අද මම ලිපිය ලියන්නේ හොඳ මූඩ් එකකින් නම් නෙවෙයි. මම වෙනදට අපේ ගෙදර අයටත් පෙන්නන්නයි මේ උපසිරැසි හදන්නේ. මේ සැරේ නම් මට කිසිම ප්‍රශංසාවක් ලැබුනේ නෑ. මොකද මේ ෆිල්ම් එක හතර අතේ කැරකි කැරකි, තේ බොන ගමන් බලන්න පුළුවන් එකක් නොවන නිසා. ෆිල්ම් එකේ සමහර දෙබස් මග ඇරුන ම සමහර කොටස් තේරෙන්නේ නැතුවම යනවා. ඒ […]
අද මම ලිපිය ලියන්නේ හොඳ මූඩ් එකකින් නම් නෙවෙයි. මම වෙනදට අපේ ගෙදර අයටත් පෙන්නන්නයි මේ උපසිරැසි හදන්නේ. මේ සැරේ නම් මට කිසිම ප්‍රශංසාවක් ලැබුනේ නෑ. මොකද මේ ෆිල්ම් එක හතර අතේ කැරකි කැරකි, තේ බොන ගමන් බලන්න පුළුවන් එකක් නොවන නිසා. ෆිල්ම් එකේ සමහර දෙබස් මග ඇරුන ම සමහර කොටස් තේරෙන්නේ නැතුවම යනවා. ඒ නිසා මාව දිරි ගන්වන්න අද නම් කමෙන්ටු ඕනිමයි.
සමාවෙන්න ඕනි පවුල් ප්‍රශ්න මුලටම දැම්මට. මම දැක්කා, කාලෙක ඉඳන් සමහර අය කමෙන්ට් දාලා තිබුණා, මේ චිත්‍රපටයටත් සබ් දෙන්න.මේ චිත්‍රපටය මම හුඟක් කැමැත්තෙන් සබ් කළේ. මොකද මේක කවුරුත් ආදරය කරන අයන් මෑන් – Robert Downey Jr. ගේ රංගන වෘත්තියේ හැරවුම් ලක්ෂයක් වුන චිත්‍රපටයක් නිසා. චාලි චැප්ලින් නමැති, අපි කවුරුත් දන්න, අසහාය රංගධරයාගේ ස්වයං චරිතාපදානය ඇසුරෙන් නිමැවුණු මෙය සම්මාන කිහිපයකටම නිර්දේශ වුනු අතර, Downey Jr. ට තමන්ගේ පළවෙනි, හොඳම නළුවාට හිමි සම්මානය ලැබෙන්නෙත් මේ වෙනුවෙනුයි. 1992 නිකුත් වුන රිචඩ් ඇටෙන්බරෝ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට IMDB 7.6 ක අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඔයාලා ගොඩක් දෙනෙක් හඳුනන X Files වල මෝල්ඩර් – David Duchovny ත් මෙහි සුළු චරිතයකට පණ පොවනවා. අනික මෙහි චාලි චැප්ලින්ගේ මව ලෙස රඟපාන Jeraldine Chaplin, ඇත්තටම චාලි චැප්ලින්ගේ වැඩිමහල් දියණියයි. දැන් මම චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්කෝ.
චාලි චැප්ලින් කොමඩි රංගන ශිල්පියෙක් නිසා අපි හිතන්නේ, ඔහු හැමවෙලේම සතුටින් ඉන්න ඇති කියලනේ. නමුත් මේ පුද්ගලයාගේ ජීවිත කතාව බොහෝ හැලහැප්පීම්, දුප්පත්කම් වලින් පිරුණු, අවසානයේදි ඒ දුප්පත්කමින් ගොඩ ඇවිත් සුඛෝපභෝගී ජීවිතයක් ගෙවුවත් කරදරවල අඩුවක් නොවුණු ජීවිත කතාවක්. චාල්ස් ස්පෙන්සර් චැප්ලින් ලෙස 1889 දී ලන්ඩන් නුවර ඉපදුණු චාලි කුඩා කාලයේ ඉඳන්ම දරිද්‍රතාවයෙන් පිරුණු ජීවිතයක් ගත කළේ. මොකද ඔහුගේ තාත්තා ඔහු ඉපදුණු කාලෙම වගේ ඔවුන්ව හැර ගිහින් තිබුණ නිසා, පවුල නඩත්තු කරන්න වෙලා තිබුනේ අම්මාට. ඒ වගේ කාලෙකදි අම්මටත් පිස්සු හැදුනම චාලිගෙයි, ඔහුගේ සොහොයුරු සිඩ්නිගෙයි ජීවිත කොයිතරම් අසීරු තත්වයකට පත්වෙන්න ඇත්ද? නමුත් චාලි තමන්ගේ හැකියාවෙන් ඒ අසීරු ජීවිතයෙන් ගොඩ ඇවිත් ලෝකයේ විශිෂ්ටම කොමඩි රංගන ශිල්පියා බවට පත් වුණු අයුරු මෙම චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම ලෝකයෙන් නැගුණු අපවාද, ගැරහීම් වලට නිරතුරුව ලක්වුණු මේ පුද්ගලයා එවැනි තත්වයකට පත්වුණේ ඇයි, ඔහු ඊට සුදුසු ද කියලා ඔබට හිතා බලන්නත් මෙයින් අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම මේක බැලුවම කෙනෙක්ට හිතෙයි, මේකෙන් චැප්ලින්ගේ චරිතයට හානියක් වෙනවද කියලත්. ඒත් මේ චිත්‍රපටය ගොඩ නැගිලා තියෙන්නේ, චැප්ලින් තමන්ගේ ජීවිතය ගැන තමන්ම ලියූ චරිතාපදානයෙන් ගත්ත කොටස් වලින්. ඒ වගේම කියන්න ඕනි, මේ චිත්‍රපටය බැලුවම චාලි චැප්ලින් ගැන මගේ තුළ තිබුණු කැමැත්ත වැඩි වුනා මිස අඩු වුනේ නම් නෑ. අනික Downey Jr. ඒ චරිතයට කරන්න පුළුවන් උපරිම සාධාරණය කරලා තියෙනවා. එහෙනම් හැමෝම මේ නිර්මාණයට කැමතිවෙයි කියලා හිතනවා.
ආයෙත් හමුවෙනතුරු ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,460 downloadsDownload Chaplin-1992.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-31
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බොබී
Subtitles
37 comments
Kulanjana Maduranga
ThilinaDinelka
දිගටම සබ් දෙන්න අයියේ ....මලයාලම් දෙන්වනම් අපි ගොඩක් කැමති ....ජයවේවා ....!
Sajmadu
Ela. Jaya wewa. The gril with Dragon tattoo 2011 puluwannam.denna.
sadeepaT
hammo.mn nm hithuwe na mekata sub dei kiyala..godak thanks..RDJ ge hodama ekak kiyala ahala thiynw
dilshan388
WOOOOOOOOOOOOOOOOOOOOOOOHOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයHashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Nirosh C
බොහොම ස්තුතියි බොබී සහෝ.ජයවේවා!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. බුදුසරණයි..ජය වේවා!
Himantha
Sub ekata thanx bro.
Ediriyatath sub karana hakiwewa kiyala suba pathanawa.kent parker
thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!malshika
සුපිරි සහෝ….
ජයවේවා!!!!!!!!!Sajiya99
Thanks ma bro sub ekata
Udara Damith Dissanayaka
ස්තූකියි
ස්තූකියිIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
Priyantha Dayakeerthi
බොබී සොයුර,
Gold Rush. The Circus, The Kid ... ආදී වශයෙන් චාලි චප්ලින් සිනමාකරුවාගේ සිනමාපට 35 ක් පමණ මා ළඟ තිබෙනවා. එමෙන්ම ඒවා කීප වාරය බැගින් නරඹා තිබෙනවා. ඔබේ මේ වටිනා උපසිරැසිය සමඟ මෙම සිනමාපටයත් නරඹනවා. ඔබට ගොඩක් ස්තුතියි, හැකිනම් පැරණි වටිනා සිනමාපටවලටත් සිංහල උපසිරසි ලබාදෙන්න. ඔබට ජය!!!Achi
තැන්ක්ස් බොක්ක
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
zeal
Supiri wadak..
AsithaDilruwan
Ela saho thanks
jagath55
Thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.namal kumara
film එක download කරල ගොඩක් කල්. tankas sub එකට
Nimach273
Thnks sub akta jaya wewa
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
Nirosh C
ස්තුතියි බොබී සහෝ.ජයවේවා!
Ranjandesha
Thnax sub..ekata..niyamai..
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
lakmal chathuranga
tank you sub .... elaz.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ප්‍රබුද්ධ කේසර විතානගේ
උපසිරසියට බොහොම ස්තුතියි!
Haashan Dhanushka
thnxxxxxx
Lahiru suranjith
Mn meka phone eken gthte eth sub eka english walin ynne ai a..mn blnne MX eken..mn download kare popcon app eken..help me
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Praba99
tnx bokka.
Shaggy
Thank you very much brthr
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…Great work.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……