ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම අරන් ආවා ටොම් ඇන්ඩ් ජෙරී මුල්ම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් ටොම් ඇන්ඩ් ජෙරී කෙටි වීඩියෝ තමා නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටයක් විදිහට පැය එක හමාරක විතර ධාවන කාලයක් සහිතව නිකුත් වුනේ මේ Tom and Jerry: The Movie කියන චිත්‍රපටය. ඒ 1992 අවුරු…

ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම අරන් ආවා ටොම් ඇන්ඩ් ජෙරී මුල්ම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් ටොම් ඇන්ඩ් ජෙරී කෙටි වීඩියෝ තමා නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටයක් විදිහට පැය එක හමාරක විතර ධාවන කාලයක් සහිතව නිකුත් වුනේ මේ Tom and Jerry: The Movie කියන චිත්‍රපටය. ඒ 1992 අවුරුද්දෙදි. මම දන්න තරමින් මේ වෙනකම් ආපු අනිත් ටොම් ඇන්ඩ් ජෙරී චිත්‍රපට එක්ක සසඳලා බලද්දි ඡන්ද 9023 ක් වගේ ඉහළ සංඛ්‍යාවකින් 5.4 ක IMDB අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන එකම චිත්‍රපටය මේක. අනිත් ටොම් ඇන්ඩ් ජෙරී චිත්‍රපට එක්ක සසඳන කොට මේ චිත්‍රපටයේ තියෙන්නේ ටිකක් සංවේදී කතාවක්.
මේක මම නම් මුලින්ම බැලුවේ ඩයලොග් ටීවී එකෙන් චැනල් ටික නොමිලේ දීපු කාලෙක. චැනල් එක නම් මට මතක නෑ. මීට අවුරුද්දකට හෝ දෙකකට කලින්. ඒ බලපු දවසේ ඉඳන් මේකට සබ් එක දෙන්න ආසාවෙන් හිටියත් ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලේ නොතිබුන හින්දා ඒ ආසාව ඉටු කරගන්න ලැබුනෙ නෑ. කොහොමහරි කලින් සබ් දීපු Scooby Goes Holywood (1979) ෆිල්ම් එකේ හොඳ ටොරන්ට් එක අහම්බෙන් හම්බුන දවසෙම මේ ෆිල්ම් එකෙත් ඉංග්‍රීසි සබ් එකත් එක්කම තිබ්බ ටොරන්ට් එකක් අහම්බෙන් වගේ හම්බුනා. හම්මේ මට දැනුන සතුට. ඒත් හිතුව තරම් වැඩේ ලේසි වුනෙත් නෑ මොකද ඒ සබ් එකෙත් කාලරාමු වල ගැටලු තිබ්බා. ඒවා හද හද ගාට ගාට හදන්න ගිය හින්දා හිතුවට වඩා මේක ඉවර කරන්න පරක්කු වුනත් කොහොමහරි වැඩේ ඉවර කළා. ඒ හින්දා වැරදි තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ලනවා. ස්කූබී ඩූ චිත්‍රපට මාලාව වගේම ටොම් ඇන්ඩ් ජෙරී චිත්‍රපට මාලාවත් සිංහල උපසිරැසි දීලා සම්පූර්ණ කරන එකයි මගේ ආසාව. ඒ වැඩේ සම්පූර්ණ වෙන්න තව ස්කූබි ඩූ චිත්‍රපට 3 ක් වගේම ටොම් ඇන්ඩ් ජෙරී චිත්‍රපට 1 ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටිකත් වෙලාවක් ලැබුන ගමන් දෙන්නම්.
කතාව ගැන චුට්ටක් කිව්වොත් ටොම්, ජෙරී දෙන්නා ඉන්න ගෙදර අය ඒ ගේ අතෑරලා වෙන ගෙදරකට පදිංචියට යනවා. අන්තිම මොහොතෙත් රණ්ඩු වෙවී ඉන්න හින්දා ටොම්ටයි, ජෙරීටයි ගෙදර අය යන වාහනේට නැඟගන්න බැරි වෙලා යන එනමං නැතිවෙනවා. ඔහේ ඇවිද ඇවිද ඉද්දි මේ දෙන්නට මුණ ගැහෙනවා තමන්ගෙ නැනීගේ නපුරුකම් ඉවසන්න බැරුව ගෙදරින් පැනලා යන රොබින් කියලා පොඩි ගෑණු ළමයෙක්. ඔන්න මම කතාවට ආරම්භයක් අරන් දුන්නා. එතනින් එහාට කතාව කොහොමද කියලා බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ඉල්ලන ගමන් මම එහෙනම් සමුගන්නවා. හැමෝටම ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
1,531 downloadsDownload Tom-and-Jerry-The-Movie-1992.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
8 comments
Isirajanith
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට ..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියලු යහපත් පැතුම් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ! ✌
ජය වේවා! ❤
Scooby-Doo! Mystery Incorporated (2010–Tv Series)Isirajanith
Thanks ජය වේවා! ❤
Scooby-Doo! Mystery Incorporated (2010–Tv Series) sub dennko please thx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Tom and Jerry: The Movie (1992) Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරී මුල්ම චිත්‍රපටය බලමුද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Tom-and-Jerry-The-Movie-1992.jpg)
Thanks sub ekata supiri ela pluwanman SCOOBY Doo podi kale TV series sub dennko please