මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, බ්‍රිජ්මෝහන්, මන…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ හත්වන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, බ්‍රිජ්මෝහන්, මන්මෝහන් සහ ජග්මෝහන් සහෝදරයෝ ගරාජයක් පවත්වාගෙන යති. බ්‍රිජ්මෝහන් කාන්තාවන්ට වෛර කරන අතර හදිසි අවස්ථාවක් හැරෙන්නට කිසිම කාන්තාවකට හෝ ඔවුන්ගේ පින්තූරයක් ඔහුගේ ගරාජයේ තබා ගැනීමට ඉඩ නොදේ. දිනක් මන්මෝහන් රාත්‍රී වැඩ මුරයේ සිටියදී රේණු නම් කාන්තාව ගරාජයට පැමිණ ඇගේ මෝටර් රථය අලුත්වැඩියා කිරීමට උදව් ඉල්ලා සිටී. මන්මෝහන් මෝටර් රථය අලුත්වැඩියා කර දෙන අතර රේණු පිටත්ව යන්නේ ඔහුගේ සේවා ගාස්තුව ගෙවීමට අමතක කරමිනි. ඔහු තම සහෝදර බ්‍රිජ්මෝහාන්ට මේ ගැන පවසන අතර රේණුට ඇගේ පසුම්බිය ගරාජයේ අමතකව ගොස් තිබිණි. මන්මෝහන් ඒ තුළ තිබී ප්‍රසංගයක පාස් එකක් සොයා ගනී. මන්මෝහන් මෙම ප්‍රසංගයට යන්නේ ඔහුගේ මුදල් ආපසු ලබා ගැනීම සඳහා ය. පාස් එකේ රේණුගේ නම ඇති බැවින් ඔහුට ඇතුළු වීමට අවසර නොලැබේ. ඔහුගේ සේවා ගාස්තුව අතහැර දැමීමට අකමැති වූ මන්මෝහන් රේනුගේ මෝටර් රථය තුළ රැඳී සිටින්නේ ඇය එළියට එන විට ඇය හමුවීමටය. කෙසේ වෙතත් ඔහු නින්දට වැටෙන අතර රේණු ඔහුව නොදකී. ඇය මෝටර් රථය මන්මෝහන් සමඟ තම නිවසේ ගරාජයේ ගාල් කරයි.
මෙම සිද්ධියෙන් පසුව ඔවුන් දෙදෙනා අතර පෙම් සම්බන්ධතාවයක්ද ඇතිවේ. නමුත් බ්‍රිජ්මෝහන් කාන්තාවන්ට වෛර කරන නිසා
මෙතැන් සිට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. කිෂෝර් කුමාර්, මධුබාලා සහ අශෝක් කුමාර් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Chalti Ka Naam Gaadi {HD} – Bollywood Comedy Movie – Kishore Kumar – Madhubala – Ashok Kumar යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතළිස් හතරයි, තත්පර දහඅටක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත Youtube හෝ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

945 downloadsDownload Chalti-Ka-Naam-Gaadi-1958.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

945 downloadsDownload Subtitles66 KB

12 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  2. Anonymous

    පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් මේ කරනා මෙහෙය අගය කරමි. ස්තුතියි...

  3. W T Ajith

    Thanks for your subtitle, "Old is gold".I suggest Anupama 1966 film.

  4. Priyantha Dayakeerthi

    මෙම සිනමාපටයේ සිංහල උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගන්නා අයට සහ අදහස් දක්වන අයට මාගේ ස්තුතිය පුද කරමි!

  5. D P Gamage

    IMDb ඉහළ අගයක් ගන්නා ෆිල්ම් වලට මම ගොඩක් කැමතියි. මේ සබ් එකටත් ස්තුතියි......

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  8. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. කවිදු ජයවර්ධන

    සබ් එකට බොහොම ස්තූතියි..❤

  10. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකියි.
    එමෙන්ම මෙම සිනමාපටය ගැන අදහස් දක්වන අයට සහ ඩවුන්ලෝඩ් කරගන්නා අයට මාගේ ස්තුතිය පිරිනමමි!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!