සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අප්‍රේල් මාසේ 08 වෙනිදා නිකුත් Techno – Horror Thriller කාණ්ඩයේ චිත්‍රපටියක් වන Chathur Mukham (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ආවේ. සාමාන්‍යයෙන් මේ කාලේ තරුණ පරපුර තමන්ගේ ජංගම දුරකථනයට ඇබ්බැහි ‌වීම…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අප්‍රේල් මාසේ 08 වෙනිදා නිකුත් Techno – Horror Thriller කාණ්ඩයේ චිත්‍රපටියක් වන Chathur Mukham (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ආවේ.

සාමාන්‍යයෙන් මේ කාලේ තරුණ පරපුර තමන්ගේ ජංගම දුරකථනයට ඇබ්බැහි ‌වීමක් දකින්න ලැබෙනවා. ඒක අපි හැමෝටම පොදු වූ කාරණාවක්. මේ හින්දම අපි වගේම අපේ අහිංසක ෆෝන් එකත් වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයට ලක්වෙන එක අපිට සාමාන්‍ය දෙයක්. අපිට අසනීපයක් උනත්, අපේ අතින් මොනවා හරි කැඩුනත්, අපිට මොනවා හරි අමතක උනත්, මෙකී නොකී හැමදේකටම වගකියන්න ඕනේ අපේ අම්මලා කියන විදියට මේ ෆෝන් එක. අපිට සිද්ධ වෙන හැමදේකටම හේතුව අපි උදේ ඉදන් රෑ වෙනකල්ම මේ ෆෝන් එක දිහා බලන් ඉන්න එක. ඒ කතාව 75% විතර ඇත්ත කියලත් කියන්න පුළුවන්. මොකද ‌මේ ස්මාර්ට් දුරකථන රාජයා හින්දා අපේ මානව සම්බන්ධතා ගොඩක් මේ වෙද්දි ගිලිහිලා ගිහින් කිව්වොත් වැරදි නෑ. ගෙදර හිටියත්, කඩේට ගියත්, බස් එකේ ගියත්, රෝහලකට ගියත් ‌අපිට දකින්න වෙන්නේ ඔලුව නමාගෙන ෆෝන් එකට එබිකම් කරන පිරිසක් විතරයි. ළඟ ඉන්න මනුස්සයා කවුද? අවට ලෝකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා නොදැනුවත් පිරිසක් තමයි අද වෙද්දි වැඩිවශයෙන් දකින්න පුළුවන්. ඒ වගේම මේ දුරකථනයට ඇබ්බැහිවීම නිසා තමන්ගේ ජීවිතේ වටිනා කාලය වගේම, වටිනා අවස්ථාවන්, වටිනා සම්බන්ධතාවන් අපෙන් ගිලිහී යන්නේ අපිටත් නොදැනීමයි. ප්‍රධාන වශයෙන් අපි ෆෝන් වලට ඇබ්බැහි වෙන්න මූලික හේතුව Facebook, Instagram සමාජ ජාල මාධ්‍යය කියලා හඳුන්වන්න පුළුවන්. මේ දේවල් කිව්වා කියලා අපි සහ අපේ ජංගම දුරකථනය එක්ක තියෙන ආත්මීය බැඳීම නැති කරන්න පුළුවන්ද? හොඳ උනත් නරක උනත් ඒ දේවල් නවත්තන එක ඇත්තටම අපහසුයි නේද? මේ කථාවෙන් කියවෙන්නෙත් උදේ නැගිට්ට වෙලේ ඉදන් සමාජ ජාල මාධ්‍ය වල සැරිසරන ජංගම දුරකථනය තමන්ගේ ජීවිතේ අත්‍යාවශ්‍යම දේ කියලා සලකපු, ඒ හින්දා ලොකු අමාරුවක වැටුණු කාන්තාවක් පිළිබඳවයි.

මේ වෙද්දි IMDb දර්ශකයේ 6.5/10 වගේම 84% ක ගූගල් පරිශීලක අගයක් ‌දිනාගෙන තියෙන Chathur Mukham චිත්‍රපටිය Ranjeet Kamala Sankar Salil V ගේ අධ්‍යක්ෂණයක් සහ Abhayakumar K, Anil Kurian යන අයගේ තිර රචනයක්.

කතාව ගැන කියනවා නම් තේජස්විනි (Manju Warrier) සහ ඇන්තනී (Sunny Wayne) කියන්නේ විශ්ව විද්‍යාල කාලේ ඉදන්ම එකට ඉන්න මිත්‍රයෝ දෙන්නෙක්. මේ දෙන්නා එකතු වෙලා සීසීටීවී පද්ධති අලෙවි කරන ව්‍යාපාරයක් සිදුකරගෙන යනවා. තේජාස්විනී, අවිවාහක, බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන තරුණියක්. විශේෂම දේ තේජාස්විනී තමන්ගේ ජංගම දුරකථනයත් එක්ක දැඩිව බැදුණු කෙනෙක්. උදේ අවදි වෙන වෙලාවේ ඉදන් තමන්ගේ සෙල්ෆි ඡායාරූප ගන්න තේජාස්විනී නින්දට යනතුරුම ඒවා සමාජ ජාල මාධ්‍ය වලට මුදා හරිමින් විනෝද වෙනවා. මේ අතරෙද දවසක් ‌ඇය තමන්ගේ ගමේ සිදුවූ ශාන්ති කර්මයක් ඡායාරූප ගත කරමින් ඉන්න වෙලාවක ආවේශ වූ තරුණියක් ඇයගේ ජංගම දුරකථනය ‌වතුරට විසි කරනවා. මේ හින්දා ‌ඇයට අළුත් ජංගම දුරකථනයක් මිළදී ගන්න සිද්ධ වෙනවා. ඇන්තනීගේ උදව්වෙන් අන්තර්ජාලයෙන් අඩු මුදලට මිළදී ගත්ත ජංගම දුරකථනය හින්දා තේජාස්වනීගේ ජීවිතේ පෙරළියක් සිදුවෙනවා. අද්භූත සිදුවීම් මාලාවකට ඇයට මුහුණ දෙන්න සිදුවෙනවා.

මිනිත්තු 138 පුරාවට ජංගම දුරකථනයක් නිසා තේජාස්විනීගේ ජීවිතේට සිදුවන අදභූත සිදුවීම් මාලාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තවත් සිංහල උපසිරැසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

 

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,074 downloadsDownload CM-2021.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

7,074 downloadsDownload Subtitles43 KB

47 comments

  1. Sachith

    Thanks akke
    Maalik ekath ikmnta demu

  2. Anonymous

    Thanks machi

  3. Anonymous

    හප්පේ බලන් උන්නු කල්

  4. Dimuthu

    film download eka ko?

    1. Dimuthu

      direct download link monawath nadda

  5. Sohan Jayasooriya

    මං කැමති ටයිප් එකේ එකක්.. ස්තූතියි අක්කේ සබ් එකට

  6. DILmin

    Thanks සබ් එකට .. Sara's (2021),Malik (2021) ෆිල්ම් වලටත් සබ් දෙන්න ..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  9. Anonymous

    Patta pata pata

  10. Sheron

    Malik(2021) sub plz
    Also thanks for this sub

  11. indika75

    thanks..

  12. Naveen

    උපසිරසියට තුති

  13. Anonymous

    Thanks sis❤️

  14. Anonymous

    තැන්කු වේවා

  15. Deex

    thanks sis !!!

  16. Neo

    Thanks sister
    Keep it up

  17. Gayan

    උපසිරසියට බොහොම ස්තුතියි

  18. Anonymous

    Toofan sub plzz

  19. Anonymous

    Thnkz

  20. Kushan

    Sub akta thanks

  21. Dineth de silva

    Thanks sister

  22. Tharindu

    සබ් එකට තැන්ක්ස්

  23. Anonymous

    ❤️❤️❤️

  24. V.P

    උපසිරසියට ස්තුතියි අක්කේ
    Fahadh ලොක්කගේ Maalik එකත් දෙමු

  25. bro

    thnkz sis

  26. Anonymous

    supiriyak wage
    thanks Reenu akke

  27. Lakmal

    Thanks sister
    Maalik ekath demu

  28. Ramesh

    Thanks wewa akke

  29. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  30. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  31. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරි
    ෆිලුම බාගෙන බලන් හිටියේ ඔයාගෙන් උපසිරසිය ලැබෙනකන්
    ජය වේවා!!!

  32. Tharaka

    සබ් එකට ස්තුතියි සහෝදරී
    Maalik(2021) එකත් දෙමුකෝ

  33. Anonymous

    Thnkz sis ..keep going

  34. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..ජයෙන් ජයම වේවා !!

  35. Nethini123

    බොහොම ස්තූතියි අක්කේ...

  36. Anonymous

    Patta

  37. Anonymous

    තෑන්ක්ස් බොම්ක

  38. Teron

    thanks ...good movie ...keep going

  39. Ashen

    Thanks sister

  40. Anonymous

    Navarasa(2021) series ekta sub denna baiscope
    Supirima set ekak inne

  41. Anonymous

    Kuruthi(2021) sub plz

  42. Anonymous

    කරුණාකර Kuruthi (2021) subs ලබාදෙන්න

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  45. Naveen Mbr

    සබ් එකට ස්තූතියි!

  46. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට...ජයවේවා !!