Watch Trailer

Children of the Corn: Runaway (2018) Sinhala Subtitles | බඩඉරිඟු යායේ ශාපය [සිංහල උපසිරසි සමඟ] (18+)

සුබ දවසක් වේවා හැමෝටම. අද මම ඔයාලට අරගන ආවෙ horror ඛාණ්ඩයට අයත් වෙන චිත්‍රපටියක්. මේක මට අහම්බෙන් හම්බවුණු එකක්. ඉතිං ඒකට සබ් එක කලා. මේක ගැන කියන්න ඕනෙ දෙයක් තියෙනවා. Children of the Corn කියන චිත්‍රපටි මාලාවෙ 10වෙනි එක තමයි මේක. කලින් ඒවා මම බලලත් නෑ. ඒත් අවුලක් කරගන්න එපා. මේක බලද්දි කලින් ඒවා ග…

සුබ දවසක් වේවා හැමෝටම. අද මම ඔයාලට අරගන ආවෙ horror ඛාණ්ඩයට අයත් වෙන චිත්‍රපටියක්. මේක මට අහම්බෙන් හම්බවුණු එකක්. ඉතිං ඒකට සබ් එක කලා. මේක ගැන කියන්න ඕනෙ දෙයක් තියෙනවා. Children of the Corn කියන චිත්‍රපටි මාලාවෙ 10වෙනි එක තමයි මේක. කලින් ඒවා මම බලලත් නෑ. ඒත් අවුලක් කරගන්න එපා. මේක බලද්දි කලින් ඒවා ගැන පොඩි අවබෝධයක් එනවා. ඔයාලට මුල් ඒවත් උවමනානම් කියන්න, පුළුවන් විදියට ඒවත් කරලා දෙන්න බලන්නම්. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්,

මේක පටන්ගන්නෙ කලින් චිත්‍රපටිය ඉවර උන තැනින්. රූත් කියන ගැබිණි තරුණිය බඩඉරිඟු යායක් ගිනි තියලා වාහනයකින් පළා යනවා. ඒකට හේතුව තමයි නෙබ්‍රස්කාහි ඉරිඟු යාය ආවට ළමයින්ට යම් කටහඬක් ඇහෙන්න අරන් තියනවා. ඔවුන් මුලින්ම හිතලා තියෙන්නෙ ඒ දෙවියන්ගෙ හඬ කියල. නමුත් පසුව ඔවුන්ට දැනගන්න ලැබෙනවා ඒ අන්ධකාර බලවේගයක් කියල. ඔවුන් එම බලවේගය &යාය පිටුපසින් ඇවිදින කෙනා& කියලා හඳුන්වන්න පටන්ගන්නවා. එය මඟින් එම දරුවන්ව බිහිසුණු දේවල් කිරීමට යොමු කරවනවා.

ඉතිං රූත්වත් ඔහු කැඳවනවා. ඇය අතින් ඇයගේ දෙමව්පියන් ඝාතනය වෙනවා. එමෙන්ම ඇය ආදරය කල තරුණයාත් මියයනවා. මේ චිත්‍රපටය පටන්ගන්නෙ ගැලවීමක් නැති තැන ඇය ඉරිඟු යාය ගිනිතබා පළායාමත් සමඟින්. එතැන් පටන් ඇය හා ආරොන් නම් ඇගේ පුතා තැනින් තැනට පළායමින් ජීවත් වෙන්න පටන්ගන්නවා. නමුත් සෑමවිටම කෙනෙක් ඇය පසුපස ලුහුබඳින බවක් ඇයට දැනෙනවා. ඔය අතරෙදි තමයි ඔවුන්ගෙ නවාතැන වූ ඔවුන්ගේ ට්‍රක් රථය අදාළ ලියවිලි නොමැති කමින් අත්අඩංගුවට පත් වෙන්නෙ. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට ලූතර් කියන ඒ නගරයේ නතර වෙන්න සිදුවෙනවා. එම නතරවීමත් සමඟම අද්භූත සිදුවීම් දාමයක් ආරම්භ වෙන්න පටන්ගන්නවා. ඇයගේ එකම අරමුණ වන්නේ ඇයගේ පණ හා සමාන තම පුත්‍රයාව ආරක්ෂා කරගැනීමයි. ඉතිං ඊටපස්සෙ මොකද වෙන්නෙ. ඔවුන්ට එම නගරයෙන් ගැලවී යාමට හැකිවේවිද, ඔවුන් ආරක්ෂා වේවිද යන්න දැනගන්න ඕනෙනම් කතාව බලන්නම්ම වෙනවා.

එහෙනම් නිර්මාණ දායකත්වය ගැන ටිකක් කියන්නම්, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Gulager විසින්, කතාව ලියලා තියෙන්නෙ Joel Soisson. මිනිත්තු 82ක් පුරා දිවෙන මෙය IMDb දර්ශකයෙ 3.9ක අගයක් අරන් තියෙනවා. ඒක සාධාරණද කියල ඔයාලම තීරණය කරන්න. Marci Miller, Jake Ryan Scott, Sara Moore, Mary Kathryn Bryant යන අය මේකෙ ප්‍රධාන චරිත වලට පණපොවනවා. 2018 මාර්තු 13 දින ඇ.එ.ජ. තුල ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මේක අමුතුම විදියක horror කතාවක් කියල කියන්න පුළුවන්. ඉතිං මේවා තමයි මූලිකවම කියන්න තියෙන්නෙ. පුළුවන්නම් මේකත් බලන්න කියල ආරාධනා කරන ගමන් අපිත් එක්ක රැඳිලා ඉන්න රසික ඔබ හැමෝටමත් අපිට මේ කතා ඉල්ලීම පරිදි වෙන් කරලා දෙන හසන්ත අයියා ඇතුළු බයිස්කෝප් සොයුරු කැලටත් ස්තූති කරනවා.

එහෙනම් ඉතිං තවත් සබකින් ඉක්මනින්ම හමුවෙමු. ගිහින් එන්නම්.

ඔබට ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,093 downloadsDownload Children-of-the-Corn-Runaway-2018.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

4,093 downloadsDownload Subtitles27 KB

27 comments

  1. kavinuweerakkody

    බොහොම ස්තූතියි!!!

  2. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...

  3. Kasunsandeepa95

    සබට තෑන්ක්ස් සහෝ. 18+ නිසා ලොවෙත් බලන්නෝනෙ බිකෝස් අපි ලොකු එවුන්

  4. SAjith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. basura indrachapa

    උපසිරැසියට ජය!!!
    බොහොම ස්තූතියි සහෝ...

  6. Kulanjana Maduranga

    subata thanks saho....keep it up....

  7. Tharaka

    THANKS.........................

    1. Tharaka

      ane macho puluwannam mul ewatath sub denna. hari asai ewath balanna... thanks..............

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dilshan Kalinga

    ස්තුතියි මචං උපසිරසියට...

  10. ranga11112

    thank you sahodaraya........
    Theruwansaranai

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගයාන් සහෝ.
    ජයෙන් ජය.

  12. madhusankha

    Thanks bro..

  13. nadun6000

    pattai sahoooo.. adarei honde...

  14. sandharu

    Thanks brooooo

  15. AsithaDilruwan

    ela saho thanks

  16. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  17. Hashan M. Priyadarshana

    Thank you machan

  18. Dewadithya

    Thanks for Sub! Puluwan nan mul ewatath sub denna.

  19. Nimnakakavindu

    Ft

  20. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  21. 2puc

    fttta fttta bro

  22. Indika Aruna Kumara

    supiriiiiiiiiii

  23. Raavana

    ස්තූතී සබ් දුන්නට

  24. frenzy

    mcn meke kalin movies tikatha sub dennko brother

  25. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa........!!!!!!!!!!!

  26. Anonymous

    මෙකේ අනිත් film වලටත් sub දෙන්නකෝ සහෝ.. ❤️