Watch Trailer

The Holy Mountain (1973) Aka La montaña sagrada Sinhala Subtitles | ඔබගේ ගමන් මාර්ගය මිහිමතට ඉහලින් පවතී [සිංහල උපසිරැසි ]

“අපි සේරම ඉතිහාසය කියන ගංවතුරේ ගහගෙන ගිහිල්ලා බැහැනේ, අපෙන් ටික දෙනෙක්වත් ගං ඉවුරු වල රැඳිලා තියෙන දේවල් එකතු කර ගන්න බලන්න ඕනෑ” – සොෆීගේ ලෝකය – යුස්ටයින් ගෝඩර් අප ජිවත් ව සිටින්නේ අපේ කාලයේ පමණක් නොවෙයි.අපි අපේ ඉතිහාසය අප තුලින් අරන් යනවා. මෙම චිත්‍රපටයත් ඒ වගේමයි මේක අද කාලයට කොහොම උනත් ඒ කාලයේදී…

“අපි සේරම ඉතිහාසය කියන ගංවතුරේ ගහගෙන ගිහිල්ලා බැහැනේ, අපෙන් ටික දෙනෙක්වත් ගං ඉවුරු වල රැඳිලා තියෙන දේවල් එකතු කර ගන්න බලන්න ඕනෑ”
– සොෆීගේ ලෝකය –
යුස්ටයින් ගෝඩර්

අප ජිවත් ව සිටින්නේ අපේ කාලයේ පමණක් නොවෙයි.අපි අපේ ඉතිහාසය අප තුලින් අරන් යනවා. මෙම චිත්‍රපටයත් ඒ වගේමයි මේක අද කාලයට කොහොම උනත් ඒ කාලයේදී මෙය අලුත් චිත්‍රපටයක් එනම් මෙය පරණ චිත්‍රපටයක් විදිහට නැතිව අලුත් චිත්‍රපටයක් විදිහට බැලුවට වරදක් නැහැ.

අපි දෙයක් කියවද්දී තමයි අපිට දෙයක් ලියන්න පුළුවන් වෙන්නේ. සාහිත්‍ය කියන්නෙත් අන්න ඒ වගේ දෙයක් විදිහට තමයි මට නම් හිතෙන්නේ. අපි යම්කිසි කරුණක් ගැන ගැඹුරින් හිතන්න නම් අපි කලාවත් එක්ක ඉන්න ඕන. “The Holy Mountain” කියන්නෙත් ලොකු දෙයක් ගැන කියවෙන සිනමා පටයක් ඒක හුදු චිත්‍රපටයකට වඩා සිනමා පටයක් වෙන්නේ ඒ චිත්‍රපටයෙන් පස්සේ අපිට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරන හින්දා.

අපිව පාලනය කරන්නේ කවුද, ඇයි අපි ජිවත් වෙන්නේ, කුමන අරමුණක් ඔස්සේ අපි කේන්ද්‍ර ගත විය යුතුද, Alejandro Jodorowsky Prullansky කියන සිනමා කරුවා විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය නැරඹීමෙන් අපට මේ පිලිබඳ අදහසක් ලබා ගත හැකියි. මොහු නවකතාකරුවෙක්, තිරරචකයෙක්, සංගීතඥයෙක් ලෙසටත් හඳුන්වන්න පුළුවන්. El Topo (1970) Western/Indie film ගනයේ සිනමා පටයද ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමා පටයකි.

දුෂිත සහ කෑදර කමින් පිරුණු ලෝකයක,ප්‍රබල ආධ්‍යාත්මිකයෙකු විසින් ඔවුන් එම දුෂිත සහ කෑදර කමින් මුදවා ගැනීම සඳහා එම ලෝකය පිලිබඳ කිසිදු දැනීමක් නොමැති පුද්ගලයෙකු එකතු කර ගනිමින් අමරණීයත්වය කරා ගමන් කරන ආකාරය දැක්වෙන චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ධනවත් සහ බලවත් පුද්ගලයන් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් නියෝජනය කරන අතර අත්භූත මග පෙන්වීමක් ඔස්සේ ඔවුත් ගමන් කරයි.ඉතින් ඔවුන් අවසානයේ අමරණීයත්වය කරා ළඟා වේද? මෙම චිත්‍රපටයේ රුගත කිරීම් ආරම්භ කිරීමට ප්‍රථම අධ්‍යක්ෂකවරයා සෙන් බුදු දහම දැඩිව අධ්‍යනය කර ඇති අතර ආරම්භක දර්ශනයේ ඇතුලත් චාරිත්‍රය ජපන් තේ පානය කිරීමේ සංග්‍රයක සැබෑ පිළිවෙත් වන අතර එහි සිටින නිලියන් දෙදෙනා සබැ නිලියන් නොවන අතර හුදු අධ්‍යාත්මික අත්දැකීමක් ලබා ගැනීමට කැමති වූ දෙදෙනෙකි.

IMDb දර්ශකයේ 7.9 ක අගයක් ලබා ගැනීමටත් Rotten Tomatoes හි 83% ක අගයක් ලබා ගැනීමටත් මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ශුන්‍යත්වය වගේම දර්ශනය ගැන ආසාවක් තියන අයට මේක හොද චිත්‍රපටයක් වෙයි කියල හිතනවා.

ඒවගේම මගේ පලවෙනි සබ් නිර්මාණයට ස්තුති සහ සුබපැතුම් එක්කල සියලුම දෙනා ආදරයෙන් මතක් කරන ගමන්ම මේ උපසිරැසිය කිරීම සඳහා සහය දුන් හසන්ත සහෝ වත් ආදරයෙන් මතක් කරනවා.. ඉතින් එහෙනම් මේ චිත්‍රපටය බලලා ගුණ දොස් කියන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමු වෙනකම් ඔයාලට ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,079 downloadsDownload the-holy-mountain-1973.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනිත් අනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,079 downloadsDownload Subtitles19 KB

9 comments

  1. එල්.සී. දමැල්

    කොහොමින් හරි සහෝගෙ පළමු සබ් එක මග ඇරිලා සුභ පතන්න. ඉතින් ප්‍රමාද වෙලා හරි අඩවියට සාදරයෙන් පිළිගන්නවා. දිගටම උපසිරස කරමු. ඒකට අවශ්‍ය කාලය හැකියාවත් ලැබෙන්න කියලා පතනවා.
    ජය...

  2. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි........

    Request.............

    Romeo and Juliet - 1968
    Romeo + Juliet - 1996

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. indika75

    thanks..

  5. Kalana iduwara

    Nice work.thanks for sub.

  6. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට..!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Shamal manojan

    සහෝ මේ ෆිල්ම් එක වගේ තව ෆිල්ම් එකක් තියනවා.

    Salo, or the 120 days of sodom - 1975

    මේ චිත්‍රපටය ලෝකයේ තහනම් කලා. අධික ලිංගික දර්ශන සහිතයි. ආගමික මතවාද නිසා. ඒ විතරක් නෙමෙයි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාවත් මරලා දැම්මා. Yts එකේ දැන් bluray පිටපතක් ඇවිල්ලා තියනවා. පුලුවන් නම් සබ් දෙන්න.

    Yts සයිට් එකේ sodom කියලා සර්ච් කලොත් විතරයි හම්බවෙන්නේ. මේ චිත්‍රපටයේ පිටපත් ලග තබාගත් අයවත් ඒ කාලේ මරලා තියනවා.

  9. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.