ආයෙත් වතාවක් කට්ටියව 1938 අවුරුද්දට එක්ක යන්න කියල හිතුව. මේ ඇල්ෆ්රඩ් හිච්කොක් මහා සිනමාකරුවාගේ නිර්මාණයක් වෙච්ච ලේඩි වැනිශස් කියන සිනමාපටය. මාග්‍රට් ලොක්වූඩ්, මයිකල් රෙඩ්ග්‍රේව්, පෝල් ලූකස්, මේ විට්නි, ඇතුලු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන මේ සිනමාපටය ද වීල් ස්පින් නම් කතාව අනුසාරයෙන් සිඩ්නි ගිලට්…
ආයෙත් වතාවක් කට්ටියව 1938 අවුරුද්දට එක්ක යන්න කියල හිතුව. මේ ඇල්ෆ්රඩ් හිච්කොක් මහා සිනමාකරුවාගේ නිර්මාණයක් වෙච්ච ලේඩි වැනිශස් කියන සිනමාපටය. මාග්‍රට් ලොක්වූඩ්, මයිකල් රෙඩ්ග්‍රේව්, පෝල් ලූකස්, මේ විට්නි, ඇතුලු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන මේ සිනමාපටය ද වීල් ස්පින් නම් කතාව අනුසාරයෙන් සිඩ්නි ගිලට් හා ෆ්රෑන්ක් ලෝන්ඩර් යන අයගේ තිරපිටපත ඇසුරෙන් නිමවූවක්.
NYFCC සම්මාන උලෙලේදී 1939 වසරේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ඇල්ෆ්රඩ් හිච්කොක් විසින් දිනාගනු ලබනවා, එමෙන්ම එම සම්මාන උලෙලේම හොඳම චිත්‍රපටය ලෙස නාම යෝජනා වෙනවා.
යුරෝපයේ කඳුවලින් වටවූ ගම්මානයක සංචාරයක යන පිරිසක් වටා ගෙතී යන මෙහි කතාව දේශපාලනමය මුහුණුවරක් ගන්නවා. බැන්ඩ්‍රිකන් නම් නාමික ගම්මානයේ සංචාරයකනිරත වන සංචාරකයන් පිරිස හිම කඳුකඩා වැටීමක් නිසා එම නගරයේ නවාතැන් ගනු ලබනවා. පසුදින හිමෛවත් කර දුම්රිය මග පිරිසිදු කිරීමෙන් පසු ඔවුන් දුම්රියෙන් පිටත් වන්නේ එංගලන්තය බලා යාමටයි. සංචාරකයන් අතර අයිරිස් විවාහ විම සඳහා යන්නියක්. ගිල්බර්ට් ග්‍රාමීය නැටුම් පිළිබඳ ග්‍රන්තයක් සම්පාදනයට තොරතුරු එකතු කරන්නෙක්. මිස් ෆ්රෝයි ලමුන්ට උගන්වන ගුරුවරියක්. කැල්ඩිකොට් හා චාර්ටර්ස් ක්‍රිකට් පිස්සන් දෙදෙනෙක්.
දුම්රිය වේදිකාවේදී හිස මතට ඇද වැටෙන යම්දෙයක් නිසා අපහසුතාවයෙන් පසුවන අයිරිස් හට දුම්රියේදී පිහිට වන්නේ මිස් ෆ්රෝයි. දෙදෙනා එක්කව තේ පානය කර මැදිරියට පැමින කෙටි නින්දක් ලබා ගනී. නමුත් නින්දෙන් පිබිදෙන විට අයිරිස්ට මිස් ෆ්රෝයි දැකගැනීමට නැහැ. ඇයව සෙවීමට ගන්නා උත්සහය ව්‍යර්ත වන්නේ දුම්රියේ කිසිම කෙනෙක් ඇය දුටු බව පිළිනොගන්නා නිසාවෙන්. එයටම තවත් රුකුලක් වන්නේ ඇගේ හිස මතට වැටුන ගඩොල නිසා ඇය මතකයන් අතර අතරමං වී ඇති බව දුම්රියේදී හමුවන දොස්තර මහතා තීරණය කිරීමයි.
නමුත් ඇයගේ මිතුරිය කෙසේ හො සොයාගැනීමට අදිටන් කරගන්නා ඇය උදවු සෙවීමේදී ඇයට ගිල්බට් හමුවේ. ඔහු පෙරදින රාත්‍රියේ ඇය සමග ගැටුමක් ඇතිකර ගෙන සිටියත් ඇයට උදව්වට සිටින්නේ ඔහුම පමනි. දොස්තරගේ තීරණය නිවැරදි බවත් තමාට රෝගී තත්වයක් ඇතිබවත් අකමැත්තෙන් උවත් පිළිගැනීමට අයිරිස් තීරණය කරනවා. නමුත් අහම්බෙන් මෙන් ගිල්බට් හට මිස් ෆ්රෝයි ගැන හෝඩුවාවල් ලැබෙනවා. ඒ ඔස්සේ මහත් පරිශ්‍රමයක් දරා මිස් ෆ්රෝයි ව සොයාගන්නා විට දොස්තර මහතා මෙන්ම දුම්රියේ බොහෝ දෙනෙක් මේ පැහැරගැනීමට හවුල් බව ඔවුන් තේරුම් ගන්නවා. මේ සියල්ලටම හේතු වන්නේ මිස් ෆ්රෝයි එංගලන්තය වෙනුවෙන් රහස් ඔත්තු සේවයක යෙදීමයි.
රසවිඳින්න ඔබත් මේ සිනමා පටය. පරිවර්තනයේ යම් යම් වැරදීම් ඇතුවාට සැකයක් නැහැ. ඒ වෙනුවෙන් හැමගෙන්ම සමාව අයදිනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. කීප වතාවක් ඉල්ලල තිබ්බ නිසා ඔන්න දුන්න. ඊලඟට Mr and Mrs Smith ද I Cofess ද ඕන.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
1,130 downloadsDownload The-Lady-Vanishes-1938.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
12 comments
Nuwan Manage
nimmi
me fillm ek hoyaganna ba
Hashan M. Priyadarshana
Thank you saho sub ekata..
Jaya wewa!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
indika75
thanks..
AsithaDilruwan
Ela saho thanks
jstar
thanks mabrooo ilagata onama film ekak denna sathutin baragannawa jaya...
Priyantha Dayakeerthi
අල්ෆඩ් හිච්කොක් සිනමාකරුවානන්ගේ Mr and Mrs Smith (1941) සහ I Cofess(1953) ෆිල්ම් දෙකේම වීඩියෝ මා ළඟ දැනට තිබෙනවා. කුමකට පළමුව සබ් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. කොහොමත් නරඹන්න කැමතියි. හැමදාම මේ වෙබ් එකට ඇවිත් බලන්නේ ඔබ දුන් සබ් එකක් තිබෙනවාද කියලා. සති දෙකකට වරක් හෝ ඔබ විසින් සබ් එකක් දෙන බව දන්නා නිසා. ඉති සබ් එක දුටු වහාම ඩවුන්ලෝඩ් කළා. ඔබට ගොඩක් ස්තුතියි! ඔබ මීට පෙර සබ් දුන් මැරලින් මොන්රෝ චිත්‍රපට මාලාවද සුරක්ෂිතව තිබෙනවා. නැවත නරඹන්නට. ඔබට ජය!
Kulanjana Maduranga
subata thanks saho...keep it up...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි
sasanka
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Niyamai.Parana films wlt sub krn ekata thanks