Watch Trailer

Clickbait (2019) Sinhala Subtitles | ඇස රැවටීමේ කලාව [සිංහල උපසිරසි]

ක්ලික්බේට් කියන වචනය ගත්තොත් නම් ඒකෙ තේරුම අපේ ක්ලික්ස් ඩැහැගන්න කවුරුහරි හදපු ඇමක්, එහෙමත් නැත්තන් විවිධාකාර අන්තර්ජාල පසුතලවලදි යම් දෙයක් තියෙන බව පේන විදිහේ ලින්ක් එකක් හදලා ඊට සුළුවෙන් හෝ වෙනස්, බොහෝ විට අදාල නොවන, නැත්නම් වඩාත් බාල දේකට අපිව යොමුකිරීමේ සිද්ධීන් වලට. උදාහරණයක් විදිහට, Gaming PC…

ක්ලික්බේට් කියන වචනය ගත්තොත් නම් ඒකෙ තේරුම අපේ ක්ලික්ස් ඩැහැගන්න කවුරුහරි හදපු ඇමක්, එහෙමත් නැත්තන් විවිධාකාර අන්තර්ජාල පසුතලවලදි යම් දෙයක් තියෙන බව පේන විදිහේ ලින්ක් එකක් හදලා ඊට සුළුවෙන් හෝ වෙනස්, බොහෝ විට අදාල නොවන, නැත්නම් වඩාත් බාල දේකට අපිව යොමුකිරීමේ සිද්ධීන් වලට. උදාහරණයක් විදිහට, Gaming PC එකක් හදන්නෙ කොහොමද කියල Thumbnail එකක් දාපු වීඩියෝ එකක් ක්ලික් කළාම Rick Astley ගෙ Never gonna give you up සින්දුව යනව වගේ (Rickrollin’), නැත්තන් Free energy videos, 5 Minute crafts වගේ ඔයාලා එදිනෙදා සාමාන්‍යයෙන් දකින්න පුළුවන් විදිහේ නිස්සාර දේවල්. වතාවක් මටත් ඔහොම පොඩි සිද්ධියක් වුණා. Simone Piervergili කියල කෙනෙක්, මගේ එක්තරා නිර්මාණයක “හොඳ තැන්” ගැන කතා කරනවා වගේ title එකක් දාපු වීඩියෝ එකක තනිකරම ඒකෙ අඩුපාඩුයි, එයාට ඕන හැටියට හැදෙන්න උවමනා තැනුයි විතරක්ම කියවගෙන ගියා. මගෙ චැනල් එකේ මම තනියෙන් හදපු නිර්මාණ කිහිපයකුත් එක පෙළට අමු අමුවෙම කොපි කරල, මං ලවා ආසන්න වශයෙන් තමන්ගෙ චැනල් එක අත්හිටුවා ගත්ත Simone ට කාලෙකට පස්සෙ හොඳක් කියන්න හිත හදාගෙන හිටපු මමත් අන්තිමේ ඌට රිදෙන්න උගේ ඒ වීඩියෝ එක අරන් එඩිට් කරල ගැහුවා YTP එකක්. ඇයි අප්ප.

අදකාලෙ අන්තර්ජාලෙදි Quality content කියන්නෙ මං හිතන විදිහට හරිම ප්‍රශ්නගත වචනයක්. ගොඩක් අය ගුණාත්මක භාවයෙක් පහළ මීම් වීඩියෝ වලටත් උපහාසාත්මක විදිහට Quality content ය කියල කියයි, ඒක වෙන කතාවක්. නිකං හිතන්න, කිසිම මානසික සෞඛ්‍ය ගැටලුවක් නැති සමහර කොල්ලො කෙල්ලො ඉන්නවා නේද මට විශාදය (depression) තියෙනවා කියලා වට්ස්ඇප් ස්ටේටස් වල වැළලෙන? දන්නෙ නැත්තන් දැනගන්න, එහෙම සුළු පිරිසකුත් ඉන්නවා. එහෙම අයගෙ පෝස්ට් එහෙමත් මේ Quality content ආචරණයට අනුව මොකක්හරි අලුත් රැල්ලක් ආරම්භ කරනවා. ඉතිං බොහෝවිට ටික කාලයක් යනකන් ඒවත් හොඳට නැගල යනවා.බේලි (Amanda Colby Stewart) කියන්නෙ මොන දහංගැටේ හරි දාලා තමන්ගෙ str33ker.com ප්‍රොෆයිල් එකට මිනිස්සු ඇදගන්න දඟ දාන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇත්තටම, මෙයා str33ker (ස්ට්‍රීකර්) කියන මේ vlogging වෙබ්සයිට් එකේ වැඩිම නැරඹුම් වාර අතර පළවෙනි තැන හිටපු සාමාජිකාවක්. මාරාන්තික පිළිකාවක් නිසා ලෙඩ ඇඳට වැටිලා ඉන්න ලෝරා (Jannica Olin) කියල එයාගෙ බැච් මේට් කෙනෙක්(?) ගෙ str33k එකක් (වීඩියෝ එකතුවක්/series එකක්) හිටිවනම ට්‍රෙන්ඩින් ඇවිත් බේලිට තමන් හිටපු තැන නැතිවෙනවා. දැන් බේලිට ලෝරත් එක්ක හරිම කේන්තියි. චිත්‍රපටියේ ආරම්භයේදිම බේලි ලෝරගෙ අලුත්ම Flash එක (වීඩියෝ එක) දැකල ලෝරට තිත්ත කුණුහරුපයකින් බනිනවා. බේලිගේ අපාර්ට්මන්ට් එකේ ඉන්න අනිත් යාළුවා, එමා (Brandi Aguilar) මහන්සියෙන් ඉගෙනගන්න කෙල්ලෙක්, අවාසනාවට, උපන් රටේ කරුමෙට, nerd කෙනෙක් හෙවත් “පොත්ගුල්ලියක්”, ඉතිං ඒ නිසා කවුරුත් එමාට වෙනස්කම් කරනවා. කවුරු වුණත්, සමහරවිට, කපන්න බැරි අතක් ඉඹින්නා වගේ හරි බේලිව නම් තියයි මුරුංගා අත්තෙන් ඕං. මොන දේ වුණත්, තමන්ගෙ කඩන් වැටුණු චැනල් එක ගොඩ ගන්න විදිහක් ගැන මහ ඉහළින් කතාකරන බේලිට එයාගෙ අධ්‍යාපනය ගැනත් වගේ වගක් නෑ. දෙන්නත් එක්කම විභාග අසමත් වෙවී, ඉස්කෝලෙ යාළුවන්ටත් විහිළුවක් වෙවී දවසින් දවස පල්ලම් බහිමින් ගතකරන බේලිගෙයි එමාගෙයි මේ ජීවිතේ, බේලිගේ චැනල් එකට අනවසරයෙන් කඩාවදින එක්තරා අබිරහස් රූපකායක් නිසා උඩු යටිකුරු වෙනවා.

මෙහෙමයි, මට මේ ෆිල්ම් එක හම්බවුණේ නිකමට YTS වල Horror ෆිල්ම් හොයහොයා ගිය දවසක. මම සාමාන්‍යයෙන් ඔය කොයිකේ වුණත් Parents Guide, Reviews කියවල තමයි ගන්නෙ. Clickbait වලට ලැබිල තියෙන ප්‍රතිචාර ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් අඩු වුණත් (IMDb 3.3/10, RT: Audience Score 48%, Tomatometer – Unspecified,) එතනින් බහුතරයක් දෙනා ප්‍රශංසා කරලා තිබුණා කතාවේ දෙබස් රචනයට සහ සංගීත සංකලනයට.

එහෙම එක තැනක තිබුණා මේක horror parody එකක් කියල. සමහර විට අපේ රටේ ටාසන් බාප්පා, අපි නොදන්න ලයිව්, එහෙම නැත්තන් ජාත්‍යන්තර වේදිකාවේ Weird Al Yankovic, Saturday Night Live වගේ නිර්මාණකරුවෝ සහ වැඩසටහන් ගැන ඔබ දන්නවා නම් මේ Parody කියන්නෙ ඔබට අලුත් දෙයක් නෙමෙයි. කොහොම හරි, නොදන්න අයට, Parody කියන්නෙ උපහාසාත්මක ප්‍රතිනිර්මාණයක් කියන එක. උදාහරණයක් විදිහට, ප්‍රසිද්ධ Love song එකක වචන වෙනස් කරල අපේ කේ. කේ. වී. ටාසන් බාප්පා, නැත්තන් එහෙ Weird Al Yankovic අලුත් සිංදුවක් හදල කිව්වොත්, ඒක Love song parody එකක්. ඒ වගේ.

සාමාන්‍ය Horror film වලදි මොන දේකත් තාත්විකත්වය ඉස්මතුකරන්න කලා අධ්‍යක්ෂකවරුත් සජීවීකරණ අංශයනුත් රෑ දවල් නැතුව දුක්විඳිද්දි අපිට මේ චිත්‍රපටයේ සමහර තැන්වලදි දැකගන්න පුළුවන්, දුටුමතින් ම බොරු ය කියලා අහු වෙන ඇතැම් රංග උපකරණ (උදා, ලී මී කතුරකට අහුවුණු ලොකු රෙදි මීයෙක්, මිනිස් ඩමී සහ කෘත්‍රිම මළසිරුරු, ලේ වෙනුවට තක්කාලි සෝස්…) ඒ ඇරෙන්න 1980 දශකයේ Halloween වගේ චිත්‍රපටවල ආභාසය බොහෝදුරට උකහා ගත්ත මේ චිත්‍රපටයේ මයිකල් මයර්ස් කෙනෙක්ගේ අඩුව පුරවන්න ඩොනල්ඩ් ට්‍රම්ප් (ගේ වෙස් මුහුණක්) තමයි ඉදිරිපත් වෙන්නෙ. කොහොම හරි, Dark Comedy, Experimental, Thriller, Horror, Screenlife වගේ කුලකවලට ඇතුළත් එකක් විදිහට Clickbait සලකන්න පුළුවන්.

මුලින් නම් සඳහන් අපේ ප්‍රධාන වලට අමතරව Seth Chatfield, Ryan James Hilt, Cedric Jonathan, Makeda Kumasi ආදී නැවුම් නළු නිළි කැළකගේ රංගන දායකත්වයෙන් ඔප්නැංවුණු Clickbait, Launch Over නිෂ්පාදනයක්. මිනිත්තු 80ක් පුරාවට සැරටම ත්‍රාස රසයත්, නිසි පදමට හාස්‍යයත් කැටි කරල තිළිණ කරන මේ සලරුව, හොඳම ප්‍රධාන චරිත ද්විත්වය, හොඳම සංගීතය, හොඳම සහාය නිළිය සහ හොඳම විශේෂාංග චිත්‍රපටය යනාදී ස්ථානයන් සඳහා GenreBlast Film Festival 2018, Sanford International Film Festival 2018, FANtastic Horror Film Festival 2018 සහ Starburst International Film Festival 2019 ආදී උත්සවවලදී සම්මානයටත් පාත්‍ර වුණා.

ඉතිං, සමාජජාලාවල රඟන අපි කොයි කාටත් නියම පාඩමක් විදිහට මටත් බය නැතුව නම්කරන්න පුළුවන් මේ සලරුව දන්න සිංහලෙන් නරඹන්න ඔබට ඉඩහසර ලබා දෙන්න මට හයියක් වුණු බයිස්කෝප් එල්කේ වෙබ් අඩවියේ හිතාදර සහෝදර පෙළට ස්තුතිවන්ත වෙමින්, අදට මම සමුගන්නම්, තවත් අලුත් උපසිරැසියකින් ඔබව යළිත් හමුවන බලාපොරොත්තුව ඇතුව.

එම උපසිරස ඔබ වෙත ගෙන ආවේ,
“අග්නි ශීතකරණ“
මලක මෙළෙක හඳුනන සිසිලස

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි UNTOUCHED -WEB පිටපත් සඳහා අදාළ වේ.

5,086 downloadsDownload Clickbait.2019-Updated.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ දුවිඳු තරින්ද පෙරේරා

Subtitles

5,086 downloadsDownload Subtitles44 KB

21 comments

  1. Ravindra

    Thanks

  2. Naveen Mbr

    ස්තූතියි සහෝ!

  3. indika 75

    thanks..

  4. Anonymous

    Subtitles දෙනකොට පොඩ්ඩක් බලන්න ratings.
    Oscar Nomination films ඕන තරමක් තියනවා.
    ඒවා හොද films.

    එතකොට වඩා හොද films රසවිඳින්න පුලුවන් වෙයි..

    1. Duwindu Tharinda

      eka thamai

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි තරින්ද සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Bimsara

    thanks sago!

  8. විමා

    උපසිරසිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ.
    දිගටම සබ් අරගෙන එමු. ❤️

  9. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම සබ් කරමු. ජයවේවා!

  10. Duwindu Tharinda

    Easter Egg එකක් තියෙනවා, str33ker.com වලට ඔයාලටත් කැමතිනම් ගිහින් බලන්න පුළුවන්!

  11. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. uwiniran

    sub eka wena ekaka ekakne...

    1. Kavindu Madhushan

      Ow oi

    2. Fernando

      වෙනත් සබක් තියෙන්නෙ

  13. uwiniran

    meke sub eka ganna widiyak nathda??thiyenne DARAWI BANK sub ekak.

  14. Tharidu Sagara

    Sub eka wena ekak puluwan ikmanin meya yawath kalina karana men illami

  15. Anonymous

    මචන් වෙන සබ් එකක් එන්නෙ. පුලුවන්නම් ඒක හදපන්කෝ...

  16. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි..ජයවේවා.

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P