Red Lights ෆිල්ම් එකේ උණුසුම යන්නත් කලින්ම ඔන්න මම අදත් අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නියම බයිස්කෝප් එකක්. මට තාම horror ෆිල්ම් එකකට සබ් දෙන්න බැරි වුනු නිසා ඔන්න ඒකත් අද සම්පූර්ණ කර ගත්ත. කලින් ෆිල්ම් එක කට්ටිය ගොඩක් බාගෙන තිබුනු නිසා ඉක්මනින්ම තවත් එකක් දෙන්න ඕනෙ කියල හිතුන නිසයි මේ වැඩේට අත ගැහුවෙ.…

Red Lights ෆිල්ම් එකේ උණුසුම යන්නත් කලින්ම ඔන්න මම අදත් අරගෙන ආව මේ වසරේ නිකුත් වූ නියම බයිස්කෝප් එකක්. මට තාම horror ෆිල්ම් එකකට සබ් දෙන්න බැරි වුනු නිසා ඔන්න ඒකත් අද සම්පූර්ණ කර ගත්ත. කලින් ෆිල්ම් එක කට්ටිය ගොඩක් බාගෙන තිබුනු නිසා ඉක්මනින්ම තවත් එකක් දෙන්න ඕනෙ කියල හිතුන නිසයි මේ වැඩේට අත ගැහුවෙ. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ paranormal activity චිත්‍රපට මාලාවේ කථා රචකයා වන Oren Peliගේ නවතම නිර්මාණය තමයි මේ. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Bradley Parker විසින්. මෙහි Jesse McCartney, Jonathan Sadowski, Devin Kelley, Olivia Taylor Dudley, Nathan Phillips, Ingrid Bolsø Berdal, සහ Dimitri Diatchenko යන නළු නිළියන් ඉතාමත් ත්‍රාස්‍යජනක රංගනයක නිරත වනවා.
ලෝකයේ මෙතෙක් සිදුවුණ දරුණුම න්‍යෂ්ටික ඛේදවාචකයක් ලෙස සැලකෙන චර්නෝබිල් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පිපිරීමෙන් ප්‍රිප්යාට් නගරය අති විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. එහි තිබුන හැම දෙයක්ම වගේ විනාශ වුනා. ඒ නිසා මේ ප්‍රදේශය අවුරුදු ගානක් තිස්සෙ අත්හැරදාල තියෙන්නෙ. ඉතින් කවුද අකමැති මේ වගේ ප්‍රදේශයක පොඩි ටුවර් එකක් දාල සුපිරි අත්දැකීමක් ලබා ගන්න. (විශේෂයෙන්ම තරුණ කොල්ලො කෙල්ලො ටිකක්) හරියට මුලු නගරෙම තමන්ගෙ වගේ තමයි. මොකද කවුරුත් නෑනෙ. ඉතින් මෙහෙම කොල්ලො කෙල්ලො සෙට් එකක් යූරි කියල හමුදාවේ සේවය කල කෙනෙක්ගෙ මග පෙන්වීම යටතේ මේ නගරෙ සංචාරයක් කරන්න යනව. මෙයාල එහෙ යනකොට ඇතුල්වීමේ දොරටුවෙන් මෙයාලට යන්න දෙන්නෙ නෑ අලුත්වැඩියාවක් සිද්ද වෙනව කියල. ඉතින් ඒ නිසා මෙයාල හොර පාරකින් මේ නගරෙට රිංගනව. සම්පූර්ණයෙන්ම ජීවය නැතිවූ නගරයක් මෙයාලට දකින්න ලැබෙනව.. හැබැයි මෙහෙදි මේගොල්ලන්ට ලොකු ගැටලුවකට මුහුන පාන්න වෙනව…
එහෙනම් ඔයාලම බාගෙන බලන්න මෙයාලට මොකද මේ නගරය ඇතුලෙදි වෙන්නෙ, මේ නගරෙ මොනාද තියෙන්නෙ, මෙයාලට ආපහු එන්න ලැබෙයිද…කියන මේ හැමදේම බලන්න පුලුවන්. මේ වගේ කතාවක් තියන ෆිල්ම් එකක් බලන්න කවුරුත් අකමැති වෙන එකක් නම් නෑ. එහෙනම් හැමෝම ත්‍රාස්‍ය, භීතිය, කුතුහලය සපිරි මේ ෆිල්ම් එක හොඳට රසවිඳියි කියල මම හිතනව….
මේක මගේ 6 වෙනි නිර්මාණය. ඒත් මේක පළවෙන්නෙ මගේ 4වන නිර්මාණය හැටියට, ඉතිරි ෆිල්ම් දෙකත් ඔයාලට ලඟදීම ලැබෙයි. ඉතින් මම හිතනව මගේ කලින් නිර්මාණයට වගේම මේකටත් ඔයාල හොඳ ප්‍රතිචාර දක්වයි කියල. හොඳ හරි නරක හරි ප්‍රතිචාර දක්වනව නම් ඒක අපිට ලොකු හයියක් වෙනව ඉදිරියටත් සබ් දාන්න.. මොකද මේ ෆිල්ම් එක බලනව වගේ නෙමෙයි මහ රෑට සබ් දාන්න ගියාම තමයි ඇඬෙන්නෙ.. ඒ නිසා පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්න..
එහෙනම් හැමෝටම ත්‍රාස්‍යජනක දවසක් වේවා! මම ගිහින් එන්නම්, ඔබට ජය෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
8,381 downloadsDownload Chernobyl.Diaries.2012.SInhalaSubs.Baiscopelk-1.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
98 comments
kalana
darshana
thxxx saho.red light akath maxxama maxxa
ඉසුරු ප්‍රසාද් ප්‍රේමතුංග
නියමයි සහෝ... හොල්මං ෆිල්ම් එකක් නිසාම අනිවා බානවා ....ජයවේවා!!
eranga
Pattaa patta patta macho
අමීර
Thanks...
tharanga
එල එල සුපිරි,
gihan
Ela kollekney pata pata gala maxca awataka.denne
Jaya wewa,DJ චිකේයියා
අප්පේ කියන්න වචන නෑ. ගොඩාක් ස්තූතියී අලුත්ම හොරොර් ෆිල්ම් එකක් දුන්නට. පින් සිද්ද වෙච්චාවේ. මහ රෑටම බාගන්නවා.. තවත් එව්ව දෙන්න හොදේ........ :)
chammi
niyamai macho.... mamath kemathi mewage thriller ewata... jayawewa machan
naleen
බලමු පට්ට :)
සිංහලයා
නියමම ෆිල්ම්ස් දෙන්න දැන් මේක එනකම් උන්නේ මග බලන්
f_live
පට්ට කොල්ලෙක්නේ නියමම ෆිල්ම් එකක දීලා තියෙන්නේ වැඩේ පට්ටම පට්ට
KN Nish
එල තැන්කු මචන්..... :)
Isuru
thxxxxx :)
හොට්ටා
නියම ෆිල්ම් එකක්.. :-) ජය වේවා...!!!!!!
lasidu
මේක නම් එළම පහරක්
උදාර
ෂා එළනේ.... මේක නම් ලොවෙත් නෑ :)
අසංක
දැන් නේ මේක දැක්කේ නියම කොල්ලෙක් නේ..වැඩේ නම් සුපිරි ඔන්න ඔහොම නේ ඉන්න ඕනේ
rusuru | රුසිරු
අනිවා මචෝ මේක නම් සිරා ෆිල්ම් එකක් සබ් දුන්න එකට බොහෝ පින්
ccnp
wow...tx bro
quik
thxxxxxxxxxx
pubudu
niyamai wadey jayama wewa :)
mihin ලංකා
නියම වැඩක් සුභ පතනවා මේ වගේ අපි ගැන බලලා වැඩ කරන සහෝලා..ඔයාල ගැන ආඩම්බරයි අපිට..
vee
පට්ට පට පට මේක නම් එලම කිරි
akila
වා..ව් මම මේක බලන්නම උන්නේ..නියමයි තුති
wow
THXqqqqqQQQQQQ
MXX
සිරා කොල්ලා නියමයි :)
elakiri
මම කැමතිම ජාතියේ එකක්..ආයෙ පට්ට සහෝ දිදුල
lakshitha
TXX SAHO
ධනුෂ්ක ලක්මාල් (ධනා)
ගොඩක් ස්තුතියි සහෝ. ගොඩ දවසකින් බය හිතෙන එකක් බැලුවේ නැහැ. මේක බලන්න ඕනා අනිවා..
අහිංසක හිත්නේ.
කැළුම්
බොහොම පින් මේ ඔයාගේ කැප කිරීමට අපි හිස නමා ආචාර කරනවා
ganidu
නියමයි සහෝ මේක නම් මේ අවුරුද්දේ
ආවා පට්ට හොරර් එකකසබ් වලට තුති
dj
එලස් එලස් ජය වේවා බයිස්කෝප් දිදුල
දනුක
සුපිරි වැඩක් :)
wall e
මේක මම දැක්කා හොද ෆිල්ම් එකක් කියලා දාලා තියෙනවා.ජය වේවා
ymail
Thanks macho
යසස්
පට්ට කියලා වැඩක් නෑ සුපිරි
වෙනුර
දිදුල පට්ට ෆිල්ම්ස් නේ දැන් සබ් දෙන්නේ වැඩේ පට්ට දිගටම කරමු ඔන්න
g-a-n-d-u
හොද වැඩක් කලේ ඔයා මමත් බලන්න හිතන් උන්නු බයිස්කෝප් එකක්.ජය
bandula
thxxxxxx
vernie
මම මේවගේ films වලට ආසයි
පැතුම්
ජය වේවා
geeth
සුපිරි කතාවක් සබ් දුන්න එකට ජයම වේවා දිදුල සහෝට
Madhumali Niansala
gd jb didula kep it up(Y)
Tareen
elaz...max maxaa....mama horror balanna echchara asa ne bn....aeth ube mae lipiya kiyewwata passe kuthuhaletama down kara....supiri supiri mchn...weldn Didulaya.....thawa oneee....mewage wenas ewa...
නෙරංජි සුලක්ඛනා
නියම වැඩක්... ජය
Lahiru
sub walata tnx saho...
pathmitha
ගොඩාක් ස්තූතියී තවත් එව්ව දෙන්න හොදේ???
uda
අගෙයි දිදුල Kd සිල්වා සහෝ...
නියමයි වැඩේනම්!උණුසුම නිවෙන්ඩත් ඉස්සර ගිනියම් කළා... නෙහ්? ;)
හරි ජාති වැඩක් සහෝ, කමෙන්ට් ගැන වැඩිය නොහිතා අපි අපේ උදාරම්කමත් රැකගෙන ජයට මේ වැඩේ කරගෙන යමු.මම කලින් එකට කියපු එකම මෙතනත් කියන්නම්
උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ!!! හෙහ් හේ :P
මොනව වුණත් බලු නකුටුවල ඇද අරින්ඩ නොයා උණ පුරුක් පුරුදු විදිහටම කෙලින් ඉමු.
ජය වේවා සහෝ!!uda
ඇයි හත්තිලව්වේ... මේක අපි දෙන 400 වෙනි උපසිරැසිය නේද?
තව ඩිංගෙන් මටත් මේක මගෑරෙනවනේ හැබෑට!මම හිතං හිටියේ 400 දෙන්නේ සිකුරාදා නැතිනම් සෙනසුරාදා වේවි කියලයි. ඒකයි මේ මගෑරුණේ...
ඔන්න ඉතිං 300 දීලා ඉතාම කෙටි කලක් ඇතුළත(මයේ හිතේ දින 50ක්වත් නෑ) තව 100ක් සම්පූර්ණ කරල තියෙනවා එහෙනම් අපේ මිතුරු උපසිරැසි නිර්මාණකරුවන්ගෙන් ලැබුණු ගැම්මෙන්, හයියෙන්!
ඉතිං තවත් මහා දුරක් යන්නට මේ අපේ විබපළටත්, එහිම කොටසක් වන අදියුරු මඩුල්ලටත්, ඒ හා බැදී සිටින සියලූම උපසිරැසි නිර්මාණකරුවන්ටත්, සහය දෙන සැමටත් සුබ පතනවා ජය වේවා කියලා; චිරාත් කලක් යෙහෙන් වැජඹෙමින් තව තවත් මේ සත්කාර්යය වඩ වඩා සපලදායක අයුරින් කරගෙන යෑමට!
සදා ජය බයිස්කෝප්!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Pattaaaaaa maxxa macho