ආයුබෝවන් හැමෝටම..ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් කරළියට සම්ප්‍රාප්ත වුණා සුපුරුදු පරිදිම මනිරත්නම්ගේ තවත් මාස් ෆිලුමක් එක්ක..සෙක්ක සිවන්ද වානම් (රත් පැහැ අහස)..මෑත කාලයේ බොහෝ කතා බහට ලක්වුණු ෆිලුමක්. මොකද මේකෙ රඟපාන්නේ සිනමාවේ දැවැන්තයින් රොත්තක් නිසා.. තනි ඔරුවන් එකේ විල්ලන් අරවින්ද් සාමි,…

ආයුබෝවන් හැමෝටම..ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් කරළියට සම්ප්‍රාප්ත වුණා සුපුරුදු පරිදිම මනිරත්නම්ගේ තවත් මාස් ෆිලුමක් එක්ක..සෙක්ක සිවන්ද වානම් (රත් පැහැ අහස)..මෑත කාලයේ බොහෝ කතා බහට ලක්වුණු ෆිලුමක්. මොකද මේකෙ රඟපාන්නේ සිනමාවේ දැවැන්තයින් රොත්තක් නිසා.. තනි ඔරුවන් එකේ විල්ලන් අරවින්ද් සාමි, කුට්ට්‍රම් 23 වීරයා අරුන් විජය්, සිම්බු, අයිශ්වර්යා රාජේශ්, ජෝතිකා, ප්‍රකාශ් රාජ් සමගින් මක්කල් සෙල්වන් අපේ විජය් සේදුපති. කෙළින්ම කතාව ගැන අවධානය යොමු කරන්නම්..
මේක මැර පවුලක කතාවක්..ලොකුම බලවතා තමයි සේනාපති. දවසක් සේනාපතිව සැලසුම් සහගත විදියට ඝාතනය කරන්න හදපු තැතකින් ඔහු අනූ නවයෙන් බේරෙනවා. මේ සිද්ධියත් සමග තැන් තැන් වල හිටපු එයාගේ පුතුන් තුන් දෙනා වන වරතන්, එතී සහ ත්‍යාගු එකතු වෙනවා. ඒ වන විට පොලීසියේ රාජකාරිය කරමින් සිටි සේදුපති සහ වරතන් අතර තිබුණු දැඩි මිත්‍රත්වය නිසා ඔවුනට ඉතා හොඳ හෝඩුවාවල් ලැබෙන්න පටන් ගන්නවා. ඒ අනුව සොයා බලනකොට තමයි දැනගන්න ලැබෙන්නේ චින්නප්පදාසන් නැමති තවත් ප්‍රබල මැරයෙක් මේ ඝාතන සැලසුමට සම්බන්ධ බව. නමුත් චින්නප්පදාසන්ගෙන් පලිය ගන්නේ කවුද? යන ප්‍රශ්නයේදී ඉතා විශාල අර්බුදයක් මේ පවුල තුළ පැන නැගෙනවා. ඔය අතර සුව වෙමින් සිටි තම පියාගේ හදිසි අභාවයත් සමග මේ අර්බුදය විශාල බල පොරයක් බවට පත් වනවා. එම බල පොරය නිසා සහෝදරයින් තෙපල අතර ඇතිවූ ඝට්ටනයන් , එහි අවසානය කුමක් වූයේද සහ මෙය විසඳීමෙහි ලා සේදුපතිගේ කාර්යභාරය කුමක්ද යන්න තමයි මේ ෆිලුමේ කතාව..
මුලින්ම ස්තුතිය පුදකරනවා හසන්තයියට මේ ෆිලුමට උපසිරසි කරන්න මට ආරාධනා කිරීම පිළිබඳව. බොහෝ වැඩ රාජකාරි තිබෙන මොහොතක හදිසියේම තමයි හොඳ පිටපතක් ආවේ. ඉතින් බයිස්කෝප් අපේ ටීම් එක වහාම ක්‍රියාත්මක වෙලා සඳුන් අයියා සහ තාරක මල්ලි එකතු වෙලා කාල රාමු සාදා දුන් නිසා පැය 5 ක් වැනි කාලයක් ඇතුලත උපසිරසිය නිම කළ හැකි වුණා. තරමක් සීඝ්‍රගාමී උපසිරසියක් නිසාත් අසා ලීවීමක් නිසාත් පොඩි පොඩි අත් වැරදීම් තිබෙන්නත් පුළුවන්. ඉතින් ඔබ සියලු දෙනාටම මේ ෆිලුම බලන්න ආරාධනා කරනවා..නැවතත් උපසිරසියකින් හමුවෙමු !
ජයවේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
15,375 downloadsDownload ChekkaChivanthaVaanam-2018.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
83 comments
Eranda Malith 2.0
Bandaramudiyansi
මේවාව දැක්ක කල්.බොහොම ස්තුතියි .
ඔයා තාමා ටැමිල් ෆිල්ම් වලට බෙස්ට් ඉස්සරMayura
දැනුත්...
Bandaramudiyansi
Ow දැනුත් ....
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Indrajith Is Back....!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ayesh Prashan
Thank You
Stranger
thanks
Mayura
කට ඇරගෙන බලන්න පුලුවන් ජාතියේ දෙමල නිර්මාණ වලට කටට රහට උපසිරැසිය ගෙනල්ලා දෙන ඉන්ද්‍රජිත් සහෝදරයාට ජය පතනවා...
SadeepaT
sub ekata thanks.enakal balan hitapu ekak
Lahiri
thankz saho
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi broo sub ekata...
Anurada
Thank You !!!
Anuja wickramasingha
thanks for the sub
Amilperera
Thnks bro sub ekata
naughty
thanx bro
Tharaka Nuwan Dilhara
ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ
හොදම දේ හොදම කෙනා අතින් ඇවිත් තියේ...
වෙල්කම් බැක් ඉන්ද්‍රජිත් අයියේ...
අතාරින්න එපා. ඕන උදව්වකට අපිත් ඉන්නවා..
ආයෙ ඉක්මනටම හමුවෙමු..
එහෙනම් වැඩි වැඩියෙන් කාලය ලැබේවා ප්‍රාර්ථනා කරනවා..
ජයෙන් ජය..!!!oshanda
thanx sahoo..
Moksha
Thnx bro....
Milind@
Thanks saho
vas0303
Thank you so much...
ranga12
thank u sooooo much!meka denakam balagena hitiye niyami mahooo
Chanmatara
Thanx සහෝ sub එකට
බලමු .............Lalith Susantha
ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා සහෝ
sathyajith
Thanks for the sub
dsdkavishka
Thenks forsub
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි .....
ජයවේවා ........Dhanush Narangoda
තෑන්ක්ස් මචෝ
Achi
Thanks wasthu
Danuska Sanjeewa
Thanks mchn
jogy isuru
thanks brother kaalekin
M.W. Dilhani
thank you
snak
thank you bro jayamawewa meka enakan balagenama hitiya sub ekak
nimanaka
thanks brother
IndunilN
බොහොම ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට
Sschintha
Thankx brother
Shehan putha
thanks bro....jaya wewa !
indika75
thanks..
sooriyapatabadige
Thanks for sub bro......... (supreme 2016) film ekata sub dennako bro please.......
Rashmika dumidu
Thanks bro
gihan perera
ස්තුතියි සහෝ...පට්ට ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Menaka Kariyawasam
Thanks machan sub ekata
Pathum Chamara Rupasinghe
ජය වේවා bro
Danuska Sanjeewa
Sub ekata thanks
Lasantharathnasirirox
Tnx කොල්ලා....!!
හිතුවෙ නෑ දැන්ම මේකට සබ් දෙයි කියලා....කොහොම හරි බොහෝම ස්තුතියි...kodagoda
tnx sahoo
Imankamadushan
Greattt
Dilshan Kelum
Thanks bro...
nalin.kumara0510
Thanks bro good luck.
Kovidu
WEllcome BACK ..... ඉන්ද්‍රජිත් සහෝ සබ් කරපු විජේ සේදුපති ගෙ ෆිලුම් තමා මන් ආසම, ඒ දවස් වල සේදුපති ගෙ ෆිලුම් එකක් නෑර ස්නිකව සබ ගෙනාවෙ ඉන්ද්‍රජිත් සහෝ .... සේදුපති නම් මට ඉන්ද්‍රජිත් තමා, එකෙන්ම ආපහු කරලියට ආව එක ගැන නම් ගොඩක් සතුටුයි, , ජය වේවා, !!!!!!!!!!!!!
ranga11112
පට්ට සහො.....
සබ් එකට බොහොම ස්තුයිශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
සේතුපති නම් ඉතින් ඉන්ද්‍රජිත් තමයි...
අනිවා බලන්න ඕන...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි චචන්
ජයවේවා !