ඔන්න යාලුවනේ මම මගේ 35වෙනි නිර්මාණය ලෙසින් චාලි චැප්ලින් ගේ තව චිත්‍රපට 5 ක් ඔබ වෙත රැඟෙන ආවා. මේක දැක්ක ගමන් පසුවට කියවන්න ඉන්නේ නැතුව මේ සම්පුර්ණ ලිපියම කියවන්න කියල මම ඔබට ඇරයුම් කරනවා. මම කලින් කිව්වේ, කලින් දුන්න එකත් එක්ක චාලිගේ 1914 නිකුත් වූ චිත්‍රපට (ටොරන්ට් තියෙන) මම දීලා අවසානයි කියලනේ.…
ඔන්න යාලුවනේ මම මගේ 35වෙනි නිර්මාණය ලෙසින් චාලි චැප්ලින් ගේ තව චිත්‍රපට 5 ක් ඔබ වෙත රැඟෙන ආවා. මේක දැක්ක ගමන් පසුවට කියවන්න ඉන්නේ නැතුව මේ සම්පුර්ණ ලිපියම කියවන්න කියල මම ඔබට ඇරයුම් කරනවා. මම කලින් කිව්වේ, කලින් දුන්න එකත් එක්ක චාලිගේ 1914 නිකුත් වූ චිත්‍රපට (ටොරන්ට් තියෙන) මම දීලා අවසානයි කියලනේ. නමුත් මම තව ටිකක් ලැබුනා. අන්තර්ජාලය තුල සැරිසරලා චාලි රඟපෑ සියලු චිත්‍රපට ගැන විස්තර සොයා ගත්තා. ඔබ සිතන්නේ 1914 වසර තුල චාර්ලි චිත්‍රපට කියක් රඟපාන්න ඇති කියලද? චිත්‍රපට 35ක්, මොකක්? ඔබට එලෙස සිතේවි. නමුත් ඇත්ත තමයි ඔහු ඒ වසරේ චිත්‍රපට 35ක රඟපා තිබීම. මම එයින් චිත්‍රපට 11ක් සිංහල උපසිරසි සමඟ (මේ පහද ඇතුළුව) සහ 1ක් සිංහල උපසිරසි නැතුවද ඔබට තිලිණ කළා. එතකොට බැලීමට නොහැකිවෙන ප්‍රමාණය 24ක්. වාසනාවකට ඒ 24 යූ ටියුබ් තුලින් බලන්න පුළුවන් කම තියෙනවා. ඒ වගේම මංසලේ මෙන්න මේ ලිපියේ ඒ සියලු චිත්‍රපට වල නම් පිළිවෙලට මා සඳහන් වෙලා තියනවා. සමහර චිත්‍රපට දවසෙන් දෙකෙන් සියලු දේ අවසන් කර ප්‍රදර්ශනය කර තිබෙන්නේ එම දින බලන විට ඔබට වැටහේවි.
A Film Johnnie (1914) – ජොනිගේ චිත්‍රපටය
මේකත් 1914දි නිකුත් උන චාලි චැප්ලින් ගේ තවත් කෙටි චිත්‍රපටයක්. මේක IMDb වල ලකුණු 5.5ක් ගන්න සමත් උන චිත්‍රපටයක්. කතාව ගැන කියනවනම් චාර්ලි චිත්‍රපටයක් බලන්න සිනමා හලකට ගිහින් එය නරඹන විට එහි සිටින යුවතියක් දකිනවා. පසුව මොහු ඇයව බලන්න ඇය රඟපාන චිත්‍රාගාරයට යනවා. ඉතන වෙන දේවල් ටිකක් අලලා නිපැවුනු චිත්‍රපටයක් මෙය. සහ තව ඔයාලට බලන්න ඕනිනම් කොහොමද “කන” මිරිකලා වතුර ගන්නේ කියල මෙය බලන්නකෝ. යන්න කලින් ඔයාලගේ අදහස් පහලින් ලියා යන්න. ධාවන කාලය විනාඩි 12කට මදක් අඩුය.
Mabel at the Wheel (1914) – මාබෙල් රෝද මත
මෙයත් 1914දි නිකුත් උන චාලි චැප්ලින් ගේ තවත් එක් කෙටි චිත්‍රපටයක්. මේක IMDb වල ලකුණු 5.5ක් ගන්න සමත් වෙලා තියෙනවා. අපි එහෙමනම් කතාව ගැන පොඩ්ඩක් බලමු. ආරම්භයේදී ආදරවන්තයන් දෙදෙනෙක් යම් දෙයකට බහින් බස් වීමක් හේතුවෙන් ඔවුන් යන්න ගිය ගමන නොගිහින් ඉන්නවා. එවිට චාලි බයික් එකකින් ඇවිත් ඇය රැගෙන යනවා. නමුත් ටික දුරක් යනවිට මඩ වලකින් යන්න ගිහින් ඇය බිම වැටෙනවා. නමුත් චාලි දන්නේ නැහැ. ඉන් පසු ඇය නැවත අර පෙර පුද්ගලයා සමඟ යනවා. මේක දකින චාලි මොවුන්ගෙන් පලිගන්න පටන් ගන්නවා. ටිකකින් මෙයාල කාර් රේස් තරඟයකට ඉදිරිපත් වෙනවා. නමුත් චාලි ඔහුට එයට ඉදිරිපත් වෙන්න නොදී සිරකරනු ලබනවා. ඉන් පසු ඇය එම තරගයට ඉදිරිපත් වෙනවා. නමුත් චාලිගේ පලිගැනීම අවසන් වෙන්නේ නැහැ. අවසානයේ චාලි මෙයාලගෙන් පලිගනිද? නැත්නම් ඇය තරඟය දිනයිද? කුමක්ද හරියටම වෙන්නේ කියල දැනගන්න ඔයාලත් කැමතිනම් මෙය රැඟෙන බලන්න. යන්න කලින් ඔබගේ අදහස් පහලින් ලියා තබන්න. මෙහි තිබෙනවා පැරණි මෝටර් සයිකලයක්.ඇත්තටම මම කලින් දැකල නැහැ එවැනි එකක්. (1914 නෙ ☺) ධාවන කාලය විනාඩි 23කට මදක් වැඩිය.
The Star Boarder (1914) – විශිෂ්ට නවාතැන්කාරයා
මේකත් චාලි චැප්ලින් ගේ 1914දි නිකුත් උන තවත් කෙටි චිත්‍රපටයක්. මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව අනුව චාලි නවාතැන් දෙන තැනක නවාතැන් ගෙන ඉන්නවා. නවාතැන්පලේ මහයියත් එක්ක ගොඩ නැගෙන විශේෂ සම්බන්ද තාවයක් හේතුවෙන් සිදුවෙන ප්‍රශ්න කිහිපයක් වටා ගෙතුණු ලස්සන කතාවක්. මෙතන ඉන්න පොඩි පිරිමි ළමයෙක් ඔහු ළඟ තියෙන චායාරූප ගන්න කැමරාවකින් මේ දෙන්නගේ විටින් විට පින්තුර අරන් ඒ ටික හැමෝටම පෙන්වලා වෙන ජංජාලයක් ගැන තමයි කතාව. ධාවන කාලය විනාඩි 12කට මදක් අඩුය.
සැ: යු: මෙහි මා යොදා තිබෙන උපසිරැසිය මේ දෙන ටොරන්ට් එකට අදාල චිත්‍රපටයේ දෙබස් වීඩියෝ එක තුල නොයොදා තිබුනත් IMDb අඩවිය තුල තිබෙන චිත්‍රපටයේ සහ යූ ටියුබ් හි තිබෙන හරි වේලාවන්ට අනුව සකස් කරන ලද උපසිරසියක් බව කාරුණිකව සලකන්න. සහ මෙය මේ ටොරන්ට් එකේ වීඩියෝ එකට ගැලපෙන ලෙස සකස් කර ඇත.
මේ කතාවත් ඔබ බලන්න කැමතිනම් රැගෙනම බලන්න. යන්න කලින් අදහස් දක්වා යන්න. ජයවේවා.
Tillie’s Punctured Romance (1914) – තිලර්ගේ බිඳීගිය ප්‍රේම වෘත්තාන්තය
ඔන්න යාලුවනේ මම චාලි චැප්ලින්ගේ තවත් අනගි භවනීය චිත්‍රපටයක් ඔබ වෙනුවෙන් අරන් ආවා. මේක තමයි මම 1914 මෙයාගේ චිත්‍රපට වලින් ඔබට ගෙන එන අවසන් එක. මට තව මේ වසරේ නිපදවපු ටොරන්ට් තිබෙන හෝ නැති ෆිල්ම් සොයාගන්න නොහැකි උනා. මම ටොරන්ට් නැතත් ඔබට යූ ටියුබ් වලින් හෝ බලන්න 1914 ෆිල්ම් කිහිපයක් මංසලේ දී ඇත. උපසිරසි සමඟ දුන් ඒවාට අමතරව, මේක IMDb දර්ශකයේ 6.8ක් වැනි ඉහල ලකුණු අගයක් ගන්න සමත් වුන චිත්‍රපටයක්.
හරි එහෙනම් වැඩිය කතා නැතුව අපි මෙහි කතාව ගැන විමසා බලමු. නගරයේ මුඩුක්කු වල ජිවත් වෙන කෙනෙක් (චාලි) ගමට පැමිණ ගමේ සිටින අහංකාර නමුත් නූගත් ගැහැණු කෙනෙක් සමඟ බොරුවට යාලු වෙනවා. ඇය ඉතාමත්ම ධනවත් නිසා ඇගේ මුදල් වලට. ඇය රවටා ඇගේ පියාගේ මුදල් සොරකම් කර පැනල ගිහින් කසාද බඳිමු කියල කියල ඔහු ඇයට කියනවා. ඇයත් ඔහු කියන දේ අහල මුදල් සොරකම් කර නගරයට යනවා ඔහු සමග. ඉන්පසු ඔහුගේ නගරයේ ඉන්න ඔහුගේ සොර සහායිකාව සමඟ එකතුවී ඇගේ මුදල් ගන්නවා. ඉන්පසු ඇයට කුමක් වෙයිද? ඇගේ මුදල් නැවත ඇයට ලැබෙයිද? නැත්නම් මුදල් වංචා කල ඔහුට අවසානයේ කුමක් වෙයිද? මේ චිතරපටය වසර 100ක් පමණ පැරණි උවත් අදටත් අපේ රටේ කාන්තාවන් මේ විදියට රවටන ඇගේ මුළු සේසතම වංචා කරන අපේ අය ගැන සතියකට එකක්වත් පුවත්පත් වලින් අහන්න ලැබෙනවා, නේද? සමහරවිට ඇගේ ජීවිතයත් බිලි අරන් හෝ ජීවිතයම විනාස කරමින්, ගැහැණු අයට මායම් 64ක් තියෙනවා කියලනේ අපි අහල තියෙන්නේ නමුත් පිරිමි අයගේ එක මායමකට ඒ සියල්ල යටයි, කුමක්ද ඒ? (මම ඔයාව බඳිනවා රත්තරනේ, කීයටවත් ඔයාව අමතක කරන්නේ නැහැ) ඔන්න ඕක. පුරා පැය 1කුත් විනාඩි 12කට ආසන්න මෙය ඔබත් අරන් බලන්න කියල මම කියනවා.
Mabel’s Strange Predicament (1914) – මාබෙල්ගේ අරක්කු අකරතැබ්බය
මේකත් චාලි චැප්ලින් ගේ කෙටි චිත්‍රපටයක් 1914දි නිකුත් උන මේක IMDb වල ලකුණු 5.2ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව යන්නේ චාලි හෝටලයක ගිහින් සාමාන්‍ය ධනවත් කෙනෙක් ලෙස හැසිරෙන්න හදනවා. ඔහු ඒ අතර මත්පැන් පානය කරලා සිහිය විකල් වී එම හෝටලයේ ඉන්න ගැහැණු අය පස්සේ යන්න පටන් ගන්නවා. එම හේතුවෙන් එහි සිදුවෙන අවුල් ජාලයක් ගැන තමයි මෙහි කතාව. වැඩිය නැතුව මම කලින් දුන්න Charlie Chaplin 6 films කියන එක යටතේ “ශාන් විමුක්ති [විමා]” අදහස් දැක්වීමක් වශයෙන් කල විස්තරයේ තිබෙන කෙටි යමක් උපුටා දක්වන්නම්, (එම ලිපිය හැකිනම් ඔබ සියලු දෙනාම එම පිටුව වෙත ගොස් කියවන්න)
1966 දී චාලි චැප්ලින් සමග රිචර්ඩ් මෙරිමන් කරන ලද සම්මුඛ සාකච්ඡාවකින් සුළු කොටසක්.
රිචර්ඩ් මෙරිමන් : ඔබේ පෙනුම දැක්කම ඔබට මොනවද මුලින්ම හිතුණෙ?
චාලි චැප්ලින්: ඒකෙන් මගෙ ඇතුළාන්තයෙ කිසි දෙයක් අමුතුවෙන් ‘දැල්වුණේ’ නෑ. කැමරාව ඉදිරියේ පෙනී හිටිනකම් කිසිම දෙයක් වුණේ නෑ. හොඳට ඇඳ පැළඳගෙන එතනට යද්දි මම හිටියෙ හොඳ ආකල්පයකින්, හොඳ මානසිකත්වයකින්. ඒ දර්ශනය (Mabel’s Strange Predicament චිත්‍රපටයේ) රූගත කළේ හෝටලයක ආලින්දයක. ‘පාදඩයා’ මුලුමනින්ම උත්සහ ගන්නෙ තමනුත් අනෙක් අමුත්තන් වගේම සාමාන්‍ය අමුත්තෙක් කියල අඟවලා එතන තියෙන සැප පහසු පුටුවකට වැටිල ටිකක් සනීප ගන්න. හැමකෙනාම ඔහු දිහා තරමක සැකෙන් බැලුවත් මම ඔවුන් කරන හැමදේම බොහොම සාමාන්‍ය විදිහට කළා. ලියාපදිංචි ලේඛනය බැලුවා. සිගරට් එකක් අරන් පත්තු කරගත්තා. එතනින් ගිය පෙළපාළියක් බැලුවා. ඊළඟට පය පැකිලිලා පඩික්කමක් උඩට ඇදගෙන වැටුණා. එ තමයි පාදඩයාගේ පළවෙනි විහිළුව. එතැනින් ඒ චරිතය බිහිවුණා. ඉතිං මම හිතුවා ඒක හොඳ චරිතයක් කියල. නමුත් එයින් පසු මම රඟ පෑ හැම චරිතෙකට ම විහිළු නිපදවන්න ඒ ආකෘතිය යොදා ගැණුනෙ නෑ.
පරිවර්තනය – | මාලතී කල්පනා ඇම්බ්‍රෝස් | උපුටනය-බූන්දි ඇවිත්
ධාවන කාලය විනාඩි 12කට මදක් අඩුය. ඔබගේ වටිනා අදහස් ලියා යන්න අමතක කරන්නත් එපා.
එසේනම් යාලුවනේ යලි චාලි චැප්ලින්ගේ 1915 චිත්‍රපට තුලින් හමුවෙමු. ඔබගේ වටිනා අදහස් පහලින් ලියා යන්න, ජයවේවා.
බයිස්කෝප් මංසලේ මේතනට ගොඩ වැදුනොත් ඔබට පුලුවන් යූටියුබ් එකෙන් නැරඹිය යුතු ඒවා ගැන විස්තර දැනගන්න සහ නරඹන්න.
A Film Johnnie (1914) – 145 MB 11f2833a2d2fb9b25d836a3fd08707dc0a144083 Mabel at the Wheel (1914) – 280 MB c98acb540dc4711311a53567dc4d61b186db25c4 The Star Boarder (1914) – 140 MB 6b8c7453c0c23198d25ad2d7ccd430b4a5d02490 Tillie’s Punctured Romance (1914) – 460 MB 2b5938d7379db59716e3510eaa90957f26430e25 Mabel’s Strange Predicament (1914) – 140 MB 4a69c63aec35ec31692360fe006059fbea803c2b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
703 downloadsDownload Charlie-Chaplin-5-films.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
38 comments
දිනිඳු සම්පත්
tharanga
පට්ටයි සිනමාවේ රජු
rusuru | රුසිරු
පරණ උනත් මේවා දෙන බයිස්කෝප් එකේ සහෝලව අගය කරනවා
quik
thanks
Hasitha prasad
ජය වේවා!!!!
eranga
niyamai bro
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ට මචෝ...
පට්ට...uda
සහෝ, මම කියවලා තිබෙන විදිහ ටිකක් වෙනස් ඔය විස්තරයට වඩා. ඔහුගේ මුල්ම චිත්‍රපට රූගත කිරීමට සහභාගී වෙන්නට අවශ්‍ය ඇදුම් සකසාගන්න එක භාරගත්තෙ ඔහුමයි. ඉන් පස්සෙ නේපථ්‍යාගාරයට ගිහින් වටපිටේ ටිකක් විපරම් කරල බලනකොට තරමට වැඩිය ලොකු කලිසමක් දැක්කා. ඇගට හිර කබායකුත් තව තැනකින් හොයාගත්තා. කොහෙන්දෝ මන්දා හීන් දිගටි බස්තමකුත් ඇහිදගත්තා. වටකුරු තොප්පියකුත් අරගෙන දාගත්තා. ඉන් පස්සෙ රැවුලකුත් දාගෙන කකුල් දෙකට ලොකුවැඩි, කසිකබල් සපත්තු දෙකක් කකුල් මාරුකරලා දාගෙන එළියට ආවා. ඉන් පස්සෙ ඔය පඩික්කමේ සිද්ධිය මම කියවූ විදිහට, චාර්ලිගේම වචනයෙන් මෙන්න මෙහෙමයි...
"මම සැරසිලා කැමරාව තියෙන තැනට යන්න යනකොට, එතන හිටපු කාන්තාවකගේ සායේ මගේ කකුල පැටළුණා. මම ඇය දෙස බලලා, ඇයට තොප්පිය ඔසවා ආචාර කළා. ඉන් පස්සෙ තව මොහොතකින් ආපහු මගේ කකුල මොකකදෝ පැටළුණා. මම ඔළුව හරවලා බලනකොට දුටුවා ඒ පඩික්කමක් බව. මම පඩික්කමටත් තොප්පිය ඔසවා ආචාර කළා. එහෙම කරලා මම ඔළුව උස්සලා බලනකොට මට දැකගන්නට ලැබුණා, වටේ සිටි හැමකෙනකුගේම මූණුවල උපහාසාත්මක සිහින් සිනාවක්. ඒකෙන් මම දැනගත්තා, මගේ උත්සාහය සාර්ථක බව."
ඔන්න ඔහොමයි මට කියවන්නට ලැබුණේ; ඒ ගැන... :D
ඉතින්, මේ වැඩේ දිගටම කරගෙන ගිහින්, චැප්ලින්ගේ චිත්‍රපට ටික ඉවරයක් වෙනකම්ම සබ් දෙන්න කියලා සුබ පතනවා. ඔයාට ජය!
දිමුතු තරංග ඉලුක්කුඹුර
වෙන්න ඇති උදා සහෝ මම ඔය දුන්නේ යමක පලවී තිබු උපටනයක්.
මම ඔය ගැනනම් හරියටම දන්නේ නැහැ.
ශාන් විමුක්ති [ විමා]
නියමයි දිමුතු සහෝ මම ඔය දුන්නු සේරම බැලුවා
ඔයාගේ වැඩේ බොහොම අගය කරනවා මම
වටිනාම වැඩක්
වචන නැහැ කියන්න!#ChalinduDeshan (කිනා)
සිරාවටම නියමු වැඩක් දිමුතු මචාං..
ඉවරයි කිව්වට තව හම්බෙනව නෙහ්!
එල එල..
අනේ තව හම්බවේවා :D
ජයවේවා!හර්ෂ ලහිරු
එලකිරි දිමුතුවා ජය
Saman Prasad (Black Cobra)
pattai saho. wade nam niyami... thanx... jaya...!!!
“චූටී මල්ලි”
ඉවරයි කිව්වට තමා ඉවර නෑ වගෙ සීන් එකක්නෙ මේක
එල එල සහෝ
මේ වටිනා ඒවාට සබ් දෙන ගොඩාක් අගය කල යුතු වැඩක්
සබට තුති
ඔබට ජය.....ඉසුරු
මේ පැරණි ෆිල්ම් වල තියන වටිනාකම හඳුනාගෙන, ඒවා අප වෙත ගෙන ඒම ගැන ඔයාට බොහොම පින් සිද්ධ වෙනවා. මම මේ ෆිල්ම් ඔක්කොම බාගන්නවා. අනේ මචන් පුළුවන්නම්, Julie Andrews ඉන්න Mary Poppins (1964) චිත්‍රපටියට සිංහල සබ් දෙන්න පුළුවන්ද? ඒක හරිම ලස්සනයි. මම හරිම ආසයි. මේ චිත්‍රපටියට සබ් දෙන්න කියලා මම කිහිපදෙනෙක්ට ඉල්ලීම් කලත් තාම කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ බන්.
ඔයාටත්, බයිස්කෝප් වෙබ්අඩවියටත් බොහොම ස්තූතියි! ජය වේවා!දිමුතු තරංග ඉලුක්කුඹුර
හරි මම දෙන්නම් පොඩි දවසක් දෙන්න.
සුදාරක සෙනෙවිරත්න
ජය වේවා!!!!
sp පියමල්
නියමයි සහෝ,thanks
දිල්ෂාන් කාලිංග
නියම වැඩක්නේ කොල්ලා කරලා තියෙන්නේ...
එල එල.Asiya
පරණ වුනත් මේවා පට්ටයිනේ. මාත් ගන්න ඕනා. තෑන්ක්ස් සබ් වලට.
මයුර
thanks bro!
NCJD
නියම වැඩක්. ෆිල්ම් 5ක් එකවර දීලා. මම කවදාවත් චාලි චැප්ලින් ඉන්න ෆිල්ම් එකක් බලල නැහැ. මොකද මම හිතුව ඒවා සෑහෙන පරණ නිසා බලන්න පුළුවන් තත්ත්වයක නැතුව ඇති කියල. ඒත් මෙතනින් එකක් බා ගෙන බලන්න ඕන කොහොමද කියල. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. (මම හිතාගෙන උන්නේ චැප්ලින්ගේ ෆිල්ම් නිහඬ චිත්‍රපට කියල, බලාගෙන යන කොට ඒක එහෙම නෙවෙයි වගේ)
Amil
Superi.....
Thanks Bro..Chami
super macho. thanks :D
Pathum
elazz thxzzz !!!!!!!!!!!!!!!!!!!
kalinga
tx for sub! mekanam baanna one. jaya wewa maccho!
සමීර
නියමයි බාන්න දැම්ම.
bandula
thanks :D saho
bandula
meena badu. :) mewa denne baiscope eken witharai. thaanx macho sub walata....:D
mudiya / මුදියා
නියමයි දිමුතුවො උඹේ වැඩේනම්.කවුරුවත් කරන්න හිතන්නෙවත් නැති සුපිරි වැඩක් තමයි මේකනම්.මේ වගේ වටින වැඩක් කරාට උඹට පිං හොඳේ.
ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!K. Yasas
නියමයි දිමුතු සහෝ. වටිනාම වැඩක්. සබ් වලට තෑන්ක්ස්.
Tharaka
කමාන්ටු අඩු වුනත්, බාගන්නා අය අඩු වුනත් සැලෙන්න එපා. පැරණි සිනමාව වැළලෙන්න නොදී ඒවා වත්මන් පරපුරට ගෙන ඒම ඉතාමත් වටිනා අගය කලයුතු ශ්‍රේෂ්ඨ වැඩක්. අදටත්, ඉදිරියටත් මේ අතීත සිනමා නිර්මාණ වලට කැමති රසික පිරිස් ඕනෑ තරම් මේ ලංකාවෙත්, ලෝකේ අනිත් රටවලත් බොහෝ සිටීවි. මාත් එයින් එක්කෙනෙක්. ඒ අය වෙනුවෙන් කරන මේ අනගි මෙහෙවර වෙනුවෙන් මාගේ හදපිරි ශීර්ෂ ප්‍රණාමය ඔබට පුද කරනවා. තවත් බොහෝ කාලයක් මේ විශිෂ්ඨ මෙහෙවර සිදු කිරීමට ඔබට ධෛර්යය, ශක්තිය ලැබෙන්න කියාත් මම ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම දිවියේ සියළු ප්‍රාර්ථනා ඉටු වී දීර්ඝායුෂ ලැබේවා!
ඔබටත්, මේ බයිස්කෝප් අඩවියේ සැමටත් ජයෙන් ජයම උදා වේවා!
සැමටම,
සම්මා සම්බුදු සරණයි!
දෙවි පිහිටයි!
:Dකවිඳු
චාලි චැප්ලින්ගේ චිත්‍රපටි එල..... උපසිරැසි වලට බොහොම ස්තූතියි සහෝ.
Thisara NEO
thanks saho
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම පරණ වුණත් හොයාගන්න අමාරු වුණත් මේවා කොහොමහරි දෙන එකත් ලොකු දෙයක්. ජය෴෴ :P :P
gihan
බොහොම ස්තුතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
එල එල තවත් නියම වැඩක්... පට්ට...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියම වැඩක් දිමුතු සහෝ..
ජයවේවා!!