ඉස්කෝලෙ PTI තනතුර වෙනුවෙන් ගුරුවරු දෙදෙනෙක්ගේ තරඟාවලියක්… (PTI තනතුර විතරක්ම නෙවෙයි, ආදරයක් ලබා ගන්නත් එක්කයි තරග කරන්නෙ). ක්‍රීඩා තුනක් තෝර ගන්න ඕනෙ… සිං සර් ට හොඳම ක්‍රීඩකයො ලැබෙද්දි, මොන්ටු සර්ට ලැබෙන්නෙ… පොතේම ඔලුව ඔබාගෙන ඉන්න, ෆෝන් වලින් විතරක් ගේම් ගහන, පිට්ටනිය දිහාවත් නොබලන, කම්මැලිම ළමයි ට…

ඉස්කෝලෙ PTI තනතුර වෙනුවෙන් ගුරුවරු දෙදෙනෙක්ගේ තරඟාවලියක්… (PTI තනතුර විතරක්ම නෙවෙයි, ආදරයක් ලබා ගන්නත් එක්කයි තරග කරන්නෙ). ක්‍රීඩා තුනක් තෝර ගන්න ඕනෙ… සිං සර් ට හොඳම ක්‍රීඩකයො ලැබෙද්දි, මොන්ටු සර්ට ලැබෙන්නෙ… පොතේම ඔලුව ඔබාගෙන ඉන්න, ෆෝන් වලින් විතරක් ගේම් ගහන, පිට්ටනිය දිහාවත් නොබලන, කම්මැලිම ළමයි ටිකක්… ඒත් මොන්ටු සර් වැඩේ අතාරින්නෙ නෑ. මේ ළමයින්ව සම්පූර්නයෙන්ම වෙනස් කරනවා. අනුන්ගෙ වත්තකට පැනල පේර කඩන්න කියල, බල්ලො පස්සෙන් එලවද්දි තමයි රිලේ එක දුවන්න පුරුදු කරවන්නෙ. කුකුල්ලු අල්ලල තමයි කබඩි උගන්නන්නෙ. ගොම ගොඩවල් වටේ දුවවල බාස්කට් බෝල් පුහුනු කරවන්නෙ.
ඒත් හදිසියේම, තරඟාවලියට දවස් දෙකකට කලින් මොන්ටු සර්ගෙ කණ්ඩායමෙ ළමයින්ගෙ අම්මල තාත්තල ඇවිත් ළමයින්ව ගෙදර ඇදගෙන යනවා.
උදේ ඉඳන් රෑ වෙනකන් ඉගෙන ගන්නෙ නැතුව මෙතන සෙල්ලම් කරනවා.
ගනන් පීරියඩ් එකෙ කබඩි සෙල්ලම් කරනවා.
දවසම සෙල්ලම් කර කර හිටියොත් ඉගෙන ගන්නෙ කවද්ද?
ගිය වාරෙ මගෙ ලමයට ලකුනු 80යි. මේ වාරෙ ලකුනු 75යි.
ක්‍රිකට් ගැහුවොත් සචින් කෙනෙක් වෙයි කියල හරි හිතන්න පුලුවන්.
ඒත් බාස්කට් බෝලුයි කබඩියි සෙල්ලම් කරල මේගොල්ලො මොනව කරන්නද?
අම්මල තාත්තල එහෙමයි කිව්වෙ…
දංගල් ෆිල්ම් එක බැලුවද?.
ඒකෙ තාත්තල දෙන්නෙක් හිටියා.
එක්කෙනෙක් එයාගෙ දුවව පොඩි කාලෙදිම කසාද බන්දල දුන්නා.
අනිත් එක්කෙනා එයාගෙ දුවව කොච්චර දක්ශ අය බවට
පත් කලාද කියනවනම්…
එයා ඉන්දියාව වෙනුවෙන් රන් පදක්කම් දිනුවා.
දැන් තීරනය කරන්න ඔයා ඒ කොයි තාත්තද වෙන්නෙ කියල.
ඉස්කෝලෙන් ලමයි දෙන්නෙක්ව පරිගනක ශිශ්‍යත්වය වෙනුවෙන් නම් කරන්න ඕනෙ.
ඔයාට ඕනෙ නම් මම පින්කිගෙ නම කියන්නම්.
දුවේ ඔයාගෙ තාත්තා කැමති නෑ ඔයාගෙ ජීවිතේ දියුනු වෙනව දකින්න.
තරගෙට යන්නෙ නැතුව ගෙදර වැඩ කරන්නද කියන්නෙ?
නෑ නෑ පින්කි දුවේ අඬන්න එපා. තව පොඩ්ඩක් ලොකු උනාම ගෙදරින් පැනල යන්න.
මොනව කලත් ඔයාගෙ පුතා ෆේල් වෙයි. හරි උත්තර ලිව්වත් මම ෆේල් කරනවා.
මේ අවුරුද්ද නිකන් නාස්ති වෙලා යයි.
කියල පොඩි තර්ජනයක් කලාම අම්මල තාත්තල ළමයි එවන්න කැමති වෙනවා. තරඟාවලියට හොඳම දක්ශම කණ්ඩායම් දෙකක් තරඟ වදිනවා. දිනන්නෙ කවුද කියල කතාව බලල දැනගමු.
Chhalaang චිත්‍රපටිය Amazon Prime Video ඔස්සේ දිවාලි වෙනුවෙන් නිකුත් වූ චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නෙ Hansal Mehta. රංගනයෙන් දායක වෙන්නෙ Rajkummar Rao, Nushrat Bharucha, Mohammed Zeeshan Ayyub, Ila Arun සහ Saurabh Shukla. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Hitesh Sonik, Guru Randhawa–Vee, Yo Yo Honey Singh සහ Vishal–Shekhar. ගීත රචනය Luv Ranjan, Guru Randhawa, Yo Yo Honey Singh, Alfaaz, Hommie Dilliwala සහ Panchhi Jalonvi ගෙන්.
හොඳ පනිවිඩයක් දෙන සරල කතාවක් මේ චිත්‍රපටිය තුල තියෙනවා. ක්‍රීඩාවේ වැදගත්කම සහ සමානාත්මතාව ගැන කතාවෙන් විස්තර වෙනවා. හැබැයි කතාවෙ අලුත් දෙයක් නම් නැහැ. ඒත් බලන්න වටින චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්. හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
10,499 downloadsDownload Chhalaang-2020.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
26 comments
මයුර
Anonymous
මහත් ගත්තා ජු..දෙන්නම එකට බලමු එනම්
Prabodha
Godak sthuthi
theeraka widuranga
thanx sis sub ekata enakan balan hitye
yohan
thanks...thawath aluth hindi film ekakata sub denna..unlock 2020 hindi film ekata sub dennako...
yohan
376 d 2020 bharath hua sammaan 2020 mewatath sub denna puluwannam
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Pasindu Madumal
සබ් එකට බොහොම ස්තුතියි අක්කේ..!
රාජ්කුමාර්ගේ එකක් අතාරින්නේ කොහොමද. ❤️Anonymous
Thank you
Nelson Rodrigo
Good work dear thanks for the sub!
Arawinda Sunimal
ස්තුතියි උපසිරැසියට ජයවේවා බුදු සරණයි ...... DAHARA MUTHU AMA
Nilush Angana
Sub ekata thanx
kevin D...
Thanks...
jagath55
Thanks
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි.
Sohan Jayasooriya
ස්තූතියි අක්කේ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Duleepa
thanks for your subtitle..
G
Thank you.
MAALNATH
Thanks .............good luck ......
Anuradha Palinda
chup chup ke film ekata subtitle ekak dennako aiye please!
සාරංග ජේ. ලියනගම
Thanks...
Sahan Gayantha
thanks a lot sis sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
වාව් සුපිරි අක්කේ. අද හෙටම හම්බෙයි කියලා නම් හිතුවේ නෑ.
දැන් ඉතින් බලන්නනේ තියෙන්නේ. බොහොම තුති ඈ
කවර් පික් එක නම් පට්ට.