ඊයේ දවසේ Netflix ඔස්සේ මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටයට සිංහල උපසිරැසිය තමා අපි මේ අරන් එන්නේ. ඇත්තම කිව්වොත් නිතර දෙවේලේ දකින චිත්‍රපටි වලට වඩා පට්ටමයි කියන්න පුළුවන් චිත්‍රපටියක්. ඒ නිසාමයි බයිස්කෝප් අපි හනිකවම මේක අහවරක් කරලා අරගෙන එන්නේ. Crime | Drama | Thriller ගොඩට වැටෙන මේ චිත්‍රපටය අධ්‍ය…

ඊයේ දවසේ Netflix ඔස්සේ මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටයට සිංහල උපසිරැසිය තමා අපි මේ අරන් එන්නේ. ඇත්තම කිව්වොත් නිතර දෙවේලේ දකින චිත්‍රපටි වලට වඩා පට්ටමයි කියන්න පුළුවන් චිත්‍රපටියක්. ඒ නිසාමයි බයිස්කෝප් අපි හනිකවම මේක අහවරක් කරලා අරගෙන එන්නේ. Crime | Drama | Thriller ගොඩට වැටෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ajay Singh විසින්. Maddock Films විසින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් දන්න Yami Gautam, Sunny Kaushal, Sharad Kelkar වගේ සුපිරි කට්ටියක්. Yami Gautamගේ නම දැක්ක හැටියේ චිත්‍රපටියක් බලන්න තරමටම එයාගේ තේරීම් නම් හොඳ තත්ත්වයේ තියෙනවා කියලා කියන්නම ඕන. ඉතින් මේ Chor Nikal Ke Bhaga චිත්‍රපටයට ජාත්‍යන්තර සිනමා දර්ශයකේ 7.9ක අති දැවැන්ත අගයකුත් ලැබිලා තියෙනවා. වැඩිය සද්ද බද්ද නැතුව ආපු මේ චිත්‍රපටිය පැය 1යි විනාඩි 50ක් තිස්සේ අනංමනං මල විකාර නැතුව සුපිරි කතාවක් අරන් ඇවිල්ලා කියලා කියන්නම ඕන.
ඉතින් කතාව ටිකක් කියන්නම්. නේහා කියන්නේ ගුවන් සේවිකාවක්. එක ගුවන් ගමනකදී මෙයාට හම්බෙනවා හරි කඩවසම් හාදයෙක්. මිනිහගේ නම අංකිත්. මේ අංකිත්ට නේහාව දැක්ක හැටියෙම එයා ගැන හිතක් පහල වෙනවා. ගොඩක් මහන්සි වුණාට පස්සේ මේ අංකිත්ට පුළුවන් වෙනවා නේහාව යාළු කරගන්න. දෙන්න හරිම සතුටින් ආදරෙන් තමා කල් ගෙවන්නේ. ඔය අතර අංකිත්ගේ හිතට වදදෙන ලොකු ප්‍රශ්නයක් තියෙන බව නේහාට තේරෙන්න ගන්නවා. සිද්ධ වෙන දේවල් වලින් අංකිත්ගේ ජීවිතේ අනතුරේ තියෙන්නේ කියලා නේහා දැනගන්නවා. මේ හැම ප්‍රශ්නයක්ම බේරුමක් කරගන්න නේහා අංකිත් එක්කම ඉන්නවා කියලා පොරොන්දු වෙනවා.ඒත් ඒ පොරොන්දුව ඉටු කරන්න දෛවය ඉඩ දුන්නද?
එදා දවස ගොඩක් විශේෂ දවසක්.නේහා එයාගේ ගුවන්යානෙට ගොඩ වෙලා දොර වැහුවා. එයාගේ සේවා මුරය පටන් ගන්නේ අද. මං කලින් කිව්වනේ එයා ගුවන් සේවිකාවක්ය කියලා. ඔන්න අංකිතුත් ඉන්නවා ඒ ගුවන් යානෙම වාඩිවෙලා. එයාටත් ව්‍යාපාරික වැඩක් තිබුණා. ඒ නිසාම ඒ ගුවන්යානයේ තමා අංකිතුත් හිටියේ. ඒ වගේම නොහිතපු විදිහට තව කීප දෙනෙකුත් තමන්ගේ දුෂ්ට වැඩක් ක්‍රියාත්මක කරන්න මාන බලාගෙන හිටියේ, ඒ ගුවන් යානය ඇතුලෙම.. මෙතන ඇත්තටම මොකක්ද වෙන්න යන්නේ? මොනා වෙයිද? නිකම් හිතලා මහන්සි වෙන්න එපා. හිතන කිසිම දෙයක් වෙන්නේ නෑ. ඒ හින්දා කාලේ නාස්ති නොකර බලන්න ගන්න.
ජයවේවා..
“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති SRT උපසිරසි HQ HD පිටපත් සඳහා ගැළපේ.
12,719 downloadsDownload Chor-Nikal-Ke-Bhaga-2023.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට සහ PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Chor Nikal Ke Bhaga (2023) Sinhala sub
- #Chor Nikal Ke Bhaga (2023) Sinhala subtitles
- #Chor Nikal Ke Bhaga Sinhala sub
- #Chor Nikal Ke Bhaga Sinhala subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #PHOENIX
- #Sharad Kelkar
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunny Kaushal
- #Yami Gautam
- #උපසිරැසි
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
34 comments
Naveen Mbr
mayura
thanx macho...
bimsara
Thanks machnla
Anonymous
Patta
Kushan
Sub akta thanks
sahangayantha
Thanks a lot sahola sub ekata
Naveen
උපසිරසියට තුති
Rajitha
තැන්ක්ස් සහෝ
ප්‍රදීප්
දැනුයි බලලා ඉවර වුණේ.මේක නම් සුපිරියක්..පට්ට කතාවක්.
බොහොම ස්තුතියි උපසිරසියට..Anonymous
Great movie
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
dulan
ස්තුතියි !
Lahiru
මේ නලුව ඉන්න shiddat එකත් සුපිරි ෆිල්ම් එක
මේකත් නියමයි හැමෝම බලන්න
සබට ස්තුතියි සහෝAchintha Udayanga
යමීගෙ කලින් ඒවට වඩා හොඳා
දෙන්නටම ගොඩක් ස්තූතියිAnonymous
thnkz
Anonymous
Sub eka supiri. Godak sthoothie.
Nisal
පතාන් මොන ගොබ්බ ෆිලුමක්ද කියල හිතෙනෝ මේ වගේ හින්දි ෆිලුමක් බලද්දි
එනිවේ සබට තැන්ක්ස් මචෝSahan Gayantha
thanks a lot sahola sub ekata
Anonymous
කාලෙකින් බලපු සුපිරියක්
bhanu
Thanks brother
Anonymous
Part 2 awoth supiri
Subata thanksසරා
පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
boing
Anonymous
Elazz
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥viraj
thanks..........
Redrux
thnkz bro
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Kmax
Subtitle hodai machan...ewunata film eka tamil dub krala thiyenne...puluwannam original ekama danna balapam
Anonymous
Right click karala audio steam wenas kraganin machan. Oya copy eke hindi tamil telugu 3ma thiyenawa. Thanx for the complement bro.!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Chor Nikal Ke Bhaga (2023) Sinhala subtitles | උඩු ගුවනේ කුමන්ත්‍රණය… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Chor-Nikal-Ke-Bhaga-2023-1.jpg)
දෙන්නටම ගොඩක් ස්තූතියි!