Watch Trailer

Cellular (2004) Sinhala Subtitles | ජීවිතයත් මරනයත් අතරට දුරකථනය පැමිනි විට [සිංහල උපසිරැසි සමඟ]

හායි කිව්වා කට්ටියටම එහෙනම් මෙන්න ගෙනාවා මගෙ 7 වෙනි උපසිරැසි නිර්මානය. ඉස්සෙල්ල කරපු උපසිරැසි නිර්මානයන් බාගත කරගෙන රසවින්ද අයටත් ඒවාට අදහස් එක් කරපු අයටත් මගෙ ස්තුතිය පුදකරනවා දැන් බලමු අද ගෙනාවෙ මොකද්ද කියලා. මේක 2004 වසරෙ නිකුත් වූ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක්. imdb මීටරේ මේකට 6.5ක හොද අගයක් ලැබිලා…

හායි කිව්වා කට්ටියටම එහෙනම් මෙන්න ගෙනාවා මගෙ 7 වෙනි උපසිරැසි නිර්මානය. ඉස්සෙල්ල කරපු උපසිරැසි නිර්මානයන් බාගත කරගෙන රසවින්ද අයටත් ඒවාට අදහස් එක් කරපු අයටත් මගෙ ස්තුතිය පුදකරනවා
දැන් බලමු අද ගෙනාවෙ මොකද්ද කියලා. මේක 2004 වසරෙ නිකුත් වූ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක්. imdb මීටරේ මේකට 6.5ක හොද අගයක් ලැබිලා තියෙනවා. මේක ටිකක් පරන වුනත් ඉතාම ලස්සන චිත්‍රපටයක්. කිසිම කම්මැලි කමක් නැතිව මුල ඉදන් අවසානය වෙනකම්ම බලන්න පුලුවන්.
පොඩ්ඩක් බලමුකො මේකෙ කතාව මොකද්ද කියලා. මුලින්ම තියෙන්නෙ කාන්තාවක් පැහරගන්නා සිදුවීමක්. පැහැරගැනීමට ලක්වන කාන්තාව යම්කිසි ස්තානයක සිරකරනවා. නමුත් එතන දුරකතනයක් තියෙනවා ඒ වුනාට ඉතින් වැඩක් තියෙයි ඈ පැහැරගත්ත උන්ගෙන් එකෙක් ඇවිත් ඒක කුඩුපට්ටම් කරලා දානවා. නමුත් අර කාන්තාව නෙමෙයි සැලෙන්නෙ. වයර් ටික අමුනලා අමුනලා ගන්නවා කෝල් එකක්. මෙතන ඉදන් තමා ලස්සනම වැඩේ මේ කෝල් එකට උත්තර දෙන්නෙ තරුන කොල්ලෙක් රයන් කියලා ඔහු හිතන්නෙ මේක බොරුවක් කියලා. පස්සෙ මිනිහටත් තේරෙනවා මේක ඇත්ත සීන් එකක් කියලා. මිනිහත් වැඩේට බහිනවා. මිනිහා මාර ගේමක් දෙනවා මේ ආපු කෝල් එක කට් නොකර තියාගන්න  මොකද කට් උනොත් ඉතින් බඩුනෙ ආයි සම්බන්ධ කරගන්න බෑනෙ. ආසයි නෙ බලන්න?
මේ පැහැරගැනීමට හේතුව මොකද්ද? අර කාන්තාවට මොකද වෙන්නෙ? රයන් කොහොමද මේකට මුහුන දෙන්නේ? මේ ඔක්කොටම උත්තර තියෙන්නෙ මේ සලරුවෙ මන් වැඩිය කියන්න යන්නෙ නෑ කලින් බලපු අයයි නොබලපු අයයි ඔක්කොම එහෙනම් මේක බාගෙන බලන්නකෝ
මේකට කලිනුත් පෝස්ට් එකක් ගිහින් තියෙනවා මේ සයිට් එකෙම හැබැයි එකෙදි සිංහල උපසිරැසි දීලා තිබුනෙ නෑ. ඒකයි මන් මේක දෙන්න තීරනය කලේ මොකද මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි නෑ කියන්නෙ ලොකු අඩුවක් නිකන්ම බාගන්නෙ නැතිව පොඩි අදහසකුත් දාලම යන්න

මීට පෙර සුභාෂ් සොහොයුරා විසින් පළ කළ ලිපිය.

අද මම කියන්න හදන්නෙ මම බලල තියෙන හොදම ඇක්ෂන් ෆිල්ම් එක ගැන. අලුත් තාක්ශණික ලෝකේ සෙල් ෆෝන් වලට ලොකු තැනක් තියෙන නිසාත් පිස්සු හැදෙන ඇක්ෂන් තියෙන අතරේ හොද කතාවකුත් තියෙන ෆිල්ම් එකක් නිසත් මම මේ ෆිල්ම් එක ගන ලියන්න හිතුව.(තව දෙයක්, මට නම් හිතුනෙ මේ ෆිල්ම් එකට අනුග්‍රහය දැක්වූයේ “Nokia” කම්පනියෙන්දෝ වත් කියල. මේ ෆිල්ම් එක හරියට “Nokia 6600” ෆෝන් එකේ වෙළද දැන්වීමක් වගේ..හික් හික්)කතාවෙ මුල් හරියෙදි එකිනෙකට නොගැලපෙන පරස්පර සිදුවීම් දෙකක් ගැන පෙන්නන්නෙ. එක සිදුවීමකින් උසස් පාසලක බයලොජි ගුරුවරියක්ව අභිරහස් කන්ඩයමක් පැහැර ගන්නවා. පැහැරගෙන ගෙනිහින් දාන තැන තියෙන දුරකතනය මිටියකින් ගහල විනශ කරල දානවා.අනිත් සිදුවීම නම් කඩවසම් තරුණයෙක්ව එයගෙ ගැහැනු ළමය අතහැරල දානව ඒ තරුණය ඇත්තට ඇයට ආදරේ කරන්නෙ නෑ කියල,හැබැයි ඔහුට එක්තරා වැඩක් පවරල ඇය අගවනව ව වැඩේ හරියට කළොත් මේ සම්භන්දකම ගැන ආයෙත් සලකා බලනව කියල… ඒ තරුණය වැඩේට පිටත් වෙනවා..

මෙන්න දැන් සිදුවීම් දෙක සම්භන්ධ වෙනවා – අර ගැහැනු කෙනා කොහොම හරි කැඩුනු දුරකතනයෙ වයර් එකට ගාවල ගාවල කොහොම හරි අහඹු අංකයකට දුරකථන ඇමතුමක් ගන්නව..මේ අංකය තමයි ඉහත කී තරුණයාගෙ අංකය..ඇය තමන් වැටී ඇති කරදරය ගැන මොහුට කිව්වත් මේ තරුණය හිතන්නෙ මේක කගෙ හරි විහිළුවක් කියල.. ඒත් ටිකකට පස්සෙ තරුණයට දුරකථනයෙන් ඇහෙනව යම් පුද්ගලයෙක් අදාල කාන්තාවගෙන් ඇගේ සැමියා ඉන්න තැන අහන බව හා ඇගේ ළමයා පැගැරගන්න බවට තර්ජනය කරන හඩක්;එකෙන් තරුණයට තේරෙනව මේක ඇත්තක් කියල.ගෑනු කෙනා කොල්ලගෙන් උදව් ඉල්ලනව එයලව බේරල දෙන්න කියල. තරුණය උදව් කරද්දි එයාට මුහුනදෙන්න වෙන සිදුවීම් හරිම තාත්වික විදිහට මේ ෆිල්ම් එකේ පෙන්නනව. ඇක්ෂන් ෆිල්ම් එකක් උනාට ඕනවට වැඩිය බොරු වැඩකෑලි නැහ මේ ෆිල්ම් එකේ,හැම දේම ප්‍රායෝගිකයි..දැන් ඉතින් කතාව සිදු වුනු හැටි ඔයාලට කිව්වොත් ෆිල්ම් එක බලන්න තියෙන උනන්දුව නැතිවේවි කියල හිතෙනව. ඒක නිසා මේක බලලම කියන්නකෝ කොහොමද කියල,මම ආයෙ ආයෙත් කියන්න මේක බැලුවට පාඩු නෑ කියල හිතෙන ෆිල්ම් එකක්..

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,779 downloadsDownload Cellular-2004.sinhala-sub.baiscope.lk_.rar315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02

Subtitles by

චූටී මල්ලි

Subtitles

3,779 downloadsDownload Subtitles315 B

80 comments

  1. zoniczz

    මචන් මට මතක හැටියට ඔය ෆිල්ම් එක ටී.වී. එකේ ගියා....
    කොහෙන් හරි මම බලල තියෙනව..බලපු නැති අයත් අතිනේ???...ෆිල්ම් එකනම් වරදක් නෑ..

  2. මනුශාන්

    ඔව් මමත් ඔක බලල තියෙනවා ටීවී එකෙ ගියා මරු කතාව

  3. සසික නානායක්කාර

    ඔව් මේක ටිවි එකේ පෙන්නුවා එල ෆිල්ම් එක

  4. ගයාන් කල්හාර

    ඔව් මේක නම් නියමයි.

    ඇක්ශන් ෆිල්ම් අතරින් මම කැමති ගොඩේ එකක් තමයි මේක.

    අර කිව්වත් වගේ 6600 එකේ වෙළඳ දැන්වීමක් තමයි :) බලන්න ඒකෙ හැම පහසු කමක් ම වගේ පෙන්නනවනෙ :D , සමහර අවස්ථාවල මෙනු හිටං :). හැබැයි අර බිම වැටිල කැඩෙන. ලෝයර් කාරයගෙ 4න් එක නොකියාද කියල නම් මතක නෑ (හරි හරි ඒකත් නොකියා තමයි)

    66** වෙළඳ පොලට දාපු කාලෙම වෙන්ට ඇති.

    ඔය වගේ වෙළඳ දැන්වීම් චිත්‍රපටි ටිකක් ඉස්සර ආවා නේද ? (මට නම් නං කරියට මතක නැ, මතක් උනොත් කියන්නම්)

    පළමු/දෙවෙනි ලෝක යුද්ධ ගැනත් ලියන්ටකො (ටොරෙන්ට් නැති උනත්) අර රෙඩ් බැරන්, ෆ්ලයි බෝයිස් වගේ ඇත්ත කථාවෙන්ම හදාපුව ටිකක් දෙනව නම් එල

  5. රොයිලි

    ඔන්න එහෙනම් දෙන්නටම thank කිව්වා link එකට. ඉක්මනට බලලා කියන්නම් කොහොමද කියලා. :)

  6. Uraj Deemantha

    හෆොයි මෙහෙම දාන දාන එක බාන්න මට මගේ කනෙක්ශන් එක 512Kbps වලින් 1Mbps වලට මාරු කර ගන්න වෙයි වගේ........ :D :D

  7. තරිදු චැට්

    ෆිල්ම් එකේ කතාවනම් මැක්සා.................
    මචන් අර මීයො ගොඩක් එන ෆිල්ම් එක ගැන ලියපන්කො.......ලගදි TV එකේ ගිය.පොඩ්ඩයි බලන්න හම්බුනේ...........

  8. අනූ

    මරු ෆිල්ම් එකක්. දිගටම වගේ ෆෝන් conversion වලින් තමා කතාව යන්නේ.

  9. බුධාජීව

    ආ.. මේක ගියා කොටිෆස්ට් ටීවි එකේ.

    චිත්‍රපටිය හොඳයි.

    --

    මාගේ ImageShack Torrent Drive එක පිරවීම ත්, Routerය වැඩි කාලයක් on එකේ තැබීමටත් අධිරාජ්‍යවාදී කුමන්‍ත්‍රණයක් දියක් කරන පොතේ ගුරාව මම හෙලා දකිමි. lol :-P

  10. kathu

    මමත් බානවා... බලමු...!!

  11. -බිன்ku-

    මාත් බලලා තිබෙන රසවත් එකක්!

  12. namal

    තාත්විකව ජාවනිකාවන් නිරූපනය කරන එකක්. එල film එකක්.මම ලගදි තව පාරක් බැලුවා.

  13. මනුශාන්

    @ බුධාජීව
    ImageShack එකවුන්ට් කීයක් විතර දැන් හදලා තියෙනවද ? :-D

  14. පොතේ ගුරා

    @ගයාන් කල්හාර! ඕ...ලින්කස් සහොද‍රයත් මේ පැත්තෙ ඇවිත්..එළ එළ..ඔයා කිව්ව ෆිල්ම් දෙක ගැනත් ලියන්නම් මචන්..
    @Uraj! හික් හික්..මේක බන් බෑවට පාඩු නැති ෆිල්ම් එකක් බන්z.!
    @තරිදු චැට්! මොකද්ද මචෝ ඒ සිද්දිය?මම ටීවී එකේ නම් නිවුස් විත‍රයි බලන්නෙ..මේ ෆිල්ම් එක ගැන දන්න කවුරු හ‍රි ඉන්නව නම් කියන්නකෝ...
    @බුධාජීව! හික් හික්..අපොයි මාව අල්ලගන්නෙපා..ලිපිය සුභාෂ් අය්යගෙ.. (නූලෙන් බේරුනේ) :P

  15. මනුශාන්

    අන්න පොතේ ගුරා ලිස්සලා ගියා පොතේ ගුරා = ග්‍රීස් ගුරා :-D

  16. සුභාෂ්

    මගෙ මසී (Bro-in-Law) ත් කිව්ව එයා බලපු ෆිල්ම් වලිනුත් (එයත් ගොඩක් ෆිල්ම් බලපු කෙනෙක්) හොදම ඇක්ෂන් ෆිල්ම් එක මේක තමයි කියල.

    @බුධාජීව! ImageShack Torrent Drive එක පිරෙන එකයි, Router වැඩි කාලයක් ඔන් එකේ තැබීමත් වගේද හොද ෆිල්ම් එකක් රස විදින්න ලැබෙන එක හික් හික් හික්

  17. තරිදු චැට්

    මචන් ඒකෙ නමනම් දන්නෑ.....මේ ඉරිදා රූපවාහිනියේ ගියෙ..........හෙන මීයො ගොඩක් නගරෙට එනවා.උන්ට දෙන ගේම තම ෆිල්ම් එකේ තියෙන්නේ.........................
    උත්සහයක් දාල බලමු හොයන්න..........:D

  18. සුභාෂ්

    @තරිදු චැට්, ඒ ෆිල්ම් එකේ ඉන්න නලුවගෙ හෝ නිලියගෙ නමක් වත් ඔයට මතක නැද්ද??

  19. asanka

    nice blog and nice reviews. i have watched this film

  20. මම මචන්

    මූවි එක නම් නියමයි!

  21. gessy

    elakiri machan...math meka kalin balala thiyenwa...thaks bro

  22. Viraj

    බොහොම ස්තූතියි

  23. Shashi Fernando

    හොද ෆිල්ම් එකක්. මං බලල තියෙනවා. ඒත් මං හිටන්නේ මේක නොකිය 6600 ෆෝන් එක ජනප්‍රිය කරවන්න ගහපු එකක් කියල... මොකද මේකේ වාණිජ සිනමා පැත්තට යනවා වැඩි අනවශ්‍ය විදියට.... කතාව හොදා, ඒත් කල්පනා කරලා බලද්දී බොළදයි වගේ....

  24. Anonymous

    ෂා මැක්සා ෆිල්ම් එක ආය ‍එකෙන්ම බලන්න ඉදගත්තාම ඇහැ ගියේ නෑ වෙන පැත්තකට . . . . .
    What a Nice Film . . . .

  25. Shashi Fernando

    hariyatama hari bro, මේ ෆිල්ම් එක හරියට “Nokia 6600″ ෆෝන් එකේ වෙළද දැන්වීමක් වගේ.. a katawa atta, meka a 4n eka market karanna apu tikak gon film ekak. baladdi hodai tamai me film eka, ath meka passe matak karama maha bolanda action film ekak.

  26. Shashi Fernando

    mekata nama danna tibbe Cellular kiyala newei, NOKIA 6600 kiyala. lol

  27. Gayan

    pattama film akak meyka aye sub dunna aka maxxa

  28. Isuru

    maxxa machan supri film akak

  29. tharanga

    පට්ට පතුරු ෆිල්ම් එකක් මේක ආයේ බලනවා සබ් එක්ක කොල්ලනේ නොබලා නම් ඉන්න එපා මේක.අයෙ සුපිරිම සුපිරි

    තුති

  30. quik

    thanks

  31. lasidu

    ලොවෙත් නෑ පට්ට ෆිල්ම් එකක්.ජය

  32. ganidu

    බොහොම තුති :)

  33. උදාර

    තැන්ක්ස් මචෝ හොද ෆිල්ම් එකක් වගේ සුපිරි නළුවෙක් නේ ඉන්නේ

  34. elakiri

    එල එලම තමා මල්ලි.... බොහොම පින්

  35. wow

    wow.maru :)

  36. upali

    Thnkxxxxxxx

  37. was

    සුපිරි ෆිල්ම් එකක් නේ දීලා තියෙන්නේ,ජයෙන් ජයම වේවා!!!!!

  38. විමා (' - ')

    සබ් වලට ස්තුතියි චුටි මල්ලියා
    මම මෙකනම් බැලුව හැබැයි කලින්
    අල්ලගන්නමයි හිටියෙ හැබැයි කෝ වල ඉතුරු ඒවගෙ සබ්?

  39. sameeera

    thanks bub walata

  40. yasomal

    patta patta macho

  41. Dilan-

    ela ela machan digatama sub denna hoda awata

  42. uda

    එල එල චූටි මල්ලියෝ...
    අනිවා සුපිරි කතාවක්. පහුවෙලා වුණත් සිංහල දුන්නු එක වටිනවා. ඊටත් වැඩිය මේ වගේ පරණ වුණාට මසුරං කතාවලට සිංහල හදල දෙන්ඩ හිතන එක වටිනවා. ඒ හින්දා වැඩේ අතාරින්ඩෙපා. දිගටම සබ් ගහන්ඩ. අපි ඉන්නවා බලන්ඩ. එහෙනම් ජය!

  43. Chami

    meka tv eke giya thama mamath meka baluwa
    niyama ma kathawak baluwe nathnam aniwa balanna

  44. නලින්

    ස්තුති වේවා චුටි මල්ලියෝ

    ඔන්න මමත් ගන්නවා

    ජය වේවා

  45. Manju

    කතාව මැක්සා.මමත් බානවා

  46. Varuna

    Nice Work Dude !! Thanks

  47. indika perera

    mama langa meka thibunaa vage mathakayi. balamu sub ekata thank's

  48. supun pathirana

    BALAMUKO MAMATH DOWNLOAD WENNA DANM MEKA PATTA KIYALA HITNWA

  49. dinuka

    Aiye meke film daddi aka family akatama balanna puluwanda, baida kiyala yatin poddak sadahan karanawada.aka godak hodai ahema karanawanam apita aka thorala berala download karanna puluwan.

  50. කේ.යු.ජී.උදාර

    නියමයි චූටියෝ.........
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    සිංහල සබට බොහොම ස්තූතියි.

Load more comments