සල්ලි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑලු.. කතාවට කියන්නේ එහෙමයි.. ඒත් සල්ලි හොයන්නේ කොහොමද? වැඩ කරලා තමයි.. අමාරුවෙන් වැඩ කරලා, එහෙම නැත්නම් දෑතේ විරියෙන් හම්බ කරලා සල්ලි ගොඩක් හොයාගන්න පුළුවන් ද..? බෑනේ…අන්න එතනට තමා මොලේ වෙහෙසලා සල්ලි හොයන මිනිස්සු එන්නේ.. ලේසියෙන් සල්ලි හොයන්නේ කොහොමද? මේ ලෝකේ සල…

සල්ලි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑලු.. කතාවට කියන්නේ එහෙමයි..

ඒත් සල්ලි හොයන්නේ කොහොමද? වැඩ කරලා තමයි.. අමාරුවෙන් වැඩ කරලා, එහෙම නැත්නම් දෑතේ විරියෙන් හම්බ කරලා සල්ලි ගොඩක් හොයාගන්න පුළුවන් ද..? බෑනේ…අන්න එතනට තමා මොලේ වෙහෙසලා සල්ලි හොයන මිනිස්සු එන්නේ.. ලේසියෙන් සල්ලි හොයන්නේ කොහොමද?

මේ ලෝකේ සල්ලි හම්බකරනවා වගේ පහසු වැඩක් තවත් නෑ. ඒකට ඔයා එකම එක දෙයයි කරන්න ඕන.. ගොඩක් සල්ලි හම්බකරන්න තණ්හාව තියෙන කෙනෙක්ව හොයාගන්න.. එතකොට එහෙම කෙනෙක් නැත්නම්?

එහෙනම් මිනිහෙක් හොයාගෙන එයාට තණ්හාව ඇති කරවන්න ඕනේ. කොහොමද අප්පේ තණ්හාව ඇති කරවන්නේ? අපේ කතාවේ ගාන්ධි බාබු තමා ඒකට හරියන මනුස්සයා.

ගාන්ධි බාබු කියන විදියට , කාව හරි රවටන්න ඕන නම් ඒ කෙනාගෙන අනුකම්පාව බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඒ වෙනුවට ඒ කෙනාට මොනවහරි ගැන තණ්හාව ඇති කරවන්න ඕනේ.. එහෙම කරන්නේ කොහොමද බලාගන්න නම් ඉතින් මේක බලන්නම වෙනවා.. අහ තව දෙයක්… මේ අන්දන දේවල් කිව්වේ වෙන අයව අන්දන්න නෙමේ.. ඔයාල ඇන්දෙන එකෙන් නවත්තගන්න හොදේ…

ඔය තණ්හාව තියෙන, රැවටෙන්න කැමැත්තක් තියෙන, එහෙමත් නැත්නම් සල්ලි වලට හෝ සුළු ලාභයට පෙරේත මිනිස්සු සුපිරියට අන්දන විදිය ඔයාලට බලාගන්න පුළුවන් මේක බැලුවොත්… හැබැයි එහෙම අන්දන කෙනා නැත්නම් රවටන කෙනා ඔයාගේ හතුරෙක් නෙමේ. එක විදියකින් එයා ඔයාගේ ගුරුවරයා. එහෙම කියන්නේත් ගාන්ධි බාබු නොහොත් අපේ චිත්‍රපටියේ කතා නායකයා..

කැලෙන් අල්ලගත්තු නයෙක් රුපියල් ලක්ෂ 5කට විකුණුවොත්.? එහෙම පුළුවන් ද අප්පේ.? කියල හිතෙනවා නේද.? එතකොට අර අපේ (සම) හරක් පෝලිමට ඇන්දෙන “පිරමිඩ ව්‍යාපාරය”? ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද.? ඒකෙන් සල්ලි හොයන්නේ කොහොමද.? ඔය දෙක විතරක් නෙමේ… එකී මෙකි නොකී නානාප්‍රකාර ක්‍රම වලින් මිනිස්සු අන්දන හැටි. එයාල ඇන්දෙන හැටි සුපිරියට බලාගන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේක.

අපෝ 2014 ආපු චිත්‍රපටියක් කියල නොබලා ඉන්න නේද හැදුවේ.? එහෙනම් කරගන්න ගියේ ලොකු පාඩුවක්. 2014 ආවට අදටත් වලංගු වැඩ තමයි මේකේ තියෙන්නේ.. මොකද ඉතින් අපේ අයියලා ඇන්දිලා ඉවරවෙනකන් දන්නේ නැහැනේ..

2014 නිකුත් කරපු මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ රචනය Theeran Adhigaaram Ondru සහ Nerkonda Paarvai 2019 යන සුපිරිම කතාවන් ගෙන් සමන්විත චිත්‍ර‍පට ද්විත්වයම අධ්‍යක්ෂණය කරපු H.Vinoth විසින්, චිත්‍ර‍ටයේ ප්‍රධාන චරිතය වන ගාන්ධි බාබුගේ චරිතය Natarahan Subramaniam රග දක්වනවා. මිට කලින් අපි සිංහල උපසිරසි දීපු Katham Katham (2015), Namma Veetu Pillai (2019), Godfather 2020 සහ Walter 2020 යන චිත්‍රපටිවලත් එයා චරිතයන් නිරුපණය කරලා තියෙනවා.. ප්‍රධාන නිළිය විදියට Ishara Nair ඉන්නවා. IMDB දර්ශකයේ මනාප 2395 ක ප්‍ර‍මාණයක් ලබාගෙන අගය 10/8.1 ක් ලෙස සටහන්ව තියෙන මේ චිත්‍රපටියේ 94% ක් ගුගල් පරිශීලකයින්ගේ කැමැත්ත ලබාගෙන තියෙනවා…

දිගු කලක් තිස්සේ මේ චිත්‍ර‍ටයේ දෙවැන්නක් නිකුත් වෙන බව කියමින් පූර්ව ප්‍ර‍චාරක පටයක් අන්තර්ජාලය තුල සංසරණය වෙනවා. හරි නම් දෙවෙනි කොටස එන්න තිබුනේ 2017 වසරේ නමුත් මේ වෙනකල් එය තිරගතවී නෑ,ඒ චිත්‍ර‍ටයත් නිකුත් උන විගසම සිංහල උපසිරැසි සමඟින් ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. සමුගන්නට මත්තෙන් තවත් දෙයක් මතක් කරන්න ඕන මේ චිත්‍ර‍පටය සඳහා ලබාදී ඇති උපසිරැසි ගොනු වලට සහය දක්වන පිටපත් බයිස්කෝප්ඩවුන්ලෝඩ් අඩවියෙන් ලබාගන්න ගන්න පුලුවන් වගේම යූටියුබ් පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් යූටියුබ් වල හෝ ගූගල් හි අප විසින් ලබාදී තිබෙන උපසිරැසි ගොනුව සෙවීමක් කරන්න.එවිට එන ප්‍ර‍ථිපල ලැයිස්තුවේ Thirrupathi Brothers යූටියුබ් චැනලයේ තියෙන පැය 02 යි විනාඩි 29 ක ධාවන කාලයකින් යුත් පිටපත බාගත කරගත හොත් කිසිදු අපහසුවකින් තොරව සිංහල උපසිරැසිත් සමඟින් චිත්‍ර‍පටය නරඹන්නට පුලුවන් යැයි මතක් කර සිටිනවා..

සුපුරුදු ලෙසම MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සමඟින් මම මේ චිත්‍රපටියට සිංහල උපසිරසි නිර්මාණය කරලා අරගෙන ආවා.. එහෙනම් චිත්‍රපටිය බලන්න. බලලා අනිත් අයව රවට්ටන්න උත්සාහ කරන්න යන්න එපා.. අනිත් අයගෙන් රැවටෙන්නෙත් නැතුව ඉන්න බලන්න..!!!

“ජිවිතයේ දවසක ඔයාට තේරෙයි දවසක සල්ලි විතරක්ම වැදගත් නෑ කියලා…. එතකොට කරපු වැරදි වලට මොනවද කරන්නේ.?”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි YOUTUBE පිටපත් සඳහා අදාළ වේ.

4,400 downloadsDownload Sathuranka-Vettai-2014.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,400 downloadsDownload Subtitles67 KB

11 comments

  1. raviz

    Thank you....!

  2. indika75

    thanks..

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි

  5. රොෂාන් ශමීර

    ස්තූතියි...

  6. Ayesh

    උපසිරසියට ස්තුතියි

  7. sameera

    aravind swamige photo eka dala nisa mama hithuwe eyage eka kiyala

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  11. Prabodha Jayakody

    Thanks...