ඔන්න එහෙනම් අවුරුද්දකට විතර පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න තමා මේ ලෑස්තිය. පෞද්ගලික වැඩ රාජකාරි බොහෝමයකට පස්සෙ දැන් තමා ඔන්න හුස්මක් කටක් ගන්න ලැබුනෙ. ඔන්න එහෙනම් ඉඩක් ලැබුන වෙලාවෙ ආයෙත් ආවා ඔයාලව බලල යන්න. ඔන්න එහෙනම් අද අරගෙන ආවා Netflixලා ඊයෙ පෙරේදා රිලීස් කරපු කොරියන් ෆිලුමක්. මේක රිලීස් උනේ මාර්…

ඔන්න එහෙනම් අවුරුද්දකට විතර පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න තමා මේ ලෑස්තිය. පෞද්ගලික වැඩ රාජකාරි බොහෝමයකට පස්සෙ දැන් තමා ඔන්න හුස්මක් කටක් ගන්න ලැබුනෙ. ඔන්න එහෙනම් ඉඩක් ලැබුන වෙලාවෙ ආයෙත් ආවා ඔයාලව බලල යන්න.
ඔන්න එහෙනම් අද අරගෙන ආවා Netflixලා ඊයෙ පෙරේදා රිලීස් කරපු කොරියන් ෆිලුමක්. මේක රිලීස් උනේ මාර්තු 31 වෙනිදා. ඉතින් වැඩිය කතා නැතුව අපි කෙලින් ම යමු කතාව පැත්තට.
අද කාලෙ වෙනකොට කුලියට මිණී මරණ පුද්ගලයො, ඒ වගෙ කොන්ත්‍රාත් බාරගන්න අය ඕන තරම් ඉන්නව. ඉතිං ඒ වගේ අය එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනව MK කියල. ඒකෙ වැඩ කරන එක්තරා ගැහැණු කෙනෙක් තමයි මේ, gil-boksoon එහෙමත් නැත්නම් Kill-boksoon කියල කියන්නෙ. ඉතිං මෙයාට ඉන්නව දුවෙක්. මෙයාට මේ දුවත් බලාගන්න ගමන් මිණී මරණ රස්සාව කරන එක ඇත්තටම ලොකු අභියෝගයක්. ඉතිං මේ අභියෝගාත්මක ජීවිතේ boksoonට එන විවිධ කාර වූ කරදර පෙලක් තමා මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ.
මුල ඉදන් අග දක්වාම හොඳ හයිප් එකකින් බලන්න පුළුවන් කතාවක් කියල කියන්න පුළුවන්. සිද්ධි දාමයක් ගලපල තියෙන විදිය වගේම අද්‍යක්ෂක වරයාගෙ කාර්‍ය භාරය ඉතා මැනවින් ඉටු කරල තියෙන මේ අවුරුද්දෙ දැනට ආපු හොඳම කොරියානු සිනමා පටය කියල බය නැතුව කියන්න පුළුවන්. Imdb දර්ශකයෙත් හොඳ අගයකට රේට් වෙලා තියෙන නිසා ලෝබ නැතුව බාගත කරගන්නත් පුළුවන්. එහෙනම්,හැමෝටම චිත්‍රපට නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,703 downloadsDownload Kill-Boksoon-2023.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
20 comments
විමා
Sung Jin-Woo
සබ් එකට ගොඩක් ස්තූතියි.
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දැං එහෙනම් දිගටම සබ් ගේමු. ජයවේවා!
lakshan
thanks ....................
Anonymous
බොහොම ස්තුතියි සහෝ කොරියන් දෙනවට
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි දුලක්ෂ සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Kushan
Sub akta thanks
dark
Patta machan thansssss digatama sub karamuuuu
Ravindra
Thanks
Anonymous
අවුරුදු දවස් ටිකේ බලන්න තව අලුත් කොරියන් ෆිල්ම් , සීරීස් එහෙම දෙමු
මේකටත් තැන්ක්ස්Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Rajitha
තැන්ක්ස් සහෝ
Anonymous
Patta
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..AB
Thanks brother
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
ඒ වගේම නැවත සාදරෙන් පිළිගන්නවා.