අසාර්ථකත්වය..! ගොඩක් සාර්ථක වුන මිනිස්සුන්ගේ පිටිපස්සෙන් ආපු දෙයක්. සාර්ථක මිනිස්සුන්ට තමන්ගේ වැරදි පෙන්වා දීපු දෙයක්. සමහර මිනිස්සුන්ට ආශිර්වාදයක් වුනු දෙයක්. ඒත් සමහර මිනිස්සුන්ට ජීවිතේ එපා කරපු දෙයක්. අසාර්ථකත්වය හෙවනැල්ල වගේ ආවත් ඒ හැම දේකින්ම ඉගෙනගෙන සාර්ථකත්වය ලඟා කරගැනීම තමයි ජීවිතේ ජය ගන්න…

අසාර්ථකත්වය..!
ගොඩක් සාර්ථක වුන මිනිස්සුන්ගේ පිටිපස්සෙන් ආපු දෙයක්.
සාර්ථක මිනිස්සුන්ට තමන්ගේ වැරදි පෙන්වා දීපු දෙයක්.
සමහර මිනිස්සුන්ට ආශිර්වාදයක් වුනු දෙයක්.
ඒත් සමහර මිනිස්සුන්ට ජීවිතේ එපා කරපු දෙයක්.
අසාර්ථකත්වය හෙවනැල්ල වගේ ආවත්
ඒ හැම දේකින්ම ඉගෙනගෙන
සාර්ථකත්වය ලඟා කරගැනීම තමයි
ජීවිතේ ජය ගන්න ඕන කියලා හිතන කෙනෙක් කළ යුතු වන්නේ.
2019 අප්‍රේල් 12 නිකුත් වුනු අලුත්ම තෙලුගු චිත්‍රපටයකට උපසිරැසි අරන් තමයි මේ ඇවිත් ඉන්නේ. Kishore Tirumala විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වනනේ Sai Dharam Tej සමඟින් සුරූපී නිළි Kalyani Priyadarshan. ඉන්දියානු රුපියල් කෝටි 7ක වියදමකින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය කෝටි 27ක ආදායමක් ලබා ගන්න සමත්කම් දැක්වුවා. IMDb දර්ශකයේ 7.6 ක අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා.
ලිපියේ මුලින්ම දැම්ම ප්‍රකාශයෙන් කතාව ගැන යම් අදහසක් එන්න ඇති කියලා හිතනවා. මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ අසාර්ථකත්වය හෙවනැල්ල වගේ නිතරම තමා වටේ කැරකෙන තරුණයෙක් ගැන. විජේ කියන්නේ පොඩි කාලේ ඉඳන් පොඩි පොඩි ගැජට් හදන්න හැකියාවක් තියෙන කෙනෙක්. ඉතින් ඒ පුරුද්දත් එක්ක විජේ ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙනවා. හැබැයි අත ගහන හැම වැඩේම අසාර්ථකයි. මිනිස්සුන්ට වැඩකට ඇති දෙයක් දෙන්න නිතරම කල්පනා කරත් එයාට සහයෝගය දක්වන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. කරන හැම දෙයක්ම අසාර්ථක වෙද්දි මෙයාට තිබ්බ එකම සැනසීම තමයි එයාගේ පෙම්වතිය. එහෙමත් නැත්නම් ලෙහෙරි. ඒ වගේම හැම දේකටම එයාගේ තාත්තත් එයාගේ පස්සෙන්ම ඉන්නවා. ඔය අතරේ අනතුරු වලදී ස්වයංක්‍රියව අදාල පාර්ශවයන්ට අණතුරු හැඟවීම් යන උපකරණයක් නිපදවන්න විජේ කටයුතු කරනවා. ඒ අතරේ වැරදි වැටහීමකින් සහ විජේ කියපු බොරුවක් නිසා ලෙහෙරි විජේව දාලා යනවා. මේ සිදුවීම් මාලාවත් එක්ක විජේගේ ජීවිතේ වෙනස් වෙන්න ගන්නවා.වටිනා ආදර්ශ රැසක් ලබා දෙන චිත්‍රපටයක් විදිහටත් නම් කරන්න පුලුවන්. ඉතින් අසාර්ථකත්වය තුලින් නැගිටීමට වෙර දරන මිනිසෙකුගේ කතාවක් දැක බලා ගැනීමට ඔබ සැමට ආරාධනා කරනවා.
ප.ලි: තරිඳු රසාංග මලයා තමයි මේ උපසිරැසිය බාරගෙන තිබ්බේ. ඉතින් කොටසක් කරමුද කියලා අහනකොට ඉතින් බෑ නොකියා ඉන්නේ කොහොමද? කල්‍යාණි අක්කනේ ඉන්නේ. 😛 ඉතින් මේක කරමු කියලා කියපු තරිඳු මල්ලිටත් බෙහොම ස්තූතියි කියන ගමන් අදට සමු ගන්නවා.
තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
15,761 downloadsDownload Chitralahari-2019.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට සහ තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
39 comments
චානක ඉඳුනිල්
AmbalangodageDilshan
Thanks Bro
PaSindu MaDumal
එල සදේ අයියා❤
ඒවගේම තරිදු අයියටත්...
ජයෙන් ජය ✌isuru srinath sjs
Thanks මචන්..
dsdkavishka
Thenks for sub
Bandara76
Thanks Both of you .Good Luck
Randimat
thanx bro
Tharindu_Vidusha
Thanks...! Bro Subata...
Sanjeewa2010
Pattaaaaaaaaaaa
Nayanajith Medagoda
text කොපි කරන්න දෙන්නේ නැති එකනම් පට්ට අව්ල්. ෆිල්ම් එකේ නමවත් කොපි කරන්න පුලුවන් උනනම් හොදයි.. thanks for the sub
Kavishna
thnx
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Eranda Malith 2.0
උපසිරසියට බොහොම ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udaya Saman
Sasith aiyatath tharindu malayatath bohoma thuthi.
polaya
T H A N K Y O U
sooriyapatabadige
Thanks for sub.......(Rey 2015) film ekata sub dennako bro please...................
Nilush Angana
Sub ekata thanx
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
nish47
Thanks bro
prabathmanawa
Torrent link okkoma 1.5gb walin uda..700mb link danna..
thimalF
niyamai
DAVIN
Thanks ah
D.Chamara
සබ් එකට බොහෝම ස්තුති
LakshanD
ස්තූතියි සහෝ
deliya
thanks sahodaraya sub akata .jayaweŵa budusaranai
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KPPS
Thanks brother for the sub...............
avishka360
sub ekata thanks
santhusha319
thanks bro
AbhayaKumara
බොහෝම ස්තුතියි උප සිරසියට....ඔබට ජය......!
තෙරුවන් සරණයි..!!!N_R
Thank You.
L.G.T.Dilshan Liyanage
එල!
එල!
ජය!thanks bn, Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
Kanchaka
Thanks bro
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ශසිත් brooo...ඉදිරියටම යන්න සුබපැතුම්...ජයවේවා !!
මොළ කකුලුස්
Thanks for subtitles...වැඩේ නියමෙට කරල තියනව.ජය වේවා යාලූ.
Vilochana
Oya film eka download karanna puluwan link ekak nedda Torrent hari mokak hari !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Chitralahari (2019) Sinhala Subtitles | අසාර්ථකත්වය තුලින් සාර්ථකත්වයට [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/chitralahari-2019.jpg)
තෙලිඟුවක්නෙ අනිවා බැලිල්ලක්,
සබට තුති brothers, එනකම් බලාගෙන හිටියෙ.