ඔන්න යාලුවනේ මම මගේ 31 වෙනි නිර්මාණය ලෙස චාර්ලි චැප්ලින්ගේ චිත්‍රපට 6ක් ඔයාල වෙනුවෙන් අරන් ආවා. මේ චිත්‍රපට සියල්ලම 1914දි නිකුත් උන වසර 100ක් පැරණි ඒවා. මම මේ විදියට ඔයාලට මේවා අරන් එන්නේ ඔයාලට මේවා නැත්නම් බලන්න නොහැකි වෙන්න පුළුවන් නිසා මොකද අපි මේ කිසිවක් හිතල හොයල අරන් බලන්නේ නැති නිසා. මේවට ස…

Charlie-Chaplin
ඔන්න යාලුවනේ මම මගේ 31 වෙනි නිර්මාණය ලෙස චාර්ලි චැප්ලින්ගේ චිත්‍රපට 6ක් ඔයාල වෙනුවෙන් අරන් ආවා. මේ චිත්‍රපට සියල්ලම 1914දි නිකුත් උන වසර 100ක් පැරණි ඒවා. මම මේ විදියට ඔයාලට මේවා අරන් එන්නේ ඔයාලට මේවා නැත්නම් බලන්න නොහැකි වෙන්න පුළුවන් නිසා මොකද අපි මේ කිසිවක් හිතල හොයල අරන් බලන්නේ නැති නිසා. මේවට සීඩ් නම් අඩුයි නමුත් ඉවසීමෙන් බාගත කරන් අනිත් අයටත් ගන්න පොඩ්ඩක් සීඩ් වෙන්න දෙන්න. ඒ වගේම මේවට සිංහල උපසිරසිනම් ඕනිම නැහැ වගේ ලයින් 3ක් 4ක් තියෙන්නේ සමහර ඒවගේ, නමුත් මම ඔයාලට පොරොන්දු උනානේ මෙයාගේ ඒවා මුල ඉඳලම ගේනවා කියල. ඒක නිසා මුකුත් කියන්නනම් එපා. මේ අතර චාලි මුලින්ම රඟපෑ චිත්‍රපටයත් තිබෙනවා.

Between Showers (1914) – වැහි මධ්‍යයෙහි

ඔන්න යාලුවනේ මම මගේ 28 වෙනි නිර්මාණය ලෙසත් චාලි චැප්ලින් ගේ මුල්ම චිත්‍රපට වලින් එකක් අරන් ආවා. මේක ඔහුගේ 1914දී නිකුත් වුන තවත් එක කෙටි චිත්‍රපටයක්. මේක IMDb වල ලකුණු 5.4ක් ගන්න සමත් උන එකක්. ඇත්තම කියනවනම් මේකෙනම් උපසිරසි ගන්වන්න කියල දෙයක් තිබුනෙම නැති තරම් ඒත් මම ඔබට පොරොන්දු උනානේ මට හැකි ලෙස චාලි චැප්ලින් ගේ සියලු කතා ගෙන එන බවට, ඒක නිසාම මේකත් අත නොහැර කළා. අපි දැන් කතාව ගැන විමසමු. වර්ෂාවක් අතර හොරකම් කරන කුඩයක් වටා ගෙතුන විනාඩි 14කට මදක් අඩුවෙන් තිබෙන මේ කතාව ඔබත් අරන්ම බලන්න.

Cruel Crue Love (1914) – ක්‍රෑර, කටුක ආදරය

මේකත් චාර්ලි චැප්ලින් ගේ කෙටි චිත්‍රපටයක් 1914දී නිකුත් උන, මේක IMDb වල ලකුණු 5.3ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව ගැන කියනවනම් චාලි ගැහැණු ළමෙක් එක්ක ආදර පිළිසඳරක ඉන්නවිට ඒ ගෙදර ඉන්න මෙහෙකාරිය හොරෙන් බලන් ඉන්නවා අර ගැහැණු කෙනා දකිනවා, දැකල ඒකට ඇයට බනිනවා, ඉතින් මෙහෙකාරිය ගෙදර වැඩට ඉන්න තවත් කෙනෙක් එක්ක විහිළුවක් කරනවා, එනම් චාලි ඒ ගෙදරින් යන්න එලියට ඇවිත් ඉන්නවිට අර මෙහෙකාරිය බොරුවට බිම වැටෙනවා මේක දකින චාලි ඇයට උදවු කරනවා, ඒක දකින අර ගැහැණු කෙනා ඒක වැරදියට වටහාගෙන ඒ ආදරය අවසන් කරනවා, චාලි ඉතාමත් දුකෙන් ගෙදර ගිහින් වස යැයි සිතා යම් දෙයක් පානය කරනවා, මින් පසු කුමක් වෙයිද කියා බලන්න කැමතිනම් බාගෙනම බලන්න කියා මම ඔබට අරාධනා කරනවා. ධාවන කාලය විනාඩි 9කි.

A Thief Catcher (1914) – හොරා ඇල්ලීම

මේකත් චාර්ලි චැප්ලින්ගේ කෙටි චිත්‍රපටයක් 1914 නිකුත් උන, මේක IMDb වල ලකුණු 6.0 ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව ගැන කියනවනම් හොරු කිහිපදෙනෙක් යමකට රණ්ඩු වෙනකොට අවට ඇවිදින්න ගිය කෙනෙක් ඒක දකිනවා. එක නිසා හොරු ඔහු පිටුපස පන්නනවා, ඔහුට හොරුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? හොරු පොලිසියට අහුවෙයිද කියල බලන්න ඔයාලත් කැමතිනම් මේක අරන්ම බලන්න ධාවන
කාලය විනාඩි 6කි.

Making A Living (1914) – දිවිපැවැත්ම සාදාගැනීම

මේකත් චාර්ලි චැප්ලින්ගේ කෙටි චිත්‍රපටයක් 1914 නිකුත් උන, මේක IMDb වල ලකුණු 5.3 ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව ගැන කියනවනම් චාර්ලි මාර්ගයක් අසල ඉන්නවිට යම් කෙනෙක් එතනින් යන්න එනවා, මෙයා එයත් එක්ක කතාවට වැටිලා විස්තර අහගෙන ඔහු යන දිහා ගිහින් බොරු කියනවා මේ ඔහු කියල , පසුව පුවත්පත් වාර්තාකරුවෙක් උවමනයි කියල දන්වල තියෙන තැනකට ගිහින් එතනත් බොරු කියනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි මෙතන වෙන්නේ මොකක්ද හරියට වෙන්නේ කියල බලන්න ඕනිනම් ඔයාලත් අරන්ම බලන්න. ධාවන කාලය විනාඩි 9ක් සහ 12ක් වේ, නමුත් ටොරන්ට් දෙකේම තියෙන්නේ එකම චිත්‍රපටය වේ.
(සැ:යු: මෙහි 204 MB ටොරන්ට් එකට අදාලව උපසිරසි හදන්න විදියක් නැත, මොකද එහි සියලු වචන කපා ඇත.)

His Favorite Pastime (1914) – ඔහුගේ ප්‍රියතම විනෝදක්‍රියාව

මේකත් චාර්ලි චැප්ලින්ගේ කෙටි චිත්‍රපටයක් 1914 නිකුත් උන, මේක IMDb වල ලකුණු 4.9 ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකේ කතාව ගැන කියනවනම් චාර්ලි තැබෑරුමක බොන දර්ශනයකින් තමයි පටන් ගන්නේ. බිලා එලියට එනවිට ගැහැණු ලම් දැකල එයා පස්සෙන් යන්න හදනවා, ආයිත් ඇවිත් බිලා එතන ඉන්න අයත් එක්ක රණ්ඩු වෙනවා ඔය වගේ දේවල් තමයි. මේකට සිංහල උපසිරසියක් නැහැ. කැමති අය පහලින් අරන් බලන්න. ධාවන කාලය විනාඩි 12කට මදක් වැඩිය.

Kid Auto Races at Venice (1914) – තමා විසින්ම පදවන වැනිසි කාර් තරඟය

මේකත් චාර්ලි චැප්ලින්ගේ කෙටි චිත්‍රපටයක් 1914 නිකුත් උන, මේක IMDb වල ලකුණු 5.7ක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක තමයි චාලි ලොවම පැමිණි පළමු චිත්‍රපටය. මේකේ සිදුවෙන්නේ කාර් රථ තරගයක් පැවැත්වෙන තැනක වීඩියෝ කැමරා ගත කරන විට කැමරාව ඉදිරියට කොච්චරවත් චාලි ඇවිත් ඒක රූපගත කරන විට අවහිර කරනවා. ඒ ගැන තමයි මේ කතාව යන්නේ ඔයාලත් මේක අරන් බලන්න.

ඒ වගේම මෙන්න මේ චිත්‍රපට ටොරන්ට් නැති නිසා දෙන්න විදියක් නැහැ. ඔයාල මේවා යූ ටියුබ් එකෙන් බලන්න. මේ ඔක්කොම යූ ටියුබ් එකේ තියෙනවා.

01. Laughing Gas (1914) – IMDb 5.5
02. The Property Man (1914) – IMDb 5.7
03. The Masquerader (1914) – IMDb 5.7
04. Twenty Minutes of Love (1914) – IMDb 5.8
05. Those Love Pangs (1914) – IMDb 5.2
06. The Rounders (1914) – IMDb 6.2

තව එකම එක චාලි චැප්ලින්ගේ 1914 චිත්‍රපටයක් තියෙනවා. ඒක තාමයි වැඩිම කාලයක් තියෙන චිත්‍රපටය. 1914දි නිකුත් උන ඒක මම ඉක්මනින්ම සිංහල උපසිරසි සමගින් ඔබ හමුවේ තබන්නම්. ඔයාලගේ වටිනා අදහස් පහලින් ලියා යන්න අමතක කරන්න එපා.

චැප්ලින්ගේ තවත් චිත්‍රපට 5 ක උපසිරැසි මෙතන තියනවා.

 

 

Between Showers (1914) – 170 MB 1e95ec5d6063dfa764c0667fe037e1fd445077d3 Cruel Crue Love (1914) – 90 MB a78a3b1c711deed2a69aaf89e9fe8e736cd7a2f4 A Thief Catcher (1914) – 80 MB 83b1a554b8b8b24430a42ab4936133b5f17b0919 Making A Living (1914) – 160 MB 9029d8f43566cc855bf416080e6ebd59d76b6067 His Favorite Pastime (1914) – 150 MB 5c9499bb9ad41972a40f80f3b69965db1651cd18 Kid Auto Races at Venice (1914) – 200 MB 8a4be44681d3ecbcdf141ce4905cd95ed0fc9173 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

817 downloadsDownload Charlie-Chaplin-6-films.zip5.0 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

817 downloadsDownload Subtitles5.0 KB

35 comments

  1. nipuna

    Maxxa saho

  2. dilan

    Elakiri wadak

  3. geeth

    Txz so much

  4. uda

    විශිෂ්ටයි! අති විශිෂ්ටයි! මේවැයින් කීපයක් මාත් බලල තියෙනවා. නමුත් සේරම හොයාගන්ඩ බැරිවුණා ටොරන්ට් විදිහට. ඒක නිසා පස්සෙ ඒක මගහැරිලා ගියා. ඇත්තෙන්ම සහෝ මෙහෙම දෙයක් (ලෝකෙ මුල්ම සිනමා යුගය සහ තරුව සම්බන්ධ චිත්‍රපට හැකිතාක් උපසිරැසි ගන්වා දීම) කරමුයි කියලා මම යෝජනාවක් පවා කළා අපේ උපසිරැසි 1000 සංවත්සරයට චැප්ලින්ගේ නිහඩ එකක් ගෙනාව කාලෙම. ඒ ආසන්න කාලෙමයි ඔයා චැප්ලින්ගේ උපසිරැසියක් දීලා, ඉතුරු සේරමත් දෙන්නම් කීවේ...

    ඉතින් ඊටත් වඩා තවත් මොනවද? මාත් වෙනත් කෙනෙක් නැති නිසා තනිවම කරනවා කියලා හිතාගෙනයි උන්නේ. පස්සෙ අපේ සමීර කරුණාරත්න සහෝත් වැඩේට එකග වුණා. ඒ එක්කම වගේ තමයි ඔයා මේ වැඩේට බැස්සේ. කෙලෙසක හෝ වේවා ඒ දේ කෙරෙනවානම් අපට ඕනෙ එච්චරයිනෙ. ඔයාගේ මේ අදහසට සුබ පතනවා. නියමම වැඩක්. සිනමාව කියන්නෙ මොකද්ද කියලා මුල ඉදන් දැනගන්ඩ කැමති අයට මේවා හරියට වටිනවා. එකම ප්‍රශ්නෙ හොයාගන්ඩ නැතිකම.

    උපරිමයි සහෝ වැඩේනම්! තමන්ගෙම කැමැත්තෙන් මේ වගේ දෙයක් ගැන හිතපු එකම ඇති මටනම්! අගෙයි අගෙයි! දිගටම ගෙනෙමු ඔහුගේ සියලු චිත්‍රපට උපසිරැසි කර අවසන් වෙන තුරා... ජයෙන් ජය!

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      බොහොම ස්තුතියි උදා සහෝ මාව දිරිමත් කිරීමට ඔබගේ වටිනා කාලයෙන් බිඳක් වැයකර අදහස් දැක්වීමට,( සහ අදහස් දක්වන සියලුම දෙනාට),ඇත්තටම මේවට උපසිරසි ගන්වන්න කියල දෙයක් තිබුනේ නැහැ, බොහොම පොඩි ලයින් කිහිපයක් තිබුනේ, නමුත් මාගේ පොරොන්දුව ලෙස මෙය මුල සිට ගෙන එන බව කියූ නිසා සහ උපරිම ඔහුගේ කිසිම චිත්‍රපටයක් මඟ නොහැර දෙන්න උත්සහ කරපු නිසා මේ ටිකත් අත නොහැර කලා, බාගත ප්‍රමාණය ගැන මම කිසිවිටක සිතන්නේ නැහැ, මේවා ගැන හදාරන අයට ඒ කාලයේ චිත්‍රපට කෙලෙසද කියල යම් නිගමනයකට ඒමට මේවා මනා පිටුවහලක් වේවි,සහ ඉදිරි පරපුර වෙනුවෙන් තවත් ටික කලක් මේ චිත්‍රපට වල දී ඇති ටොරන්ට් සීඩ් වෙමින් ආරක්ෂා වේවි.ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.

  5. jeewantha

    Lowrth na partta wadak bro

  6. amilatk

    Jayen jaya

  7. lk

    Maru maru

  8. නලින්

    නියමයි නේ දිමුතු සහෝදරයා.. මාර පහාරක් නේ එක පාරටම දිලා තියෙන්නේ

    කියන්න වචන නැහැ..

    ජය වේවා!

  9. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය

  10. saman

    ela kiri wadak saho. me wage ewa digatama demu.parana film wunaata balanakota paranai kiyala danennanthi niyama film thamai mewa. suba pathanawa saho

  11. Hirushan Fernando

    ස්තුතියි සහෝ. බොහොම විශිෂ්ට වැඩක්.ජය වේවා.

  12. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  13. “චූටී මල්ලි”

    ම්ම්ම් නියමයි මේ ටික
    හොයාගන්න ඔනි බලන්න
    අනික් එකත් දෙන්න
    සබට තුති
    ඔබට ජය.............

  14. Akalanka

    Thnx mcn...........

  15. #ChalinduDeshan (කිනා)

    ammee...
    films 6kma.
    ela ela.
    ape kale mr.been wage
    a kale Charili chaplin :D
    bohoma sthuthi machan.
    jayawewa

  16. රොෂීන්

    supiri wade saho

  17. Eranda Yasas

    මේ ලිපිය ගොඩක් වටිනා, අගනා දෙයක් යාලුවා.
    සුභ දවසක්...

  18. jack

    අඩේ හිනා කාලා මැරෙයි වගේ

  19. tharanga

    බොහොම පින්

  20. ARA

    niyamaiii....great collection...

  21. හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත

    පට්ට මචන්...සිරාවටම පට්ට...
    මමනම් වැඩිය චාලිගේ ඒවා බලල නැහැ,,
    ඒත් බලන්න ගොඩක්ම කැමැත්තෙන් ඉන්නේ..
    අනිවා මේක ගන්නවා...
    ගින්දර වැඩක් කරලා තියෙන්නේ...
    ජය වේවා..

  22. Vidush

    thanx broooooooooooooooooooo.....metika hoya hoya hitiye...

  23. ශාන් විමුක්ති [විමා]

    1889 අප්‍රේල් 16 වන දින ලන්ඩනයේ වෝල්වෝර්ත් හි දුගී පවුලක ඉපිද අතරින් පතර පාසල් ගොස් ප්‍රාථමික පාසලෙන්ම හැලී ගිය චාලි චැප්ලින් පසුකලෙක ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ප්‍රහසන ශිල්පියා මෙන්ම අග්‍රගණ්‍ය රංගධරයෙකු සහ සිනමාවේදියෙකු බවට ද පත්විය. වයස අවඅරුදු පහේ දී සිය රෝගී මවගේ හිස්තැන පිරවීමට වේදිකාවට නැගුණු චාලි ඒ මොහොතේ ම ප්‍රේක්ෂක ප්‍රසාදය ඉහළින් ම දිනාගත්තේ ය. 1972 දී සිනමාව වෙනුවෙන් කළ අනුපමේය කැපකිරීම වෙනුවෙන් ඔස්කා සම්මානය ඔහුට හිමි වූ අතර 1975 දී සිය මව් රට වන මහා බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියකින් ද පිදුම් ලැබීය. මේ සියල්ල අභිබවා ඔහු තවමත් ලොව අග්‍රගණ්‍ය වූ කලාකරුවන්ගේ ලැයිස්තුවෙහි ඉහළින් ම රැ‍ඳෙයි. ලොව පුරා රසික, විචාරක ආදරයට සහ ගෞරවයට නිබඳව පාත්‍ර වෙයි.මේ 1966 දී චාලි චැප්ලින් සමග රිචර්ඩ් මෙරිමන් කරන ලද සම්මුඛ සාකච්ඡාවකින් තෝරා ගත් කොටස් කිහිපයකි.

    *රිචර්ඩ් මෙරිමන් : මේ සාකච්ඡාව සම්පූර්ණයෙන් ම සිද්ධවෙන්නෙ ඔබේ වැඩ සහ ඔබේ කලා කටයුතු ගැන කතා කරන්න. මට ඕනේ ඔබ වැඩ කරන විදිහ ගැන අදහසක් දෙන්න.
    චැප්ලින්: මම වැඩ කරන විදිහ ගැන කෙටියෙන්ම කියනව නම් කියන්න තියෙන්නෙ මම මගේ වැඩ ගැන සැලකිලිමත් කියල. මම කරන හැම දෙයක් ගැනම මම සැලකිලිමත්. මට මීට වඩා හොඳට වෙනත් දෙයක් කරන්න පුලුවන් වුණා නම් මම ඒක කරයි. නමුත් මට වෙන දෙයක් බෑ.

    *රිචර්ඩ් මෙරිමන් : ඔබට පුලුවන්ද මතක් කරගන්න ඔබ ‘පාදඩයා’ ගේ ඇඳුම නිර්මාණය කරපු මොහොත?
    චැප්ලින්: ඒක වුණේ පුදුම හදිසියකින්. ඡායාරූපශිල්පියා විහිළු විදිහට මේක්- අප් එකක් දාගෙන එන්න කියද්දි මට මෙලෝ අදහසක් තිබුණෙ නෑ මොනව කරන්නද කියල. ඇඳුම් කාමරේට යන ගමන් මම කල්පනා කළා. මම හිතුවා හැමදේම බොහොම විසංවාදී ආකාරයට හදන්න ඕනෙය කියල. - ලොකු බැගී කලිසම, හිර කෝට් එක, ලොකු ඔළුව, ‍පුංචි තොප්පිය, ගොරහැඬි යි, ඒ වගේම වැදගත් පෙනුම. මම දැනගෙන හිටියෙ නෑ මූණ ට මොනව කරන්නද කියල. මොනව වුණත් ඒක දුක්බර , කල්පනාකාරී එකක් විය යුතු බව මම දැනගෙන හිටියා. මට ඕනෙ වුණා ඒකෙ තිබුණු විහිළු සහගත බව හංගන්න. ඉතිං මට ලැබුණා පොඩි උඩු රැවුළක්. රැවුළ කොහොමටවත් චරිත නිරූපණයට අදාළ වුණේ නෑ. ඒකෙන් පොඩි මෝඩ ගතියක් ඇ‍ඟෙව්වා විතර යි. ඒකෙන් මගේ ප්‍රකාශනයන් යටපත් වුණේ නෑ.

    *රිචර්ඩ් මෙරිමන් : ඔබේ පෙනුම දැක්කම ඔබට මොනවද මුලින්ම හිතුණෙ?

    චාලි චැප්ලින්: ඒකෙන් මගෙ ඇතුළාන්තයෙ කිසි දෙයක් අමුතුවෙන් ‘දැල්වුණේ’ නෑ. කැමරාව ඉදිරියේ පෙනී හිටිනකම් කිසිම දෙයක් වුණේ නෑ. හොඳට ඇඳ පැළඳගෙන එතනට යද්දි මම හිටියෙ හොඳ ආකල්පයකින්- හොඳ මානසිකත්වයකින්. ඒ දර්ශනය (Mabel's Strange Predicament චිත්‍රපටයේ) රූගත කළේ හෝටලයක ආලින්දයක. ‘පාදඩයා’ මුලුමනින්ම උත්සහ ගන්නෙ තමනුත් අනෙක් අමුත්තන් වගේම සාමාන්‍ය අමුත්තෙක් කියල අඟවලා එතන තියෙන සැප පහසු පුටුවකට වැටිල ටිකක් සනීප ගන්න. හැමකෙනාම ඔහු දිහා තරමක සැකෙන් බැලුවත් මම ඔවුන් කරන හැමදේම බොහොම සාමාන්‍ය විදිහට කළා. ලියාපදිංචි ලේඛනය බැලුවා. සිගරට් එකක් අරන් පත්තු කරගත්තා. එතනින් ගිය පෙළපාළියක් බැලුවා. ඊළඟට පය පැකිලිලා පඩික්කමක් උඩට ඇදගෙන වැටුණා. එ තමයි පාදඩයාගේ පළවෙනි විහිළුව. එතැනින් ඒ චරිතය බිහිවුණා. ඉතිං මම හිතුවා ඒක හොඳ චරිතයක් කියල. නමුත් එයින් පසු මම රඟ පෑ හැම චරිතෙකට ම විහිළු නිපදවන්න ඒ ආකෘතිය යොදා ගැණුනෙ නෑ.

    Mabel's Strange Predicament; පාදඩයා උපදී!

    නමුත් මම එක දෙයක් ඉටා ගත්තා. පාදඩයාගේ ඇඳුම් කෙසේ වෙතත් ඔහුගේ අපහසුතාවයෙන් පෙළෙන දෙපා වෙනස් නො කරන්න. ඔහු කෙතරම් සජීවී මොහොතක දි වුණත් , උද්දාමයෙන් පෙළෙන මොහොතක දි වුණත් ඔහුට කොයි වෙලාවෙත් තිබුණෙ මේ වෙහෙසකර, විශාල දෙපා. මම අල්මාරිය පීරල හෙව්වෙ පරණ, ලොකු සපත්තු දෙකක්. මොකද මට තිබු‍ණෙ බොහොම අසාමාන්‍ය ලෙස කුඩා පාද. ඉතිං ඒ කුඩා දෙපයට ලොකු සපත්තු දැම්ම ම අපූරු විහිළු විලාසයක් එයි කියල මට හිතුණා. මම ස්වභාවිකවම හොඳ පෙනුම යි. ඒ වුණාට ලොකු කකුල් එක්ක හොඳ පෙනුමක් එනකොට- ඒක හරිම විහිළු යි.

    *රිචර්ඩ් මෙරිමන් : ඔබ හිතනවද නූතන ලෝකය තුළ ‘පාදඩයා’ ට කළ හැකි යමක් තියෙනවා කියලා?

    චැප්ලින්: මම හිතන්නෙ නෑ දැන් එවැනි අයෙකුට කිසිම ඉඩක් තියෙනව කියල. මේ වෙන කොට ලෝකය ටිකක් ‘පිළිවෙළක්’ වෙලා තියෙන්නෙ. මම පේන්නෙ නෑ මොන පැත්තෙන් බැලුවත් ඒ ලෝකෙ සතුටක් තියෙනව කියල. මම දැකල තියෙනවා කොට කලිසම් අඳින කොණ්ඩෙ වවන සමහර ළමයි. මට තේරෙනව ඒගොල්ලන්ගෙන් සමහර අයට ඕනෙ පාදඩයො වෙන්න. නමුත් අර ඉස්සර තිබුණු නිහතමානීකම නෑ. එයාල දන්නෙවත් නෑ මොකක්ද නිහතමානි වෙනව කියන්නෙ කියලා. ඒ ගුණය දැන් ‘පුරාවස්තුවක්’ වෙලා. ඒක අයත් වෙන්නෙ වෙනත් යුගයකට. ඒකයි මට කලින් කළ කිසි දෙයක් දැන් කරන්න බැරි. අනෙක් හේතුව තමයි ශබ්දය. කතාකිරීම ආවට පස්සෙ මට මගේ චරිතය කොහෙත්ම කරගන්න බැරිවුණා. මම දැනගෙන හිටියෙ නෑ ඔහුට මොන වගේ කටහඬක් දෙන්නද කියල. ඉතිං ඔහුට (පාදඩයට) සිද්ධවුණා යන්න.
    චැප්ලින්- සිනහවේ ද කඳුලේ ද පංගුකාරිය වූ ඌනා සමග

    *රිචර්ඩ් මෙරිමන් : ඔබ හිතන විදිහට පාදඩයාගේ තිබුණ ආකර්ශනීය ම දේ මොකක්ද?
    චැප්ලින්: ඔහු සතු ශාන්ත නිශ්චල දුගී බව. ඕනෙම කෙනෙක් කැමතියි හොඳට අඳින්න, කැපිල පේන්න. ඒ චරිතයේ මම වඩාත් වින්ද කොටස තමයි ඒක- හැමදෙයක් ගැනම බොහොම පරෙස්සම්සහගත වගේම සංවේදීවීම. නමුත් ඔහු ආකර්ශනීයයි කියල මම කවදාවත් හිතල තිබුණෙ නෑ. පාදඩයා කියන්නෙ මා තුළ සිටි අයෙක්. මට ඔහුව ප්‍රකාශ කරන්න ඕනෙ වුණා. මම ප්‍රේක්ෂකයින්ගෙ ප්‍රතිචාරවලින් උද්‍යෝගිමත් වුණා තමයි නමුත් මම කවදාවත් ප්‍රේක්ෂකාගාරයට බද්ධ වුණේ නෑ. ප්‍රේක්ෂකයා මේ වැඩේට සම්බන්ධ වෙන්නේ නිර්මාණය අවසන් වුණාම. නිර්මාණය බිහිවෙද්දි ඔවුන් බලපාන්නෙ නෑ. මම හැම තිස්සෙම මා තුළින්ම මතුවෙන හාස්‍යජනක බලවේගයකට සම්බන්ධ වුණා. එයයි මාව මෙහෙයවූයේ මේ දේවල් කරන්න. මේ හාස්‍යය ප්‍රකාශ කරන්න.
    ‍
    *රිචර්ඩ් මෙරිමන් : මේ විකට ජවනිකාවල පිළිවෙල ඔබ හදාගන්නෙ කොහොමද? ඒක ඉබේම එනවද? නැත්නම් යම්කිසි ක්‍රියාවලියකට සිදුවෙන දෙයක්ද?
    චැප්ලින්: නෑ. එහි කිසිම ක්‍රියාවලියක් නෑ. හොඳම අදහස් ගොඩනැගෙන්නේ අවස්ථාවන් මත. හොඳ හාස්‍යජනක අවස්ථාවක් ආවම එය විසින්ම දිගින් දිගට එවැනි විවිධ අවස්ථා හදාගනිමින් විහිදෙනවා. වරක් මම හිම ක්‍රීඩා සඳහා පාවිච්චි කරන පා තල දෙකක් පැළඳගෙන හිම ක්‍රීඩා කළා (The Rink චිත්‍රපටය). ප්‍රේක්ෂකයෝ හැමෝම හිතන්නෙ බලාපොරොත්තුවෙන්නෙ මම ඊළඟ මොහොතෙ ඇදන් වැටෙයි කියල. නමුත් මම නො වැටී එක් පාදයකින් විතරක් බොහොම උජාරුවෙන් හිම ක්‍රීඩා කරනවා. ප්‍රේක්ෂකාගාරය පාදඩයෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් අධිකතර කටුක අවස්ථාවන් නො තිබුණා නෙවෙයි. කිසිම අදහසක් ආපු නැති කිසි දෙයක් වැඩ නොකළ කලකිරුණු දවස්. මට කරන්න තිබුණ දේ තමයි අනෙක් අයව හිනස්සන්න විදිහක් හිතන එක. කාටවත් හාස්‍යජනක වෙන්න බෑ හාස්‍ය‍ය සහිත අවස්ථාවක් නැතිව. ඔබට පුළුවන් විහිළුවක් කරන්න, පය පැකිළිලා වැටෙන්න- නමුත් අත්‍යවශ්‍ය ම දේ තමයි අවස්ථාව.

    *රිචර්ඩ් මෙරිමන් : ඔබ දැකල තියෙනවද මිනිසුන් මෙවැනි දේවල් කරනවා? නැත්නම් මේ සියල්ල ඔබේ පරිකල්පනය තුළ බිහිවූ ඒවද?
    චැප්ලින්: නෑ. අපි අපේම ලෝකයක් හදා ගත්තා. මගේ ලෝකය වුණේ කැලිෆෝනියාවේ චිත්‍රාගාරය. මම සෙට් එකේ ඉඳිද්දි මට අදහසක් ආවම එහෙම නැත්නම් යම් කතා වස්තුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන කොට- ඒ තමයි සතුටින්ම ගතවුණු නිමේෂයන්. මට සතුටක් දැනෙනවා. ඉන් පස්සෙ දේවල් සිද්ධ වෙනවා. මගේ එකම සැනසීම වුණේ ඒකයි. ඔබ දන්නවනෙ කැලිෆෝනියාවේ, විශේෂයෙන්ම හොලිවුඩ්වල හවස් වරුව කොච්චර පාලු ද කියල. නමුත් විකට ලෝකයක් නිර්මාණය කිරීම හරිම අපූරු දෙයක් වුණා. එය එදිනෙදා ජීවිතයෙන් වෙනස් වුණ වෙනත් ලෝකයක්. එහි විනෝදය තිබුණා. එතන ඉඳගෙන දවසින් භාගයක් පුහුණුවීම් කරල රූගත කරනවා. එච්චරයි.

    පාදඩකමෙන් ෆාදර්කමට; චාලි, ජැකී කූගන් සමග

    *රිචර්ඩ් මෙරිමන් : යථාර්ථය කියන්නෙ ප්‍රහසනයේ අත්‍යවශ්‍ය අංගයක් ද?
    චැප්ලින්: ඔව්. අනිවාර්යයෙන්ම. මම හිතන්නෙ ඔබට විකාර සහගත අවස්ථාවක් නිරූපණය කරන්න තිබෙනව නම් ඔබ කළ යුත්තේ ඊට සම්පූර්ණ යථාර්තවාදී බවක් ලබා දීමයි. ප්‍රේක්ෂකාගාරය මේක කල් තියාම දන්නවා. ඉතිං ඒගොල්ලො ඉන්නෙ ඒ ගැන උද්‍යෝගයෙන්. ඒක ඔවුන්ට සත්‍යයක් වෙන තරමට ම විහිලුවකුත් වෙනවා. ඒ තුළින් ඔවුන් උපරිම ප්‍රමෝදය අත්විඳිනවා.

    *රිචර්ඩ් මෙරිමන් : හොඳයි, තවත් කොටසක් වුණේ වධ හිංසා. එහි ගොඩක් වධ වේදනා තිබුණා.
    චැප්ලින්: වධ වේදනා කියන්නේ ප්‍රහසනයේ මූලික අංගයක්. හොඳ සිහියෙන් කරනව කියල පේන දේ ඇත්තටම උමතුවක්. ඔබට හැකිනම් මේක අවශ්‍ය පමණ අනුවේදනීය විදිහට ඉදිරිපත් කරන්න, ප්‍රේක්ෂකයින් ඊට ආදරය කරනවා. ඔවුන් එය හඳුනාගන්නේ තම ජීවිතයේ හමුවන ප්‍රහසනයක් විදිහට. ඔවුන් ඊට හිනාවෙන්නෙ එයින් නොමැරී ඉන්න - නො වැළපී ඉන්න. ඒක අව්‍යාජබව කියන ගුප්ත හැඟීම එනකොට ඇතිවන ගැටලුවක්. වයසක මනුස්සයෙක් කෙසෙල් ලෙල්ලක් පෑගිලා ලිස්සලා හෙමිහිට පය පැකිළිලා වැනෙනකොට අපි හිනාවෙන්නෙ නෑ. නමුත් පුරාජේරු පෙනුමක් තියෙන හොඳට ඇඳ පැළඳගත් මහත්මයෙක් මවාගත් උදාරම් බවකින් ඒකම කළොත් අපි හිනාවෙනවා. ඕනෙම ව්‍යාකූල අවස්ථාවක් විනෝදජනකයි - විශේෂයෙන්ම අපි ඒක දිහා හාස්‍යයෙන් යුතුව බලනව නම්. ඔබට විකටයෙකුගෙන් ඕනෙම විදිහක ප්‍රකෝපකාරී හැසිරීමක් බලාපොරොත්තුවෙන්න පුලුවන්. නමුත් ඔන්න කෙනෙක් යනවා අවන්හලකට- ඔහු හිතනවා ඔහු බොහොම කඩවසම් කියල- ඒත් මෙන්න ඔහුගෙ කලිසමේ ලොකු හිලක්. ඒක දිහා හාස්‍යයෙන් බැලුවොත් හරිම විනෝදජනකයි. විශේෂයෙන් ම අභිමානය සහ මහන්තත්වය සම්බන්ධ කාරණාවලදි.

    *රිචර්ඩ් මෙරිමන් : ඔබ භාවාතිශයබව හෝ ගැන හණමිටි අදහස් ගැන කරදර වෙනවද?
    චැප්ලින්: නෑ. අභිනයේදි ඔබ ඒ ගැන කරදර වෙන්නෙ නෑ , ඔබ එයින් වලකිනවා. මම හණමිටි අදහස්වලට බය නෑ. මුලු ජීවිතේ ම හණමිටියක් තමයි. අපි කිසිකෙනෙක් නැගිටින්නෙ නෑ කිසිම ආකාරයක ප්‍රකෘතියක් එක්ක. අපි හැමෝම තුන් වේල කමින් ආදරයේ බැ‍ඳෙමින් එයින් වෙන්වෙමින් ජීවත් වෙලා මැරිල යනවා. ආදර කතාවක් තරම් හණමිටියක් තවත් නෑ. නමුත් එය සිත්ගන්නාසුලු දෙයක් ලෙස සැලකෙන තාක්කල් මිනිස්සු ඒක දිගින් දිගට කරනවා.

    *රිචර්ඩ් මෙරිමන් : නිහඬ සිනමාවෙන් ශබ්දය ට පිවිසෙද්දි සැක සංකා සහ විවේචන තිබුණද?
    චැප්ලින්: ඔව්- ඒක ස්වභාවිකයිනෙ. ඒකෙ ලොකු වෙනසක් තිබුණා. මුලින්ම කෙෂ්ත්‍රයට එද්දි මට තිබුණෙ අත්දැකීම් විතරයි. අධ්‍යාපනයක්, පුහුණුවක් තිබුණෙ නෑ. නමුත් මට දැණුනා මට හැකියාවක් තියෙනව කියල. මම දැනගෙන හිටියා මම ස්වභාවික නළුවෙක් කියල. කතා කරනවට වඩා අභිනය පහසු වුණා. මම කලාකාරයෙක්. ඒ නිසාම මට දැණුනා ගොඩක් කතා කිරීම ඒ බොහෝ දේවල් නැති කරයි කියල. හොඳ කටහඬකුයි හොඳ කතාවකුයි තියෙන වෙන ඕනෙම කෙනෙකුගෙයි මගෙයි වෙනසක් නැතිවෙන බව මට තේරුණා.
    චැප්ලින්- සදාකාලික තාරුණ්‍යය ඇරඹෙන්නට පෙර

    *රිචර්ඩ් මෙරිමන් : යථාර්ථයේ තව මානයක් (ශබ්දය) එකතු වීම නිහඬ සිනමාවේ අපූර්වත්වයට බාධාකළා ද?
    චැප්ලින්: මම හැමතිස්සෙම කියපු දෙයක් තමයි අභිනය කියන්නෙ හරියට කළොත් විශ්වයේම ආකර්ෂණය දිනා ගතහැකි කාව්‍යාත්මක දෙයක් කියල. කතාකරන වචන හුඟක් වෙලාවට ඕනෙම කෙනෙක්ව එක්තරා මුඛරි බවකට පිරිහෙළනව. කටහඬ කියන්නෙ ඉතාම ලස්සන දෙයක්, බොහොම විවෘත දෙයක්. නමුත් මට ඕනෙ උනේ නෑ ඒකෙන් ම‍ගේ කලාවට සීමාකම් ඇති වෙනව දකින්න. මේ ලෝකෙ බොහොම අල්පයයි ඉන්නෙ, තම චලනයන් කුරුල්ලෙක් පියාඹනව වගේ ස්වභාවිකත්වයට ඉතාම ළඟ- ගැඹුරුම තැන්වල මායාවී බවට ළඟා විය හැකි අන්දමේ කටහඬක් තියෙන, ඉතාම අල්පයයි ඉන්නෙ. ඒ ඇස් වලින් කියවෙන දෙය- කියන්න වචන නැහැ. මුහුණු මත මැවෙන මිනිසුන්ට කිසිදාක සැඟවිය නො හැකි සැබෑ හැඟීම්- මේක කරගන්න බැරිවුණොත් සදාකාලයට ම බලපායි. ඉතිං කතා කරන්න පටන් ගනිද්දි මට සිද්ධ වුණා මේ හැමදේම මතක තියා ගන්න. මගේ කතාවේ ව්‍යක්ත බව බොහෝ සෙයින් නැතුව ගියා. ඒක ආයි කවදාවත් තිබුණ වගේ වුණේ නෑ.

    *රිචර්ඩ් මෙරිමන් :ඔබ කැමතිම චිත්‍රපටයක් තිබෙනවද ඔබේ නිර්මාණ අතර?
    චැප්ලින්: හ්ම්! මම හිතන්නෙ මම City Lights චිත්‍රපටයට ඇලුම් කළා. ඒක ශක්තිමත් ඒ වගේම හොඳට කරපු චිත්‍රපටයක්. City Lights කියන්නෙ නියම ප්‍රහසනයක්.

    *රිචර්ඩ් මෙරිමන් : ඔව්, ඒක ඉතාම ප්‍රබල චිත්‍රපටයක්. මම පුදුම වුණේ ශෝකාන්තය සහ සුඛාන්තය (ප්‍රහසනය) කොයි තරම් ළඟින් යනවද කියල දැකල.
    චැප්ලින්: මම ඒ ගැන කවදාවත් උනන්දු වුණේ නෑ. මම හිතන්නේ ඒක ආත්මීවයව එන හැඟීමක්. මට හැමතිස්සෙම ඒක දැනිල තියෙනවා. ඒක අඩු වැඩි වශයෙන් මා තුළ තියෙන තවත් ස්වභාවයක්. සමහරවිට ඒක පරිසරය නිසා ඇතිවෙන දෙයක් වෙන්න පුලුවන්. අනෙක මම හිතන්නෙ නෑ තමන්ගෙ අනෙකා ගැන මහත් වූ දයාවක්, හැඟීමක් නැති කෙනෙකුට හාස්‍යය මවන්න පුලුවන් කියල.

    *රිචර්ඩ් මෙරිමන් : එතකොට ශෝකාන්ත වලින් අපි බලාපොරොත්තු වෙන්නෙ සැනසීම ද?
    චැප්ලින්: නෑ. මම හිතන්නෙ ජීවිතය කියන්නෙ ඊට වඩා වැඩි දෙයක්. හේතුව ඒක නම් අපිට මීට වඩා සිය දිවි නසා ගැනීම් ගොඩක් දකින්න ලැබෙන්න ඕනෙ. මිනිස්සුන්ට ජීවිතය අතාරින්න අවශ්‍ය වෙන්න ඕනෙ. නමුත් මම හිතන්නෙ ජීවිතය කියන්නෙ බොහොම අපූරු දෙයක්. ඒක ඕනෑම තත්ත්වයකදි ඒ කියන්නෙ අන්ත දුක්ඛිතම තැනදි පවා අත් නොහළ යුතුයි. මම වඩා කැමති ජීවත් වෙන්න. වෙන මොකටවත් නෙවෙයි, මේ ජීවිතය කියන අත්දැකීම විඳින්න. මම හිතන්නෙ හාස්‍යය මිනිසුන්ගේ ප්‍රකෘති සිහිය ආරක්ෂා කරල දෙනවා. අපට ඕනෙ තරම් ශෝකාන්ත එක්ක යාත්‍රා කරන්න පුලුවන්. ශෝකයත් ජීවිතයේ කොටසක් තමයි. නමුත් ඒ වගේම අපිට යමක් ලැබිල තියෙනව ඒකෙන් ආරක්ෂා වෙන්න. මට අනුව, ශෝකය කියන්නෙ ජීවිතයේ වැදගත් දෙයක්. ඒ වගේම ඊට එරෙහි ආරක්ෂක උපක්‍රමය ලෙස ලැබිල තියෙන දේ තමයි හාස්‍යය. හාස්‍යය කියන්නෙ අඩු හෝ වැඩි වශයෙන් දයාව තුළින් උපදින විශ්වීය දෙයක්.

    *රිචර්ඩ් මෙරිමන් : විශිෂ්ටයෙකු ලෙස ඔබ හිතනව ද එවැන්නක් තියෙනව කියල?
    චැප්ලින්: මම කවදාවත් දැනගෙන හිටියෙ නෑ විශිෂ්ටයෙකු කියන්නෙ කවුද කියල. මම හිතන විදිහට විශිෂ්ටයෙක් කියල කියන්නෙ හැකියාවෙන් යුක්ත, ඒ ගැන විශාල හැඟීමකින් යුතු, යම්කිසි ශිල්පයක් ප්‍රගුණ කළ හැකි අයෙක්. හැම කෙනෙක්ම කිසියම් ආකාරයක සුවිශේෂී හැකියාවකින් යුක්තයි. ඔහු වෙනස් දෙයක් කරනවා. නමුත් එය විශිෂ්ට ලෙස කරනවා. හුඟක් වෙලාවට වෙන්නෙ ‘සියල්ල දත්’ පුද්ගලයින්ව විශිෂ්ටයින් ලෙස වරදවා වටහා ගැනීමයි.
    *පරිවර්තනය - | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්|
    උපුටනය-බූන්දි ඇවිත්

  24. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම වටින වැඩක්. ජය෴෴ :P :P

  25. ධනු

    elakiri saho..maru

  26. ධනු

    mr.beangeth demu saho,....

  27. සංජය

    11ක්බොහොම ස්තුතියි දිමුතු සහෝ..

  28. mudiya / මුදියා

    මගේ අප්පේ අවුරුදු 100 කටත් වඩා පරණ ෆිල්ම් 6ක්.කොච්චර වටින දෙයක්ද.නියමයි දිමුතු.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. gihan

    බොහොම ස්තුතියි

  31. Mahinda Gunawardana

    මම මේ සියලු චිත්‍රපට නරඹා තිබෙනවා. අන් අයටත් නරඹන්නට ලබා දෙන ඔබගේ මේ සේවය අති විශිෂ්ටයි යාළුවා.

  32. Thisal

    torrent 2ki machan wada anit okkoma torrent site ekn delet krala

  33. Naween

    1914 ඒවා නං ජීවිතේට බලලා නෑ නෙව.පට්ටයි.මෙයින් දෙකක්වත් අනිවා අරගෙන බලන්න ඕනේ.උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...

  34. namal kumara

    Robert Brownyගේ Chaplin (1992) එකටත් සබ් දානවනම් නියමයි..PlZZ