Watch Trailer

Chithha (2023) Sinhala Subtitles | බාප්පාගේ සෙනෙහේ ! [සිංහල උපසිරසි]

Chithha (2023) Sinhala Subtitles Chithha (2023) Sinhala Subtitles Chithha (2023) Sinhala Subtitles Chithha (2023) Sinhala Subtitles ආයුබෝවන් යාළුවනේ, ඔන්න කාලෙකට පස්සේ දමිළ චිත්‍රපටයකට උපසිරැසිය කරන්න වෙලාවක් හම්බවුණා. ඇත්තටම නවීන් සොහොයුරා කතා කරල කිව්වා අයියේ ඔයාට උපසිරැසියක් කරන්න වෙලාවක් තියේ න…

Chiththa (2023) Chithha (2023) Sinhala Subtitles Chithha (2023) Sinhala Subtitles Chithha (2023) Sinhala Subtitles Chithha (2023) Sinhala Subtitles

ආයුබෝවන් යාළුවනේ, ඔන්න කාලෙකට පස්සේ දමිළ චිත්‍රපටයකට උපසිරැසිය කරන්න වෙලාවක් හම්බවුණා. ඇත්තටම නවීන් සොහොයුරා කතා කරල කිව්වා අයියේ ඔයාට උපසිරැසියක් කරන්න වෙලාවක් තියේ නම් හොද චිත්‍රපටයක් තියෙනව කියල. පෝස්ටර් එක දැක්කාම මමත් හිතුවේ මේක බෝරිං වෙන චිත්‍රපටයක් වෙයි කියල. ඒත් ඒක කරගෙන යද්දි ඒ චරිතේ ඉන්නෙ හරියට මම වගෙයි තේරුණේ, මොකද මාත් මේ විදියටම මාමා කෙනෙක් නිසා. බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා රවිදු නවීන් මල්ලිට. බාප්පා කෙනෙකුයි තමන්ගේ නැතිවුණ අයියගෙ දුවයි අතර තියෙන සෙනෙහෙබර බැඳීමක් ගැන තමයි කතාවෙන් කියවෙන්නෙ, Siddharth තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. IMDb අගයත් 2K පිරිසකගෙන් 8.5ක් වගේ ඉහළම අගයක් අරගෙන තියෙනවා. 2023 සැප්තැම් බර්මස 28 වෙනි දින තිරගත කරන ලද  S. U. Arun Kumar ගේ අධ්‍යක්ෂණය යටතේ, Siddharth නිෂ්පාදනය කරන ලද පැය 2 කුත් විනාඩි 18ක් පුරා දිවෙන සංවේදි කතාවක් තමයි දිගහැරෙන්නෙ. 

Chithha (2023) Sinhala Subtitles Chithha (2023) Sinhala Subtitles Chithha (2023) Sinhala Subtitles Chithha (2023) Sinhala Subtitles

  ඊස්වරන් කියන්නෙ පලනි පලාතේ රජයේ සේවකයෙක්. එයා අයියගෙ අභාවයෙන් පස්සෙ නෑනවයි එයාගෙ 8 හැවිරිදි දුවවයි බලාගෙන එයාගෙ ආරක්ෂකයා විදියට හැම දේම කරගෙන ජීවත් වුණේ. ඊස්වරන්ට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා, එක්කෙනෙක් වඩිවේලු කියල රහස් පොලීසියේ නිළධාරියෙක්. එයාගෙ අක්කගෙ දුව වන පොන්නිත් සුන්දරීගෙ වයසෙමයි, දෙදෙනාම මිතුරියෝ. පොන්නිගෙ අක්කා තම පෙම්වතා සමඟ කතා කරපු දේ වරදවා තේරුම් ගත් ඇය තම මිතුරිය වන සුන්දරී සමග තම බාප්පටත් හොරෙන් මුවන් බලන්න යන්න සූදානම් වනවා. ඒ අයියනාර් කෝවිල අසල තිබෙන කැලෑ රොදකට. පාසල ඇරිලා අමතර පංති යන මුවාවෙන්, මුවන් බලන්න යන්න සූදානම්ව රික්ෂෝවට නැග්ගත් ඊස්වරන් දකින සුන්දරී එයින් බැස යනවා. පසුදින පොන්නි අමුතු ආකාරයෙන් හැසිරිම නිසාත් සුන්දරී සමඟ අමනාපෙන් හිටි නිසාත් පොන්නිව ගෙදර ඇරලවන්න ඊස්වරන් කටයුතු කරනවා. එහෙත් පසුදින පොන්නිගේ පියා පොන්නිට ඊස්වරන් පහර දුන්නා යැයි පවසමින් ඊස්වරන්ව හිරකරගෙන පහරදෙනු ලබනවා. මෙතනින් ඇතිවන ගැටුම කොයි පැත්තට පෙරලෙනවද කියල බලන්න ඔයාලට ආරාධනා.

ආයෙත් චිත්‍රපටයකින් හමුවන තුරු හැමෝටම තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HDRIP පිටපත් සඳහා අදාළ වේ.

21,632 downloadsDownload Chithha-2023.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

21,632 downloadsDownload Subtitles63 KB

15 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඔෂධ සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika Lakmal

    කාලෙකින් සබක් අරං ඇවිත්...
    තෑන්ක්ස් මචං සබට...

  3. Ravindu Navin

    බොහොම ස්තූතියි අයියේ! තවත් උපසිරැසි අරගෙන එමු වෙලාව තියෙන විදියට! ජයෙන් ජය!

  4. Bimsara Yashan(ඔලිව)

    බලන්නම හිටපු ෆිල්ම් එකක්. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Mano

    Godak sthuthi...Jaya wewa!

  7. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ඔශධ සහෝදරයා සිංහල උපසිරැසියට..ජයවේව..බුදු සරණයි !!

  8. Asiri CB

    Sub eka match wenne ne neda telegram eke dena film ekata..

    1. විමා

      ගැලපෙනවනේ සහෝ.

  9. amila somarathna

    sub match wenne ne.....

    1. Sanupa Ranmeth

      සබ් දීල තියෙන්නෙ HQ HDRip පිටපතට සහෝ. අපේ සබ්වලට ගැළපෙන පිටපත් ඩවුන්ලෝඩ්ස් සයිට් එකෙන් සහ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ගන්න පුළුවන් සහෝ.

    2. Sheyal Theman

      Thanks bro..

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  11. viraj

    thanks...........

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P