඔෂධ ධනංජය සොහොයුරාගේ ලිපිය

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් හම්බවුණා Action, Crime, Drama ගණයට අයිති 6.6 ක IMDb අගයක් අරගෙන තියෙන 2021 දෙසැම්බර් මාසයේ නිකුත් වුණ පැයකුත් විනාඩි 58ක් පුරා දිවෙන Michael Thangadurai, Sanam Shetty,චරිත නිරූපණය කරන චිත්‍රපටයක්. ඉතින් නළුවගෙ නම කිව්වාම නම් ගොඩක් දෙනෙක් මෙයාගෙ චිත්‍රපට බලල නැතුව ඇති. දැනටමත් නවක නළුවෙක් කියල කියන්න පුලුවන් චිත්‍රපට 5ක 6ක වගේ තමයි රගපාල තියෙන්නෙ. Sanam Shetty කියන්නෙ මලයාලම්, තෙළුගු, දමිළ, කන්නඩ යන හැම අංශයකින්ම දක්ෂතා දක්වපු නිළියෙක්.කතාව ගැන චූටිවට කියන්නම්කො.

පාර්තිබන් ඩොක්ටර් කෙනෙක්ව ඉදලා ඒ ඉස්පිරිතාලේ තමන්ට වැඩිය ජේෂ්ඨ නිළධාරියා අතින් වුණ මිනී මැරුමක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි මත අවුරුදු 5ක් සිරබත් කා නිදහස ලබා පුද්ගලික රහස් පරීක්ෂකයෙක් ළග වැඩ කරපු කෙනෙක්. වැඩිය කතා බහක් නැති නිහඬ චරිතයක්. මෙයාලගෙ රාජකාරිය වෙන්නේ එයාලට ලැබෙන පැවරුමට අනුව එක් එක් පුද්ගලයා ගැන රහසේ ඔත්තු බලා ඊට අදාල සාක්ෂි එකතු කිරීම. ඉතින් මේකේ ප්‍රධානියා වැරදි දෙයක් කරනව කියල තේරුණාට පස්සේ පාර්තිබන් එතනින් අයින් වෙන්න තීරණය කරනව, ඒකට පාර්තිබන්ට ආදරේ කරපු අමුදත් එක හේතුවක් වුණා. මොකද අමුදා ඒ වෙනකොටත් ගැබ් අරගෙන හිටියේ. ඇයගේ පෙරැත්තය වුණේ ඒ වගේ රස්සාවක් ඕනෙ නෑ කියන එකයි. එයා එතනින් අයින් වුණාට පස්සේ අමුදාව පැහැරගෙන ගිහින් තර්ජනය කරනවා කගෙන් හරි සල්ලි අරගෙන පාවා දීමක් ගැන ආරංචි වෙලා. කොහොමින් හරි මේ පැහැරගත්ත පිරිසකගේ කෙනෙක් අතින් අමුදාව ඝාතනය වෙනවා. මේ ගැන දැනගන්න පාර්තිබන් අමුදාව මරපු කෙනාව හොයන්න පටන් ගන්නවා. ඒ අතරේ තව තවත් රහස් ගොන්නක් එළියට එනවා. ඒ වැඩේ ඔයාලට බාරයි…

හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.

3,058 downloadsDownload omai-Sennaai-2021.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට සහ ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,058 downloadsDownload Subtitles63 KB

13 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Anonymous

    සබ නම් පට්ට ලේට් මචන්,කොහොමවුනත් තෑන්ක්ස් හොදයි දෙන්නටම

  4. අසංක

    අපරාදෙ ඉතින්, දැන් නිතරම මෙහෙම අතපසුවීම් වෙනවනේ,
    වෙන ෆිල්ම් එකක් බ්ලන්න තිබ්බ චාන්ස් එකක් ඉතින්.

  5. Kushan

    Sub akta thanks

  6. Anonymous

    Bro daddy
    Aaha malayalam film denne ndda ane

  7. Samith

    Thanks both

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  9. Anonymous

    Thanks

  10. Naveen Mbr

    හැමෝටම ස්තූතියි!

  11. Buddhika Lakmal

    ♥♥☻☻...දෙන්නටම බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.