Watch Trailer

Lockup (2020) Sinhala Subtitles | මමත් පොලිස් නිලධාරියෙක්… [සිංහල උපසිරැසි]

“පොලිස් කාරයා අපරාධකාරයෙක් වගේ හිතන්න ගත්තොතින්?” හුඟ කාලෙකට පස්සෙ, පෙරේදා දවසේ තිරගත වීම ඇරඹුණ නවතම චිත්‍රපටයක කතාවට යමු. මෙහි ආරම්භයේදීම පොලිස් පරීක්ෂක වරයෙකුව මහ රෑ, තම නිවසෙදිම කපා ඝාතනය කරලා. ඒ ගැන විමර්ශනයක් කරන්න වෙනත් ප්‍රදේශයක පරීක්ෂකවරියක් එම ප්‍රදේශයට යනවා. එමෙන්ම උදෑසනම තවත් සිදුවීමක්,…

“පොලිස් කාරයා අපරාධකාරයෙක් වගේ හිතන්න ගත්තොතින්?”

හුඟ කාලෙකට පස්සෙ, පෙරේදා දවසේ තිරගත වීම ඇරඹුණ නවතම චිත්‍රපටයක කතාවට යමු. මෙහි ආරම්භයේදීම පොලිස් පරීක්ෂක වරයෙකුව මහ රෑ, තම නිවසෙදිම කපා ඝාතනය කරලා. ඒ ගැන විමර්ශනයක් කරන්න වෙනත් ප්‍රදේශයක පරීක්ෂකවරියක් එම ප්‍රදේශයට යනවා. එමෙන්ම උදෑසනම තවත් සිදුවීමක්, පාලමක් යට තිබී ගැහැනියකගේ මළ සිරුරක් හමු වනවා. පශ්චාත් මරණ පරීක්ෂණය කියනා පරිදි මෙම ගැහැනිය සියදිවි නසාගෙන ඇති බව කියනවා. ඒ අතරතුර පිරිමි ලමයෙකු තමන්ගෙ මව අතුරුදන් වී ඇතිබව කියා පොලිසිය වෙත පැමිණිලි කරනවා. විමසා බැලීමේදී මෙම පාලමෙන් පැන සියදිවි නසාගෙන ඇත්තෙ මෙම ලමයාගේ මව බව තහවුරු වනවා. කාන්තා පරීක්ෂකවරිය, පරීක්ෂකවරයාගේ මරණය සිදුවූ ස්ථානයට ගොසින් විමර්ශනය කරනවා. මිනී මැරුම කිරීම සදහා යොදා ගත් පිහිය, එතැන තිබූ පිහිය නෙවන බව ඔප්පු වනවා. කෙසේ හෝ පොලිස් ස්ථානය වෙත පිහියක් සහිත පාර්සලයක් ලැබෙනවා. ඒහි සියදිවි නසාගත් ගැහැනියගේ ඇඟිලි සලකුණු තිබෙනවා. පිහිය ලැබෙනවත් සමඟම මේ ගැටළුව තවත් ව්‍යාකූල වනවා. පිහිය මාර්ගයෙන් බොහෝ කරුණු හෙළිකරගන්නට පුළුවන් වෙනවා.

මේ චිත්‍රපටය එස්.ජී. චාර්ලස්ගෙ අධ්‍යක්ෂණයක් වගේම, වෛභව්, වෙන්කට් ප්‍රභූ, ඊස්වරී රාඕ, ශම්නා කාසිම්, වානි බෝජාන් යන අය රංගනයෙන් දායක වෙනවා. වෙන්කට් ප්‍රභූ Chennai 600028 (2007), Saroja (2008), Goa (2010), Mankatha (2011), Biriyani (2013) Mass Engira Masilamani (2015) වගේ සුපර් හිට්, බ්ලෝක්බස්ටර් චිත්‍රපටි දුන්න කෙනෙක් විශිෂ්ඨ අධ්‍යක්ෂක වරයෙක්. මුල් කාලයේ රංගනයෙ යෙදුනත් ප්‍රභූ අධ්‍යක්ෂවරයෙක් විදිහට සාර්ථක වුණා. මෑතකදි Vizhithiru (2017) චිත්‍රපටයේ අන්ධ තාත්තාගෙ චරිතය ඔහු අපූරුවට රඟ දැක්වූවා. කොසේ හෝ ප්‍රභූගේ පසුබෑමක් මෑත කාලයේ දැක ගන්නට ලැබෙන්නෙ, Party නම් චිත්‍රපටය අවුරුද්දක පමණ කාලයක් ප්‍රමාද වෙමින් පැවතීමයි. ඒ වගේම මෙවන් සා‍ර්ථක අධ්‍යක්ෂකවරුන් රංගනයට පැමිණීමත් කනස්සල්ලක් ඇති කරනවා. කොසේ නමුත් රංගනයෙන්ද ඔහු අති දක්ෂයෙක් බව මෙහිදී ඔහු පෙන්නුම් කරනවා. ඒ වගේම ප්‍රභූගේ බොහෝමයක් චිත්‍රපට වල වෛභව් සිටිනවා දැකගන්න පුළුවන්. RK Nagar (2020), Sixer (2019), Meyaadha Maan (2017) (ලස්සන චිත්‍රපටියක්.) Nibunan (2017) වගේ චිත්‍රපට වලට දායක වුණා. ඊශ්වරී රාඕ ගොඩක් අයට හුරු මූණක් වෙන්නෙ Kaalaa (2018) චිත්‍රපටයෙන්. කාලා හි ඇයගෙ ලස්සන රංගනය වෙනුවෙන් ආනන්ද විකටන්, SIIMA සහය නිළි සම්මානයට පාත්‍ර වුණා.

කොරෝනා ව්‍යසනය නිසා ලෝකයේම චිත්‍රපට කර්මාන්ත ඇණහිටලා තියෙන වෙලාවේ Netflix, Amazon, Zee වගේ අන්තර්ජාල මාධ්‍යයෙන් තමයි චිත්‍රපටි එක දෙක නිකුත් වෙන්නෙ.ගොඩක් චිත්‍රපට වල රූගත කිරීම් අතරමග නතර කරලා. ඒ අස්සෙ මේ අගෝස්තු 14 වෙනිදා Zee5 මඟින් නිකුත්වුණු මේ චිත්‍රපටය මට යොමු කරේ සිසිල අයියා.

වෙනදා වගේම අදහස් පල කරන හැමෝටම ස්තූති කරනවා. ඒ වගේම බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටමත් ස්තුතියි!

බුදු සරණයි!
ජේසු පිහිටයි!
සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL / HD පිටපත් සඳහා අදාළ වේ.

14,317 downloadsDownload LOCKUP-2020.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

14,317 downloadsDownload Subtitles49 KB

15 comments

  1. Prabodha20

    Godak sthuthi ...

  2. Janitha

    Thankyou!!!!!!!

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Nelson

    Good work friend, Thanks for the sub!

  5. Nilush Angana

    Sub ekata thanx

  6. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  7. arawindasunimal

    thanks sub ekata ravidu jayawewa.............

  8. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි.. ජය!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Ravisara Dharmapala

    Supiri film ekk mn hituwe nety wdihtma gya film eka pattama meka aniwa blndoni ekk thnks brother digtama sub demu..

  11. nish47

    ස්තූතියි සහෝ

  12. Shamikanalin

    Cocktail (2020) Tamil Movie eke sub eka daanna puluwanda

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Prabodha Jayakody

    Thanks...

  15. nilanka

    thanks....