2012 disney nature වාර්තා චිත්‍රපටය තමයි මේ තියෙන්නේ. අලුත ඉපදුන චිම්පන්සි පැටවෙකුගෙ ජීවිත කතාවෙන් පුංචි කොටසක් තමා වැඩසටහනට පාදක වෙන්නෙ. කාටවත් විශ්වාස කරන්න පුලුවන්ද තමන්ගේ නායක කමට අභියෝගයක් වෙන කෙනෙක්ව ඒ නායකයම ආරක්ෂා කරයි කියල. මේ චිත්‍රපටයේ වෙන්නේ අන්න ඒ සිදුවීම. චිම්පන්සි පැටවගෙ අම්මා, ච…

2012 disney nature වාර්තා චිත්‍රපටය තමයි මේ තියෙන්නේ. අලුත ඉපදුන චිම්පන්සි පැටවෙකුගෙ ජීවිත කතාවෙන් පුංචි කොටසක් තමා වැඩසටහනට පාදක වෙන්නෙ. කාටවත් විශ්වාස කරන්න පුලුවන්ද තමන්ගේ නායක කමට අභියෝගයක් වෙන කෙනෙක්ව ඒ නායකයම ආරක්ෂා කරයි කියල. මේ චිත්‍රපටයේ වෙන්නේ අන්න ඒ සිදුවීම.
චිම්පන්සි පැටවගෙ අම්මා, චිම්පන්සි කණ්ඩායම් දෙකක් අතර ඇතිවන ගැටුමකදි මියයනවා. තවමත් තනිව යැපෙන්න බැරි පැටවා මේ නිසා අසරණ වෙනවා. අම්මා එනකම් දින ගණනක් බලාපොරොත්තුවෙන් ඉඳල තමන්ගෙ සහජ බුද්ධියට තැන දෙන්න මේ චිම්පන්සි පැටවා තීරණය කරනව.
ඒ උනත් කෙටි කාලයකට අම්මගෙන් උගත් දේ මේ සඳහා ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අම්මත් නැති නිසා අනිත් ගැහැණු චිම්පන්සීන් ලඟට කිට්ටු උනත් ඔවුන්ට ඔවුන්ගේම පැටවුන් ඉන්න නිසා මේ පැටවාව ප්‍රතික්ෂේප වෙනවා. තමන්ට තියෙන අවසාන හා එකම විසඳුමට යන්න අවසානෙදි පැටව තීරණය කරනවා.
ඒ තීරණය තමයි රැලේ නායකයව අනුගමනය කරන එක. බොහෝ විට සිදුවන්නේ රැලේ පිරිමි පැටවුන් නායකය අතින්ම ඝාතනය වීම. හේතුව තමා නායක කම ආරක්ෂා කරගැනීම. ඒත් මෙතනදි ඒක වෙනස් වෙනවා. නායකය තීරණය කරනව මේ පුංචි පැටව රැක බලා ගන්න. ඒ කොහොමද කියන එක දැනගන්න ඔයගොල්ල චිත්‍රපටය නරඹන්නම ඕන.
අයිවරි කෝස්ට් වලදි මේක රූගත කරන්නෙ 2012 දි. IDMB අගය 7.2 අරගෙන තියෙනවා. අධ්‍යක්ෂණය ඇලිස්ටෙයාර් ෆෝත්ගිල් හා මාර්ක් ලින්ෆීල්ඩ් කියන දෙන්නා. මේ අයම තමයි MONKEY KINGDOM එකත් කරන්නේ. තිර පිටපතත් ඒ දෙන්නගෙමයි. එහෙනම් ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු ජයවේවා හැමෝටම. අවස්ථාවක් දීපු ඇඩ්මින් මහත්වරුන්ට මගේ ස්තුතිය.
699 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
AA97D6F2E02D010E0E3CBD72DDF662A836AB363D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,071 downloadsDownload Chimpanzee_2012_baiscopelk_150816.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
19 comments
achi
L c Demel
වටින එකක් ස්තුතියි බුද්ධික සහෝ!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Kulanjana Maduranga
niayamai…thanks BUDDHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Tharindu
Thank you very much saho...elz
“චූටී මල්ලි”
tnx
indika
උපසිරැසියට තුති…
නලින්
ස්තුතියි, බුද්දික සහෝ!
ජය වේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කේ.යූ.ජී. උදාර
ෆිල්ම් එක තියෙන හින්ද සබ් එක විතරක් ගත්තා............
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.Pasindu Nimantha
Dohchay 2015 mekatath sub daannako
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DAmila
jaya wewa saho
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wayantha
ela kiri godak sthuthiy sub ekata digatama sub denda jaya wewa
Nandana
Thank U Buddika Nuwan.
nimal dissanayake
ඉතාම සජීවී
ඉතාම සංවේදී
ඉතාම මනහර
චිත්‍රපටයකි.
මැනවින් ගැළපෙන
උපසිරැසි දීමකි!
තුති!
බුද්ධිකට ගොඩක් තුති!ricadodamien
Thank U Buddika brother & baiscope team for the sub, beautiful movie, all the best to baiscope team......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූති සහෝ උපසිරැසියට!!!
ජය!!!