Watch Trailer

Gorilla (2019) Sinhala Subtitles | ගෝරිල්ලා ! [සිංහල උපසිරසි සමඟ]

කැලේ මැදින් යනකොට ලොකු සද්දයක් ඇහිලා ඒ සද්දෙ එන්නෙ කොහෙන්ද කියල හොයාගෙන යද්දි කැලේ ඇතුලේ ලොකූ ගොඩනැගිල්ලක්. මේ කැලේ ඇතුලේ මොකටද මෙච්චර ලොකු ගොඩනැගිල්ලක් කියල හොයල බලන්න ඇතුලට යනව. ගිහින් බලනකොට දොස්තරවරු 3 දෙනෙක් වදුරෙක් තියාගෙන සැත්කමක් කරන්න වගේ හෝදිසි කරමින් ඉන්නවා. සැත්කමෙන් මැරෙන වදුරා අරන් යන…

කැලේ මැදින් යනකොට ලොකු සද්දයක් ඇහිලා ඒ සද්දෙ එන්නෙ කොහෙන්ද කියල හොයාගෙන යද්දි කැලේ ඇතුලේ ලොකූ ගොඩනැගිල්ලක්. මේ කැලේ ඇතුලේ මොකටද මෙච්චර ලොකු ගොඩනැගිල්ලක් කියල හොයල බලන්න ඇතුලට යනව. ගිහින් බලනකොට දොස්තරවරු 3 දෙනෙක් වදුරෙක් තියාගෙන සැත්කමක් කරන්න වගේ හෝදිසි කරමින් ඉන්නවා. සැත්කමෙන් මැරෙන වදුරා අරන් යන අතරතුර වදුරු පැටියව හිර කූඩුවකට දානවා. මේක හැංගිලා බලාගෙන ඉන්න යාලුවෝ තුන් දෙනා වදුරු පැටියව බේරගන්න හිතාගෙන වඳුරු පැටියා අරගෙන පනිනවා. අරගෙන ඇවිත් කැලෙන් අතෑරලා යන්න හැදුවත් වඳුරු පැටියා කකුලේ එල්ලිල ඉන්නව. ඉතින් පව් කියල හිතල අනෙක් යාලුවන්ගෙ අකමැත්ත මැද්දෙම අපේ හීරෝ එයාව ගෙදර එක්ක එනව. එතන ඉදන් වඳුරු පැටියගෙ ජීවිතේම වෙනස් වුණා. LCD රූපවාහිනි බලන්න, AC එක ,කෑමට පීට්සා. ආයෙ මොකද ඉතින් එකම ජොලියක්. එයා කරන දේවල් වලට වටිනාකමක් එන්න පටන් ගත්තා. කාර් පදවන්න ලයිසන් තියා ආධාර කාඩ් එකක් වත් ඕන වුණේ නෑ. ජීවා තනිකරම වංචා කාරයෙක්. බස් වල අය ටිකට් ගන්න දෙන්න සල්ලි අරන් පනිනවා. බෙහෙත් සාප්පුවක වැඩ කරන ගමන් ඒකෙන් බෙහෙත් හොරකම් කරගෙන ගිහින් බොරු දොස්තර කෙනෙක් වගේ ඉදන් සල්ලි අරගන්නවා. ඔය අතරේ මෙයාලගෙ යාලුවා සතීශ් රස්සාවෙන් දොට්ට දානවා. ඒකෙ දුකට සතීශ් පැනල මැරෙන්න හදනකොට ජීවයි වෙන්කට් සහ කොන්ග් ඇවිත් බේරගන්නවා. බේරගෙන දුක යන්නත් එක්ක කියල තුන් දෙනාම යනව බාර් එකට අඩියක් ගහන්න. ඒ අතරේ මෙයාලට තියෙන ප්‍රශ්නවලින් ගැලවෙන්න තියෙන එකම මාර්ගය බැංකුවක් වත් කොල්ල කන්න ඕනෙ කියල ජීවා තීරණය කරනවා. මේ කතාව අහගෙන ඉන්නවා ගමේ ගොවියෙක්ව ඉදල යාලුවෙකුගෙන් ණයක් අරගන්න කියල චෙන්නෙයි වලට ආපු සාදික්. එයා කියනවා බැංකුවක් කඩන වැඩේට එයාවත් එකතු කරගන්න කියල මොකද සාදික්ටත් විශාල මුදල් ප්‍රශ්න. ඒ නිසා 4 දෙනාම සැලසුම් කරනවා බැංකුවක් මංකොල්ල කාල ජීවිතේ තියෙන ප්‍රශ්න අහවරයක් කරල සතුටින් ඉන්න කියල. පස්සෙ ඉතින් සැලසුම් කරල, ඉංග්‍රිසි චිත්‍රපට බලල, වෙස් මුණු දාල, ගැහැණු අය වගේ ඇදගෙන වැඩේ දෙන්න ගේමට බහිනවා. ගේමට බැහැල වැඩේ දීගෙන යනකොට ඒක වෙන පැත්තකට හැරෙනවා. මොකද වෙන්නෙ කියල බලන්නකෝ..

41 වෙනි උපසිරැසිය විදියට මේ අවුරුද්දෙම තිරගත වුන Kee (2019) ෆිලුමේ නළු, ජනප්‍රිය නළු ජීවා. Tamizh Padam 2(2018), Kalakalappu 2(2018), Kavalai Vendam(2016) ජීවගෙ මෑතකදි තිරගත වුණ චිත්‍රපට කීපයක්.මීට අමතරව නවක නිලි Shalini Pandey, Radha Ravi, Yogi Babu, Rajendran, Sathish, Vivek Prasanna යන අයද චිම්පන්සියා විදියට kong දායක වෙලා තියෙනවා. 2019 ජූලි මාසයේ 12 වන දින තිරගත වීම ආරම්භ වෙලා තියෙන මේ ෆිලුම Comedy, Thriller ගණයට අයත් IMDb අගය 7.2ක් වගේ ඉහල අගයක් අරන් තියෙන පැය 1 කුත් විනාඩි 58ක් පුරා දිවෙනවා. සත්තු එක්ක චිත්‍රපටයක් කරන එක ලේසි වැඩක් නෙමෙයිනෙ. kong නැමැති චිම්පන්සියා කොහොමද මේකට දායක වෙලා තියෙන්නෙ කියල ඔයාලම බලන්න. ආයෙ ෆිලුමකින් මුන ගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

8,441 downloadsDownload Gorilla-2019-Baiscopelk.com_.zip87 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

8,441 downloadsDownload Subtitles87 KB

22 comments

  1. wnrodrigo

    God work friend, Thanks!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. nana

    Thanks saho

  4. indika75

    thanks..

  5. gayanmagee

    thanks

  6. rangika Kariyawasam

    නියම වැඩක් .ජය වේවා.බෝම තුති

  7. pubudu prasanna

    මම බලාපු ලස්සනම ෆිල්ම් එක. මේකට සබ් එක දුන්නට ස්තූතියි.

  8. Athula

    thanks ..

  9. Udaya Saman

    උපසිරසියට බොහොම තුති සහෝ..අනිවා බැලිල්ලක් තමා..

  10. kolitha

    Thanx bro

  11. Shehan putha

    Ela Ela... Thanks bro

  12. supun priyanath

    Elaa
    Thank you

  13. චාරුණි

    මෙක විකට චිත්‍රපටයක් නමුත් ණය බර දරා ගන්න බැරුව වස බි මියයන ගොවින් ගැන ඒ අයගේ පවුලේ අයගේ දුක්බර ජිවිත ගැන සිනාව සමගින් කදුලක් එක් කිරිමට කථා රචකයා සමත් වෙලා තියනවා ලංකාවේ වුනත් බොහො ගොවින්ගේ ඉරණම හැම රටකටම කාටත් ගැලපෙන චිත්‍රපටයක් උපසිරසියට ගොඩක් ස්තූතියි

  14. D.Chamara

    bohoma sthuthi sahooo ..

  15. EM Nishshanka

    Thanks mcn

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Asnjana_Lahiru

    tnqqq sahooo jayawewaaaaaaa

  18. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝදරයා...බුදුසරණයි !! ජේසු පිහිටයි !! ජයවේවා !!!

  19. ƊinṲka

    thanks

  20. Cpkumara

    Goooood

  21. udana_sri

    Sub eka dunnata thank thawa sub wadi wadiyen hadann labenna one jaya wewa

  22. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!