Watch Trailer

Chemical Hearts (2020) Sinhala Subtitles | ආදරයෙන් ලං වී, වෙන් වී ගිය හදවත් [සිංහල උපසිරසි] [18+]

හරියටම වසරකට කලින්, ඒ කිව්වේ පසුගිය වසරේ අගෝස්තු 21’වැනිදා Amazon Prime යටතේ නිකුත් වෙන මේ චිත්‍රපටයෙ පිටපත රචනයත් වගේම අධ්‍යක්ෂණය සිද්දවෙන්නෙ Southside with You (2016) සිනමා අධ්‍යක්ෂක Richard Tanne විසින්. IMDb දර්ශකයෙ 6.3/10 ක අගයකුත්, Rotten Tomatoes වෙබ්අඩවිය තුල 59% ක ප්‍රතිශතයක් ලබා ගන්නත් හැ…

හරියටම වසරකට කලින්, ඒ කිව්වේ පසුගිය වසරේ අගෝස්තු 21’වැනිදා Amazon Prime යටතේ නිකුත් වෙන මේ චිත්‍රපටයෙ පිටපත රචනයත් වගේම අධ්‍යක්ෂණය සිද්දවෙන්නෙ Southside with You (2016) සිනමා අධ්‍යක්ෂක Richard Tanne විසින්. IMDb දර්ශකයෙ 6.3/10 ක අගයකුත්, Rotten Tomatoes වෙබ්අඩවිය තුල 59% ක ප්‍රතිශතයක් ලබා ගන්නත් හැකියාව ලැබිලා තියෙනවා. ප්‍රධාන රංගනයෙන් Riverdale කතාමාලාව තුල ප්‍රධාන චරිතයක් වන, බොහෝදෙනෙක් දන්නා ‘බෙටි කූපර්ගෙ’ චරිතය වෙනුවෙන් තම දායකත්වය ලබා දෙන Lili Reinhart ඇතුළු Austin Abrams, Sarah Jones, Bruce Altman වැනි නළු/නිලියන්ද එකතු වෙලා තිබෙනවා. පැය 1 යි, විනාඩි 33 ක් පුරාවටම ධාවනය වෙන මේ චිත්‍රපටය Drama, Romance වර්ගීකරණ යටතෙ තමයි බිහිවෙලා තියෙන්නෙ.

බොහොමයක් ප්‍රේමාන්විත චිත්‍රපට නවකතා පාදක කරගනිමින් නිර්මාණය වුනා වගේම Chemical Hearts චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ 2016 වසරේදී ඔස්ට්‍රේලියානු නවකතා රචකාවියක වන ‘Krystal Sutherland’ විසින් රචනා කොට නිකුත් කල “Our Chemical Hearts” නවකතාව පාදක කරගෙනයි.

චිත්‍රපටයෙ කතාව නිරූපණය කරන ප්‍රධාන චරිත දෙකක් තියෙනවා. එයින් එක්කෙනෙක් තමයි ‘ග්‍රේස්’ කියන්නෙ. මෙයා කාලෙකට කලින් තමන්ගෙ පෙම්වතා එක්ක වාහනෙ ගමන් කරමින් ඉද්දි අනතුරට ලක් වෙලා එයා ආදරය කරපු කෙනා මැරිලා, ග්‍රේස්ට බරපතල තුවාල ඇතිවෙලා ආබාධිත වෙනවා. මුළුමනින්ම නෙවෙයි එක කකුලක දණහිසට හානි වෙනවා. වෙච්ච දේවල් එක්ක අලුත් ආරම්භයක් ලබාගන්න හැදුවත් ග්‍රේස් සමාජේ ඇසුරු කරන්න, තවත් කෙනෙකුට ආදරේ කරන්න පසුබට වෙනවා. අනතුරට ලක් වෙන්න කලින් එයා කෙටි දුර ධාවකයෙක් වගේම රචකාවියක් විදිහට කටයුතු කල කෙනෙක්. අනික් ප්‍රධාන චරිතය තමයි ‘හෙන්රි’ කියන්නෙ. මෙයා අති දක්ෂ රචකයෙක්. සමාජේ එක්ක මොන තරම් ලගින් ඇසුරු කරලා අත්දැකීම් තිබුනත් තවත් කෙනෙකුගෙන් ආදරේ ලබාගන්න බැරිව තනිවුන කෙනෙක්. ඉතිං වයස අවු.17 පසුවෙන මේ ග්‍රේස් හා හෙන්රි දෙන්නගෙ හමුවීම ප්‍රධාන වශයෙන් පාදක කරගෙන තමයි චිත්‍රපටයෙ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.

වෙන භාෂාවල ඒවා කෙසේ වෙතත් Amazon Prime යටතේ නිකුත් වෙන ඉංග්‍රීසි චිත්‍රපටවල අමුතුම රසයක්නෙ තියෙන්නෙ. ඉතිං මේකත් ඒ වගේම හොද රසවත් චිත්‍රපටයක් වේවි කියලා විශ්වාස කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,400 downloadsDownload Chemical-Hearts-2020.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,400 downloadsDownload Subtitles77 KB

17 comments

  1. indika75

    thanks..

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. kavinu

    මේකට සබ් ලැබෙයි කියල නං හිතුවෙම නෑ ❤️
    Woo! මේ වෙලාව වෙද්දි වැඩියෙන්ම ලව් කරන ෆිල්ම්වලින් එකක් මේ...

  4. Anonymous

    Thnkq

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Anonymous

    Sub ekata thanks Disney Clouds (2020) film ekatath sub denna

  7. Suranjan

    Thanks jayawewa...!

  8. Malaka prasad

    thnanx bro

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Anushka_dilshan

    thanx

  11. jagath55

    Thanks

  12. Rishantha

    Thanks for subtitle

  13. නිමල් දිසානායක

    විඳගන්නට යොවුන් ආදරයක මිහිර
    හොඳ ෆිලුමකට sub දෙන්නට වෙහෙසකර
    ගේමක් දී තිබේ සම්පත්, අගේ කර
    කියමි thanks පොඩ්ඩක්වත් ලොබ නොකර

  14. Ruchira

    Thanks for the sub!!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!