Watch Trailer

Children of the Sea (2019) AKA Kaijû no kodomo Sinhala Subtitles | සයුරු දරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් ලස්සන ඇනිමේ එකකටයි මේ උපසිරසි අරන් ඇවිල්ලා තියෙන්නෙ. මේක, ලස්සන ඇනිමේෂන් එක්ක ඇහැට සනීප විදියෙ වර්ණ පිරුණ අපිව වෙනමම ලෝකෙකට අරන් යන්න පුළුවන් විදියෙ ඇනිමෙ එකක් කිව්වොත් හරි. 2019 තිරගත වීම ආරම්භ වුන මේ Children of the Sea චිත්‍රපටය අපි හිතනවට වඩා ගැඹුරු දෙයක් ගැන කථා කරනවා. හරිම ලස්සන මුහුදු…

ගොඩක් ලස්සන ඇනිමේ එකකටයි මේ උපසිරසි අරන් ඇවිල්ලා තියෙන්නෙ. මේක, ලස්සන ඇනිමේෂන් එක්ක ඇහැට සනීප විදියෙ වර්ණ පිරුණ අපිව වෙනමම ලෝකෙකට අරන් යන්න පුළුවන් විදියෙ ඇනිමෙ එකක් කිව්වොත් හරි. 2019 තිරගත වීම ආරම්භ වුන මේ Children of the Sea චිත්‍රපටය අපි හිතනවට වඩා ගැඹුරු දෙයක් ගැන කථා කරනවා. හරිම ලස්සන මුහුදු ජීවීන්ගෙන් පිරුණ නිස්කලංක තැන් පිරුණ සිනමා පටයක් ලෝකයේ, විශ්වයේ ගැඹුර ගැන හරි ලස්සනට නරඹන ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරනවා. IMDb අතින් ගත්තොත් 6.5/10ක අගයක් මේ චිත්‍රපටයට  තියෙනවා. ඒ වගේම MyAnimeList කියන ඇනිමෙ වෙනුවෙන්ම තියෙන දර්ශකයෙ 7.3/10ක අගයක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නෙ ඇනිමෙ රසිකයන්ගෙ හිත් උඩින්ම දිනාගන්න හැකි වෙලා තියෙනවා කියන එක. ලස්සනයි තමයි ඒ එක්කම ඇතිවෙන භය නැතිකරන්න ගොඩක් අමාරුයි. අනපේක්ෂිත දේවල් වගේම අපේක්ෂිත දේවල් අනපේක්ෂිත වෙලාවල් වල සිදු වෙන විදියෙ ෆිල්ම් එකක්. මගෙ පෞද්ගලික අදහස තමයි රූප, කථාව අතින් ඉතාම ඉහළයි කියන එක. ඕනෙනම් ට්‍රේලර් එක බලලා තීරණය කරන්න බලනවද කියලා. 😉

කථාවට පදනම් වෙන්නෙ Kaijū no Kodomo නැත්තන් Children of the Sea කියන නමින්ම පළවුනු ජපන් චිත්‍රකථාවක්. චිත්‍ර කථාව ලස්සනට සජීවීකරණය වෙන්නෙ Ayumu Watanabe අධ්‍යක්ෂකවරයා සහ “Studio 4 °C” කියන ඇනිමේ ස්ටූඩියෝව අතින්. 2020 පැවති “Mainichi Film Awards” සහ “Japan Media Arts Festival Awards” කියන සිනමා උළෙලවල් වලදි පිළිවෙලින් හොඳම ඇනිමේෂන් චිත්‍රපටයට සහ ඇනිමේෂන් කාණ්ඩයෙ හොඳම ත්‍යාගයට හිමි සම්මාන මේ චිත්‍රපටය හිමිකරගෙන තියෙනවා.

චිත්‍රපටියෙ වෙන දේ ගැන මම මෙහෙම කියලා නවතින්නම්. පුංචිකාලෙ අම්මා කියන නැළවිලි ගීතය අහගෙන නිදාගත්ත පුංචි රූකා ලොකු වෙලා ඒකෙ තේරුම හරියටම තේරුම්ගන්නවා. නිකන් නෙවෙයි ලොකු දැනුමක් එක්කම ලොකු දෙයක් අහිමිකරගෙන. විශ්වයේ දැනුම අහම්බෙන් අත්දකින රූකාගෙ කථාව පටන් ගන්නෙ මින්මැදුරකදි එයාට මුණගැහෙන පිරිමි ළමයෙක්ගෙන්. පිරිමි ළමයගෙ නම “උමී”. ජපන් බසින් උමී කියන්නෙ “මුහුදට”. “මුහුද” විතරක් නෙවෙයි “අහස” නිසා රූකගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා.

තවත් ඇනිමේ එකකින් නැවත මුණගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා අදාළ වේ.

2,339 downloadsDownload Children-of-the-Sea-2019.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

2,339 downloadsDownload Subtitles30 KB

21 comments

  1. indika75

    thanks..

  2. Chanu Mikhail

    තවත් ඇනිමේ නියමයි... :)
    දිගටම මේවාගේ උපසිරැසි ගේමු.,
    ජය ..!!!
    බොහොම ස්තූතියි.

  3. Anonymous

    Sub Ekata Thanks Sis.. Puluwannam Hunter X Hunter, Parasyte, One Punch Man Walatath Sub Denna Balanna.. Thanks..

  4. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

  5. tharindujp

    Arigathou ne

  6. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට !!

  7. tharindujp

    The Boy and the Beast 2015 මේකත් ජපන් ඇනීම් එකෙක් පුළුවන් නම් සබ් දෙන්න

  8. Anonymous

    උපසිරැසියට බොහෝම ස්තුතියි .
    ජයවේවා ....
    දිගටම Anime වලට sub දෙන්න......

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. shehandulshan

    Re ZERO mekata sub karannako

  11. Sam fisherr

    හොද ඇනිමේ තුනක්ම එකදිගට බලන්න set කරාට හදපිරි ප්‍රමාණය

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kasun

    අක්කේ Nakitai watashi wa neko wo kaburu A.K.A A Whisker Away (2020) ෆිල්ම් එකටත් සබ් ගේන්නකෝ

    1. Anonymous

      Thava anime wala sub ona

  14. Dilshan

    A whisker Away (2020) Subtitle Dennako

  15. Amalka

    තැන්ක්ස් නවෝ සබ් එකට

  16. Amalka

    හම්මො නවෝ මේකනම් මරු

  17. Dewadithya

    Thanks for sub!

  18. Theeraka Daham

    thanks bro sub ekata.. thawa lassana romance anima video tikak dannakoo... suba pethum...

  19. Pavith Wijesooriya

    අක්කේ,මේක නම් හරිම ලස්සන ඇනිමේ එකක්.බලපු ලස්සනම එකක්.ගොඩාක් ස්තූතියි මේ ඇනිමේ එකටත් සබ් එක දුන්නට.වෙනදා වගේම සබ් එකත් නියමෙට තියෙනවා.මේ විදිහේ තවත් ඇනිමේ තියෙනවනම් සබ් දෙන්නකෝ.❤️

  20. Anonymous

    Thava anime wala sub ona