හරි අපූරු චිත්‍රපටියක් තමයි අද මේ ඔයාලට ගෙනල්ල තියන්නෙ. චිත්‍රපටියෙ නම නං ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇතිනෙ. චිත්‍රපටියෙ නම තමයි Max 2: White House Hero (2017) මේක අයිති වෙන්නෙ නම් Adventure ගණයට. ඉතින් 2017.05.05 තමයි මේ චිත්‍රපටයේ මුල්ම තිරගත වීම සිද්ධ වෙලා තියන්නෙ. මේ ලිපිය කියවන ඔයාලා අතර Max (2…

හරි අපූරු චිත්‍රපටියක් තමයි අද මේ ඔයාලට ගෙනල්ල තියන්නෙ. චිත්‍රපටියෙ නම නං ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇතිනෙ. චිත්‍රපටියෙ නම තමයි Max 2: White House Hero (2017)
මේක අයිති වෙන්නෙ නම් Adventure ගණයට. ඉතින් 2017.05.05 තමයි මේ චිත්‍රපටයේ මුල්ම තිරගත වීම සිද්ධ වෙලා තියන්නෙ. මේ ලිපිය කියවන ඔයාලා අතර Max (2015) චිත්‍රපටිය බලපු අයත් ඇති නැති අයත් ඇති. ඒ කොහොම වුනත් මේ චිත්‍රපටිය බල්න්න Max පළමු චිත්‍රපටය නැරඹීම අත්‍යවශ්‍ය වෙන්නෙ නෑ. මොකද කිව්වොත් පළවෙනි චිත්‍රපටයේ අනුප්‍රාප්තිකයක් තමයි මේ Max 2.ඒ හින්දා චිත්‍රපටි දෙකේ කතා පිටපත් අතර කිසිම සම්බන්ධයක් නෑ. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය ගැන කිව්වොත් Warner Bros. සහ Sunswept Entertainmentකියන සමාගම් දෙක තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියන්නෙ.මේ චිත්‍රපටියේ IMDB අගය නම් 5.2 ලෙස තමා සටහන් වෙලා තියන්නෙ.
හරි දැන් ඉතින් වටේ විස්තර ගැන කතා කරා ඇතිනෙ. අපි දැන් කතාව පැත්තට හැරෙමු. අපේ කතාව ගෙතෙන්නෙ ඇමරිකානු ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයට සම්බන්ධවයි. ඉතින් මේකෙ ප්‍රධාන චරිත දෙකක් තමයි මැක්ස් කියන ආරක්ෂක සුනඛයා සහ අලුත් ජනාධිපතිගෙ පුතා ටීජේ බෙනට්. එයා එයාගෙ පරණ ජීවිතෙන් ව්න් වෙලා ධවල මන්දිරේ ජීවත් වෙන්න එන්න සිද්ධ වෙච්ච එක ගැන කණගාටුවෙන් ඉන්න වෙලාවෙ තමයි මෙයාට මැක්ස්ව හම්බ වෙන්නෙ. මැක්ස් ධවල මන්දිරයට එන්නෙ එහෙ කනින් හිටපු ආරක්ෂක සුනඛයා චාලි වෙනුවට සතියක රාජකාරි කාලයකට. මොකද මේ අස්සෙ රුසියානු ජනාධිපතිත් එනවා සතියක සංචාරයකට. ටීජේට මැක්ස්ව හම්බුනාට පස්සෙ ටීජේගෙ හොඳම යාළුවා වෙන්නෙ මැක්ස්. ඉතින් අපි බලමු ඉස්සරහට මේ දෙන්නා එකතු වෙලා මොන මොන වගේ වැඩ කරයිද කියලා. එහෙනම් ඔයාලා චිත්‍රපටිය රසවිඳින්න මම යනවා. බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,156 downloadsDownload Max-2-White-House-Hero-2017.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පමිත උත්පල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-11-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පමිත උත්පල
Subtitles
23 comments
එල්.සී. දමැල්
Hiranya dulaj
උපසිරැසි පෙළ ගොඩක් හොඳයි. තවත් මේ වගේ ඒවා කරන්න ඕන කොල්ලො.
Pamitha Uthpala
Thanks mchan
Hiruna medan
supiri
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Nipuni Neranjana
Well done malli. Keep it up. All the best!
Chamuditha Kalhara
පළමු උපසිරැසි ගැන්වීමට සුබ පැතුම්....
Nelson Rodrigo
Good work friend, thanks for the sub!
දිල්ශාන් සචින්ත
පලමු වැඩේට සුබපැතුම් මලේ. දිගටම සබ් දෙමු. ජය
රොෂාන් ශමීර ජයසිංහ
පළවෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්...
තව තවත් උපසිරසි නිර්මාණයට ශක්තිය, වාසනාව, කාලය ලැබේවා...
~ ජය වේවා ~Pamitha Uthpala
Thank you ayye..
D.Chamara
බොහොම ස්තූතියි .... !
Kapila
Niyamai malli..
viraj
upasirasa ganveemata sthuthi
eth sub eka downlard keranna ba poddak balannaWaruna Udara
Sub eka download karanna bane. Page Not Found kiyala penwanne.
එල්.සී. දමැල්
එහෙම ගැටළුවක්නම් නැහැ. ALT යතුර ප්‍රෙස් කරගෙනම ඩවුන්ලෝඩ් කරලා බලන්න.
Niragi Aushadhini
All the best Pamitha❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Geethi
Thank You.
Nud
Thank you for the subtitle
ජය වේවාMAALNATH
Thanks ...........good luck .........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්.
දිගටම සබ් සහ අනිත් දේවලුත් සාර්ථකව කරගන්න අවශ්‍ය කාලය හා හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා :)
ජය… :D