ඉන්දීය සිනමාව අද වෙනකොට ගොඩක් Crime, Thriller ගණ වල සිනමාපට පිලිබඳ වැඩි නැඹුරුවක් තියෙනවා. Raat Akeli Hai (තනිවුන රාත්‍රිය) කියන්නේ මේ අවුරුද්දේ Netflix එකෙන් රිලීස් කරපු තවත් ඒ ගණයේම සිනමාපටයක්. මේ සිනමාපටය මිනීමැරුම් කිහිපයක් වටා දිවෙන අතර ඉන්දියාවේ පවතින පංතී බේදය ගැනත් හොඳට විග්‍රහ කරලා තියෙනවා…

ඉන්දීය සිනමාව අද වෙනකොට ගොඩක් Crime, Thriller ගණ වල සිනමාපට පිලිබඳ වැඩි නැඹුරුවක් තියෙනවා. Raat Akeli Hai (තනිවුන රාත්‍රිය) කියන්නේ මේ අවුරුද්දේ Netflix එකෙන් රිලීස් කරපු තවත් ඒ ගණයේම සිනමාපටයක්. මේ සිනමාපටය මිනීමැරුම් කිහිපයක් වටා දිවෙන අතර ඉන්දියාවේ පවතින පංතී බේදය ගැනත් හොඳට විග්‍රහ කරලා තියෙනවා.
මේ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ නවාසුදීන් සිද්දීක්. නවාසුදීන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නම් නෑනේ, නම අහපු ගමන් මේ සිනමාපටය රියැලිස්ටික් ගණයට අයිති වෙන්නේ කියලා පැහැදිලියි. මොකද ඔහුගේ නිර්මාණ හැම එකම වගේ අතීශය තාත්වික සිනමාපට. ඔහුගේ රංගනයත් සෑමවිටම 100%ක්ම වගේ තාත්විකයි ඒ වගේම සාර්තකයි. Gangs Of Wasseypur, Bajrangi Bhaijaan, Badlapur, Raman Raghav 2.0, Raees, Kahaani ඔය වගේ තව සෑහෙන්න සිනමාපට වලට ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. ෆිල්ම් ටික මතක් කලාම නම් ඔහුව අපිට වීරයට වඩා දුශ්ටයාගේ චරිතයෙනුයි මතකයට එන්නේ.ඔහුගේ පෙනුමත් වඩාත් ගැලපෙන්නේ දුශ්ටයාට. නමුත් මේ ෆිල්ම් එකේ නම් වීරයාගේ චරිතයට තමා රංගනයෙන් දායක වෙන්නේ. මේ සිනමාපටය තුලින් අපි වෙනදා දකින වීරයට හාත්පසින්ම වෙනස් ස්වරූපයකිනුයි වීරයාව දකින්න ලැබෙන්න. ඒ වෙනස අත්විඳ ගන්න ඕනා නම් මේ සිනමාපටය නරඹන්නම වෙනවා.

සිනමාපටයේ ප්‍රධාන නිලියට පණ පොවන්නේ රාධිකා අප්තේ. ඇය බොලිවුඩ් සිනමාවේ ඉන්න තවත් එක තාත්වික රංගන ශිල්පිනියක්. Padman, Phobia, Andhadhun,Badlapur, Manjhi,Kabali වගේ තවත් සිනමාපට රාශියකට මැය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉන්දීය සිනමාවේ ඉන්න තලෙලු සමක් සහිත අතලොස්සක් වූ නිලියන් අතරින් කෙනෙක් තමා ඇය. මේ සිනමාපටය තුල ඇය ගේ රංගනය අති විශිෂ්ඨ මට්ටමක තියෙනවා කිව්වොත් නිවැරදියි. ඒ වගේම සිනමාපටය තුල නවාසුදීන් හා රාධිකා ගේ ගැලපීම ඔබ අනිවර්යෙන් නරඹන්නම ඕනා. ඒක ඒ තරම් තාත්විකයි ඒ වගේම සම්ප්‍රදායික ආදර කතාවකට සම්පූර්ණෙන් විරුද්ධයි.

ඒ වගෙම සිනමාපටයේ අධ්‍යක්ෂක ගැන කතා කරනවා නම් ඔහු නමින් හනී ට්‍රෙහාන් (Honey Trehan). ඔහුගේ පලමු සිනමාපට අධ්‍යක්ෂනය වන්නේ මෙයයි. ඔහූ මීට පෙර casting director(නලු නිලියන් තෝරාගැනීමේ අධ්‍යක්ෂක) කෙනෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. කිසිසේත්ම මේක පලමු සිනමා නිර්මාණයක් වගෙ නම් පෙනෙන්නේ නැහැ. ඒ තරම් දක්ශ ආකාරයට නිර්මාණය උපරිමයෙන් කරලා තියෙනවා. ඉදිරියටත් ඔහුගෙන් අනිවර්යෙන් හොඳ නිර්මාණ දැක ගන්න පුලුවන් වේවී.
දර්ශන තලයෙන් තලයට කුතුහලය තව තවත් වැඩි කරමින් පුරා පැය දෙකහමාරකට ආසන්න කාලයක් මෙම සිනමාපටය දිවවෙනවා. අවසානයට එලඹෙන තුරුම කතාවේ සැබෑ මිනීමරුවා නම් හොයාගන්න ටිකක් අපහසුවේවී. ඉතින් සිනමාපටය රසවිඳලම බලන්න කවුද මිනීමරුවා වෙන්නේ කියලා.




සිනමාපටය ගැන කියනවානම් ජටිල් යාදව් තමා ප්‍රධාන චරිතය. ඔහු පොලිස් නිලධාරියෙක්.ඒ වගේම තනිකඩයෙක්. ඒක ගැන නම් ජටිල්ගේ අම්මා ඉන්නේ හරි අවුලෙන්. ඔය අතර ජටිල් ට කේස් එකක් හම්බෙනවා මිනීමැරුමක් ගැන එයාගේ පලාතේ රගූබීර් සිං කියලා සමාජයේ ලොකු නමක් තියෙන කෙනෙක්. ඔහු මිය යෑමට ලක් වෙන්නේ ඔහුගේ විවාහය දවසේ, හැබැයි ඒ එයාගේ දෙවෙනි විවාහය. පලමු බිරිඳ ඒ වෙනකොටත් මියගිහින්. ඉතින් දෙවෙනි වරට විවාහ කරගන්නේ රාධා. ඇය රගුබීර්ට වඩා වයසින් ගොඩක් බාලයි. අනික රාධා කියන්නේ අවුරුදු ගානක් ඒ ගෙදරම මෙහෙකාරකම් කරපු කෙල්ලෙක්. ඔය අතර රාධාට වෙනත් ආදර සම්බන්දයක් තියෙනවා වික්‍රම් කියලා තරුණයෙක් එක්ක. රගුබීර් වික්‍රම්ගේ මාමා වෙනවා. ඉතින් මංගල දිනය රාත්‍රියේම රගුබීර් මරණයට පත් වෙන්න ඒක හේතුවක් වෙන්න පුලුවන්ද? ඔය අතර ජටිල් ට රගුබීර්ගේ පලමු බිරිඳ ගේ මරණය පිලිබඳ වත් සැක මතුවෙලා ඔහු ඒ ගැනත් පරීක්ෂණයක් පටන් ගන්නවා. මේ පවුල හා සම්බන්ධව රටේ ප්‍රධාන දේශපාලකයෙක් ඉන්නවා. ඔහුගේ බලයෙන් ගොඩාක් දේවල් යට ගහන්න උත්සහ කලත් ජටිල් අවසානයේ ඇත්ත එලි කරගන්නවා. ඒ වගේම එයාගේ අම්මගේ ආසාවත් ඉෂ්ට වෙනවා ඒ ඔහු රාධා එක්ක සම්බන්දයක් පටන් ගන්නවා. හැබැයි ඒක කොහොමද වෙන්නේ කියලා නම් සිනමාපටය බලලා තමා දැන ගන්න වෙන්නේ.
ඉතින් මගේ පලවෙනි උපසිරැසියට ගොඩාක් අය සුබ පතලා තිබුණා. ඒ ගැන නිහතමානීව සතුටුවන අතර මේ මගේ දෙවන උපසිරැසියේ කුමක් හෝ වැරැද්දක් තිබුනහොත් සමාවෙන මෙන් ඉල්ලා සිටිනවා. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
16,756 downloadsDownload Raat-Akeli-Hai-2020.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හසාරා නිලක්ෂි විතානගේ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-08-03
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසාරා නිලක්ෂි විතානගේ
Subtitles
44 comments
දිල්ශාන් සචින්ත
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
විස්තරයටත් බොහොම තුති.
දිගටම සබ් දෙමු ආ...
ජය!bandara
Thanks Sister Hasara
indika75
thanks..
මයුර
බොහොම ස්තූතියි නිලාෂි.
දෙනකම්ම බලන් හිටපු එකක්.
ආයෙත් ස්තූතියි.isuru srinath sjs
බොහොම ස්තුතියි... නැවත හමුවෙමු.. ජය!!
Harshi Gangodawilage
Thank you for the subtitles.
tele tv chanel
article eka nam niymai..
DiLu
සබ් එක වැඩ කරන් නෑනේ. ඇදලා දැම්මම.... Cannont render file කියලා වැටෙනවානේ...
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ab
goda kalekin balapu lassana film ekak. thanks sub ekata.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝදරී උපසිරසට.. ලිපියත් සෑහෙන්න වටිනවා.. ජය වේවා.. බුදුසරණයි..!
Pasindu Madumal
උපසිරැසියට තුති..! ✌️
එනකම් බලන් හිටිය එකක්, ලිපියත් වටිනවා..! ❤️Pramukmili
Thanx sis............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
machan1000
Meke sub eka weda karanne naha ne.. English walin enne..ekko notherena amuthu akuru wagayak..
Help ekak denna puluwan da?
viradaka
sub vada na ; (
දුලාජ්
ඔයාගෙ උපසිරැසියට බොහෝම ස්තුත්යි. netflix එකෙන් බලනවනම් සිංහල උපසිරැසි එක්ක CTRL + ALT + SHIFT + T ගහල අපිට සිංහල උපසිරැසිය ඇතුලත් කරල බලන්න පුලුවන්. හැබැයි format එක dfxp තියෙන්න ඕනෙ. පුලුවන්නම් dfxp format එකෙන් file එකකුත් ඇතුලත් කරන්න.
sahangayantha
thanks a lot sis sub ekata
Anonymous
Thanks Sub 1ta.......!!!!
tharidu16
sub1 play wenne nane bm kmplayer
Anonymous
aparade mahansi wela hadan suba 1. parana kenekgen ahanna hadana vidiha okkotoma playwenna
Ravisara Dharmapala
Pot player ekata wada krnwa
Sanjaya
thanks sis...bs
Malith Samarawickrama
Thanks lot for a sub
Ravisara Dharmapala
Supiri film ekk meka pc wla blnwanm pot ekta wada sub eka ganta phone ekin blnwnam mx player ekta wada krnwa..lassna kthaak kalekin baluwa..thnks sis sub ekta digtama dub demu..
Anonymous
Thank you
හේමන්ත
ස්තුතියි සබ් එකට... මහන්සියට පින්..
සුභ පතනව දිගටම සබ් දෙන්න.
(මේ සබ් එකේ අවුලක් තියෙනව. ඒක හදල දාන්න.)sahancharuka
Thank You!!!
Anonymous
thanks
nish47
ස්තූතියි සහෝ
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
සාරංග ජේ. ලියනගම
Thanks
Shane de Silva
Subtitle is not playing properly. What is the font?
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
උපසිරසියට ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Anonymous
පට්ට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Anonymous
kohomada film ekata subtitle add karanne.
pradeep
sub eke font eka mokadda kiyanna please
Prabodha Jayakody
Thanks...
R_deshan
සබ් එකට බොහොම ස්තූතියි සහෝදරී.හොඳට සබ් එක තිබ්බා.දිගටම සබ් දෙමු.ජයවේවා!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
උපසිරැසියට තුතී...
දිගටම සබ් දෙමු ජය...