Watch Trailer

Barbie Video Game Hero (2017) Sinhala Subtitles | බාර්බි හා වීඩියෝ සෙල්ලම් [සිංහල උපසිරසි සමඟ]

මන් මේ ලිපි ලියන වැඩේටනම් දක්ශ නෑ..මොකද කියනවනම් මන් සාමාන්‍යයෙන් මේ වගේ ලිපියක් මගේ මුලු ජීවිතේටම ලියල නැති තරම්.ඒත් ඉතින් හැම දේටම පලවෙනි පාරක් තියෙනවනෙ ඔන්න එහෙනම් ලියන්න ගත්ත. ඇත්තටම මේක තමා මගෙ පලවෙනි සබ් එක .මගේ කඩ්ඩ දැනුමනම් මහ ලොකු එකක් නෙමේ.. ඒ නිසා අඩුපාඩුනම් නොසෑහෙන්න ඇති. . ඉතින් හැමදාම…

මන් මේ ලිපි ලියන වැඩේටනම් දක්ශ නෑ..මොකද කියනවනම් මන් සාමාන්‍යයෙන් මේ වගේ ලිපියක් මගේ මුලු ජීවිතේටම ලියල නැති තරම්.ඒත් ඉතින් හැම දේටම පලවෙනි පාරක් තියෙනවනෙ ඔන්න එහෙනම් ලියන්න ගත්ත. ඇත්තටම මේක තමා මගෙ පලවෙනි සබ් එක .මගේ කඩ්ඩ දැනුමනම් මහ ලොකු එකක් නෙමේ.. ඒ නිසා අඩුපාඩුනම් නොසෑහෙන්න ඇති. . ඉතින් හැමදාම බයිස්කෝප් අඩවියෙන් සබ් එක බාල ෆිල්ම් බලන නිසා මටත් හිතුන අඩවිය වෙනුවෙන් සේවයක් කරන්න.ඒනිසා තමයි මන් මේ ඇනිමේශන් ෆිල්ම් එකට සබ් දෙන්න බාරගත්තෙ. මේක කරනව කියල බාරගෙනනම් දැනට මාස දෙකකටත් වැඩියි. සතියෙන් එවන්න මන් පොරොන්දු උනේ.. ඒත් ඉස්කෝලෙ වැඩයි ඒක එක දේනිසා වැඩේ පරක්කු උනා.ඔන්න ඉතින් කොහොම හරි අන්තිමට වැඩේ ඉවර කරා.. ඕකොටම කලින් මේක මට සබ් කරන්න වෙන්කරල දුන්නු සිසිල ප්‍රසාද් ඇඩ්මින් සහෝදරයටත් බොහෝම ස්තූතිවන්ත වෙන්න ඕනෙ..

මේක අපි කවුරුත් දන්න බාර්බි ගර්ල් චරිතෙ යොදාගෙන හදපු ඇනිමේශන් ෆිල්ම් එකක් .ගොඩක් අය හිතන්නෙ බාර්බි ගර්ල් චරිතෙ ඇත්තටම ගෑනු ලමයි වෙනුවෙන්ම හදපු එකක් කියලනෙ .ඒත් මටනම් එහෙම දෙයක් නෑ..ඒක කොහොම උනත් මන් මේක බලද්දි ඇත්තටම මේක හොද ඇනිමශන් ෆිලුමක් කියල හිතුන. ඇත්තටම මේකට සබ් එකක් මන් සර්ච් කරල බැලුව .තිබ්බෙ නැති නිසා මන් හිතුව මන් මේකට සබ් එකක් කරනව කියල.මොකද ෆිල්ම් එක්කට සබ් එකක් කරන්න මන් කාලේක ඉදන් ලොකු ආසාවකින් හිටියෙ..මොනව උනත් සබ් එක ගහගෙන යද්දිනම් මේකනම් මහ කරුමයක් කියල හිතුනු වාර නැතුවාද නොවේ..කොහොම් හරි මේක ගහල ඉවර කරනකොට ආපු සතුට වචන වලින් කියල ඉවර කරන්න ඇත්තටම බෑ..

එහෙනම් කතාව පැත්තට හැරෙනවනම් මේක IMDB දර්ශකයේ 5.0 ක අගයක් හිමිකරගෙන තියෙනව. මේක 2017 තිරගත වෙච්ච ඇනිමේශන් ෆිල්ම් එකක්. පැය 1යි විනාඩි 12ක කාලයක් පුරාවට ධාවනය වන මේම චිත්‍රපටය Conrad Helten හා Ezekiel Norton යන දෙදෙනා විසින් අධ්‍යයක්ශන කරල තියෙනව. මෙහි කතාව ලියා ඇත්තෙ Nina G. Bargiel හා Jennifer Skelly යන දෙදෙනා විසිනි. ඒවගේම මෙහි බාර්බිගෙ චරිතෙට හඩකවන්නෙ Erica Lindbeck විසිනුයි.

මේකෙ වෙන්නෙ අපි කවුරුත් දන්න බාර්බි , වීඩියෝ ගේම් එකක් ඇතුලට ගිහිල්ල වෙන සිදුවීමක්. බාර්බි තමන්ගෙ විඩියෝ ගේම් එකක ප්‍රශ්නයක් ගැන හොය හොය ඉද්දි එයාගෙ ටැබ් එකෙන් අමුතු සද්දයක් එනව.පස්සෙ ඒගැන බලද්දි ටැබ් එකෙන් කෙනෙක් ඇවිල්ල කියනව ගේම් එකක් තියෙනව. ඒක පරීක්ශා කරන්න බාර්බිට එන්න පුලුවන්ද කියල.ඉතින් ඒකට හා කියපුවාම බාර්බිව ගේම් එක අතුලට ඇදිල යනව. ඉතින් තවත් කියල කතාව එපා කරවන්න ඕන් නැහැනෙ.. කුතුහල නැති උනාම ෆිල්ම් එක බලන එකෙනුත් වැඩක් නෑ.. එහෙනම් බාගෙනම බලන්නකො.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

2,071 downloadsDownload Barbie-Video-Game-Hero-2017.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sandaruwan-Bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳරුවන් බණ්ඩාර කරුණරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,071 downloadsDownload Subtitles39 KB

15 comments

  1. Gathsara Umesh

    Well come brother...
    Digu gamank ynn lbenn kiyl pthnawa..
    Bhoom sthuuthiyi sadrye sub ekt..
    Ikmnin deweni sub ekn hmuwemuu....

  2. SAjith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  3. Udara Damith Dissanayaka

    ..............පළමු උපසිරැසියට සුභ පැතුම් ........
    කාටුන් නම් අතහරින්නේ කෝමද

  4. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  5. asitha.l.jayasinghe

    නියමයි සහෝ! දිගටම සබ් දෙමු

  6. H.Benaragama

    පළමු උපසිරැසියට සුභ පැතුම්...

  7. supun bro

    palamu sub ekata suba pathum....
    thawath aluth film ekak ikmanata demu..

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. Deepani

    biscope ekata jayen jaya pathanawa.
    thawath sub nirmanaya karanna hemotama shakthiya diriya lebewa!!!!!!

  10. Hiran Eranda

    අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝ.....ජය වේවා

  11. shey

    godaak sthuthi sub ekataa.. ane yaluwane mata kiyanna puluwanda mewa ganna thiyena torrent site ekak.pls

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සඳරුවන් සහෝ.
    ජයෙන් ජය.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. vishnuka

    Machan power puff girls karamu neda.jaya wewa.....

  15. ලහිරු දර්ශන

    ගැම්මක්

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.