Watch Trailer

Sand Storm (2016) AKA Sufat Chol Sinhala Subtitles | සිහින අහිමි ලන්දූ….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Omar (2013) අහස කඩා වැටේ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මාණ…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Omar (2013) අහස කඩා වැටේ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නා වූ විශිෂ්ට සිනමාපට රැසක් අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී යන්නාවූ වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමක උපසිරැසියක් ලබා දෙන්නයි.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ ඊශ්‍රායල සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කරලා උපසිරැසියක් කරමු කියලා ඉල්ලීමකුත් කරපු ජගන්නාථ එහෙමත් නැතිනම් ප්‍රේමකුමාර ගම්ලත් මහත්මයාට බොහොමත්ම ස්තූතියි මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කලාට. මොකද එහෙම නොවන්නට මටත් මේ සිනමා සිත්තම මග හැරී යන්නට තිබුනා….

IMDb දර්ශකයේ 6.9ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 92%ක් ලබා ගත්තු මේ සිනමා සිත්තම ලෝකෙ වටේම සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරලා සම්මාන 15ක් සහ තවත් නිර්දේශවීම් 19ක් ලබාගත්තු වෙනස්ම විදියේ ඊශ්‍රායල සිනමා සිත්තමක්. මේ සිනමා සිත්තම මේ වසරේ පැවත්උන ඔස්කාර් සම්මාන උලළේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් ඊශ්‍රායලයේ ඉදිරිපත් කිරීම බවටත් පත් උනා. මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. ඒ නිසා තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි….

ඇයත් කෙල්ලකි…. පියා සැමියා පුතා කේන්ද්‍රකරගත් සමාජයක, ගැහැණිය යනු තවත් එක් අජීවී වස්තුවක් පමණකැයි සිතූ සමාජයක, ගැහැණිය යනු පිරිමියාගේ ලිංගික සතුට උදෙසා පමණක්ම දෙවියන් විසින් මවනු ලද්දාවූ කෙළි බඩුවක්යැයි සිතූ සමාජයක ඇයත් කෙල්ලකි. ඛේදනිය ඉරණමක හිමිකාරියකි. සිය තාරුණ්‍යයේ හැඟීම් සිර කරගෙන ජීවිතය විඳවනා කෙල්ලකි. මුසල්මානු ඉගැන්වීම් සිය වාසියට හරවාගත් පුරුෂ පක්ෂයක අතොරක් නැති තාඩනයන් හමුවේ ආගමේ නාමයෙන්, පරපුරේ නාමයෙන් තහනම් ආදරයක් වෙනුවෙන් හඩා වැටෙනා කෙල්ලකි. මේ ඇයගේ ආදර කතාවයි….

සිහින නොදකිමි,
    නිසල රැය බොහෝ කෙටි නිසා….
කල් මරන්නෙමි,
    කාලයම බොහෝ දේ දුන් නිසා….
කඳුළු සඟවමි,
    පිරිමි හිත් ගල් වූ නිසා….
රහසේ හඬමි,
    ගලුත් ඉරි තලනා නිසා….
( උපුටා ගැනීමකි. )

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය IMDb දර්ශකයට අනුව හොඳම සිනමාපට 250ට ඇතුලත් තවත් වෙනස්ම විදියේ සිනමා නිර්මාණයක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

4,490 downloadsDownload Sufat.Chol_.AKA_.Sand_.Storm_.2016.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

4,490 downloadsDownload Subtitles26 KB

71 comments

  1. Sevenupboy

    Thanx bn sub ekata.machan puluwan nam the big fish,the fountain ,500 days of summer mewata sub denna .ubalata pin

    1. හසිත මධුෂාන්

      මග ඇරුන හොද ෆිල්ම් ටිකක් නේද සහෝ....
      දැනට බාර අරන් තියෙන ටික ඉවර කරලා ඉන්නම් සහෝ....

    2. හසිත මධුෂාන්

      The fountain එකට සිංහල සබ් එකක් මීට කලින් බයිස්කෝප් එකෙන්ම දීල තියෙනව සහෝ....

  2. thilina1986

    wow superb man Thank you so much Appreciate the effort for us.

  3. indika75

    thanks..

  4. Hashan M. Priyadarshana

    තැන්ක් යූ සහෝ සබ් එකට....
    ජය වේවා.!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. rasilanka

    සම් එකට thanks.. ahalya 2015 film එකට සබ් කරන්න

    1. හසිත මධුෂාන්

      මම බලල තියෙන එකක් නං නෙමෙයි සහෝ...
      මම බලලම කියන්නං කොහොමද කියලා...

  7. shiyamal

    Thanks
    good film.

  8. Namal123

    " prasthanam " kiyana movie ekata sub denna...imd 8.9 ganak thiyanawa

    1. හසිත මධුෂාන්

      මම බලල නම් නෑ සහෝ......
      බලලම කියන්නං කොහොමද කියලා....

  9. jagannatha

    බොහොම ස්තූති හසිත මහතුනි. හුදීජන පහන් සංවේගය සඳහා ඔබේ කාලයත් බුද්ධිමය ශ්‍රමයත් කැප කළාට. මෙවන් සම්ප්‍රදානයන් සඳහා අවැසි විවේකයත් නිරෝගි සුවයත් ලැබේවා !

  10. prasadmalaka

    Niyama wadak, Godaaaak Sthuthiy, Me wage Hamotama amathaka wela giya supirima film walata sub dena eka supirima wadak.oyata me wade digatama karagena yanna shakthiya dhayrya labenna oni.......!

    The Aviator (2004) kiyana film eka supirima film ekak.ekata kawruwath thawama sub dila na.baiscopelk site eke e film eka gana post ekak witharay thiyenne.puluwan nam ekatath sub karanna.

    1. හසිත මධුෂාන්

      ඩිකැප්‍රියෝගෙ හොදම ඇක්ටින් තියෙන ෆිල්ම් එකක්...
      කවුරුත් සබ් එක නොකලොත් මම කරන්නම් සහෝ....

    2. prasadmalaka

      Thank You very much....Saho.........

  11. Lalani Maduwanthi

    Godaaak pin ,,,,,oyage mahansiyata,,e wagema bohoma sthuthy

  12. Chanmatara

    හසිත සහෝදරයා මෙවැනි චිත්‍රපට නැරඹීමට කැමතියි පිරිසක් අද වන විට අඩවිය වටා රොක් වී ඇති අතර, ඒ ඔබ වැනි අයගෙ කැපවීම හා උත්සාහ නිසාය. ඔබ බයිස්කෝප් අඩවියට ගැම්මක් bro

  13. Nivom

    mekath balanawoo, omar 2013 beluwaa, anthimata aru tom pachayak kiyala thiyenne :)

  14. Nadeesha rox alahakoon

    Tnx bro subt. Wolf worrier 2 ektath sub eka diyn puluwnnum

    1. හසිත මධුෂාන්

      මම බලලනම් නෑ සහෝ....
      බලලම කියන්නම් කොහොමද කියලා...

    2. හසිත මධුෂාන්

      මේකට සබ් එකක් දීල තියෙනවනෙ සහෝ.....

  15. Krishan NiShalya

    වෙනද වගේම බොහොම ස්තූතී හොඳම චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙනවට..

    මේ නම් විදේශීය භාෂා චිත්‍රපට නෙවේ.. ඒත් පුළුවන් මේවටත් උපසිරැසි ලබාදෙන්න

    500 Days of Summer
    Before sunset
    Before midnight
    Annie Hall
    Midnight in Paris

    Good Luck Bro

    1. හසිත මධුෂාන්

      වෙනස්ම විදියේ ආදර කතා ටිකක් නේද සහෝ....
      Annie Hall ඇරෙන්න අනිත්වා නං බලල තියෙනවා...

  16. sumithwickramarachchi

    thanks

  17. Bandara76

    ඊශ්‍රායල් සිනමා පටයක් නම් කොහොමත් හොදයි.වෙනත් කිසිම රටකට වඩා ජනාධිපතිගෙ සිට කුඩා ළදරුවා දක්වාම තම ජාතිකත්වයට කෙස් ගසක තරම් හානියක් වීමට ඉඩ නොදෙන එකම රට තමයි ඊශ්‍රායලය. හසිත සහෝදරයා වටා දැන් බයිස්කෝපි එකේ වෙනම රසික කොටසක් ඉන්නව..ඒක සතුටට කරුනක්. සිනමාව කියන්නෙ හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් මලයාලම් විතරක් නොවෙයි සිනමාව රස විදිනව නම් ලෝක සිනමාවම රසවිදිය යුතුයි.

    1. Bandara76

      පහසු වෙලාවක Body of Evidence (1992) උපසිරැසි ලබාදෙන්න

    2. හසිත මධුෂාන්

      මැඩෝනා ඉන්න ෆිල්ම් එකක් නේද....?
      මොන හේතුවක් නිසා හෝ Imdb රේටින් නම් ටිකක් අඩුයි වගේ...
      මම බලලම කියන්නම් කොහොමද කියලා...

  18. udeshKavinda

    Download Link ekak hoyaganna nadda?

    1. හසිත මධුෂාන්

      මේ සබ් එකට ගැලපෙන කොපියක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ දීල තියෙනව සහෝ....

  19. charuni

    thans hoda film walata sub denawata

  20. jagath55

    Thanks

  21. Tharaka

    thanks...

  22. D.Chamara

    bohoma sthuthi sahoooo

  23. shpajith

    thanks

    1. Bandaramudiyansi

      Dvd walata dila thiyanna ita wada hoda copy ekak nadda brother

    2. හසිත මධුෂාන්

      මට ඊට වඩා හොද කොපියක් නම් හම්බ උනේ නෑ. සහෝට හම්බ උනොත් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් පහලින් තියෙන මේල් එකට එවන්න. සබ් එක රීසින්ක් කරලා අප්ලෝඩ් කරන්නම්.
      Hasitha.m.skyඇට්gmailඩොට්com

  24. mirage hirantha

    funny nam --- used cars (1980),
    awords nam -- beasts of nation (2015)

    1. හසිත මධුෂාන්

      Used Cars එක නම් මම බලල නෑ සහෝ....
      ඒක මම බලලම කියන්නම් කොහොමද කියලා....

      ඔය කියන අනිත් ෆිල්ම් එක Beasts of No Nation වෙන්න ඇති නේද?
      ඒකට නම් සිංහල සබ් එකක් දීල තියෙනව සහෝ....

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Sajith Kumara

    omar baluwa supiri film eka.. sabata thanks.. mekath balanna oone. thawath honda film ekakin hamu wemu; jaya;;;;

  27. A Mune Munasinghe

    THANK UUUUUUUUUUU SOO MUCH BRO..jayawewaa...

  28. Tharindu07

    Thanks Machooo....!!! Hoda wedak.....!!!!

  29. IreshSampath

    thanks

  30. charuni

    tns

  31. Darshana89

    උපසිරසට ගොඩක් ස්තුතියි
    Heroes TV Series (2006–2010) එකටත් පුලුවන් නම් උපසිරස දෙන්නකො
    අනෙ plzzzzzzzzzzzzzzz

    1. හසිත මධුෂාන්

      උත්සාහ කරන්නම් සහෝ....
      හැබැයි ලැබෙන ෆ්‍රී ටයිම් එක හරිම අඩු නිසා ටීවී සීරීස් නං බැලෙන්නෙ හරිම අඩුවෙන් සහෝ....

  32. AsithaDilruwan

    ela saho thanks

    IMDB Top 250 walata sub demu

    Alfred Hitchcock ge hoda film thiyenwa tawa...The Man Who Knew Too Much (1956) wage ewatath sub demu

    1. හසිත මධුෂාන්

      මම බලල තියෙන එකක් නං නෙමෙයි සහෝ....
      මම බලලම කියන්නම් කොහොමද කියලා...
      අනාගතේ දවසක Imdb 250 සම්පූර්ණ කරමු සහෝ.... තව ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ.
      මමත් ටිකෙන් ටික උත්සාහ කරනවා. හැබැයි තනියම අමාරුයි. අද Metropolis එකට සබ් එක දුන්නා.
      Imdb 106 වෙනි එක.

  33. Dilan_Lahiru

    Motorcycle Girl 2018 පකිස්ථාන ෆිල්ම් එක හොද ෆිල්ම් එකක් කියල අහල තියනවා.හින්දි ෆිල්ම් බැලුවට එක පකිස්ථාන ෆිල්ම් එකක්වත් බලලා නෑ.පකිස්තානයේත් හින්දි ෆිල්ම් වගේම හොද ෆිල්ම් තියනව කියල එක්කෙනෙක් fb එකේ ඔය ෆිල්ම් එක ගැන කියල තිබුන.පුලුවන් නම් ඔය ෆිලම් එකේ උපසිරස ලබා දෙන්න.

    1. හසිත මධුෂාන්

      රියල් ලයිෆ් ස්ටෝරියක් නේද සහෝ....?
      මම කලින් බලල නං නෑ. මම බලලම කියන්නම් කොහොමද කියලා....

  34. N_R

    Thank You.

  35. sadimax

    me film ekata link ekak denna puluwanda kata hari plz !!!!!!!!!!!!!

    1. හසිත මධුෂාන්

      බයිස්කෝප්ඩවුන්ලෝඩ් සයිට් එකෙන් මේ ෆිල්ම් එක බොහොම ලේසියෙන්ම බා ගන්න පුලුවන් සහෝ...

  36. Thilina sasala

    EXcellent work.the keeper 2019?

    1. හසිත මධුෂාන්

      වෙනස්ම විදියේ ෆිල්ම් එකක් වගේ නේද සහෝ...?
      මම බලලම කියන්නං කොහොමද කියලා...

  37. නිමල් දිසානායක

    හසිත,
    මේක නම් දුක්බර ෆිලුමක්!
    හැබැයි ලස්සනයි,
    සබ්ස් ටිකත් අපූරුයි!

  38. binul_bandara

    Well done
    Pls sub "The Last Emperor"

    1. හසිත මධුෂාන්

      සමාවෙන්න සහෝ අදයි කමෙන්ට් එක දැක්කෙ. මටත් මග ඇරුන හොදම එකක් වගේ....
      බලලම කියන්නම්කො කොහොමද කියලා...

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. amila33

    film eka kohenda ganne mithura

    1. හසිත මධුෂාන්

      ඔය උඩ කියල තියෙන විදියටම බයිස්කෝප්ඩවුන්ලෝඩ්.CO එකෙන් ටොරන්ට් සහ ඩිරෙක්ට් බා ගන්න පුලුවන්....

  41. amila33

    Hala (2019)

  42. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  44. Waruna Kamalawansha

    නියමයි.... බොහෝම ස්තූතියි

  45. kumara 123

    maru

  46. Anonymous

    good

  47. ck aravinda

    machan puluwannam download link eka danna.link eka hoyaganna be

    1. Anonymous

      ???

  48. Roshani

    Thanks for the subtitles. Please upload manikarnika movie