පියවරෙන් පියවර තබලා අද අපේ වෙබ් පිටුව ලොකු කඩ ඉමක් පසු කරන මේ අවස්ථාවේ ඒ කඩඉමට පිය නගන්න මටත් සුළුවෙන් හෝ හයියක් වෙන්න ලැබීම ඇත්තටම ඉමහත් භාග්‍යක් ලෙසින් සලකනවා. මුලින්ම මේ සහශ්‍රය වෙනුවෙන් දරදිය ඇද්ද සොහොයුරන් හැමෝටම මෙය උපහාරයක් ලෙස තිළිණ කරන්න හිතුවේ, එහෙම මට්ටමකට එන්න උපසිරැසි ලබා දීමෙන් හෝ ලබා…
පියවරෙන් පියවර තබලා අද අපේ වෙබ් පිටුව ලොකු කඩ ඉමක් පසු කරන මේ අවස්ථාවේ ඒ කඩඉමට පිය නගන්න මටත් සුළුවෙන් හෝ හයියක් වෙන්න ලැබීම ඇත්තටම ඉමහත් භාග්‍යක් ලෙසින් සලකනවා. මුලින්ම මේ සහශ්‍රය වෙනුවෙන් දරදිය ඇද්ද සොහොයුරන් හැමෝටම මෙය උපහාරයක් ලෙස තිළිණ කරන්න හිතුවේ, එහෙම මට්ටමකට එන්න උපසිරැසි ලබා දීමෙන් හෝ ලබා දුන් උපසිරැසි වල ගුණ දොස් වැයීමෙන් සැපයුවා වූ ඒ හැම ඒ හැම වැලි කැටයක්ම මේ සහශ්‍ර සීමා මාලකයේ සම්පූර්ණ භාරය එකින් එක එකතු කරලා ශක්තිමත් ලෙස අද ආඩම්බරෙන් හිටන් ඉන්න උදව්වක් වෙලා තියෙන හේතුවට. එහෙනම් මේ නිර්මාණය ඒ දරදිය ඇද්දා වූ සෑම කෙනෙකුටම තුති පඬුරක්ම වේවා!
එහෙනම් සුපුරුදු පරිදි කියන්නම් නිර්මාණ වතගොත. මුලින්ම මේ තමයි මම කරන ඉංග්‍රීසි හින්දි ඇරෙන්න කරන අනෙක් භාෂාවක මුල්ම සලරුව. මේ චිත්‍රපටය නමින් Pan’s.Labyrinth නිර්මාණය Guillermo del Toro නම් දක්ෂ අධ්‍යක්ෂකවරයා අතින්. මේ අධ්‍යක්ෂකවරයා විසින් කරන තවත් නිර්මාණයක් 2013 වසර මැද භාගයේදී නැවතත් දැක ගන්න ලැබේවි Pacific Rim යන නමින්. ඒ වගේම Blade II (2002), Hellboy (2004) සහ Hellboy II: The Golden Army (2008) මේ නාමය යටතේ එළිදක්වපු තවත් ජනප්‍රිය නිර්මාණ. 2006 වසරේ තිරගත වූ මේ ස්පාඥ්ඥ බාශා චිත්‍රපටය Drama, Fantasy, War ප්‍රභේද වලට නෑකම් කියන අතරම ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 8.3 වගේ ඉහල ලකුණු මට්ටමකට හිමිකම් කියමින් ලොව හොඳම චිත්‍රපට අතර 112 වෙනි ස්ථානයත් දිනා ගන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඔස්කාර් සම්මාන 3ක් සහ වෙනත් සම්මාන 73 කුත් නාම යෝජනා වලට 63 වතාවකුත් හිමිකම් කියන්න තරම් උසස් ගණයේ නිර්මාණයක් බවත් සනාථ කර හමාරයි.
එහෙනම් බලමු නේද මේ තරම් වටිනා නිර්මාණයට පාදක වූ කතාන්දරය කුමක්ද කියලා. මේ කතාව ස්පාඥ්ඥය තුල 1944 වසර තුල ඒකාධිපති වාදයට එරෙහිව ගෙන ගිය කැරලි සිදුවූ කාලය පදනම් කරගෙන ගෙතුනු කතාවක්. මෙහි ඉන්නවා එක කපිතාන් වරයෙක් බට කණ්ඩායමක් සමඟ ඒකාධිපති ආණ්ඩුවෙන් කරලිකාරයන් මර්ධනය සඳහා යොදවපු “විඩාල්” නමින්. ඔහුගේ බිරිඳ කලින් විවාහයෙන් දියණියක් සිටින සහ දැනට දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවක්. ඇය සහ ඇයගේ දියණිය දරු ප්‍රසූතිය සඳහා පැමිණෙනවා මේ කපිතාන් “විඩාල්ගේ” කඳවුරට. ඇයගේ කලින් විවාහයේ සිටින දුව නමින් “ඔෆෙලියා” සුරංගනා කතන්දර පිස්සියක්. ඇය ඉතාමත් කැමතියි ඒ කතාවලට. මෙහෙම මේ කඳවුරට එන ගමන ඇයට දකින්න ලැබෙනවා අමුතු ගල් කුළුණු සහ පුංචි පියාඹන සත්වයෙක්. එදින රාත්‍රියේදී ඇය වෙත එනවා ඇය හිතෙන් ආදරය කරපු පුංචි සුරංගනාවියක් ලොකු කතන්දරයක් කියන්න. ඒ “ඔෆෙලියා” කියන්නේ කවුද? ඇයගේ නියම නම, හිටපු තැන, තත්වය සහ දෙමව්පියන් ගැන විස්තර. සහ ඇයට තව කෙනෙක් මුණ ගැහෙනවා මේ දේවල් සොයා යන්න උදවු කරන්නත්. ඒ සඳහා ඇයට අවස්ථා තුනක් දෙනවා එකකට එකක් වෙනස් විදිහේ ක්‍රියාකාරකම් තුනක් සහිතව. ඒ ඉලක්ක සපුරා ගත්තොත් තමයි ඇයට ඒ රහස් හෙළි කර ගන්න ලැබෙන්නේ. මේ අතර තුර මේ ප්‍රදේශයේ යුද්ධයකුත් යනවා ඇයගේ සුළු පියා විසින් මෙහෙයවන. ඉතින් මේ ඉලක්ක සපුරා ගන්න පුංචි “ඔෆෙලියාට” මේ යුධ වාතාවරණය මැද්දේ පුළුවන් වේවිද ඇයගේ සත්‍ය තොරතුරු ඇයට දැන ගන්න ලැබේවිද? කියල ඔයාලා හැමෝටම දැන ගන්න එන්න කියලා තමයි මේ ආරාධනය!
යන ගමන් අපේ මේ කඩ ඉම ගැන මේ කතාව ගැන යමක් කියලා යන්න කියලා ඉල්ලන ගමන් හැමෝටම නැවත වරක් ස්තුති කරනවා. මේ දක්වා අප සමඟ එකතු වී සිටීම වෙනුවෙනුත් සහ ඉදිරියටත් අපිත් එක්ක එකතු වෙලා බයිස්කෝප් ලෝකේ සිංහලට හරවන්න හයියක් වෙන්න එන්න කියන ගමන් හැමෝටම ජයෙන් ජයම ලැබේවා කියලා සුපුරුදු ලෙසින් ප්‍රාර්ථනය කරනවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
3,600 downloadsDownload Pans.Labyrinth.2006.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
72 comments
ශාන් විමුක්ති [වීමා] 〠
දිෂාන්
ඔන්න ගත්තා ජය වේවා අද නම් සුපිරි..
ප්‍රශන්න
අම්මෝ.. මම මාර කැමති ෆිල්ම් එකක් අයියේ.. පිස්සු හැදෙයි.. අද උණ හැදිල ගෙදර ඉන්න එකේ.. මේකත් දැන්මම බාවෝ..............
අයියෝ.. ඔයාටත් අනිත් හැම සහෝදරයන්ටත්.. මගේ අවංක හදින් සුභ පතනවා.. තව දුරටත් අපිට මේ වගේ සතුටු වෙන්න පුලුවන් චිත්‍රපටි අම්බානෙකට දාන්න ශක්තිය ලැබෙන්න කියලා..... බුදු සරණයි.... කියන්න තියෙන ලොකුම වචනෙ.. මගේ ශබ්දකොෂයේ තියෙන්නේ ඒක විතරයි...
දිනිඳු සම්පත්
නියමයි හසන්ත සහෝ. සුපිරි චිත්‍රපටියක්නෙ 1000ට දීලා තියෙන්නේ. මේකට මමත් සබ් දාන්න ආසාවෙන් හිටියේ. ඒත් පරක්කු වැඩි උනා.. කමක් නෑ ඉතිං. උඹ මටත් වඩා හොඳට සබ් දෙන බව දන්නවනේ. මට දැන් තියෙන්නෙ බාගෙන රස විඳින්න තමයි. බොහොම ස්තූතියි. ජයවේවා!
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.සිංහල උපසිරැසි 1000 ගමනේ විශාල හයියක් වුන ඔබටත් අපේ උපහාරය.
ෆිල්ම් එක බාන්න දැම්මා.ලස්සනයි වගේ.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!සමීර කරුණාරත්න
එහෙනම් හසන්ත අයියා ඕමානයෙන් ස්පාඥ්ඥයට....
හොද හොද සෙල්ලම් රෑ වෙන ජාමෙට කියන්නැහේ....
තව කොහේ නවතින්න වේවිද....
අපි බලා ඉමු ඉවසීමෙන්....
එහෙනම් වෙනදා වගේම මෙම උපසිරැසට බොහොම පිං...
2000ට යන ගමනේ 200ක වගේ දායකත්වය ලැබෙයි කියලා හිතනවා....නලින්
ස්තුතියි හසන්ත අයියා
මෙවගේ ලස්සන මුවි එකකට සබක් ගෙනාවට
ජය වේවා
upali
ela ela ela
tharanga
පට්ට පතුරු මචෝ
chami
thnxxxxxxxxxxxx
yohan
Komada macho sinhala sub ekka download karanna
උදාර
බොහෝ තුති
pradeep
bohoma thnq..but machn 800mb brrip 1 nahane bnzzzzz
quik
thanks
aruna
thank you brthr
was
ලෝකේ හොද ෆිල්ම් එකක්නේ අනිවා බලනවා.. බොහෝ පින්
pubudu
patta hode digatama sub denna macho
සිංහලයා
මේක නියමම ෆිල්ම් එකක් ආයේ සබ් එක්කම බලනවා,,
ccnp
Thanks
නීනු
නියමයි
sarath
1000 kada imata pamineema gana ithamath satutui me wenuwen mahansi woo sama denatama thanks.
uda
මේක මම කලින් බලලා තියෙනවා. නමුත් ඒ බොහොම කලින් දැන් මතකත් නැහැ කිසිදෙයක්. මේකත් ලෝකේ සුපිරි චිත්‍රපටියක් ලෙසින් සැලකෙන්නක්. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය කියන ශෛලියෙන් සිදුකෙරුණු සිනමා නිර්මාණයක්. ඒ ශෛලිය යොදා ගෙන කෙරුණු අතිශය සාර්ථකත්වයක් හිමිකර ගත් නිර්මාණයක්. ඒ වගේම මේක දෘශ්‍ය ප්‍රයෝඅග අතිනුත් ඉතාම ඉහළයි. ස්පාඥ්ඥය වගේ හොලිවුඩයෙන් දුරු රටක නිපද වූ එකක් නිසා වටිනාකම තවත් වැඩියි.
මේකත් ඔහුගේ ගමනේ කඩඉමක් වු එකක්. සිනමාකරුවෙක් ලෙස ඔහු වෙත විශේෂ අවධානයක් දිනා දුන් සිනමාපටය වන්නේ මෙයයි මා දන්නා අයුරින්.
ඉතින් හසෝ උපසිරැසි ගණනින් බැලුවොත්, දැන් මේක 1003 වැනි එක! එහෙම නේ... මම හිතන්නේ ඔයාගේ 56 වැන්න. අගෙයි සහෝ! අගය කල යුතු වැඩක්! ස්තුතියි. ජය!
sachith
නියම තෝරාගැනීමක්. මම සබ දාන්න ආසාවෙන් හිටියා. ෆැන්ටසි චිත්‍රපට වලට ඇලුම් කරන අයට මේක කදිම චිත්‍රපටයක් වේවි. නමුත් මම හිතන විදිහට මේ චිත්‍රපටය ලෝඩ් ඔෆ් ද රිංග්ස් වගේ ෆැන්ටසි චිත්‍රපට ගණයට දැමියහැකි චිත්‍රපටයක් නෙවේ. මොකද ඔෆෙලියාට අත්දකින සිදුවීම් සැබෑවටම සිද්ධ වන බවට කිසිම සාධකයක් අපිට ලැබෙන්නේ නෑ. චිත්‍රපටයේ අපි දකින හැම මායාමය සිද්ධියක්ම ඔෆෙලියාගේ මනසේ මැවෙන සිදුවීම්.
ඒ මායා ලෝකය දකින්නට ලැබෙන්නේ ඔෆෙලියාට විතරයි.කැමතිනම් ඒ මායාලෝකය සැබෑවක් බව හිතාගන්නත් පුළුවන්. මොකද සුරංගනාවන් ඔෆේලියාට පමණක් පෙනෙන්නේත්, අන් අයට නොපෙනෙන්නෙත් ඒ මායාලෝකය දකින්න තරම් අන් අය වාසනාවන්ත නැතිනිසා වෙන්න පුළුවන්.
ඔබට ජය
නීනු
ස්තූතියි හසන්ත සහෝ
නවීන් ලක්ෂිත
අනිවා මේකත් බලනවා හසන්ත අයියේ ඔයත් ඉඳල ඉඳලා ස්පාඥය පැත්තෙන් නැවතිලා තියෙන්නේ අද
indika
thnq machoo...!! :)
කැලුම් ගුණසේකර
ස්තුතියි හසන්ත සහෝ. මේක මම කලින් බැලුවා. ඒ උපසිරැසියක් නැතිව. දැන් ඔයාට පිංසිද්ද වෙන්න මේක බලන්න පුලුවන් තේරෙන සිංහලෙන් ම.
RT
සුභ පැතුම
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........
කැලුම් රණවක
බොහාමත්ම ස්තුතියි..හසන්ත අයියෙ..
අනිවා ගන්නවා මේක නම්..කතාව හොඳටම ඇති...ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මේන්...බොලව් අපේ මාමා අද වගේ සැමරුම් දවසක දේසීය පනහෙන් එකක් ගෙනල්ලා...ඇත්තම කියනවා නම් මම මේ මාමා සබ් කරන ෆිල්ම් වලට වහ වැටුනේ ජන්ගෝ ඒකට පස්සේ...එතනින් පස්සේ ද ප්රීස්ට් ඇරෙන්න මම මෙයාගේ හැම එකක්කම් බැලුවා...ඒ තරම්ම පට්ට නිසා මේ මාමා දෙන එව්වා..මේ මෑත කාලේදී දුන් එව්වා නම් තාම බලන්න උනේ නැහැ මගේ පැකේජ් සීන් එකක් නිසා, ඒත් මම හෙට අනිද්දම එව්වා සේරම බලනවා.... ඉතින් අපේ සහශ්‍ර සැමරුම දවසේ මාමා ගෙනාව මේ දෙසිය පනහෙන් එකක් වන මේ ස්පාඤ්ඤ එක නොබලා කෝමෙයි....ඉතින් මගේ උණුසුම් සුභ පැතුම් සහශ්‍රයට වගේම ඔයාටත්....ජය වේවා!!!!
මේ මාමා කිව්වට තරහ වෙන්න එපා හොදේ, ආදරේටනේ...
d2dinu
ජයෙන් ජයවේවා!
“චූටී මල්ලි”
පට්ටනෙ සහෝ
මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
මාගෙ ප්‍රණාමය...
ඔබට සදා ජය...kkg
සහෝ උඹ නම් සබ් වලට අධිපති දෙය්යෙක් බං එලම තමා ජයම වේවා
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ බයිස්කෝප් උපසිරැසි 1000 වෙනුවෙන් මේ දීපු සිංහල උපසිරැසියට. කලින් බාගත්තු එකට උපසිරැසි ගලපගෙන බලන්න සබ් එක බාගන්නවා. :P :P
Hashan
Torrent eka wada nathooooooooo
dimuthu තරංග ඉලුක්කුඹුර
මම මේක බලලනම් තියෙනවා,ආයිත් බලන්න ඕනි හැකි උනොත් කෝකටත් ඔන්න බාගත කළා,ස්තුතියි උපසිරසියට,ජයවේවා.
anju
thank youuuuuuuuuuuuu
chap
recommended
Lakmal
thankssss
me
Thanks
GihanC
හිතට දැනුන ටිකක් අමුතු තාලයේ කතාවක් .... පිස්සු හැදෙයි ...hollywood සිනමාවට හොද අභියෝගයක් ....වෙනත් රටවල හොද ෆිල්ම් තවත් අපි වෙනුවෙන් ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා ...
Uvindu sathsara
thanks hasantha bro
Buddhika
Elakiri tama bro.sinhala apita terena widiyata baiscope balannanam iti metana arenna wena koheda????
Tawat hugak hoda hoda films apita terum karala denna oyalata Saktiya,Dairya niraturuwama labewa kiyala eka hadawatinma prartana karanawa.api hamadamat oyalat ekka innawa...(wena kohe kiyala yannada itin neda)?????THANK'S.............
රාම් රාජ්
ස්තූතියි හසන්ත
wajira
nice
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍yohan
Sinhala sub film eka download karanna komada
gihan
බොහොම ස්තුතියි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
stonecolde
සිරාම මුවි 1ක්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

වාව් වාව්
හ්සන්ත අයියත් ගේමට බැහැලනෙ
එල ලෙ
උපසිරසියට බොහොම තුති හොදේ විරිද්යාත්මක පරබන්ධ කතා නම් ආයෙ ආතාරින්නෙම නෑ
ජය වේවා!