Watch Trailer

Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සතුටුදායක අවසානයද,ඇරඹුමද? [සිංහල උපසිරැසි]

Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles කොක්-අ-ඩූඩ්ල්-ඩූ, නැගිටින්න..අවුරුදු 23 කට පස්සෙ CHICKEN RUN දෙවෙනි කොටස ඔන්න 2023 දෙසැම්බරයෙ NETFLIX එකට නිකුත් උනා. 2000 වසරෙදි ආපු CHICKEN RUN මුල් කොටස නොබලපු සිනමා රසිකයො ලෝකෙ නැති තරම්.ඒ කාලෙ ඒක පිස්සුවක්. ඒකට සමගාමීව ආපු වෙනත් කාටූන්,…

Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles

කොක්-අ-ඩූඩ්ල්-ඩූ, නැගිටින්න..අවුරුදු 23 කට පස්සෙ CHICKEN RUN දෙවෙනි කොටස ඔන්න 2023 දෙසැම්බරයෙ NETFLIX එකට නිකුත් උනා. 2000 වසරෙදි ආපු CHICKEN RUN මුල් කොටස නොබලපු සිනමා රසිකයො ලෝකෙ නැති තරම්.ඒ කාලෙ ඒක පිස්සුවක්. ඒකට සමගාමීව ආපු වෙනත් කාටූන්, කතන්දර මෙන්ම පරිගණක සහ ඇන්ඩ්‍රොයිඩ ක්‍රීඩා අදත් බහුලව දකින්න පුළුවන්. ඇනිමේශන් කළාවෙ එක සන්ධිස්ථානයක් තමයි ඒක. අව්දුරු 23 කින් පසු ඒ කලාවෙ දියුණුව සංසන්දනය කරල බලන්න හොඳම නිදර්ශණය තමයි අලුත් චිත්‍රපටිය.

Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles

2000 දී මුල් කොටස හැදුවට පසුව, DreamWorks Animation හි ප්‍රධාන විධායක නිලධාරී සහ චිත්‍රපටයේ විධායක නිෂ්පාදකයෙකු වන Jeffrey Katzenberg, දෙවෙනි කොටසක් සෑදීමේ අදහස යෝජනා කලා. ඒත් මුල් චිත්‍රපටය සම්පූර්ණ කිරීමෙන් පසු එහි සේවකයින් හොඳටම වෙහෙසට පත් වෙලා. ඒ නිසා අදහස් යෝජනා කොච්චර තිබුනත් දෙවෙනි කොටස කරන එක දිනෙන් දින ප්‍රමාද උනා.ඇත්තටම ඒක ලේසි පහසු කාර්‍ය්‍යයක් නෙමෙයිනේ.කොහොම උනත් 2016 ඉඳල සාකච්ඡා කරල අන්තිමේ 2019 දෙවෙනි කොටස ආරම්භ කිරීමට සැලසුම් වෙනවා. මේ කොටස SAM FELL අධ්‍යක්ෂණය කරන ලද අතර, මුල් පිටපතේ රචකයින් වන KARE KIRKPATRICK සහ JHON O’FERALLE මෙහිත් රචකයන් ලෙස කටයුතු කරනවා

Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles

2019 ඔක්තෝබර් 16 දින, චිත්‍රපටය නිල වශයෙන් පූර්ව නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය. 2005 දී ගබඩාවක ඇති වූ ගින්නකින් විනාශ වූ පසු මුල් චිත්‍රපටයේ මුක්කු සහ ආකෘති ඉතා ස්වල්පයක් ඉතිරි වූ නිසා, ෆෙල් සහ ඔහුගේ කණ්ඩායම මුල් චිත්‍රපටයේ පොත් සෑදීමේ පරිශීලන ඡායාරූප භාවිතා කිරීමට යොමු උනා

Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles

Chicken Run: Dawn of the Nugget සඳහා, සජීවිකරණ ශිල්පීන් 30 ක් සහ ඒකක 45 කින් යුත් කණ්ඩායමක් සහභාගි කර ගත්තා. වෙනස් වෙන මුහුණේ ඉරියව් සඳහා අති විශාල ආකෘති ගනනාවක් නිශ්පාදනය කරන්න මොවුන්ට සිදු උනා. මේකෙ වඩාත් ආකර්ෂණීය ස්ථානය වන්නේ දූපත් ගම්මානයයි, ෆෙල් කියන හැටියට මේක ගොඩ නගන්නට වසර දෙකක් ගත උනා. තත්පර 30-ක රූප ගත කිරීමකට සමහර විට සති 4-5 ක සූදානමක් සමග සති 18ක් ගත උනාලු. කොච්චර සං‍යමක් තියෙන්න ඕනෙද?

Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles

ඉතිං කතාව කියන්න ඕනෙද? බලන්න පුළුවන් එකේ? ටිකක් කියනවා නම් ඔයාල දන්නවනේ පළමු කොටසේ කුකුළ්ලු ටික නිදහස සොයා ගෙන ගොවිපොළෙන් බේරිල එනවා. ඒත් ඊළඟ පරපුරට ඒක හිර ගෙයක්. එයාල නිදහස අර්ථකථනය කරන්නෙ කොහොමද? එයාල දූපතින් පිටත තමයි නිදහස සොයන්නෙ.එහෙම නිදහස සොයා ගෙන දූපතින් පැන යන පුංචි මොලී මුහුණ දෙන අත්දැකීම් තමයි මේ කථාවට පාදක වෙන්නෙ. කළින් ගොවිපොළ කඩාගෙන එළියට ආපු ජින්ජර් ප්‍රමූඛ කුකුළු රෑණට ආයෙමත් ඉතා ආරක්ෂිත නවීන පන්නයේ ගොවිපොළක් කඩා ගෙන ඇතුළට යන්න වෙලා මොලී හොයා ගෙන. එහෙදි ඔවුන්ට හමු වෙන්නෙ කවුද? පරණ ලොක්කි මිසිස් ට්වීඩිමයි. පරණ කුකුළ රොකී බලා ගෙන ඉන්නෙ ආයෙ හඬලන්නෙ කවද්ද කියල.

Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles

එහෙනම් මේ නිවාඩු කාලෙ බාල මහළු කාටත් නිදහසේ බලන්න් ලස්සන අලූත්ම ඇනිමේශන් එක

කොක්-අ-ඩූඩ්ල්-ඩූ !!!

නැවත හමු වෙමු. ආයුබෝවන්!

https://youtu.be/uc0kllY_Rgo

https://m.imdb.com/title/tt22818604/

https://en.m.wikipedia.org/wiki/Kaathal_%E2%80%93_The_Core

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

16,866 downloadsDownload Chicken.Run_.Dawn_.Of_.The_.Nugget.2023.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kadhal – The Core (2023) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

16,866 downloadsDownload Subtitles45 KB

18 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Anonymous

    බොහොම ස්තූතියි මිත්‍රයා. ජයෙන් ජයම වේවා...!!

  3. Nuwan Manage

    ස්තුතියි සහෝදරයා උපසිරැසියට... ජයවේවා

  4. Buddhika Lakmal

    සබ් දෙනකං හිටපු ෆිලුමක්....
    තෑන්ක්ස් මචෝ....

  5. Lahiru dilan

    bro

  6. Dumidu

    A Bronx Tale කියන ෆිල්ම් එකේ subtitle දෙන්න පුළුවන්ද?

  7. Roshan

    Thnx bro.Great job.Good luck.

  8. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  9. Anonymous

    Thanks ban

  10. Emi

    Thank you so much

  11. Anonymous

    Thank you

  12. Anonymous

    Thanks, Mchn
    podi ekath baluwa

  13. mindika

    Thanks !!!

  14. Malith samarawickrama

    Thanks bro sub ekata

  15. Dill

    Thank you very much....!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Dewadithya

    Thanks for sub!

  18. nadula udam

    supiri