මේ මගේ දෙවෙනි උපසිරැසිය… මේක 2020 ආපූ අලුත්ම හින්දි චිත්‍රපටියක්. “Chaman Bahar” මේක බුලත් ව්ට කඩයක් වටා ගෙතුණු හරි අපූරු කතාවක්. Siddharth Anand Kumar සහ Vikram Mehra තමයි මේකේ අධ්‍යක්ෂණය. ඒ වගේම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Jitendra Kumar. එතරම් හුරුපුරුදු නමක් නම් නෙවෙයිනේ. එතකොට ප්‍රධාන නිළිය…

මේ මගේ දෙවෙනි උපසිරැසිය… මේක 2020 ආපූ අලුත්ම හින්දි චිත්‍රපටියක්. “Chaman Bahar” මේක බුලත් ව්ට කඩයක් වටා ගෙතුණු හරි අපූරු කතාවක්. Siddharth Anand Kumar සහ Vikram Mehra තමයි මේකේ අධ්‍යක්ෂණය. ඒ වගේම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Jitendra Kumar. එතරම් හුරුපුරුදු නමක් නම් නෙවෙයිනේ. එතකොට ප්‍රධාන නිළිය වෙන්නේ Ritika Badiani. තව Bhuvan Arora, Alam Khan යන අයත් මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ අය සේරම ටිකක් අපිට නුපුරුදු නළු නිළියෝ. ඒ කොහොම වුණත්, එයාලා හැමෝම මේ චිත්‍රපටියට සාධරණයක් කරන්න උපරිම උත්සහයක් දරනවා.
මේකේ ප්‍රධාන චරිතය බිල්ලු. එයා වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. බිල්ලුගේ තාත්තා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වන නිළධාරි කාර්යාලයේ ආරක්ෂකයෙක් විදිහට තමයි සේවය කරන්නේ. ඉතින් බිල්ලුටත් කැලෑව ආරක්ෂා කරන්න ආරක්ෂකයෙක් විදිහට රස්සාවක් හදලා දෙනවා. ඒත් දවසක් රෑක කැලෑව මුර කරද්දි වළහෙක් එනවා. ඌට බය වෙලා බිල්ලු ඒ රස්සාවට තිත තියනවා. ඉතින් එයා ඊට පස්සෙ බුලත් විට කඩයක් මිලදී ගන්නවා. එයා මිලදී ගන්න බුලත් විට කඩේ ජනාකීර්ණ ප්‍රදේශයක නිතරම වාහන යන එක පාර අයිනක තමයි තියෙන්නේ.
ඉතින් හිටිහැටියේම, ඒ අවට තියෙන අනිත් කඩ ටිකත් එතනින් අරන් යනවා. පාරේ යන වාහනත් අඩු වෙනවා. ඒත් බිල්ලු බුලත් විට කඩේට වෙලා රේඩියෝවත් අහගෙන මැස්සෝ එලව එලව ඉන්නවා. එතනින් යනවා අපේ සහය නළුවො දෙන්නා, සෝමුයි චෝටුයි. ඉතින් එයාලා අසරණ බිල්ලුට කියනවා, සිතියම වෙනස් කරලා තියෙන්නේ ඉතින් තව දුරටත් ලෝර්මි කියන නගරය බිලාස්පූර්වල කොටසක් නෙවෙයි. ඒක දැන් අයිති මුන්ගේලි දිස්ත්‍රික්කයට කියලා. ඒ නිසා මේ පාරෙන් ගියපු සේරම වාහන වෙනත් පාරකින් තමයි යන්නේ කියලා. අනේ ඉතින් බිල්ලුගේ ව්‍යාපාරය හිටි හැටියෙම කඩා වැටෙනවා.
ඒත් බිල්ලු හිතන තරම්ම අවාසනාවන්ත නෑ. බිල්ලුගේ කඩේ ඉස්සරහ තියෙනවා ගෙයක්. ඒ ගෙදරට අලුතින් පවුලක් පදිංචියට එනවා. ලස්සන පොඩි ගෑණූ ලමයෙක් එහේ ඉන්නවා. එයා තමයි රින්කු නැනෝරියා. ඉතින් ඒ අවට ඉන්න, එතකොට රින්කුගෙ ඉස්කෝලේ ඉන්න ගොඩක් පිරිමි ලමයි මේ රින්කුව බලන්න ඕනි නිසා බිල්ලුගෙ බුලත් විට කඩේ ළඟට එනවා. ඉතින් එ්කෙන් බිල්ලුගෙ වෙළදාම සරු වෙනවා. ඒ නගරේ ඉන්න ප්‍රධාන චරිත තුනක් මේ කඩේ ගාවට එනවා රින්කුගෙ හිත ගන්න, දේශපාලනඥයෙක් වෙන ශීලා, තව ආෂූ කියලා කඩ හිමියෙක්, ප්‍රධාන වන නිලධාරියාගේ පුතා වෙන චිම්නි. ඉතින් මේ අය එද්දී බිල්ලුගෙ අත මිට සරු වෙනවා.
ඒත් බිල්ලුත් රින්කුට ආදරය කරන්න ගන්නවා. ඒත් රින්කුගෙ හිත ගන්න සෑහෙන ලොකු තරඟයක් තියෙනවා. ඉතින් බිල්ලුගෙ මේ ආදරේට මොකද වෙන්නේ ? ශීලා, ආෂූ, චිම්නි එයාලා බිල්ලුට අභියෝගයක් වෙයිද ? බිල්ලුගෙ කඩේ සරුවෙයිද? මේවා ඉතින් ඔයාලා චිත්‍රපටිය බලලාම තමයි දැනගන්න ඕනි. එහෙනම් යාළුවනේ තවත් අලුත් උපසිරැසියකින් නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
2,728 downloadsDownload Chaman-Bahaar-2020.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධවී සඳපාමිණී වෙත්තසිංහ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-06-21
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාධවී සඳපාමිණී වෙත්තසිංහ
Subtitles
17 comments
chamindu lakshitha
සඳපාමිණී
ගොඩක් ස්තූතියි. මම උත්සහ කරන්නම් යාළුවා...
Lasitha senasum
Panchayat eke sub denna puluwanda
Prabodha20
Godak sthuthi obata...
සඳපාමිණී
ආයූබෝවන් යාළුවා..
සඳපාමිණී
ආයූබෝවන් යාළුවා..
දිල්ශාන් සචින්ත
උපසිරැසියට තුති
දිගටම සබ් දෙමු ජය.ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!mindika
Thanks !!!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
yohan
aluth hindi film ekakata sub dennako.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තුති..සුපිරි ඇක්ටින් කියන්නෙ මේවට තමා..පුළුවන් නම් Panchayat(ඉන්නෙ jitendra ම තමා) Bandish Bandits කියන දෙකටත් සබ් දෙන්නකො..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤