මේ කියන්න යන කතාව බොහොම ඇත්ත කතාවක්, නමුත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හොලිවුඩ් සිනමා නිර්මාණයක් වෙනුවෙන් ලියවුන කතාවක් වගෙයි. නමුත් වාසනාවට හෝ අවසානාවට, බොහොම දුරට අවසානාවට කියන්න පුළුවනි, මේ සිදුවීම අපේ පය ගසා ඇවිදින මේ ලෝකයේ සිද්ධ වුන සිදුවීමක්. අපේ පෘථිවි තලයට ආසන්න වශයෙන් කිලෝමීටර් 384 400 ගණනක්…

මේ කියන්න යන කතාව බොහොම ඇත්ත කතාවක්, නමුත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හොලිවුඩ් සිනමා නිර්මාණයක් වෙනුවෙන් ලියවුන කතාවක් වගෙයි. නමුත් වාසනාවට හෝ අවසානාවට, බොහොම දුරට අවසානාවට කියන්න පුළුවනි, මේ සිදුවීම අපේ පය ගසා ඇවිදින මේ ලෝකයේ සිද්ධ වුන සිදුවීමක්. අපේ පෘථිවි තලයට ආසන්න වශයෙන් කිලෝමීටර් 384 400 ගණනක් දුරින් අපේ පුංචි මිනිස්සු තමුන්ගේ ඉතිහාස කතාව විශ්වයට අරගෙන යන අතරේ, ඒ වෙනුවෙන් පෙරගමන්කරුවෙකු වුන එදා මෙදා තුර ලොවම කතාබහ කරන චරිතයක් වුන පුද්ගලයෙකුගේ සෙවනැල්ල තුල ජිවිතයක් ජිවත් වුන කෙනෙකුගේ අතීතයේ යටගැසූ, අභිරසක් එක්ක තමයි අද අපි මේ ඔබ හමුවෙන්න ඇවිත් තියෙන්නේ. නමුත් ඔහු ගැන කතා කරන්න කලින් ඔහුගේ පසුබිම ගැන දැනගත්තොත් ඒ දැනුම මේ කතාව මෙහෙම ගෙතෙන්න හේතුව තේරුම් ගන්න ඔබට රුකුලක් වේවි කියල හිතනවා.
පැට්‍රික් කෙනඩි නම් වුන පුද්ගලයෙක් පුද්ගලයෙක් බ්‍රිජට් මර්ෆි නම් වුන තමුන්ගේ බිරිදත් එක්ක අයර්ලන්තයේ ඉදලා නැව් නගින්නේ බොස්ටන් වෙත එන බලාපොරොත්තුවෙන්. ඉතින් කොහොම හරි 1849 ගොඩබැස්ස මේ පුද්ගලයා බැරල් නිෂ්පාදකයෙක් හෝ පිත්තල කාර්මිකයෙක් හැටියට තමයි තමුන්ගේ ජීවිකාව සරිකරගෙන තියෙන්නේ, මේ දෙපලට දරුවන් පස් දෙනෙකුගේ සෙනෙහස ලබන්නට හැකි වෙනවා. ඉතින් මේ පිරිසෙනුත් පැට්‍රික් ජෝසප් “P.J” කෙනඩි නම් වුන බාලයා ව්‍යාපාර පැත්තට යොමු වුනා විතරක් නෙමෙයි 1884 ඉදලා 1895 වෙනකම් කාලය ඇමරිකානු කොන්ග්‍රසය වගේම විටෙක සෙනෙට් සභාවත් නියෝජනය කරන්න සමත්කම් පෑවා. තැබෑරුම් අයිතිකරුවෙකු, වගේම විවිධ සමාගම්වල කොටස් හිමිකරුවෙකු වුන P.J දරුවන් සිව් දෙනෙකුගේ හුරතල් බලන්නට තරම් වාසනාවන්ත වුනා. මේ අතරිනුත් වැදගත්ම කෙනා වෙන්නේ ජෝසෆ් පැට්‍රික් “ජෝ” කෙනඩි. 1888 සැප්තැම්බර් මාසේ 6 වැනිදා උපත ලද ඔහු වසර 200 ටිකක් වැඩි ඇමරිකානු ඉතිහාසයේ හතරෙන් එකක් වගේ කාලයක් තුල සිද්ධ වුන සිදුවීම්වලට අධිතාලමක් නිර්මාණය කරපු බව කිව්වොත් මම නිවැරදි.

(තීරයේ දකින ජෝසෆ් සහ සැබෑ ජෝසෆ්)
දේශපාලන පවුලක උපන් කෙනඩි මුලින්ම තමුන්ගේ අවදානය යොමු කරන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඔහු අත තියන හැම දෙයක්ම වගේ ඒ වැඩෙත් බොහොම සාර්ථක ලෙස කරගෙන යන අතරේ තමයි පළමු ලෝක යුද්ධ කාලයේ නාවික උප ලේකම් හැටියට කටයුතු කරපු ෆ්‍රැන්ක්ලින් D. රූසවෙල්ට් හමුවෙන්නේ. මේ මිතුදම එක්කම ඔහු ඇමරිකානු හුවමාරු කොමිසමේ පළමු සභාපති වෙනවා වගේම, ඉන් පස්සේ ඇමරිකානු නාවික කොමිසමේ කොමිසමේ අධ්‍යක්ෂකවරයා හැටියටත් කටයුතු කරන්නට සමත් වෙනවා. නමුත් මේ සියල්ලටම එහා යමින් 1938 – 1940 කාලය තුල බ්‍රිතාන්‍ය ඇමරිකානු තානාපති හැටියට කටයුතු කරන්නට ඔහුට හැකි වෙනවා. 1914 වසරේ දී රෝස් ෆිට්ස්ජෙරල්ඩ් හා විවාහවෙන ඔහුට දරුවන් 9 දෙනෙකුගේ සුරතල් බලන්නට හැකි වෙනවා ඉතින් අපි දැන් යොමු වෙන්නේ ඒ වැදගත් පරම්පාරාවට.

(කෙනඩි පවුල)

(ජෝසෆ් පැට්‍රික් “ජෝ” කෙනඩි ජුනියර්)
ජෝසෆ් පැට්‍රික් “ජෝ” කෙනඩි ජුනියර් නම් වූ වැඩිමහලු පුතා 1915 වසරේ ජූලි 25 වැනිදා මෙලොව එලිය දකිනවා. පියා ඔහු තුල එක සිහිනයක් දකිනවා ඒ වෙන කිසිවක් නොවෙයි, ඇමරිකා එකසත් ජනපදයේ ජනාධිපති පුටුවේ ඔහු වැජබෙනවා දැකීම… නමුත් දෛවයේ සරදමකට වගේ දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් තමුන්ගේ රට නියෝජනය කරමින් උන් තරුණ ලුතිනන් වරයා තමුන් පැදවූ යානය කඩා වැටීම හේතුවෙන් මෙලොව හැර යන්නේ පියා සතු සියලුම බලාපොරොත්තු දෙවැනි පුතාගේ හිසමත අත්හරිමින්.

ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් “ජැක්” කෙනඩි
කඩවසම්, එඩිතර කාගේත් ආදරය දිනාගත් ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් “ජැක්” කෙනඩි මෙලොව එලිය දකින්නේ 1917 මැයි මාසේ 29 වැනිදා. පියා සතු සිහිනය සැබෑ කරන්නට දේශපාලනයට පිවිසෙන ජැක් මුලින්ම 1947 වසරේ දී කොන්ග්‍රසයට තේරී පත් වෙන්නේ බොහොම කෙටි කාලයක් වෙනුවෙන් ඒ 1953 වසරේ දී හමු සෙනෙට් සභාව නියෝජනය කරන්නට වරම් හිමිකරගන්නා නිසාවෙන්. ඉතින් ඔහොම යන්තම් අවුරුදු 7 ක් සෙනෙට් සභාව නියෝජනය කරනා ජැක් ඇමරිකානු ඉතිහාසයේ 35 වැනි ජනාධිපතිවරයා ලෙස 1961 වසරේ දී තේරීපත් වෙන්නේ පියා දුටු ජනාධිපති සිහිනය සැබෑ කරමින්. නමුත් ඒ සිහිනය වැඩි කලක් දකින සිහිනයක් නොවෙන්නේ 1963. වසරේ දී ඔහුව සාහසික ලෙස ඝාතනය කිරීමත් එක්ක. මම ඒ කතාව නම් කියන්නට සුදානම් නැහැ මොකද ඒ කතාව නොදන්නා කිසිම කෙනෙක් ඇති කියා මම නොහිතනා නිසාවෙන්.

රොබර්ට් ෆ්‍රැන්සිස් කෙනඩි
ඉතින් දැන් සියලුම බර පැටවෙන්නේ තෙවැනි පුතාට. ඔහු තමයි පවුලේ බුද්ධිමතා, නමින් රොබර්ට් ෆ්‍රැන්සිස් කෙනඩි වන ඔහු 1925 වසරේ නොවැම්බර් 25 වැනිදා මෙලොව එලිය දකින්නේ ඒ වෙනකොට දරුවන් 6 දෙවෙකුගෙන් යුතු පවුලක 7 වැන්නා ලෙසට. තමුන්ගේ වැඩි මහලු සොහොයුරන් ගිය මගම යමින් 1944 වසරේ දී ඔහුත් ලෝක යුද්ධය වෙනුවෙන් තමුන්ගේ රට නියෝජනය කරනවා දෛවයේ සරදකමට වගේ ඔහුට සිද්ධ වෙනවා USS Joseph P. Kennedy Jr හි සේවය කරන්නටත්. නමුත් ඉතින් දෙවැනි සහෝදරයා වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කරනා බොබී 1961 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නීතිඥයා හැටියට දිවුරුම් දෙන්න සමත් වෙනවා නමුත් තමුන්ගේ සොහොයුරා සාහසික ලෙස ඝාතනය වීමත් එක්ක ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඔහු 1965 වසරේ දී නිව්යෝක් ආසනය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරීපත් වෙනවා. ඔහුගේ අරමුණ නොවුනත් ලිපියක් නිසාවෙන් ඔහු තීරණය කරනවා 1968 වසරේ නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. නමුත් ඒ බලාපොරොත්තුව සුන් වෙන්නේ ඇම්බසිඩර් හෝටලේ දී ඔහුව ඝාතනය වීමත් එක්ක.

(තීරයේ ඔබ දකින ටෙඩ් සහ සැබෑ ටෙඩ්)
ඉතින් දැන් මේ සුදානම ඒ පවුලේ බාලයා එහෙමත් නැත්නම් අපේ කතා නායකයා ගැන කතා කරන්න එවර්ඩ් මෝර් “ටෙඩ්” කෙනඩි උපත ලබන්නේ 1932 වසරේ වැඩිමහලු සොහොයුරන්ගේ අඩිපාරේ යමින් 1962 සෙනෙට් සභාවට තරග කර ජයගන්නා ඔහු බොබීගේ මරණයත් එක්ක ඇමරිකාවේ ඊලග ජනාධිපති හැටියට බොහොම දෙනෙක් දකින්නට පටන් ගන්නවා. ඒ කෙනඩි නමේ බලය මොනවට කියා පාමින්, නමුත් 1969 වසරේ ජූලි මස 18 වැනිදා රාත්‍රිය මේ සිහිනය බොද කරන්නට සෘජුවම දායකා වෙනවා කිව්වොත් මම නිවැරදි. ඒ ටෙඩ් එක්ක එවෙලේ ගමන් ගත තරුණියක් ඔහු පැදවූ මෝටර් රථයට සිදූවූ අනතුර නිසාවෙන් ජීවිතක්ෂයට පත්වීම නිසාවෙන්. මේරි ජෝ නම් වූ ඇය බොබීගේ ජනපති සටනේ ඉරිදියෙන්ම කටයුතු කල ඔහුගේ ලේකම්වරියක්…

(තිරයේ ඔබ දකින මේරි ජෝ සහ සැබෑ මේරි ජෝ)
ඉතින් අද අපේ මේ ඇරයුම ඒ කතාව දිගහැරන හැටි දැකබලා ගන්නට. කතාව ගැන තවත් පොඩි දෙයක් කියන්නම්, හිතන්න ඔබ අතින් කෙනෙක් සිතාමතා නොවුනත් ඝාතනය වුනා කියල, ඔබට මොකක් වේවි ද? ඔබට කොයිතරම් කාලයක් ලැබෙයිද ඔබේ කතාව ලොවට කියන්න ? එහෙමත් නැත්නම් සැබෑ කතාව ලෝකය කොහොම පිළිගනී ද? නමුත් තමුන්ගේ නම කෙනඩි වීමත් එක්ක කතාවේ කෝණයන් වෙනස් වෙන හැටි, මහා අදුරු වලාවක් ඒ සත්‍ය කතාව වෙලා ගන්නා හැටි ඔබට සිහිනයකින්වත් හිතාගන්නට බැරි වේවි, ඒ අපිට එවැනි බලයක් ගැන හිතන්නට දැනුමක් නැති නිසාවෙන් නමුත් ඒ ඔබට අවසරයි ඒ බලය එක්ක දේශපාලන වේදිකාවේ සත්‍ය යට යන්නට වැඩ සුදානම් වෙන හැටි දැක ගන්නට පැය දෙකකට ආසන්න කාලයක් තුල. ඉතින් අපි ගිහින් එන්නම් IMDB මීටරයේ 6.6 ලබාගත්ත ජේසන් ක්ලාර්ක්, කේට් මාරා, එඩ් හෙලම්ස් වගේ පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවෙන අගනා සලරුව ඔබ වෙත ඉතුරු කර තබා… ඔබ සැමට ජය වේවා….

(සිදුවීම පුවත්පත්වල පලවී තිබූ අයුරු)

(ටෙඩ් රිය අනතුරෙන් පසු)
පා.ලි.
මේ නිර්මාණය ආව සැනින් උපසිරස කරණය ආරම්භ කලත් මගේ අතිශය කාර්යය බහුල භාවය නිසාවෙන් කොහොම නමුත් යට ගිය වැඩේ කරමුද කිව්ව සැනින් භාරගත්ත උදයංග සහෝට මේ වෙලාවේ බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන ඇක්ෂන් එකක් නොවුනොත් මෙහෙම දිග නිර්මාණයක් වෙනුවෙන් එකතු වෙන අපේ බොහොම අඩු පිරිසෙන් හොඳ කෙනෙක් එක්ක මෙවැනි දෙයක් ඔබ වෙත ගෙන එන්න ලැබීමම බොහොම සතුටක් කියන්න පුළුවන්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB සහ BR පිටපත් සඳහා ලබා දී ඇත.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
JOINING DATE – 2017-07-03[ උදයංග සම්පත් ]
JOINING DATE – 2013-02-12 [ සමීර කරුණාරත්න]
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
35 comments
උදයංග සම්පත් හතරසිංහ
Kavishal Rasintha
Based on true story......
නියමයි... අයියලා දෙන්නටම ගොඩක් ස්තූතියි..
අතීතය ගැන හොද කතාවක් වගේ.. බොහොම ස්තූතියි ආයිත්.. Gd luck for both of you..Soori
බොහෝම ස්තුතියි සමීර සහ උදයංග සොහොයුරන්ට මේ කැපකිරීමට....!
ජය...!!!Kulanjana Maduranga
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Wicki
බොහෝම ස්තුතියි
Roshan10
A prayer before dawn Film ekata sub ekak one....
JF6996
Thanks Brother
indika75
thanks
gihan perera
ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම....වෙච්ච මහන්සියට....හොඳ ෆිලුමක්...ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
ඩොක් අයියා
“උදයංග සම්පත්” හා “සමීර කරුණාරත්න” සොහොයුරන්ට මාගේ ස්තූතිය
Bandara 1976
මාර වටින ලිපියක් ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයdamindabg
me wage film balana eka godak wadagath.gaha maraaganna ewa nathuwa mewain deyak igenaganna puluwan.thanks machan
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
AsithaDilruwan
Ela saho thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!shiyamal
ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම
Kanchaka
Thanks Bro
suriyabattanayake
Kathawa balannama hithena widiyata deela wade jayamaේා අිා
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!MalindaCT
බොහොම ස්තුතියි සහෝදරයා.... ජය වේවා!!
bhasu92
JFK 1991 Kevin costner inne...machan lassana katawak...kennedy family eka gana...sub eka balala deepan
Randi
උපසිරැසියට බොහෝම ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
bohoma sthuthi oba depalatama
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
සුපුරිම ලිපියක්. මම ගොඩක්දේවල් දැනගත්තා සහෝ.
ජයෙන් ජය.Virajperera
tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madusha_fdz
ELa
indika75
thanks..
Pramukmili
thanxxxx bro patta.....
sampath n perera
උපසිරැසියට බොහෝම ස්තුතියි ජය වේවා!!
blackLion007
Thanks...................
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!Waruna Kamalawansha
මෙවන් සත්‍ය කතා සිිංහලෙන් ගෙන එනවාට බොහෝම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සමීර වගේ විශිෂ්ට රසයක් තියෙන කෙනෙක් එක්ක මේ වගේ ඉහළම ගණයේ නිර්මාණයකට මට දායකත්වය ලබා දෙන්න ලැබීමම මට මාර ආඩම්බරයක්. ස්තූතියි සමීර මේකෙ වැඩිම බර ඇද්දට සහ මාර වටින ලිපියක් දුන්නට. :D :D