ආයුබෝවන් යාලුවනේ, ඔන්න ඉතින් ගොඩක් දවස් භාර ගත්ත ෆිල්ම් එකක HDRip එක ඇවිත් තියෙනවා. Gorilla (2019) එකත් ඒ එක්කම ආපු නිසා මේ ෆිලුම දවස් කීපයක් පරක්කු වුණා. මගේ 42 වෙනි ෆිලුම විදියට 2019 පෙබරවාරි මස 5 වන දින තිරගතවීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 09 පුරා දිවෙන Drama,Thriller ගණයට අයත් වෙන අතර IMDb […

ආයුබෝවන් යාලුවනේ, ඔන්න ඉතින් ගොඩක් දවස් භාර ගත්ත ෆිල්ම් එකක HDRip එක ඇවිත් තියෙනවා. Gorilla (2019) එකත් ඒ එක්කම ආපු නිසා මේ ෆිලුම දවස් කීපයක් පරක්කු වුණා. මගේ 42 වෙනි ෆිලුම විදියට 2019 පෙබරවාරි මස 5 වන දින තිරගතවීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 09 පුරා දිවෙන Drama,Thriller ගණයට අයත් වෙන අතර IMDb අගය 5.7ක් වගේ වෙනවා. ප්‍රධාන නළු නිළි පිරිස විදියට Vidharth, Radhika Apte, Ajmal Ameer, Gayathrie Shankar, Ashok Kumar, Nandan Loganathan දායක වනවා.Chithiram Pesuthadi පළමු චිත්‍රපටය තිරගත වුණේ 2006 වසරේදී, හැබැයි පළමු චිත්‍රපටය බළල ඉන්නම ඕනෙ නෑ මේ චිත්‍රපටය බලන්න. පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයත් නෙමෙයි දෙවෙනි එක අධ්‍යක්ෂණය කරන්නෙ.
කතාව පැත්තට හැරුණාම තිරු, විකී, සලීම්, ප්‍රියා, කතිර්, දුර්ගා, ධනලක්ෂ්මි, නන්දිතා, සෙන්තිල් පලනි, මනි යන අයගේ ජීවිතවල ප්‍රශ්න වටා ගෙතෙන කතාවක් තමයි චිත්‍රපටය පුරාවටම පවතින්නේ. මේ එකිනෙකාගේ ප්‍රශ්නවලින් එකිනෙකා සම්බන්ධ වන ආකාරය චිත්‍රපටයෙන් උලුප්පා දක්වනවා. තිරු සලීම් එක්ක එකතුවෙලා අයියගෙ කීමට එයාගෙ ව්‍යාපාරයේ හතුරෙක් වන සතාසිවම් කපල මරන්න යනවා. ඔය අතරෙම ප්‍රියා කතිර් එක්ක හොර රහසෙම ගිහින් කසාද බදින්න කියල හිතාගෙන ගෙදරින් පිටත් වෙලා හම්බවෙන්න එනවා. ඒ එන අතරතුර කතිර් දකිනවා කාවදෝ පිහියකින් කපන්න උත්සාහ කරනවා. කතිර් එතනට දුවගෙන ආවාම තිරු, සලීම් එක්ක පැනගන්නවා. කතිර් මේ පිහි පහරට ලක් වෙච්ච කෙනාව ඉස්පිරිතාලෙන් දාල පොලීසියට කට උත්තර දීල එනකොට පාන්දර එළියත් වැටිල. ඇවිත් ප්‍රියාව හම්බවෙනකොට එයාට මළ පැනල බැනගෙන බැනගෙන යනව. තාත්තා හොයන දෙන කෙනෙක්ව බැදගෙන හිටියනම් ඉවරයි කියල ආපහු ගෙදර යන්න ඕනෙ කිව්වත් උදේ පාන්දර තනියම කතිර් එනකම් බලාගෙන හිටපු ප්‍රියාගෙ බෑග් එකට හොරු දෙන්නෙක් වැඩේ දීල. ප්‍රියා තරහෙන් හිටිය නිසා එයා කියනව බෑග් එක නැතුව ගෙදර යන්න බෑ එයාගෙ පවුලෙන් එන මාලයක් බෑග් එකේ තිබුණා, ඒක හොයල දීල යන්න කියල. කරගන්න දෙයක් නැතිවුන කතිර් දෙන්න එක්ක යනව මාලෙ හොයාගෙන. ටැක්සි කාර් එකක නැගල යන අතර තුර ටැක්සි කාරයා කිව්ව කතාවකට මලෙන් හිටපු ප්‍රියා එලව එලව ගහනවා. දැන් ඉතින් මොනා කරන්නද ආව ටැක්සියත් නෑ යන්න, ඕටෝ එකකට කතා කරල දෙන්න එක්ක යනව හොරු දෙන්නව හොයන්න. යනකොට මෙන්න එකෙක් ඉන්නව. දෙන්නම එයා පස්සෙ එළවගෙන යනකොට එයාලගෙ ඒරියා එකේ කෙනෙක්ව පන්නනව කියල කට්ටියක් ගේම ඉල්ලනවා. කොහොම හරි එතනින් ගුටි කෙලියක් යනකොට ඔටෝ එකේ ආව සලීමුත් ඇවිත් ගහල කට්ටිය එතනින් පැනගන්නවා. හොරාගෙ ෆොටෝ එකක් සලීම්ට පෙන්නපුවාම එයා අදුනනවා කියල ප්‍රියාවයි කතීර්වයි දාගෙන හොරාව හොයාගෙන යනවා.
ඔය අතරෙ විකී එයා ගත්ත ණයකට හිලව් වෙන්න කියල මහන්සියෙන් හදපු ගේ රැකගන්න සල්ලි හොයන්න මහන්සි වෙනවා. ඒකට එයා අදුරන කෙනෙක් පෙන් එකක් දීල කියනවා. මේ පෙන් එකේ තියෙන වීඩියෝ එකෙන් ඔයාට ඕන සල්ලි හොයාගන්න පුලුවන් කියල. එයා වීඩියෝ එක නොබලාම දේශපාලකයාට කතා කරල වීඩියෝ එක යවල කෝටි 3ක් ඉල්ලනව. ඔය අතරෙ සතාසිවම් ඉස්පිරිතාලෙ සැත්කමක් කරන්න අරන්. මෙයාගෙ යාලුවා මනි යනවා එයාව බලන්න, ඒ යන්නෙ එයාව බලන්නම නෙමෙයි…. එහෙනම් මොකට වෙන්න ඇතිද ? විකී කප්පම් මුදල ඉල්ලපු එකට මොකක් වෙන්න ඇතිද ? ඔය අතරෙ සලීම් ඕටෝ එකේ අරගෙන යන කතිර්වයි ප්‍රියාවයි වෙන් කරවලා ප්‍රියාව පැහැරගන්නවා.. ඔය වගේ හැල හැප්පීම් එක්ක මෙයාලගෙ ඉරණම්, මෙයාලගෙ කිව්වට මේ ටික දෙනාගෙ විතරක්ම නෙමෙයි… ප්‍රියාගෙ තාත්තා ප්‍රියාගෙ කසාදයට ඕනෙ සල්ලි හොයාගන්නෙ කොහොමද ? පොලීසියෙ වැඩ තහනම් වෙලා ඉන්න ඉන්ස්පෙක්ටර් එයාගෙ පුතාගෙ සැත්කමට සල්ලි හොයාගන්නෙ කොහොමද ? කියල බලමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
4,505 downloadsDownload Chithiram-Pesuthadi-2-2019.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
22 comments
Prabodha Madhusankha Hettiarachchi
gihan perera
ස්තුතියි සහෝ.....මාර කතාවක්....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මචෝ....
indika75
thanks..
Bandara76
50 වන උපසිරැස ඉක්මනිම්ම කරන්න ජයෙන් ජය......
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!thilina1986
සුපිරි පිලුමක් ස්තූතියි සහෝදරයා
Samsan jayantha
Good sub
Udaya Saman
උපසිරසිරසියට බොහොම තුති සහෝ.එක දවසෙම දෙකක්ම දිල ....සුපර් එවම..
tharidu16
thanku machiiiiiiiiiiiiiiiii
tharidu16
radika inna ewwa balanawa thanks
sumedasiva
Tanx bro
supun priyanath
Thank you Brooo
hatharasingha
Niyamai
hatharasingha
Niyamai thanx
D.Chamara
bohoma sthuthi sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ....
prasakr
ස්තුතියි සහෝ සබ් එකට
කවිනු වීරක්කොඩි
ස්තූතියි!
gayanmagee
thanks
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ඔෂධ සහෝ සිංහල උපසිරැසියට..ජයවේවා !!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sthuthi sahooo obata..