ඔන්න මම මේ පාරත් ගෙනාවේ ආදරේ ගැන කියවෙන ලස්සන ජපන් ඇනිමේෂන් කතාවක්. හැබැයි මේකෙ අහිමි වෙච්ච ආදරයක් නැවත හොයාගෙන යන ගමනක් ගැනයි කියවෙන්නේ. ඒකත් පොලොව ඇතුලට. කෙලින්ම කිව්වොත් මෙ කථාවේ, මලවුන් ගේ ලෝකය,අගර්තා,පාතාල ලෝකය කියන විවිධ නම් වලින් හදුන්වන ලෝකයකට තමයි මේ දෙන්න යන්නේ. මම කථාවේ පුංචි සාරාංශයක් ම…
![Children Who Chase Lost Voices [2011]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Children-Who-Chase-Lost-Voices-2011-.jpg)
ඔන්න මම මේ පාරත් ගෙනාවේ ආදරේ ගැන කියවෙන ලස්සන ජපන් ඇනිමේෂන් කතාවක්. හැබැයි මේකෙ අහිමි වෙච්ච ආදරයක් නැවත හොයාගෙන යන ගමනක් ගැනයි කියවෙන්නේ. ඒකත් පොලොව ඇතුලට. කෙලින්ම කිව්වොත් මෙ කථාවේ, මලවුන් ගේ ලෝකය,අගර්තා,පාතාල ලෝකය කියන විවිධ නම් වලින් හදුන්වන ලෝකයකට තමයි මේ දෙන්න යන්නේ. මම කථාවේ පුංචි සාරාංශයක් මෙහෙම කියන්නම්.
මේ කථාවේ ඉන්න ප්‍රධානම චරිත වලින් කෙනෙක් තමා අසුනා, එයා පාසල් ශිෂ්‍යාවක්. එයාගේ තාත් එයා කුඩා කාලදිම නැතිවෙලා. අම්ම හෙදියක්. හෙදියො ගැන කියන්න දෙයක් නෑ නේ. එයාල හුගක් කාර්‍ය බහුලයි. ඒ වගේම තමා අසනාගේ අම්මත්. ඒ නිසා එයා තනියමමයි වැඩිහරියක් ගෙදර ඉන්නේ. උයන්නේ, කන්නේ, රෙදි හොදන්නේ, තනියමම. එයා ඉගෙන ගන්න හුගක් දක්ෂයි. එයාගේ විනෝදාංශෙ තමා එයාගෙ ගෙවල් ලග තියෙන කදුවැටියට නැගල රේඩියෝ අහන්න. මි මී කියන්නේ එයාට එහෙම රේඩියෝ අහපු එක් අවස්ථාවක හමු වෙච්ච පුංචි පූස් යාළුවෙක්. එයා රේඩියෝ අහන ක්‍රමවේදයයි, අහන සංගීතයි ටිකක් වෙනස්. එයාට ඔහොම ඉද්දි තමා දවසක් ෂුන් ව මුණ ගැහෙන්නේ. අසුනා ෂුන් ගැන නොදන්නා නමුත් ෂුන් අසුනා ගැන දන්නවා. ඒ දෙන්නට දෙනන කැමතියි. ඒත් ඒ ආදරයක්ද? ෂුන් අපේ ලෝකෙ කෙනෙක් නෙවෙයි. එයා දැන දැනම එයාගේ ලෝකයේ අපේ ලෝකෙ කෙනෙක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගෙන ඒ ලෝකෙ නීතියක් කඩනවා. ඒකට වන්දියක් විදිහට එයා කන්දෙන් පහලට පැනල මැරෙනවා.
මේ සිදුවීමට පෙර යම් සතෙක් ගේ මරණය ගැන සොයා බලන තැනේදි තමා කථාවෙ අනික් ප්‍රධාන චරිතෙ මතුවෙන්නේ. මොරිසකි. එයා ගුරුවරයෙක්,හමුදා නිලධාරියෙක්, වගේම ආච් ඒන්ජල් කියන සංගමයක සාමාජිකයෙක්. එයාගේ බිරිද මීට අවුරුදු 10 කට කලිං මිය ගිහිං නිසා එයත් අසුනා වගේම තනියමයි ජීවත් වෙන්නේ. එයා මිත්‍යා විශ්වාස කරන කෙනෙක්. ඒ නිසාමයි එයා ආච් ඒන්ජල් එකට බැදුණේ. මේ දෙන්න මොරිසකිගේ ගෙදරදියි මුල්ම වතාවට හමුවෙන්නේ. නමුත් ඒ දෙන්නා ඉස්කෝලෙදි හමුඋණත් හරියට කතා බහ කරන්නේ ගෙදරදියි. ඒ මොරිසකි උගන්වපු යම් විශේෂ දෙයක් ගැන.
අසුනා ආයිම කදුවැටියට යනවා. යද්දී එයා මහ පුදුම දෙයක් දකිනවා. ඒ ෂුන්ද? ඇත්තමයි එයා ෂූන්ට හුගක් සමානයි. නමුත් ඒ ඇත්තටම ඒ ෂුන්ද. නමුත් මේ හමුවෙන කෙනා නිසයි මොරිසකි ගෙයි අසුනාගෙයි පොලව යට ලෝකයට යන දීර්ඝ ගමනට මග පෑදෙන්නේ. එහිදි මොරිසකි ගේ බිරිද නැවත මලවුන්ගෙන් නැවත නැගිටිනවා. නමුත් ඒ වෙනුවෙන් එයාට කවුරුහරි බිල්ලට දෙන්න වෙනවා. ඒ කවුද?
ඔන්න මම මෙතනින් කථාව නවත්තනවා. තවත් තිව්වොත් කථාවෙ රසයක් නැතිවෙයි. ඇත්තටම මේක ලස්සන ආදර කථාවක්. මේකෙදි මේ දෙන්නට විවිධ සත්තු, මිනිස්සු වගේම අමනුෂ්‍යයෝ හමුවෙනවා. බාධක හමුවෙනවා. ඒත් ඒ දෙන්න ගමන අතාරින්නෙ නෑ. අන්තිමේදී මොකක් වෙයිද කියල දැනගන්න ඔයාලට බාරයි. නැවත හමුවෙමු!
E908F9F1D8A02D84275B89BDDCB7F75390AB436B 16682C8B1538709DE4D57308A747943F3D425510 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,377 downloadsDownload Children-Who-Chase-Lost-Voices-2011.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
21 comments
Romen
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!me
Thanks
Naween
නියමයි දීප්ත සහෝ.මේ ජපන් ඇනිමේෂනි චිත්‍රපටි සුපිරියට තියේ.
මේකත් එහෙම ඇති බාලම බලමු.සබ් එකට බොහොම තෑන්ක්ස්...!Kulanjana Maduranga
niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
නලින්
ස්තුතියි දීප්ත සහෝ..
ලස්සන කතාවක් වගේ.. ජය වේවා..
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!jayantha kumara
Error
Over Quota
This application is temporarily over its serving quota. Please try again later.
ෙම් විදියට error ඒකක් ඒනවාෙන් අැයිද කියලා මට e-mail ඒකක් දාන්න පුලුවන්දdheeptha thushara
mata oyage mail eka kiyanna. but mama me gananam danne na. eth aluthen oyatama sub file ekak re make karala dennam.
Emi
Thank you
අදිත ප්‍රවීන්
බොහොම තුති සබට !!!!!!!!!!!!!
rajika
thnx dr ...good luck
“චූටී මල්ලි”
එල එල
මමනම් ඉතින් මේ ටයිප් එකෙ
එව්වාට අකැමැතියි
සබට තුති
ඔබට ජය.....................dheeptha thushara
mamtath dan tika tika akmaththak qthi weegenai enne. perhaps. anagatedi dakinna nolabei. but thanks!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
අසිත
elama saho thanks
ranga11112
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...........
Amalka Himeshan
තැන්ක්ස් සබ් එකට
Pavith Wijesooriya
බලපු ලස්සනම ඇනිමේ එකක්.බොහෝම ස්තූතියි මේ ඇනිමේ එකට සබ් එක දුන්නට.ඉදිරියටත් ඇනිමේ වලට සබ් ඕනේ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

nice work bro..! keep it up...! wish u success.