මම ඔයාට ආදරෙයි දෙවියොම තමයි දන්නෙ මේ සරල වචන තුන කවුරු මුලින් කිව්වද කියල ඒ වගේම කාට කිව්වද කියල කොහොම හරි මේ ආදරයේ වචන ලෝකෙ කොහෙන් හරි ඇහුනම අහිංසක මිනිස්සු ඒකට අහු වෙනවා මේ කතාවත් එහෙම අහු වුන අහිංසක කෙල්ලෙක් ගැන. බොලිවුඩ් ආදර කතා වල රජු යශ් චොප්රාගේ චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවෙ. යශ් […]

මම ඔයාට ආදරෙයි

දෙවියොම තමයි දන්නෙ මේ සරල වචන තුන
කවුරු මුලින් කිව්වද කියල
ඒ වගේම කාට කිව්වද කියල
කොහොම හරි මේ ආදරයේ වචන ලෝකෙ කොහෙන් හරි
ඇහුනම අහිංසක මිනිස්සු ඒකට අහු වෙනවා

මේ කතාවත් එහෙම අහු වුන අහිංසක කෙල්ලෙක් ගැන.

බොලිවුඩ් ආදර කතා වල රජු යශ් චොප්රාගේ චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවෙ. යශ් චොප්රගෙ අධ්‍යක්ශනයෙන් සහ නිශ්පාදනයනෙ මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 1989 අවුරුද්දෙ. රංගනයෙන් දායක වෙන්නෙ විනෝද් කන්නා, රිශි කපූර්, වහීඩා රෙහ්මන් සහ ශ්‍රීදේවි. සංගීත අධ්‍යක්ශනය Shiv Kumar Sharma සහ Hariprasad Chaurasia. ගී පද රචනය Anand Bakshi. ගීත ගායනයෙන් Lata Mangeshkar, Asha Bhosle, Nitin Mukesh, Vinod Rathod, Pamela Chopra, Sridevi, Jolly Mukherjee, Suresh Wadkar සහ Anupama Deshpande දායක වෙනවා.

80 දශකයේ යශ් චොප්රාගේ වෘත්තිමය ජීවිතයේ යම් පසුබෑමක් සනිටුහන් වුනා. ඔහු අධ්‍යක්ශනය හා නිශ්පාදනය කල චිත්‍රපට විවේචනාත්මක සහ වාණිජ වශයෙන් අසාර්ථක වුනා. අසාර්ථක ක්‍රියාදාම චිත්‍රපට මාලාවකට පසු, ආදරබර, සංගීතමය පැත්තට යොමු වීමට තීරනය කලා. එහි ප්‍රතිපලයක් විදිහට තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නෙ. ඩොලර් කෝටි 21.5ක ආදායමක් ලබා 1989 වසරේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටි අතර දෙවන ස්ථානයේ පසු වනවා. මේ චිත්‍රපටිය ලැබූ දැවැන්ත සාර්ථකත්වය ක්‍රියාදාම චිත්‍රපට යුගයේ අවසානය සනිටුහන් කිරීමට සහ සංගීතමය යුගයක් ආරම්බ කිරීමට ඉවහල් වුනා. චාන්ද්නීගේ චරිතයේ සාර්ථකත්වය ශ්‍රීදේවි හට එම යුගයේ නිලියන් අතර ඉහලින්ම සිටීමට උදව්වක් වුනා. මේ චිත්‍රපටිය මෙතෙක් බිහි වූ හොඳම බොලිවුඩ් චිත්‍රපට අතරට එක් වී ඇති අතර යශ් චොප්රාගෙන් බිහිවූ විශිශ්ටතම චිත්‍රපටියක් ලෙසද සඳහන් වනවා.

එකල ක්‍රියාදාම චිත්‍රපට වැඩි වශයෙන් ජනප්‍රිය වූ නිසා මේ චිත්‍රපටියට එතරම් හොඳ විචාරක ප්‍රතිචාර නම් නෙවෙයි ලැබුනෙ. එහෙත් 37 වෙනි ජාතික චිත්‍රපට උලෙලේදී Best Popular Film Providing Wholesome Entertainment සම්මනයද, 38 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේදී Best Cinematography සම්මානයද දිනාගනු ලබනවා. ඒ වගේම තවත් සම්මාන රැසකට නිර්දේශිත වනවා.

අද ගෙනාවෙ හැමෝටම බලන්න පුලුවන් ලස්සන ආදර කතාවක්. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ගැළපේ.

1,572 downloadsDownload Chandni_1989.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

1,572 downloadsDownload Subtitles67 KB

12 comments

  1. Lalani Maduwanthi

    Thank you nangi

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Mard Ko Dard Nahin Hota (2018)

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  4. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata....
    Jaya wewa.!

  5. Shamal manojan

    නියමයි දහරා! ‌
    සුපිරි වැඩක්
    ග‌ොඩාක් තෑන්ක්ස්.
    අසූ ගණන් අග ෆිල්ම්, අනූ ගණන් වල ෆිල්ම් ද‌ෙන්න ඉන්න‌ේ ඔයාන‌ේ. යශ් ච‌ොප්රාග‌ේ සුපිරි ෆිලුමක්.

    පුලුවන් නම් Tezaab 1988, Raja 1995, Lamhe 1991 ෆිල්ම් වලටත් සබ් ද‌ෙන්න බලන්න.
    තෑන්ක්ස්.

  6. indika75

    thanks..

  7. Sampath53

    sunil shettige vinshak move ekata sub denawada nangi.lassana move ekak eka.

  8. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    මේ ටිකේ දිගටම සබ් දානවා නෙහ්. :P
    ඔය ගැම්මෙන්ම දිගටම සබ් දෙමු ආ..
    ජය!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ar perera

    obage sub godak gatta comment 1 k daanna bari una thanks old movie vala sub denavata..............

  11. rishan madushanka

    linke eka na ne film eke

  12. wera

    thanks for sub ekata