Watch Trailer

Expend4bles (2023) Sinhala Subtitles | ඔස්ලට් මෙහෙයුම [සිංහල උපසිරැසි] [BLURAY UPDATE]

Expend4bles (2023) Sinhala Subtitles චිත්‍රපටයක් ගත්තම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක ප්‍රධාන නළුවෙක්, නිලියක් සෙසු චරිත එක්ක රංගනයේ යෙදීමක්. හැබැයි කොහොමද මේ වගේ ප්‍රධාන චරිත ගොඩක් එක පාර දකින්න පුළුවන් චිත්‍රපටයක් තිබ්බොත්? එහෙම කියනකොට අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් Expendables තමයි. Ex…

Expend4bles (2023) Sinhala Subtitles

Expend4bles (2023) Sinhala Subtitles

චිත්‍රපටයක් ගත්තම අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක ප්‍රධාන නළුවෙක්, නිලියක් සෙසු චරිත එක්ක රංගනයේ යෙදීමක්. හැබැයි කොහොමද මේ වගේ ප්‍රධාන චරිත ගොඩක් එක පාර දකින්න පුළුවන් චිත්‍රපටයක් තිබ්බොත්? එහෙම කියනකොට අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් Expendables තමයි.

Expendables චිත්‍රපටයේ පළවෙනි කොටස නිකුත් උනේ මීට අවුරුදු 13 කට කලින්, ඒ කියන්නේ 2010 අවුරුද්දේ. මේ කතාවට ගොඩ දෙනෙක් කැමති උනේ ඒක ඇක්ෂන් චිත්‍රපටයක් වීම නිසා විතරක්ම නෙමෙයි. ඒකෙ හිටපු සෙට් එක නිසා. ඉතින් මේ සෙට් එකේ එකා දෙන්න හැලිලා, අලුත් එවුන් එකතු වෙමින් චිත්‍රපටයේ දෙවෙනි සහ තුන් වෙනි කොටස් පිලිවෙලින් 2012 සහ 2014 අවුරුදු වල එළියට ආවා. ලොකුම ගැන්සිය හිටියේ 2014 චිත්‍රපටයේ. ඔන්න ඉතින් අවුරුදු 9 කට පස්සේ කතාවේ 4 වෙනි කොටසත් ආවා. දැන් නම් සමහරු ගොඩක් වයසයි. හැබැයි ඒ නළුවන්ගේ ගතිය, ඒ පරිණත බව ගැන නම් කියන්න වචන නැහැ.

Expend4bles මුලින්ම සිනමා ශාලා වලට නිකුත් උනේ සැප්තැම්බර් මාසේ 15, චීනයේ. මාසයක් යන්නත් කලින් කොපියක් ආවා ඔන්න. දවසක් දෙකක් විතර පරක්කු උනාට මම හිතනවා ඔයාල තාම මේක බලල නැතුව ඇති කියලා.

මම මේ චිත්‍රපටයේ පළමු කොටස් දෙකට උපසිරැසි දුන්න බයිස්කෝප් සගයන්ට මුලුන්ම ස්තූති වෙනවා වගේම, තුන් වෙනි කොටසේ අයිතිකාරයා වෙන සමීර චතුරංගවත් ආදරයෙන් මතක් කරනවා මේ කොටස කරන්න අවස්ථාව මට ලබා දුන්නාට.

එහෙනම් ඉතින් කතාව ගැන කෙටි සටහනක් ලියන් යන්නම්. ඔයාලා දන්නවා ඇති Expendables ලා කියන්නේ කුලී පදනම මත සටන් වදින, ආයුධ සන්නද්ධ කණ්ඩායමක් කියලා. මෙයාලා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ ඇමරිකානු ආණ්ඩුවට සම්බන්ධ Central Intelligence Agency වගේ ආයතන වලට.

මේ කණ්ඩායමේ ඇති විශේෂත්වය වෙන්නේ සාමාජිකයන්ගේ වයස් පරතරය වැඩි වීම වගේම, එයාලා විවධ ජාතීන් නීයෝජනය කිරීම. උදාහරණයක් විදිහට ප්‍රධාන නළුවා බාර්නි (Sylvester Stallone) ගත්තම එයා ඉතාලි ජාතිකයෙක්. එතකොට ක්‍රිස්මස් (Sylvester Stallone) කියන්නේ එංගලන්ත ජාතිකයෙක්. අනිත් අතට බාර්නි හද්ද නාකි වෙනකොට ගලාන් (Jacob Scipio) හරිම තරුණයි.

ඉතින් මේ Expendables ලාට මෙදා සැරේ ලැබෙන්නේ ලිබියාවට සම්බන්ධ මෙහෙයුමක්. කතාවට අනුව Central Intelligence Agency නියෝජිත මාෂ් (Andy García) මේ කට්ටියට දෙන වැඩේ තමයි ලිබියාවට ගිහින් ඔස්ලට් කියන අනවර්ථ නාමයෙන් හඳුන්වන ත්‍රස්තවාදියෙක්ව විනාශ කරන්න. ඒ ඔස්ලට් පරමාණු මිසයිල හදන්න අවශ්‍ය කරන පුපුරණ ද්‍රව්‍ය හොයාගෙන ලොකු විනාශයක් කරන්න හදන නිසයි. ඉතින් කවුද මේ ඔස්ලට් කියන්නේ? එතකොට ඔස්ලට්ට මේ වැඩේට උදව් කරන්නේ කවුද? මේවාට උත්තර හොයා ගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

Expend4bles චිත්‍රපටයේ ගැන්සිය තමයි පහලින් දාලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන ජීනාව (Megan Fox) මේ චිත්‍රපටයට එකතු කර ගත්ත එක ගොඩක් දෙනා චිත්‍රපටය බලන්න හේතුවක් කර ගත්තා.

Jason Statham
Sylvester Stallone
Curtis “50 Cent” Jackson (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Megan Fox (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Dolph Lundgren
Tony Jaa (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Iko Uwais (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Randy Couture
Jacob Scipio (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Levy Tran (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)
Andy García (චිත්‍රපටයට අලුතින් හඳුන්වා දෙන ලදී)

Expend4bles (2023) Sinhala Subtitles

Andy Garcia, Jacob Scipio, සහ Megan Fox සිටින දර්ශනයක්

Expend4bles අධ්‍යක්‍ෂණය කරේ Scott Waugh. බෙදාහැරීම කලේ Lionsgate Films. චිත්‍රපටය හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වියදම් කරලා තියනවා. හැබැයි අදායම අතින් නම් චිත්‍රපටය එතරම් සාර්ථක උනේ නැහැ. තාම හොයලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 50 කට කිට්ටු අදායමක්. ඒ වගේම IMDb 5.1 අගයකුත් Rotten Tomatoes 14% අගයකුත් තමයි මේකට ලැබිලා තියෙන්නේ.

මේ අගයන් මොනවා උනත්, මට නම් කියන්න පුළුවන් මේක බැලුවට පාඩුවක් නැහැ කියලා. ඒ මුල ඉඳලම කම්මැලි නැතුව බලන්න පුළුවන් නිසා.

එහෙනම් මම නවතිනවා. හැමෝටම ජය වේවා! 

සැ.යු. – මෙම චිත්‍රප‍ටයේ තිබෙනා අසංවර භාෂාව නිසා 18+ ලෙස යොදා ඇති බව කරුණාවෙන් සළකන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය PSA WEB / YTS WEB සහ BR පිටපත් සඳහා ලබා දි ඇත.

35,823 downloadsDownload Expend4bles-2023-BR-Update.zip117 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank


SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Expend4bles (2023) Sinhala Subtitles , Expend4bles Sinhala Subtitles , Expend4bles Sinhala Sub , Expend4bles , Expendables 4,

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

35,823 downloadsDownload Subtitles117 KB

41 comments

  1. Sanjeewa2010

    Pattaaaaaaaaaa

  2. Anonymous

    Thanks bro

  3. Maheshika

    Can i have ur phone number or fb id??

  4. Hasa

    PSA sub set wenne na

  5. Nisal

    psa sub set na

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    1. Chamikara Vidanage

      බොහොම ස්තූතියි

  7. Nisal

    psa 1080p sub set na

  8. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි චාමි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  9. Anonymous

    Thanks Brother

  10. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි බන්.
    මේක බලන්නම ඕනා, මේගන් නිසා! :D

  11. Kasun Gayantha

    1080p rip eke sub timeline wenas.puluwanna ekath ahdala denna bro.jaya wewa <3

  12. Tharu

    Sub eka ganata yanne na ne....264 tath na, 265 10bit ekatath na..

  13. Udaya Fdo

    Thank you

  14. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි අයියේ.

  15. Sanjeewa Malith

    Thank u subtitles akata සුපිරි ❤❤

  16. විමා

    උපසිරසිය PSA පිටපත වෙනුවෙන් අප්ඩේට් කර ඇත. පෙර තිබුණු උපසිරැසිය ඔබගේ වීඩියෝ පිටපත සමග නොගැලපේ නම් කරුණාකර යලිත් ඩව්න්ලෝඩ් කරගන්නා මෙන් ඉල්ලාසිටිමි.
    ඔබට ඇතිවූ අපහසුතාවය වෙනුවෙන් ඇඩ්මින් මඩුල්ලේ කණගාටුව!

    1. Anushka Udayanga

      thnku update ekata

    2. syd

      sub ekata thank you brother ..killers of the flower moon 2023 eke sub eka dannako brother

  17. Hemal

    Thanks saho.
    Enakan hitiye

  18. syd

    mission imposible 2023 sub eka nadda brother

  19. Buddhika Lakmal

    සුපිරියකට සබ් ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ.....

  20. ලක්මාල්

    ස්තූතියි

  21. පුෂ්පෙ

    සබ් එකට Thanx.. හැබැයි කලින් ෆිල්ම් තුනට වඩා මෙක සැහෙන අවුල් කියල බලනකොට හිතෙන්නෙ. මගෙ අදහස. ජය වේවා.!!!!!

  22. Hasanka Sandaruwan

    Thank youuu update ekata..

  23. Roshan

    Thnx bro.Great job.Good luck...

  24. ruwan

    Telegram eken download unata penne nane. Play wenne na

    1. Hiran Ganepalla

      මොකක්ද පාවිච්චි කරන Media Player එක?

    2. Pahasara

      Good

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  26. Kavindu Randika

    සබ් එකට ස්තුතියි.
    Expendables Series එකේ මෙලෝම රහක් නැති පිල්ම් එක මේක හැබැයි

  27. Dill

    thankx for the hardwork....!

  28. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  29. Dewadithya

    Thanks for Sub!

  30. Bhathiya

    Bluray update karannako...

  31. samir

    Thanks a lot

  32. Nishan

    Thanx bro

  33. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  34. Malith samarawickrama

    Thanks bro sub ekata

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P