Watch Trailer

Nothing to Hide (2018) Sinhala Subtitles | හැමෝගෙම රහස් එළියට ආවොත්… [සිංහල උපසිරැසි]

Nothing to Hide (2018) Sinhala Subtitles ඔයාලට මම අරගෙන ආවෙ 2018දී නිකුත් වුණ Nothing to Hide කියන ප්‍රංශ ෆිල්ම් එක. මේක Drama/Thriller/Comedy යන genres වලට තමයි අයිති වෙන්නේ. IMDB අගය 6.8 කුත්, Rotten Tomatoesවල 83% ප්‍රතිශතයකුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. මේක Perfect Strangers කියන ඉතාල…

Nothing to Hide (2018) Sinhala Subtitles

ඔයාලට මම අරගෙන ආවෙ 2018දී නිකුත් වුණ Nothing to Hide කියන ප්‍රංශ ෆිල්ම් එක. මේක Drama/Thriller/Comedy යන genres වලට තමයි අයිති වෙන්නේ. IMDB අගය 6.8 කුත්, Rotten Tomatoesවල 83%  ප්‍රතිශතයකුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. මේක Perfect Strangers කියන ඉතාලි ෆිල්ම් එකේ remake එකක්.

ඒවගේම මට අනිවාර්යෙන් කියන්න පුළුවන් මේක ඔයාලට පටන් ගත්ත වෙලාවේ ඉදන් අන්තිම වෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් ෆිල්ම් එකක් වෙයි කියලා! ඔයාල මේකෙ ඉංග්‍රීසි හඩකවපු එකට වඩා, original audio(french) එකෙන්ම බැලුවොත් හොදයි කියලත් මතක් කරනවා. මොකද English එකේදි තැන් කීපයක උපසිරැසි හරියටම sync වෙන්නෙ නැතිවෙනවා..ලොකුවට ගැටලුවකුත් නැහැ ඉතිං.. Nothing to Hide (2018) Sinhala Subtitles

කතාව ගැන කිව්වොත්, මේ ෆිල්ම් එකේ වෙන්නේ වින්සන්ට් කියන කෙනාගෙ ගෙදර වෙන සිද්ධියක් ගැන. මේ වින්සන්ට් එයාගෙ ගෙදර ඩිනර් එකකට එයාගේ යාළුවන්ට ආරාධනා කරනවා..පස්සෙ කට්ටියම ඇවිල්ලා, කතා කර කර එහෙම ඉද්දි එක දෙයක් නිසා එක්කෙනෙක්ට පොඩි ගේම් එකක් කරන්න අදහසක් එනවා. ඒකෙදි  කරන්න ඕනේ  තම තමන්ගෙ ෆෝන් මේසය උඩින් තියලා, ඒ වෙලාවේදි එන හැම කෝල් එකක්ම, මැසේජ් එකක්ම, ඊමේල් එකක්ම අනෙක් අයටත් ඇහෙන්න කියවන්න ඕන එක. මුලදිනම් කට්ටිය හිනාවෙවී හිටියට කට්ටිය හංගගෙන හිටය දේවල් ටික ටික එළියට එද්දිනම් ඒක එහෙම වෙන්නෙ නෑ..ඒක ඉතිං ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න..    Nothing to Hide (2018) Sinhala Subtitles

තව දෙයක්, මේ ෆිල්ම් එකේ අන්තිමේදි එක තැනක ඉදන් ඔයාලට හිතෙයි මේ මොකද මේ වෙන්නේ කියලා.spoil වෙන නිසා මම මෙතනදි ඒක කියන්නෙ නෑ, ඔයාලම කල්පනා කරලා බලන්න…”හැමෝගෙම රහස් එළියට ආවොත් මොකක් වෙයිද?” කියන එක hint එකක් විදියට ගන්න.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,373 downloadsDownload Nothing-to-Hide-2018.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර මධුසංඛ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-08
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

ඉෂාර මධුසංඛ

Subtitles

4,373 downloadsDownload Subtitles55 KB

14 comments

  1. ravindra

    සබ්ටයිටල් දෙන ගොඩක් ෆිල්ම් වල ලීන්ක් වැඩ කරන්නේ නෑ . yts වලට දෙන්න.

    1. විමා

      ඩව්න්ලෝඩ් වෙබ් අඩවියෙන් අරගන්න පුළුවන් සහෝ.
      එහෙම නැත්නම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයින් වෙන්න.

  2. Pahasara

    Thankz saho...

  3. Buddhika Lakmal

    සබට තෑන්ක්ස් මචෝ....
    ඔය වගේම මූවි එකක් තියෙනවා මලයාලම් එකක් 12th Man (2022) කියලා....
    මේක බලලම ඉමුකෝ දෙකම එකමද කියලා...

    1. Ishara

      නෑ සහෝ, මාත් ඒක බලලා තියෙනවා..ෆිල්ම් දෙක වෙනස්. මේකත් බලන්න ; )

    2. Buddhika Lakmal

      එළ එළ මචං.. පළවෙනි සබට සුබපැතුම් මචෝ....
      ඉස්සරහටත් සුපිරි මූවිවලට සබ් දෙන්නෝ......

  4. Amith Ratnayake

    Thnq

  5. Anonymous

    12th man මලයාලම් film eke storya wage

  6. Asitha Dilruwan

    elama saho thanks

  7. Ruchira

    Thanks for the sub!!!!

  8. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණා කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට.
    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් ඉෂාර සහෝ.
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
    දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
    ජය! ✌

  9. Dewadithya

    Thanks for Sub!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. eranda ambegoda

    Thank you bro sub ekata ❤️