Watch Trailer

Christmas Icetastrophe (2014) Sinhala Subtitles | අයිස් උල්කාවේ නත්තල [සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකාවේ නිෂ්පාදිත Jonathan Winfrey විසින් අධ්‍යක්‍ෂනය කරණ ලද මෙම සලරුව IMDb අගය 3.8 ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙය Action / Sci-Fi ගණයට අයත් වූවකි. මෙයට Victor Webster විසින් Charlie Ratchet ලෙසත්, Jennifer Spence විසින් Alex Novak ලෙසත්, අපි කවුරුත් දන්න The 100 සීරීස් එකේ චරිතයක් වූ Richard Har…

ඇමරිකාවේ නිෂ්පාදිත Jonathan Winfrey විසින් අධ්‍යක්‍ෂනය කරණ ලද මෙම සලරුව IMDb අගය 3.8 ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර මෙය Action / Sci-Fi ගණයට අයත් වූවකි.

මෙයට Victor Webster විසින් Charlie Ratchet ලෙසත්, Jennifer Spence විසින් Alex Novak ලෙසත්, අපි කවුරුත් දන්න The 100 සීරීස් එකේ චරිතයක් වූ Richard Harmon විසින් Tim Ratchet ලෙසත්, Tiera Skovbye විසින් Marley Crooge ලෙසත්, Mike Dopud විසින් Ben Crooge ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

දැන් අපි චිත්‍රපටියෙ කතාව දිහාට හැරෙමු… මෙම සලරැවෙන් කියවෙන්නෙ ලෝකය නත්තල සමරන්න ලෑස්ති වෙනවා. ඒත් මේ කාලයේ ගෝලීය උෂ්ණත්වෙ ඉහල ගිහින්, කලින් හිම වැටුන නගරවලට දැන් හිම වැටෙන් නෑ. ඒ අතර ලෙනොක්ස් කියල කියන පොඩි ප්‍රාදේශීය නගරයකුත් අයිති වෙනවා. දවසක් පෘථීවිය ග්‍රාහක කලාපයක් අසලින් ගමන් කරනකොට, ඉන් එක ග්‍රාහකයක අමුතු උෂ්ණත්ව පැල්මක් තාරකා විද්‍යාඥයින් විසින් හඳුනා ගන්නවා. ඒ ග්‍රාහකය පෘථිවියට කඩන් වැටෙනවා. හැබැයි මේක කඩන් වැටෙන කොට කොටස් දෙකකට දෙකඩ වෙනවා. ඒ උණුසුම් සහ සිසිල් ලෙස කැබලි දෙකකට. ඉතින් මේ කඩන් වැටීම දකින විද්‍යාගාරෙ ඉන්න එක් තාරකා විද්‍යාඥවරියක් වන ඇලෙක්ස් නොවැක් මේ පිළිබඳ ගවේශනය කිරීමක් කරණවා.

මේ එක උල්කා කැබැල්ලක් ලෙනොක්ස් කියන නගරෙ හරි මැදට තමයි වැටෙන්නේ. අනික ඈත මිනිස් වාසයෙන් තොර පැත්තකට වැටෙනවා. ඉතින් මේ කඩන් වැටුන උල්කා කොටස් දෙක තම බලය වෙනවෙනම පතුරුවනවා. නගරෙට වැටුන උල්කාව එය වටේ තියෙන හැමදේම විනාශ කරමින් ක්‍ෂණික කැටි ගැසීමකට ලක්කරනවා. අනෙක් කැබැල්ල වනයේ තම උණුසුමේ බලය ව්‍යාප්ත කරණවා. ඉතින් මේ අයිස් උල්කාව එදා ඒ නගරෙ අළුතින් ඉදිකරණ සාප්පු සංකීර්ණය ගාවට වැටෙන්නෙ. එදා ඒ වෙනුවෙන් පවත්වනු ලබන උත්සව භූමියට තමා අයිස් උල්කාව වැටෙන්නේ. එයින් නගර වැසියො හුඟ දෙනෙක් අහු වෙලා ක්‍ෂණිකව කැටි ගැසී මියයනවා. මේ ගැන කටයුතු කරන්න බෙන් ක්‍රෝජ් සහ චාලි රුටච්ට් ඉදිරිපත් වෙනවා. මොවුන් නගරෙ හිස් කරන්න තීරණය කරනවා. චාලි ගෙදර ඉඳන් ප්‍රජා ශාලාවට යන කොට මේ අයිස් උල්කාවේ බලපෑමට අහුවෙනවා. එහිදී චාලිට මේ උල්කා ගැන ගවේෂණයේ නිරතවී සිටින විද්‍යාඥවරිය ඇලෙක්ස්ව හමුවෙනවා. ඉතින් මේ ඔක්කොම හුටපට අස්සෙ පොඩි ආදර කතාවකුත් ගලාගෙන යනවා. ඒ බෙන් ක්‍රෝජ්ගෙ දියණිය මාර්ලි හා චාලි රුටච්ට්ගෙ පුතා වන ටිම් අතරෙ. ඉතින් මාර්ලි සිය සහෝදරයා එක්ක නගරෙන් පිටවෙලා ප්‍රජා ශාලාවට එන අතර මගදී අයිස් උල්කාවෙ ශීතලට ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා. ඉන් ඇය බේරෙයිද? ටිම් ඇයව සොයායාවිද? ඔවුන්ට මොණවගේ ඉරණමක් අත්වේද? චාලි හා ඇලෙක්ස් අයිස් උල්කාව නතර කරාවිද යන්න බලලම තීරණය කරන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,796 downloadsDownload Christmas-Icetastrophe-2014.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරාන් සේනානායක

Subtitles

2,796 downloadsDownload Subtitles40 KB

18 comments

  1. Udara Damith Dissanayaka

    උපසිරසට ස්තුතියි
    මේ වගේ ඒවා නියමයි
    පොඩ්ඩක් සීඩ් ලා අඩුයි
    කෙස් එකක් නෑ\ කොහොම හරි ගන්නවා

    1. Udara Damith Dissanayaka

      පුලුවන්නම් ඩිරෙක් ඩවුන්ලෝඩ් කරන්ඩ බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකට ලින්ක් එකක් danda

    2. Shashmith 1

      http s:// fr5.seedr. cc/dow nloads /88d243ddbdb1d320ec1bddd2987ee9a5a65def0a/Christmas.Icetastrophe.2 014.720p.BluRay.x264.YIFY.mp4?st=DA4H9tUY7NAbVk1 vyHbSXA&e=1520957603

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Shashmith 1

    තෑන්ක්ස්

  4. Asitha Jayasinghe

    නියමයි සහෝ. දිගටම සබ් දෙමු

  5. ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි........................බුදු සරණයි

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Suranjan

    Thanks machan.....jayawewa.......!

  8. UK_Fernando

    Thanks bro

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. ptcjine

    tnx bro supiri film ekak

  12. malith

    Ela ela

  13. H_anuru

    Thank you bro

  14. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
    ජයෙන් ජය.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. dimal

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~