Watch Trailer

Chicken Little (2005) with Sinhala Subtitles|කුකුළු පැටියගේ ඔළුවට ඇවිත් වැදුණේ ඇත්තටම ඕක් ගෙඩියක්ද? අහසද? නැත්නම් වෙන මොකක්හරිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ… මම තමයි කුකුළු පැටියා. මම ගැන කතාව ඔයාලා අහලා ඇති, හැබැයි බාගෙට. හරි මුලින්ම මම කියන්නම්කො මුල ඉඳංම මට සිද්ධ වුණු දේවල් ටික. දවසක් මගේ ඔළුවට මොකක්දෝ දෙයක් ඇවිත් වැදුණා. ඒක ආවේ අහසින් කියලා මටනම් විශ්වාසයි. ඒ වැටුණු කෑල්ල හරියට නිකං පාරෙ නවතිනු, කියලා තියෙන බෝඩ් එකක් වගෙයි. ඒක…

කොහොමද ඉතින් යාළුවනේ… මම තමයි කුකුළු පැටියා. මම ගැන කතාව ඔයාලා අහලා ඇති, හැබැයි බාගෙට.

හරි මුලින්ම මම කියන්නම්කො මුල ඉඳංම මට සිද්ධ වුණු දේවල් ටික. දවසක් මගේ ඔළුවට මොකක්දෝ දෙයක් ඇවිත් වැදුණා. ඒක ආවේ අහසින් කියලා මටනම් විශ්වාසයි. ඒ වැටුණු කෑල්ල හරියට නිකං පාරෙ නවතිනු, කියලා තියෙන බෝඩ් එකක් වගෙයි. ඒක වුණේ හරියටම මම ඕක් ගහ යට ඉඳිද්දීයි. මම විශ්වාස කළා, ආයෙ දෙකක් නැහැ ඒ අහස කඩාගෙන වැටෙන්න යන එකේ පෙර නිමිත්තක් කියලා. මම මේ ගැන අනතුරු අඟවන්න හැමෝටම අපේ ඉස්කෝලේ සීනුව නාද කළා. ගමේ හැමෝම ආවා. ඒත් මම සිද්ධිය පැහැදිලි කරද්දී ඒගොල්ලෝ කිව්වේ ඒ මගේ ඔළුවෙ වැදුණෙ ගහෙන් වැටුණු ඕක් ගෙඩියක් කියලා. දුක කියන්නේ, මගේ තාත්තාත් මම කිව්ව දේ විශ්වාස කළේ නැහැ. එයා ගමේ අයගෙන් මගෙන් වුණේ වැරැද්දක් කියලා සමාව ඉල්ලුවා. තාත්තා ගොඩක් ලැජ්ජාවට පත් වුණා. රටේ ලෝකෙ පවා ඒ සිද්ධිය නිසා මාව සමච්චලයට අරගෙන චිත්‍රපට, කැසට්, සීඩී, පොත්, බඩු භාණ්ඩ ආදිය පවා නිර්මාණය වුණා.

මම හිතන්නේ ඔයාලාත් තාම මම ගැන වැරදි අවබෝධයෙන් ඇති. ඔයාලත් හිතනවා ඇත්තේ මම අහස කඩං වැටෙනවා කිව්වත් ඇත්තටම මගේ ඔළුවට වැදුණේ ඕක් ගෙඩියක් හරි වෙනත් යමක් කියලා හරි වෙන්න ඇති. නමුත් පසුවට සිද්ධ වුණු දේවල් ඔයාලගෙන් ගොඩක් දෙනෙක් දන්නෙ නෑනෙ.

රටේම මමයි තාත්තයි ලැජ්ජාවෙන්, අපහසුතාවෙන් ඉන්න අතරේ අලි මදිවට කොටි වගේ මට ඉස්කෝලෙදිත් ලැජ්ජා වීම් වලට භාජනය වෙන්න සිද්ධ වුණා. හැබැයි මට මාව විශ්වාස කරන හොඳ යාළුවො ටිකක් මගේ ඉස්කෝලෙ හිටියා. ඒ අයගෙ නම් මතක් නොකළොත් මම හිතන්නේ මම කරන්නෙ අඩුවක්. මගේ හොඳම යෙහෙළිය වුණේ ඇබී. එයාට අනිත් අයනම් කිව්වේ කැත තාරා පැටියා කියලා. මගේ අනිත් යාළුවා මාළුවෙක්. එයාගෙ නම මාළුවා ම තමයි. අනිත් යාළුවා ඌරෙක්. එයාගෙ නම රන්ට්. ඔය යාළුවො අතරෙත් මාව අමාරුවෙ දාන්න හදපු කපටි නරියෙක් වුණු ෆොක්සි යෙහෙළියත් නැතිවම නෙමෙයි. කවුරු විශ්වාස නොකළත් අහස කඩං වැටීමේ ප්‍රශ්ණය ඇත්ත යමක් කියලා අපේ මුළු ලෝකයටම පිළිගන්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ තරු පෙනුණම තමයි ලෝකෙට මාව මතක් වෙන්නේ…

විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තියෙනවා. මගේ මේ කතාව අධ්‍යයක්ෂණය කළේ Mark Dindal විසින්. ඒ වගේම මට වෙච්ච මේ සැබෑ සිදුවීමට සම්මාන 4ක් දිනාගන්න පුළුවන් වුණා වගේම තව සම්මාන 15කට නාමයෝජනාත් ලැබුණා. IMDb එකේ 5.8ක ලකුණු ප්‍රමාණයකුත් හිමි වුණා.

ඉතින් ඔයාලට ආරාධනා කරනවා මට වුණ ඇත්තම සිදුවීම නරඹන්න කියලා. ගිහින් එන්නම්…

Chicken Little (2005) on IMDb

 

 

1001 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

7DB67F79C2E974DB1EA25437C90DDA86DBD999F8

1.54 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න

8D1899A6B81A8EB300EE847F249E72F54C10ACAA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,793 downloadsDownload Chicken.Little.2005.baiscopelk.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/L.C-De-Mal.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

1,793 downloadsDownload Subtitles79 KB

12 comments

  1. චාමිකර විදානගේ (චාමි)

    මේ කාටුන් ඒක මම ගොඩක් කාලෙකට කලින් බැලුවා. එතකොට මම ඉස්කෝලේ යනවා. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි වලට. මේක ලස්සන කතාවක්. ජය වේවා.!!! :)

  2. akskshan

    thnx saho……..
    ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
    මම අලුතින් alert servise 1k පටන් ගත්තා
    baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
    මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
    පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
    හැමෝටම ජය වේවා!!!!!!!

  3. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. Darshana

    Sub ekata thanks saho..

  5. Sajith Anthony

    මේක බලල තියනව. ඒත් ආයිත් බලන්න පුලුවන් මේක මන් ආසම Cartoon එකක්.
    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා....!!!

  6. thisal

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,

  7. ras

    සබ් එකට ගොඩාක් ස්තුතියි

  8. Kulanjana Maduranga

    niayamai… thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Sanath Perera

    thanks for sub bro...

  10. රොයිලි

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. ...ලෝක හොරා....

    නියමල් මැලෝ හිටන්…..
    දිගටම සබ් දෙමු හිටන්…
    අනිව බැලිල්ලක් තමයි හිටන්..
    ඔන්න බාන්න දැම්මා හිටන්…..
    අළුත් ටිකකුත් දෙමු..

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  12. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴