කොවිඩ් වසංගතය නිසා අසාධාරණයට ලක් වුන චිත්‍රපට අතරට එක් වුන තවත් චිත්‍රපටයක් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. ස්වභාවික ව්‍යවසනයන් ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ කියලා හිතනවා. මොකද කොවිඩ් කියන වසංගතයම මේ වෙද්දී සුළි කුණාටු, සුනාමි වගෙ ව්‍යසන වලටත් වඩා එහා ගිය නරක තත්වයක් උදා කරපු, මිනිස් ජීවීත තවමත් නැත…

කොවිඩ් වසංගතය නිසා අසාධාරණයට ලක් වුන චිත්‍රපට අතරට එක් වුන තවත් චිත්‍රපටයක් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. ස්වභාවික ව්‍යවසනයන් ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ කියලා හිතනවා. මොකද කොවිඩ් කියන වසංගතයම මේ වෙද්දී සුළි කුණාටු, සුනාමි වගෙ ව්‍යසන වලටත් වඩා එහා ගිය නරක තත්වයක් උදා කරපු, මිනිස් ජීවීත තවමත් නැති කරගෙන යන තත්වයක් වෙලා තියෙන්නෙ.

මේ වෙද්දී ඇටසැකිලි, පර්යේෂණ හා චිත්‍රපට වලට සීමා වුන දැවැන්තයින්ගෙ නෂ්ට වීමට හේතුවක් වුන, වසර මිලියන 66කට පෙර ඇස්ට්‍රොයිඩ් (ග්‍රාහක) ගැටුම මතකද? මේ හා සමානම ග්‍රාහකයක් නැවත වතාවක් මේ වගෙ කාලෙක පෘතුවියට කඩාගෙන වැටුනොත් මොන විදිහෙ දෙයක් වේවිද? තාක්ෂණය කියන දේ කොයි තරම් ප්‍රබල වුනත්, මිනිස් වගේම සත්ව ජීවීත කීයක් තමන්ගෙ ජීවීතය බේර ගනීවිද? තමන්ගෙ වගේම තමන්ගෙ ආදරණියන්ගෙ ජීවීත බේරගන්න මිනිස්සු මොන තරම් ආත්මාර්ථකාමී වේවිද? මේ එකකටවත් හරියටම පිළිතුරු දෙන්න දෙන්න හො හිතාගන්නවත් බැරි තරම් අමාරුයි. ඩයිනෝසෝරයින් විනාශයට හේතු වූ, ඊටත් වඩා ප්‍රබල හා විශාල ග්‍රාහකයක් වර්තමානයෙ දවසක පෘතුවියට කඩාගෙන වැටුනොත් මොන විදිහෙ තත්වයක් ඇතිවේද යන්න යන දේ අලලා තමයි Greenland චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.
මේ වසරේ ජූලි 29’වැනිදා බෙල්ජියමේ තිරගත කිරීම ආරම්භ කල චිත්‍රපටය ඔක්තෝබර් 22′ වැනිදා දක්වා, නිකුත් කිරීම කල් යවමින්, කඩින් කඩ රටවල් කිහියක, තෝරාගත් සිනමාශාලා කිහිපයකම (ඇමරිකාව හැර) තිරගත වී තිබෙනවා. ඇ. ඩො. මි. 35ක වියදමකින් නිර්මාණය වූ චිත්‍රපටයට ලොකු ආදායම් උපයන්න ලැබෙන්නෙ නැහැ. හැබැයි චිත්‍රපටයෙ වියදම පියවා ගන්නට හැකියාව ලැබෙනවා. විශේෂම කාරණාව තමයි,
- COVID-19 වසංගතය හමුවේ වුවද Gerard Butler ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වූ Olympus Has Fallen චිත්‍රපටයට හැකි වුනාටත් වඩා වැඩියෙන් මේ Greenland චිත්‍රපටය ප්‍රංශය තුල ප්‍රවේශ පත්‍ර 31,000ක් විකිණෙමින්, ඇ. ඩො. 255,000 උපයා ගනිමින් 61%ක විකිනුමක් මේ චිත්‍රපටයට ලබා ගැනීමට හැකි වී තිබෙනවා.
පසුගිය වසරේ නිකුත් වූ Angel Has Fallen සිනමා අධ්‍යක්ෂක Ric Roman Waugh යටතේ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නෙ. මෙහි Gerard Butler, Morena Baccarin,Roger Dale Floyd, Scott Glenn, David Denman, Hope Davis යන අය රංගනයෙන් සම්බන්ධ වී තිබෙනවා. මුල් කාලයෙ කැප්ටන් ඇමරිකා රංගන ශිල්පී ක්‍රිස් එවන්ස් පවා රංගනයෙන් එකතු වන අය එකතු වී තිබුනත් පස්සෙ ඔහු ඉවත් වී තිබෙනවා. විනාඩි 119ක් පුරාවට ධාවනය වන මේ චිත්‍රපටය මේ වෙද්දී IMDb දර්ශකයෙ 6.4/10ක අගයකුත්, Rotten Tomatoes තුල 100% අගයකුත් ලබාගන්නට හැකියාව ලැබී තිබෙනවා.
2012, San Andreas, Geostorm චිත්‍රපට රස විදපු කෙනෙක් නම්, ඒ හා සමාන ව්‍යසන තත්වයක අත්දැකීමක් ලබාගන්න කැමති නම් අනිවාර්යෙන්ම අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
24,087 downloadsDownload Greenland-2020-Blu-Ray.zip218 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
54 comments
Supun Kaushalya
Pasindu Madumal
ලෝක විනාශයක් නම් නොබල කොහොමද?
එනකම් බලන් හිටියේ, සබට තුති චාමර අයියේ ❤️sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
kevin D...
Thanks...
Ashan
සබට ගොඩාක් ස්තූතියි හොදේ ...ජය වේවා
Anonymous
thnks bro..
Anonymous
Thanx for your valuable time bro.Good luck....
නිමේෂ් කාවින්ද .
උපසිරසි දෙනකම් බලන් හිටපු ෆිලුමක් ! ✌️✌️✌️ ස්තූතියි චාමර සහෝ !
Hemal
Thank you Bro
Anonymous
Thank u so much
Geeth
Thanks
Suranjan
Thanks jayawewa.....!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sohan Jayasooriya
අම්මෝ දෙනකම් බලන් හිටිය එකක් ස්තූතියි අයියේ සබ් එකට
Udaya Fdo
Thank you
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි අයියේ ☺️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Shaggy
Thank you very much brthr
damith
thanks bro. jaya wewa....!!!
සංජය ලක්මාල් ලියනගේ
බොහොම ස්තූතියි සහෝදරයා....ජය වේවා..!!!
nirosha
kalekin balapu supiri film ekak.thanks
Nadeera
Thank you brother.. <3 | Blacklist season 7 eke Sub tikath dennako mchn
prasanga
thanks....
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
Anonymous
*thank you*
Anonymous
පට්ටම movie එකක් . Thanks චාමර සම්පත්
මයුර
බොහොම ස්තුතියි චාමර
සිංහල උපසිරසියටAkila
Thanks
Udara Damith Dissanayaka
ela
jagath55
Thanks
tv malli
sub ekata tnx bn
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
suranuwan
thanks bro...
Pramukmili
Thanx bro..............
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
tharangani
thanx
Nelson Rodrigo
Good work friend, thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
OOkane ithin Kanda beri wede...Ko bluray Copy Sub Aka...? Web Vitharada Denne..?
Asadaranaine...? ........Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
lakshan
thanks .....................
ishan
Thanx bro sub ekata
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!සචින්ත කල්හාර බෙනට්
ela
මධුකප්‍රිය පෙරේරා
thanks chammu
mindika
Thanks !!!
Anonymous
Thanks bro
sasanka sathyajith
Thanks for the sub
හසිත
සබ් එක දුන්නාට ස්තුතියි.
Dewadithya
Thanks for sub!
Achini amaya
Thanks for ..
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
තෑන්ක්ස් සහෝ