Dhoomam (2023) Sinhala Subtitles කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDB අගය 5.6ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම එකක්. Dhoomam (2023) Sinhala Subtitles මීට කල…

කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDB අගය 5.6ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම එකක්.
Dhoomam (2023) Sinhala Subtitlesමීට කලින් මම කොරෝනා ධවාන් චිත්‍රපටයේ උපසිරැසිය ඉදිරි පත් කලා.ඒකෙ කතා කලේ මත් පැන් ගැන. මේකෙ කතා කරන්නෙ දුම් පානය ගැන.ඔබ දන්නවනෙ ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනයට කලින් ප්‍රචාරය වන දුම් වැටි සම්බන්ධ ප්‍රචාරක දැන් වීම්? ඉන්දියාවෙත් සෙසු රට වල වගේම විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් තමයි දුම් වැටි සඳහා අය කරන බදු.එක් පැත්තකින් දුම් පානය සඳහා විවිධ නීති රීති සීමා රැසක් පනවමින් එය වලක්වන්න කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් දුම් වැටියකට පනවන බදු මත යැපෙන එකම රට ඉන්දියාව නෙමෙයිනේ. මේ කතාව දුම් පානය ගැන අමුතුවෙන්ම හිතන්න වෙන පැත්තකට ඔබව ගෙන යනවා
Dhoomam (2023) Sinhala Subtitlesඅවිනාශ් කේරළයෙන් බංගලෝරයට රැකියාවක් සොයාගෙන එන තරුණයෙක්. ඔහුගේ දක්ෂතාව හඳුනා ගෙන සිය සමාගමේ අළෙවි අංශයට ඔහුව බඳවා ගන්නේ සිද්ධාර්ත් නැමති තවත් තරුණයෙක්. ඔහු සිය පියාට අයත් විශාල දුම්කොළ සමාගමක කලමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් වන්නේ අවිනාශ්ව සේවයට බඳවා ගන්නා දිනයේමයි.අවිනාශ්ගේ දක්ෂ අළෙවි කරණ හැකියාව මත ඔවුන්ගේ සිගරට් නිශ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ යනවා.ඔවුන්ගේ ඉලක්කය නව පරම්පරාව.අවි සහ සිඩ් දැන් හොඳම මිතුරන්.හොඳ සහකාරියකුත් හොයාගෙන අවිනාශ් දැන් සිය ජීවිතේ ස්ථාවර තත්වයකට ගෙන එන්න පටන් ගත්තා විතරයි.
Dhoomam (2023) Sinhala Subtitlesසිද්ධාර්ත්ට සතුරන් ගොඩයි.සමාගමේ මුල් පුටුවට ඇස ගසා ගෙන සිටින තමන්ගේම මාමා ප්‍රවීන්, ඔවුන් සමග නීති විරෝධී වයාපාරයකට අර අඳින ඇමති වරයෙක්, චීන දුම්කොළ සමාගම් විතරක් නොවෙයි දුම් පානයට ඇබ්බැහි වීම නිසා ජීවිතය විනාශවූ පුද්ගලයින්ගේ ඥාතීන්. මේ සියළු සතුරන් මැද සාර්ථකත්වය සොයා ඉදිරියට යන්න කරන උත්සාහය මැද එක් දිනක් සිදුවන සිදු වීමක්. එය පිටිපස ඉන්නෙ කවුද? Spoil කරන්න හොඳ නෑ කතාව බලන්න. ඔබ දුම් පානයට ඇබ්බැහි වෙලා නම්, හෝ දුම් වැටි අළෙවි කරන්නේ නම් හදවතට එකඟව හිතන්න මේ කතාව නරඹලා.
Dhoomam (2023) Sinhala Subtitlesමේකෙ පෝස්ටරය දැකපු දා සිටම ආශාවෙන් හිටියෙ මේක බලන්න වෙන මොකක් වත් නෙමෙයි මම ඇබ්බැහි වෙලා හිටපු එක පුරුද්දක් නිසා. ඒ තමයි ෆෆා ගෙ රඟපෑම්. Fahadh Fazil මේ චිත්‍ර පටයෙත් සිය චරිතයට ඉතා සාධාරණයක් ඉටු කරල තියෙනවා අවිනාශ් ලෙස. Roshan Mathew සිඩ් ලෙසත්, සහ Aparna Balamurali දියා(අවිනාශ්ගේ බිරිඳ) ලෙසත් මෙහි දක්ෂ රංගනයක නිරත වෙනවා. Pawan Kumar අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා.2023 අවසන් වෙමින් යන මොහොතේ මලයාලි රසිකයින්ට නැරඹිය හැකි තවත් සුපිරියක් තමයි මේ.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය True WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
14,520 downloadsDownload Dhoomam-2023.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dhoomam (2023) Sinhala Subtitles
Subtitles
- #BANDULA K
- #Dhoomam (2023) Sinhala Subtitles
- #Editor's Pick
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Kantha_DLA
oshanda
thanks saho...
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Kasun Widusha
tnx macho sub ekata puluwannam Garudan 2023 malayalam movie ekata sub karanda
Kasun Widusha
tnx saho sub ekata puluwannam Garudan 2023 Malayalam movie ekata sub karanda
Netflix පිස්සා
Thanks bro, Gaurdian 2023 malayalam ekata sub dennako bro
Sanjeewa Malith
Thank u subtitles akata ❤❤
Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..nilanka
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Faaaaaaaaaaast.......!