Watch Trailer

Cinema Paradiso (1988) | සිනමා පාරාදීසය [සිංහල උපසිරැසි සමඟ]

[box]බයිස්කෝප් අඩවියේ උපසිරැසි 1000 වෙනුවෙන් මමත් ඔන්න සිනමාව ගැනම තියෙන විදේශීය චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. ඉතාලි භාෂාවෙන් නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 8.4/10ක් වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනව වගේම ඔස්කාර් සම්මානය සහ තවත් සම්මාන 19ක් ලබාගෙන තවත් සම්මාන 16ක් සඳහා…

Cinema Paradiso (1988)බයිස්කෝප් අඩවියේ උපසිරැසි 1000 වෙනුවෙන් මමත් ඔන්න සිනමාව ගැනම තියෙන විදේශීය චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට ගෙනාවා. ඉතාලි භාෂාවෙන් නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 8.4/10ක් වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනව වගේම ඔස්කාර් සම්මානය සහ තවත් සම්මාන 19ක් ලබාගෙන තවත් සම්මාන 16ක් සඳහා නාම යෝජනා ලබාගෙන තියෙනවා. ඒ වගේම ඩොලර් 400,000/-කට ආසන්න ආදායම් වාර්තාවක් තියන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ගහගන්න මරාගන්න ඒවා නැති උනාට හරිම ලස්සන, හරිම සුන්දර චිත්‍රටියක්. එහෙම නැත්නම් ඉතින් මෙච්චර සම්මාන ලැබෙන්නෙ නැහැනේ.

චිත්‍රපටිය පටන් ගන්නේ ඇල්ෆ්‍රෙඩෝ නම් පුද්ගලයෙක් මැරුනා කියලා ලැබෙන දුරකථන පණිවියකින්. මේ කතාව ගෙතිලා තියෙන්නේ සිනමා පාරාදීසය නමින් හඳුන්වන චිත්‍රපටි ශාලාවක් වටා.. මේ සිනමා ශාලාවේ ප්‍රක්ශේපන යන්ත්‍රය හෙවත් ප්‍රොජෙක්ටරය ක්‍රියාත්මක කරන්නේ අර ඇල්ෆ්‍රෙඩෝ කියන මනුස්සයා. ඒ ගමේ ටොටෝ කියලා පුංචි පිරිමි ළමයෙක් ඉන්නවා. මේ ටොටෝ තමයි පල්ලියේ පූජකයා ලඟින්ම ඉන්න සහායකයා. ඒ උනාට ටොටෝ හරිම ඇට්ටරයෙක්. ඒ ගමේ චිත්‍රපටි මිනිස්සුන්ට පෙන්නන්න කලින් පූජකවරයා තමයි මුලින්ම බලන්නේ. සිපගැනීම් වගේ කෑලි සේරම කපලා දාලා චිත්‍රපටියේ ඉතුරු ටික මිනිස්සුන්ට පෙන්නනවා. ටොටෝ පුරුදු වෙලා ඉන්නවා මේ ඇල්ෆ්‍රෙඩෝව හැමදාම මුණ ගැහිලා අර කපපු චිත්‍රපටි කෑලි ඉල්ලන්න. ඒත් ඇල්ෆ්‍රෙඩෝ ඒවා ටොටෝට දෙන්නෙ නැහැ. ඒ වගේ දර්ශණ නැති වෙන කෑලි තමයි ගෙදර ගෙනියන්න දෙන්නේ. ටොටෝගෙ තාත්තා නැහැ. අම්මයි නංගි කෙනෙකුයි විතරයි ටොටෝට ඉන්නේ. ඇල්ෆ්‍රෙඩෝ ටොටෝට තාත්තා කෙනෙක් වගේ ආදරෙයි. ටොටෝත් එහෙම තමයි. ටොටෝගෙ බලවත් ඉල්ලීමට ඇල්ෆ්‍රෙඩෝ ටොටෝට ප්‍රක්ශේපන යන්ත්‍රය ක්‍රියාකරවන හැටි උගන්නනවා.

එක දවසක් හදිසියේම ඇල්ෆ්‍රෙඩෝ ගෙ නොසැලකිලිමත් කමකින් සිනමා ශාලාව ගිණි ගන්නවා. ඒකෙන් ඇල්ෆ්‍රෙඩෝ මිය යන්නෙ නැහැ. එත් සදහටම අන්ධ වෙනවා. ඇල්ෆ්‍රෙඩෝව බේරගන්නේ පුංචි ටොටෝ.. ඊට පස්සේ මේ සිනමා පාරාදීසය අළුතින් ප්‍රති නිර්මාණය කෙරෙනවා. ඒත් ගමේ කවුරුවත් ප්‍රක්ෂේපන යන්ත්‍රය ක්‍රියා කරවන්න දන්නෙ නැහැනේ පුංචි ටොටෝ හැරෙන්න.

ඇල්ෆ්‍රෙඩෝ මියයන්න කලින් ටොටෝ ට ලොකු තෑග්ගක් දීලා යනවා.. ඒක මොකක්ද කියලා චිත්‍රපටිය අවසානයට තමයි දකින්න ලැබෙන්නේ.. මොකක්ද ඒ තෑග්ග? පුංචි ටොටෝ පාසැල් ගමන අතහැර දාලා පොඩි කාලෙම ප්‍රක්ශේපන යන්ත්‍ර ක්‍රියාකරුවෙක් වේවිද? ඇල්ෆ්‍රෙඩෝ කොහොමද ටොටෝගෙ ඉදිරි ගමනට උදව් කරන්නේ? අළුතින් පටන් ගත්ත සිනමා පාරාදීසය පරණ එක වගේම පවත්වගෙන යන්න පුලුවන් වේවිද? ටොටෝ කොහොමද ඔහුගෙ ජීවිතේ අභියෝග වලට මුහුන දෙන්නේ? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ඒ වගේම බයිස්කෝප් අඩවියේ ඉදිරි ගමනට මමත් සුබපැතුම් එකතු කරනවා.. ජයවේවා..!!!

Cinema Paradiso (1988) on IMDb

640 MB කොපිය මෙතනින් බාගන්න 2f8906cafa70194fa590154261b92f37e3b8ed79 1.2 GB කොපිය මෙතනින් බාගන්න d8136ebd39aec44809fcff8426d5715756af07ed 1.9 GB කොපිය මෙතනින් බාගන්න 79a54d7b92c908e367c5ec2d235c145b149e31e2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

998 downloadsDownload Cinema.Paradiso.1988.zip94 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

998 downloadsDownload Subtitles94 KB

53 comments

  1. ප්‍රශන්න

    මරු ඇති කියල හිතෙනවා... මම කොහොමත් මේ වගේ කතා වලට කැමතියි මචන්.. ඔන්න මම බානවා

  2. akila

    පට්ට ෆිල්ම් එකක්නේ ටොප 250 වල තියෙන.. ජය !

  3. lasidu

    බොහොම තුති!

  4. sachith

    බොහොම අගේ ඇති වැඩක්. මම බලන්න ආසාවෙන් හිටිය චිත්‍රපටයක්. දැන් එහෙනම් සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන්.
    බොහොම ස්තුතියි

  5. එරංග

    ජයම වේවා අද නම් බලන්න ගොඩාක් වගේම බාන්නත් සෙට් වේවි වගේ. සුපිරි ෆිල්ම් එකක් නේ මේකත් එලස්

  6. නලින්

    එළ එළ දිනිදු සහෝ.

    ඔයා අත තිබ්බා කියනේ ආයි සුපිරිම මුවි එකක් වෙන්න ඇති

    ඉඩ ලැබුන ගමන් පා ගන්නවා

    ජය වේවා සහෝ

  7. quik

    thanks

  8. rusuru | රුසිරු

    බොහොම පින් සහෝට !

  9. හසන්ත වික්‍රමරත්න

    අද දවසම ක්ලැසික් දවසක් වෙන්න ඕනේ...
    නියමයි දිනිඳු සහෝ ගහා මරා ගන්නේ නැති කතාව හොයා ගන්නත් නැති තරම් මේ දවස් වල. මොකද ඒ තරම් මිනිස්සු ඉල්ලන්නේ සහ කැමැත්ත දෙන්නේ ලේ ඉහිරුවන්න. එකෙන්ම හිතා ගන්න පුළුවන් අපේ හිත කොහොම ලේ රහට පුරුදු වෙලා ඒකම ඉල්ලනවද කියලා. බොක්ස් ඔෆිස් වාර්තා කඩන්නේ ඒ වගේ චිත්‍රපට.
    ඒ වගේ සමයක මේ වගේ දෙයක් සිංහලෙන් ලබා දීම ගැන ඔබතුමාට අනෙක වාරයක් ස්තුතියි !!!

  10. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

  11. tharanga

    පට්ටම ෆිල්ම් එකක් අනිවා බලනවා මචෝ

  12. elakiri

    එල කිරි මචං

  13. දිෂාන්

    බෝම ස්තූතියි දිනිදු .. ඔන්න ගත්තා.. ජය වේවා

  14. geeth

    thnxzzzz macho

  15. kalinga

    බොහොම පින්!!!

    දිගටම

  16. උදාර

    පට්ට පතුරු හොදේ

  17. ccnp

    Thanks

  18. සමීර කරුණාරත්න

    බොහොම අගෙයි එහෙනම් දිනිදු අයියා ඉතාලියට...
    තව කවුරු කොහේ කොහේ ගිහින් ඇද්ද අද...
    බලමු අපි ඉවසල...
    නොඉවසා උපසිරැස දුන්නට පිං...

  19. upali

    ela ela ela

  20. mudiya / මුදියා

    1000 සම්පූර්ණ කරන්න කොච්චර වටින නිර්මාණයක්ද දිනිඳු දීල තියෙන්නෙ.දැම්ම බාන්න දානව.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!

  21. සමීර කරුණාරත්න

    2000ට යන ගමනේ උපසිරැස 200ක් වත් බලාපොරොත්තු වෙනවා හරිය...

  22. ශාන් විමුක්ති [වීමා] 〠

    ඉතාලියෙන් පටන් අරන් කොහෙන් ඉවර කරෛද මන්ද අදනම්
    යං යං යං
    ලොකෙ වටේම යමු
    ජය වේවා දිනිදු සහෝ...... :D

  23. uda

    ඉතාලිය ලෝකෙට වෙනස්ම සිනමා ව්‍යාකරණයක් හදුන්වා දුන් රටක්. වගේම මේ චිත්‍රපටියත් සිනමාත්මක තේමාවක් සිනමාත්මක නිර්මාණයක් විදිහට ගෙන එන එකක්.

    දිනිදුට එක කාරණයක් මගහැරිලා වගේ මට හිතෙන්නේ... මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා තමයි Malèna (2000) අධ්‍යක්ෂණය කළේ... නමින් Giuseppe Tornatore. ඔහු ලෝක සිනමාවේ අවධානයට නතු වුණ ආලෝක පැල්ලම( Spot Light එක)වුණේ මෙන්න මේ අද සිංහල දුන්නු චිත්‍රපටිය. එනිසා මගහැර ගන්නට එපා කිසිකෙනෙක්. මේක එතරම්ම අනර්ග සිනමා පාරාදීසයක්.

    අගෙයි දිනිදු! දිනිදුගෙනුත් අපට හොද ආරංචියක් ළගදිම අහන්ඩ ලැබෙන්ඩ නියමිතයි. මේ වෙනුවෙන් ස්තුතිය සමග සුබ පැතුම් ඔබට! ජය!

  24. නීනු

    නියම ෆිල්ම් එක

  25. නවීන් ලක්ෂිත

    balanna asa hithena widiyata post eka liyala thiynawa onna math gannawa ehenam

  26. indika

    thnq machoo...!! :)

  27. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. අනිවා මේක නම් ගන්නවා බලන්න.

  28. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........

  29. yeshu

    thankZ

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔය තියෙන්නේ අපේ දිනිදුව දවසට ගැලපෙනම එකක් අරන් ඇවිත් තියෙන්නේ...
    ආයේ දිනිදු ගෙනාවොත් අහන්න දෙයක් නැහැ, අනික ලොකුම දෙයක් ගහ මරාගන්න එකක් නොවෙච්ච එක...අනිවා බෑමක් තමයි සහෝ...තව, අපේ සහශ්‍රයට මගෙන් උණුසුම් සුභ පැතුම්....සමාවෙන්න කොමන්ටුවක් ද්දාන්න පරක්කු වෙච්චි එකට....

  31. නිරෝෂ්

    නියමයි...ස්තුතියි දිනිඳු

  32. d2dinu

    ජයෙන් ජයවේවා!

  33. “චූටී මල්ලි”

    පට්ටනෙ සහෝ
    මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
    මාගෙ ප්‍රණාමය...
    ඔබට සදා ජය...

  34. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ උපසිරැසි 1000 වෙනුවෙන් මේ දීපු සිංහල උපසිරැසියට. අනිවා බානවා. :P :P

  35. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි සහි,ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  36. dulo

    good work man. congratz.....

  37. Uvindu sathsara

    thanks dinindu

  38. රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

  39. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  40. suminda

    මගේ කැමතිම ෆිල්ම් එකක්.නියමයි

  41. ShehAn

    thankzz

  42. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  43. Nandana

    Thank U Dinidu.

  44. අසිත

    elama saho thanks

  45. Gayan Chathuranga

    බොහොම ස්තූතියි සහෝ

  46. ricadodamien

    Thank U Dinidu Brother & Baiscope TEAM for the SUB, well enjoyed this Beautiful & lovely Movie. All the best to baiscope team...................

  47. Dewadithya

    Thanks for sub!

  48. Waruna Kamalawansha

    නියමයි
    බොහෝම ස්තූති

  49. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️

  50. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

Load more comments