Watch Trailer

Gray Matter (2018) Sinhala Subtitles | සක්වලින් උදව්වක් [සිංහල උපසිරැසි සමඟ]

සුබදවසක් වේවා හැමෝටම!!! ඔන්න මං අද ඔයාලට අරගෙන ආවා මේ අවුරුද්දේ නිකුත්වුණු තවත් Sci-Fi කාණ්ඩයට අයත් චිත්‍රපටියක්. මේ සලරැව Greg A. Sager විසින් තමයි අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ. Tara Elizabeth, Alys Crocker, Sean Patrick Dolan වගේ නළුනිළියන් රුසකගේ දායකත්වයක් මීට ලැබිල තියෙනවා. මං හිතන්නෙ ඔයාල දන්නව ඇ…

සුබදවසක් වේවා හැමෝටම!!! ඔන්න මං අද ඔයාලට අරගෙන ආවා මේ අවුරුද්දේ නිකුත්වුණු තවත් Sci-Fi කාණ්ඩයට අයත් චිත්‍රපටියක්. මේ සලරැව Greg A. Sager විසින් තමයි අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ. Tara Elizabeth, Alys Crocker, Sean Patrick Dolan වගේ නළුනිළියන් රුසකගේ දායකත්වයක් මීට ලැබිල තියෙනවා. මං හිතන්නෙ ඔයාල දන්නව ඇතිනේ පිටසක්වලයින් ගැන.

“පාවෙන පීරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
ආවේ කුමටද ඇත්තට ඔහෙලා
කුරුමිට්ටෝ…. ”

කියලා ජිප්සීස්ල පවා සිංදු ලියපු අපේ රටේ, පිටසක්වලයින් ගැන නොදන්න කාත්කවුරුවත් නැහැයි කියල මං හිතනවා. ඒ මං කිව්වෙ කොළපාට කුරුමිට්ටන් ගැන. දැන් මම මේ කියන්න යන්නේ 1940 ගණන්වලදී ඇමරිකාවේ, ඒකියන්නෙ හරියටම කිව්වොත් ලෝකය පුරාම ප්‍රචලිත වෙලා හිටපු අළුපාට පිටසක්වල ජීවීන් ගැන කතාවක්. සාමාන්‍යයෙන් අපි නම් දන්නෙ පිටසක්වලයින් අභ්‍යාවකාශයෙන් පෘතුවියට ඇවිල්ලා, මිනිසුන්ගෙ නගර වලට පහරදීලා, මිනිස්සු අල්ලන් යන ජාතියක් විදියටනේ. ඒ විදියටනේ හුඟක් සලරෑ ලෝකෙ පුරාවටම තියෙන්නෙ. ඒකාලෙ ලෝකෙම කිව්වෙ මේ අළුපාට “ග්රේස් ” නමින් හඳුන්වන පිටසක්වල ජීවීන් මිනිසුන්ව පැහැරගෙන ගිහින් එක එක පරීක්‍ෂණ සිදු කරනව කියලා. එක එක මිනිස්සු අල්ලන් ගියැයි කියලනම් අන්තර්ජාලයෙන් වාර්ථා හොයාගන්න නම් තියෙනවා. ඒත් මං නම් දන්නෙ නෑ ඒවැයි සත්‍ය අසත්‍ය තාව මොකක්ද කියලා. හැබැයි මොකද වෙන්නෙ නිකමටවත් මේ කතාව බොරුවක් වුනොත්. මොකද වෙන්නෙ අපි වැරදි නම්..? ඔවුන් එන්නෙ අපිව, මිනිස් වර්ගයාව ආරක්ෂා කරන්න නම්….?

මේ සලරැවෙන් කියවෙන්නෙත් අන්න ඒ කතාවම තමයි. පෘතුවියට වසර ගණනාවකට කිලින් කඩන් වැටෙන උල්කාවක් සලරැවේ මුල් භාගයෙදී ඔබට දකින්න පුළුවන්. නමුත් කතාව දිගහැරෙන්නේ එතනින් නොවේ. පළමු උල්කාව කඩාවැටිල දශක ගණනාවකට පස්සෙ කඩන් වැටෙන දෙවන උල්කාවෙන් තමයි කතාසමය පටන්ගන්නෙ. මේ උල්කාවෙ එක් විශේෂත්වයක් තියෙනවා. ඒතමයි ඒක ඇතුලෙ ඉන්න ජීවියාට මිනිසුන්ව පාලනය කරන්න පුළුවන්. ඒ ජීවියා මිනිහෙක් පාලනය කරාම හරියට සොම්බියෙක් වගේ වෙනවා. ඒකියන්නෙ ඌට යැපෙන්න මස් ඕන වෙනවා. ඉතින් ඌ මිනිස්සුන්ව හපාකනවා ආහාර ලබාගන්න. බයවෙන්න එපා සොම්බිවගේ හපා කෑවට ආසාධනය ව්‍යාප්ත වෙන්නෙ නම් නෑ. ඉතින් මේ පරපෝශී ජීවියා පෘතුවියට අඩිය තිවුවගමන් විනාස කරන්න “ග්රේස් ” කියන පිටසක්වල ජීවීන් උත්සාහයක් දරනවා. ඒත් ඒ උත්සාහය අසාර්ථක වෙනවා. ඉතින් ඔවුන් මේ පරපෝශිතයන් විනාශ කරන්න තෝරාගත් මිනිසෙක්ව යොදාගන්නවා. අන්න එතනදී තමයි අපේ කතා නායිකාව Annabelle (Alys Crocker) සීන් එකට එන්ටර් වෙන්නෙ. ඉතින් ඇයට ඔවුන් ආයුධයක් සමඟ පරපෝශීන් දඩයම් කරන්න පුළුවන් හැකියාවකුත් ලබාදෙනවා… ඉං පස්සෙ මොනව වෙවිද? ඇයට පරපෝශිතයන් පරාජය කරන්න පුළුවන් වේවිද? කියල සලරැව බලලම දැනගන්න කියල කරණ ආරාධනයත් එක්කම අදට මම ඔයාලගෙන් සමුගන්නවා…

නැවත උපසිරසියකින් හමුවෙනතුරු ජයෙන් ජය…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,246 downloadsDownload Gray-Matter-2018.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හිරාන් සේනානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරාන් සේනානායක

Subtitles

4,246 downloadsDownload Subtitles14 KB

33 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  2. geeganagamage

    බොහොම ස්තුතියි ලස්සනයි වගේ .

  3. Anjulakshan

    download link plzzzz

    1. Hiran Senanayaka

      උපසිරසියෙ Download Link එක තියෙනවා.... ඔයා බයිස්කෝප් වෙබ් අඩවියෙ පළමුවෙන්ම ලියාපදිංචි වෙන්න ඕන. එහෙම වෙලා නම් ලින්ක් එකක් ඇති Download Now කියල ලොකු කොළපාටින්. පොඩ්ඩක් හොයල බලන්න සහෝ... ඔයා රෙජිස්ටර වෙලානම් ඔයාට පෙන්වනවා... එහෙම නැත්නම් වෙන මොනාහරි කේස් එකක් නම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න සහෝ... ඔයාට සුභ දවසක්...

  4. AsithaDilruwan

    Elama saho thanks

  5. Prageethhettipola

    ගොඩාක් ස්තූතියි ...

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Soori

    බොහෝම ස්තුතියි හිරාන් සහෝ සිංහල උපසිරැසියට....
    ජය...!!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. kelumchathuranga

    thanks

  10. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ....උපසිරැසි යට වෙච්ච මහන්සියට....කාලෙකින් බැලුවේ නැ aliens ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  11. Hiran Senanayaka

    ස්තූතියි මාව දිරිමත් කළාට ඔය හැමෝටම...

  12. pradetor

    sub 1 tnx eth film1 nam anthimai

  13. Pradeep Pasqual

    Thanks for the sub...!!

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  15. suranga321

    thanks

  16. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  19. NoyelColvin

    මෙම චිත්‍රපටයේ සබ්ටයිටල් srs පිටපත් ලබාගන්නේ කෙලෙසද.?

    1. Hiran Senanayaka

      සහෝ මේකෙ මං සබ් ගහල තියෙන්නෙ .Srt පිටපත් වලින්. Srs වලින් නෙමේ... සබ්වල Srs , .Srt කියල අවුලක් නෑ නේද?... Km, Pot, ප්ලේයර්ස් වලට අවුලක් නෑ නේ... ඔයාට සුබදවසක් සහෝ...

  20. chiro

    thnx saho sub ekata

  21. kaweesha kalyana

    ela bro pitasakwala films mn asama

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  24. Warunajeewantha

    thank saho

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Suresh Madhusanka

    ගොඩාක් ස්තූතියි අයියා sub එකට.....

  27. malith

    Ela ela

  28. Chulender kasun

    Ela
    Thank brooo ....

  29. thusithadilshan

    Tnx macho sub ekata...ela

  30. Dinex99

    English සබක් හොයාගෙන ගැටගගහා බැලුවට පස්සෙ තමයි ඒකත් දාලා තියෙන්නේ ඉතිං.

  31. tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!