ඔන්න කිව්වා වගේම ආපහු ඉක්මනටම ෆිල්ම් එකක් අරන් ආවා. මම කලින් දුන්න Apt. (2006) චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර තිබුනා. ඒ ෆිල්ම් එක උපසිරැසි ගන්වන්න අවසර ඉල්ලද්දි අපේ චාමර සම්පත් සහෝ මේ Fear Street චිත්‍රපට මාලාව කරමුද කියලා ඇහුවා. ඒ නිසා ඉක්මනටම ඔන්න වැඩේ කොටසක් අහවර කරලා ගෙනාවා. Fear Street. Part Two :…

ඔන්න කිව්වා වගේම ආපහු ඉක්මනටම ෆිල්ම් එකක් අරන් ආවා. මම කලින් දුන්න Apt. (2006) චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර තිබුනා. ඒ ෆිල්ම් එක උපසිරැසි ගන්වන්න අවසර ඉල්ලද්දි අපේ චාමර සම්පත් සහෝ මේ Fear Street චිත්‍රපට මාලාව කරමුද කියලා ඇහුවා. ඒ නිසා ඉක්මනටම ඔන්න වැඩේ කොටසක් අහවර කරලා ගෙනාවා. Fear Street. Part Two :1978 (2021) සහ Fear Street. Part 3 :1666 (2021) කියලා මේ චිත්‍රපට මාලාවේ තව කොටස් දෙකක් තියෙනවා ඒවත් ඉක්මනටම දෙන්නම්.
Fear Street කියන්නේ 80 දශකයේ අතිශය ජනප්‍රිය උන නවකතා මාලාවක්. 1989දී සුප්‍රකට ගත් කතුවර R.L. Stine විසින් පළමු වරට මේ කතා මාලාව ආරම්භය සඳහා අත්පොත් තබනවා. එදා සිට අද දක්වා මේ කතාමාලාව ලබාගෙන තිබෙන ජනප්‍රියත්වයේනම් අඩුවක් නෑ. 1989 සිට 1999 දක්වා Fear Street කතා නිකුත් වූ අතර 2005දී අවසන් වරට Fear Street තවත් කොටස් 3ක් නිකුත් වෙලා තියෙනවා. 2010 වසර වන විට ලොව පුරා පිටපත් මිලියන 80කට අධික ප්‍රමාණයක් විකිණී තිබෙනවා. R.L. Stine විසින් Fear Street කතා මාලාව යටතේ නවකතා 100කට ආසන්න ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. ඔහු විසින් ඊට අමතරව Goosebumps, Rotten School, Mostly Ghostly වැනි සුප්‍රසිද්ධ නවකතා මාලා රැසක් රචනා කරලා තියෙනවා.

R.L. Stine
Fear Street කතාමාලාව අද්භූත ප්‍රබන්ධ ගණයට තමයි අයත් වෙන්නේ. බොහෝ කතා වලට පාදක වෙලා තියෙන්නේ ශේඩිසයිඩ් නම් නගරයක තරුණ තරුණියක් විසින් විවිධ භයානක සහ අද්භූත සිදුවීම් වලට මුහුණ දී ඒවා ජය ගන්නා අන්දමයි. විටෙක ඔවුන්ට අද්භූත සතුරන් හමුවෙයි ඇතැම් නවකතාවල අවතාර/මායාකර්ම වැනි අද්භූත අංග ඇති අතර අනෙක් ඒවා හුදෙක් මිනීමැරුම් අභිරහස් වේ. මේ දක්වා Fear Street කතන්දර 108ක් පමණ ලියවී ඇති අතර ඉදිරියටත් රචනා වීමට නියමිතයි.

“සනීවේල්” කියන්නේ ඇමරිකාවේ තිබෙන ආර්ථික, සමාජීය වශයෙන් සමෘද්ධිමත්ම නගරයක් බවට මාධ්‍ය ඇතුළු සැවොගෙම ප්‍රශංසවට පාත්‍ර උන නගරයක්. මේ නගරයට අල්ලපු නගරය වෙන “ශේඩිසයිඩ්” නගරය සනීවේල්වලට වඩා හාත්පසින්ම වෙනස් නගරයක්. දිනපතා මංකොල්ලකෑම්, මිනීමැරුම් වැනි ඛේදජනක සිදුවීම්වලින් ගහන මෙයට “ඇමරිකාවේ මිනීමරුවන්ගේ නගරය” ලෙසට නම් පවා පටබැදිලා තියෙනවා. “ඩීනා” කියන්නේ මේ නගරයේ ඉන්න උසස් පාසල් ශිෂ්‍යාවක්. ඇයගේ පෙම්වතිය වන “සෑම්” ඇයගෙන් වෙන් වෙලා සනීවේල් වලට ගිය නිසා ඩීනා සිත් තැවුලෙන් ඉන්නේ. ඉතිං මේ නගර දෙක අතර පැවත්වුන පාපන්දු තරගයක් ඉවර වෙලා ආපසු එද්දි සනීවේල්වල කිහිපදෙනෙක් කාර් එකක ඇවිත් මෙයාලා යන බස් එකට විහිළු කරනවා. එතන සෑම්ත් ඉන්නවා දකින ඩීනා යක්ෂාවේස වෙලා කරන දෙකින් සෑම් ඉන්න කාර් එක අනතුරකට ලක් වෙනවා. මේ සිදුවීමෙන් පස්සේ දවසේ රෑ ඩීනාගේ ගෙවත්තේ මිනී ඔළුවක වෙස් මූණක් දාගෙන පිහියක් ගත්ත මිනිහෙක් ඉන්නවා කියලා ඩීනා දකිනවා . . . . . .
ඉතිං මම මේ ෆිල්ම් එකේ මුල් චුට්ටයි තමයි කිව්වේ. ඔක්කොම කතාව ඔයාලා නරඹලම දැන ගන්නකෝ. Fear Street. Part 1:1994 (2021) චිත්‍රපටය 82%ක කුණු තක්කාලි කැමත්ත ලබාගන්නත්, 6.2ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2021 ජූනි 28 නිකුත් උන මේ චිත්‍රපටය Horror/ Mystery / Drama යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය Leigh Janiak විසින් සිදු කරලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස Kiana Madeira ඩීනා ලෙසත්, Benjamin Flores Jr. ජොශ් ලෙසත්, Olivia Scott සෑම් ලෙසත්, Julia Rehwald කේට්, Fred Hechinger සයිමන් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ අදහස් කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම යනවා. Fear Street. Part Two :1978 (2021) උපසිරැසියෙන් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි !!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,071 downloadsDownload Fear-Street.-Part-One-1994-2021.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
45 comments
Chameera
Sadun
ඉතුරු 2කත් ඉක්මනටම දෙන්න සහො
Anonymous
Patta pata pata
Kushan
Sub akta thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Thanks machn
Anonymous
හප්පේ බලන් උන්නු කල්
DILmin
උපසිරැසිවලට ස්තූතියි .. පුළුවන් නම් DOM series එකටත් sub දෙන්න ..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Part 2,3 ත් දෙනකන් බාගෙන ඉන්නේSheron
Thanks brother
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks bokka❤️
Anonymous
Thnkz
Anonymous
තැන්කු වේවා
Neo
Thanks brother
Keep it upAnonymous
Supiri
Laka
Part 2 dennko
Baiscope eken denkn bln inneAnonymous
❤️❤️❤️
සමන්තා
Ado Part 2 දීපන් මගෙන් මැරුම් කන් නැතුව. තව RL Stine ගෙ ෆිල්ම් ටිකකට සබ් දාපන්. අර අනික් චාටර් බය හිතෙන කතා පට්ට කම්මැලී බන් . මේව තමා සුපිරි කතා
Ishan Madusha
බොහෝම ස්තූතියි
Anonymous
set ekma download ken bln inne baiscope sub denkn,wena sub apita set wenne na neh ithin baiscope wage
ithuruwath demu bro@#$%prt
part 2,3 dekatat hadala ona kollo part1 ekata thanks meka triology ekak okkoma release wela iwarai
Ramesh
Thanks wewa saho
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Gayana Thathsara
Part 2, 3 එකටත් සබ් එක දෙන්ඩෝ ❤️
Tharaka
සබ් එකට ස්තුතියි සහෝ
ඉතුරු 2කත් දෙමුකෝPasindu Madumal
අප්පා...සබට තුති ආහ් ❤
ඉතුරු දෙකටත් ඔහොම්ම අතගහමු..!Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා !!
Shaggy
Thank you very much
Sahan Prabhasara
tnx sago
Sahan Gayantha
thanks a lot saho sub ekata
Nishan S. Ariyarathna
thanks
Anonymous
THANKS BRO
sasindu
thanx bro
Malith Samarawickrama
Thanks bro sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
lakshan
thanks .................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Nuwan
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සගෝ ❤
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Thihara
18+ ද
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for Sub ♥️