කොහොමද හැමෝටම? අද අරගෙන ආවේ 2022 නිකුත් වෙච්ච තවත් කොරියන් මූවි එකක්. මේක 2016 නිකුත් වුනු The Invisible Guest කියන ජනප්‍රිය ස්පාඤ්ඤ චිත්‍රපටියේ රීමේක් එකක්. හැබැයි වෙනස්ම එන්ඩින්ග් එකක් මේකෙදි බලාගන්න පුළුවන්. තව වැඩේ ගොඩක් සාර්ථකයි කියන්නත් ඕනේ. පැය 1යි විනාඩි 45ක් තිස්සේ ගලන් යන මේ චිත්‍රපටිය Th…

කොහොමද හැමෝටම? අද අරගෙන ආවේ 2022 නිකුත් වෙච්ච තවත් කොරියන් මූවි එකක්. මේක 2016 නිකුත් වුනු The Invisible Guest කියන ජනප්‍රිය ස්පාඤ්ඤ චිත්‍රපටියේ රීමේක් එකක්. හැබැයි වෙනස්ම එන්ඩින්ග් එකක් මේකෙදි බලාගන්න පුළුවන්. තව වැඩේ ගොඩක් සාර්ථකයි කියන්නත් ඕනේ. පැය 1යි විනාඩි 45ක් තිස්සේ ගලන් යන මේ චිත්‍රපටිය Thriller, Mystery, Crime ගනයට අයිති වෙනවා. රිලීස් වෙලා පළවෙනි සතියෙම බොක්ස් ඔෆිස් #1 වෙන්න පුළුවන් වෙච්ච මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 5.6 ක ආදායමක් ලබන්න සමත් වෙලා තියෙනවා.
CAST – රංගන දායකත්වය
• So Ji Sub – යූ මින් හෝ • Kim Yoon Jin – යන්ග් ෂින් ඒ / ලී හී ජන්ග් • Nana – කිම් සේ හී
Plot Synopsis – කතා සාරාංශය
යූ මින් හෝ තොරතුරු තාක්ෂණ සමාගමක සභාපතිවරයෙක්. යූ මින් හෝ ව අත් අඩංගුවට ගන්නේ කිම් සේ හී ඝාතන නඩුවේ සැකකාරයා විදියට. ඒත් වරෙන්තු අවලංගු වීම හින්දා ප්‍රශ්න කිරීමෙන් පස්සේ යූ මින් හෝව නිදහස් කරනවා. එයාගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න උදව් කරන නීතිඥතුමිය තමයි යන්ග් ෂින් ඒ.
කිම් සේ හිව මැරුවේ යූ මින් හෝ ද නැත්තම් වෙන කෙනෙක්ද? යූ මින් හෝ නිර්දෝෂී වේවිද? කතාව කුතුහලයෙන් පිරිලා තියෙන හින්දා මන් තවත් කියන්න යන්නේ නෑ.
එහෙනම් බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Web-dl පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,788 downloadsDownload Confession-2022.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #2022
- #Box Office Hits
- #Confession (2012) Sinhala Subtitles
- #Confession 2012 Sinhala Subt
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
Naveen Mbr
Naveen Mbr
සමාවෙන්න මේ ඔයාගේ තුන්වෙනි උපසිරැසිය.
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
වෙබ් සයිට් එකේ ලොකු අඩුපාඩුවක් මේ නැති කරගෙන යන්නේ ඔයා. :)Nayana Buddhika
Thank You Aiye
Anonymous
කොරියන් දෙනඑකනම් පට්ට
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks
sandun
BlueRay walata Sub dennako.. WebDl torrent eke hoyanawata wada lesiyen Blueray ekak hoyala download karanna puluwan anika Quality ekath hodai. oyala 2023 neweda jeewath wenna ane !!
Bimsara Yashan(ඔලිව)
ඔය ෆිල්ම් එකේ තාම වෙබ් විතරයි තියෙන්නෙ සහෝ.
බී ආර්
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ බාන්න තියෙන මේ ෆිල්ම් එක තියෙන්නෙ 140p/160mb size එකක ෆිල්ම් එකක්.ඉතින් හිතා ගන්නකො ෆිල්ම් එකේ කොලිටි එක. ෆිල්ම් එකේ ගන්න තියෙන රසවින්දනයත් කාලා දානවා.මේකේ BlueRay හොයා ගන්න බැරි නම් ඔන්න කමක් නෑ ඉන්ටර්නෙට් එක පුරෝලා තියෙනවා මේකේ 1080p වෙනකන් හොද කොපි.මොනාද මේ දෙන්නෙ සබ් එක අප්ඩේට් කරලා දෙන්න
Nayana Buddhika
මේ මූවි එකේ Bluray තාම රිලීස් වෙලා නෑ සහෝ, Web කොපි තියෙන්නේ, Web කොපිය Dramaday එකෙන් කැමති කොලිටි එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහෝ.
විමා
මේ උපසිරැසිය ඕනම web dl කොපියකට ගැලපෙනවා.
අන්තර්ජාලයේ තියෙන ඕනම web dl කොපියක් ඩව්න්ලෝඩ් කරගෙන මේ සබ් එකත් එක්ක බලන්න පුළුවන් ඔයාට.ඩව්න්ලෝඩ්ස් වෙබ් එකෙන් යම් අතපසුවීමක් වෙලා වගේ.
පොඩි කොපියක් එක්ක තව ලොකු කොපියක් දානවා සාමාන්‍යයෙන්.
පසියා
ඇයි බන් කමෙන්ට් කරන්න බැරි????
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම අළුත් පරණ සුපිරි කොරියන් ෆිල්ම් අරන් එන්න. ජයවේවා!
Buddhika Lakmal (laKMal)
බොහෝම ස්තූතියි සහෝ....
පට්ට මූවි එක...Anonymous
#කොරියන් තව ඕන
Kushan
Sub akta thanks
විමා
මේ ෆිල්ම් එකේ වෙබ් පිටපතක් විතරයි තියෙන්නෙ. BR නැහැ, ඕනම web dl පිටපතක්, මේ සබ් එකත් එක්ක බලන්න පුළුවන්.
බයිස්කෝප් වෙබ් එකේ හිටිය කොරියන් සබ් කරපු දෙතුන් දෙනාට සබ් කරන එක එපා කෙරෙව්වා කොරියන් ටොක්සික් ෆෑන්ස්ලා එකතු වෙලා. දැන් සයිට් එකේ අවාරෙට අඹ වැටෙන්න වගේ කොරියන් සබක් වැටෙන්නේ.
ඒ අඩුව පුරවන්න කෙනෙක් ඉදිරිපත්වෙලා ඉන්නකොට ඒ මනුස්සයට රටේ නැති දේවල් කියල සබ් කරන එපා කරවන්න එපා මචන්ලා. පාඩුව වෙන්නේ සබ් එක්ක කොරියන් ෆිල්ම් බලන ඔයාලටමයි. මොකද මේ සහෝදරයට සබ් තිබුනා හෝ නැතා කොරියන් ෆිල්ම් එකක් බලල, අනිත් අතට තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. :)
කොහොමත් සමාවෙන්න කියන්න, ස්තුතියි කියන්න කට ඇරෙන්නේ අතලොස්සක් දෙනාටයි,
අහේතුවක පෝලිමේ ගිහින් ගල් ගහන්න නම් ඕන තරම් ඉන්න ජාතියක් අපි ඉතිං. :)~ ඇඩ්මින් ~
Rajitha
සිරා කතාව
හැබැයි ඔය වැඩක් නැති කමෙන්ට් දාන අය ඇත්තටම බයිස්කෝප් එකෙන් සබ් ගන්න අය වෙන්න බෑ, උවමනාවෙන්ම වැඩේ කඩාකප්පල් කරන්න දාන කමෙන්ට් වගේ මටනම් තේරෙන්නේ....
බයිස්කෝප් කොලිටියට සබ් හදන්න බැරිවුනාම මොකක් හරි කියන්නත් එපැයි ඒ අය....
Ruchira
Thanks for the sub!!!
Rajitha
තැන්ක්ස් සහෝ
කොරියන් දිගටම කරන්නAnonymous
Hindi remake eka nm filuma anagena thibuna
Blmu mekawath hodada kyla
Thanks sahoAnonymous
තෑම්ක්ස් බොම්ක❤️
Anonymous
thnkz
Nayana Buddhika
කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි❤️
බී ආර්
min passe BR balala sub karanna
Dew
සබ් එකට තෑන්ක්ස්
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
vilana
maru
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පලවෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්! දිගටම උපසිරැසි අරගෙන එන්න.