වීර සිම්හා රෙඩ්ඩි පුලිචාර්ලා ගමේ වාසය කරන මුළු රායලසීමා ප්‍රදේශයම අණසක පතුරවාගෙන හිටි නායකයෙක්. ප්‍රදේශවාසින් කියන විදියට දෙවියෙක්. වීර සිම්හා තනිවම වාසය කලත් එයාට බිරිඳක් හිටියා. බිරිඳක් කිව්වේ විවාහක බිරිඳක් නෙවෙයි. මීනාක්ෂි හා වීර සිම්හා දෙන්නා ආදරය කරලා කසාඳ බඳින්න හිටියත් පවුලේ ඇතිවුණ ගැටලුවක්…

වීර සිම්හා රෙඩ්ඩි පුලිචාර්ලා ගමේ වාසය කරන මුළු රායලසීමා ප්‍රදේශයම අණසක පතුරවාගෙන හිටි නායකයෙක්. ප්‍රදේශවාසින් කියන විදියට දෙවියෙක්. වීර සිම්හා තනිවම වාසය කලත් එයාට බිරිඳක් හිටියා. බිරිඳක් කිව්වේ විවාහක බිරිඳක් නෙවෙයි. මීනාක්ෂි හා වීර සිම්හා දෙන්නා ආදරය කරලා කසාඳ බඳින්න හිටියත් පවුලේ ඇතිවුණ ගැටලුවක් නිසා දෙන්නටම වෙන් වෙන්න සිදු වෙනවා. මොකද වීර සිම්හා තමන්ගේ පවුලටත් ප්‍රදේශවාසීන්ට නියෝග පනවන ආකාරයෙන්ම කටයුතු කලා. වීර සිම්හා මේ වෙන්වීම කලේ තමන්ටම දඬුමක් විදියට. කොහොම වුණත් ඒ වෙද්දි මීනාක්ෂි ගැබ් ගෙන හිටියේ. මීනාක්ෂි, ගම්මුන් ඉස්සරහ දුන්න දිවුරුම වීර සිම්හාට කඩ කරන්න දෙන්න උවමනා වුණේ නැහැ. මීනාක්ෂිගේ ගැබෙන් පිරිමි දරුවෙක් උපන්නා. මේ දරුවව රහසේම තමන්ගේ දරුවව ඇති දැඩි කලා. දඒත් මීනාක්ෂි එයාගේ පුතා ජයි සිම්හාට තාත්තා ගැන කවදාවත් කිව්වෙ නැහැ. ජයි සිම්හා තාත්තා ගැන ඇහුවෙත් නැහැ. දැන් මීනාක්ෂි හා ජයි සිම්හා තුර්කියේ ජීවත් වෙනවා. තරුණයෙක් වියේ ඉන්න ජයි විවාහ වෙන්න ලැහැස්ති වෙනවා. විවාහය වෙනුවෙන් ජයිට ආශිර්වාද කරන්න මීනාක්ෂි වීර සිම්හාට තුර්කියට එන්න කියලා කතා කරනවා. වීර සිම්හා තුර්කියට ආවේ තනිවම නෙවෙයි. වීර සිම්හා රායලසීමා වලින් පිට වෙනකල් බලාගෙන හිටිය එයාගේ නංගි භානුමතී මැරයෝ කිහිපදෙනක් එකතු කරගෙන වීර සිම්හාව මරන්න තුර්කියට එනවා. මේ වියරු වැටුණු හැමෝටම වීර සිම්හාව මරන්න පුදුමාකාර පෙළඹවීමක් තිබුණා. වීර සිම්හාට ගැලවෙන්න පුළුවන් වේවිද? සතුරන් පළිය පිරිමහ ගනීවිද?

මේ චිත්‍රපටය රචනය හා අධ්‍යක්ෂණය කරන්නේ Krack (2021), Pandaga Chesko (2015), Balupu (2013), වගේ සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු ගෝපිචන්ද් මලිලේනි විසින්. ඔහු අධ්‍යක්ෂණය කල රවිතේජාගේ ක්‍රැක් චිත්‍රපටිය ඉ.රු. කෝටි 100 කඩඉම පසු කරා. මේ වසරේ සංක්‍රාන්තියට තෙළිඟු සිනමාවේ ප්‍රබලයින් වන බාලයියගේ Veera Simha Reddy (2023) හා චිරන්ජීවිගේ Waltair Veerayya (2023) චිත්‍රපට නිකුත් කෙරුණා. චිත්‍රපට දෙකම සාර්ථක අන්දමින් තිරගත වුණා. විශේෂයෙන්ම ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වලින් හොඳ ආදායම් වාර්ථාවක් ලැබුණා. ඒ වගේම කුල්මත් වීමේ උච්ඡතම අවස්තාවට ගිය බාලක්‍රිෂ්ණාගේ රසිකයින් නිසා එංගලන්තයේ සිනමා ශාලාවක දර්ශන වාරය අවලංගු කර ප්‍රේක්ෂකයින් සියල්ලක්ම පිටත් කර හැරි අවස්ථාවක්ද දකින්න ලැබුණා. බාලක්‍රිෂ්ණාගේ රසිකයින්ගේ ප්‍රචණ්ඩත්වය දරාගන්න පුළුවන් එකක් නම් නෙවෙයි.

ලොව පුරා දළ ආදායම පලමු දිනයේ ඉ.රු. කෝටි 54ක් හා හතරවැනි දිනයේ ඉ.රු. කෝටි 104ක් විදියට එකතු කරගත්තා. ඊටත් වෝල්ටර් වීරයියා හා කරට කර තරඟයකින්. දින50ක් අවසානයේ මුළු දළ එකතුව ඉ.රු. කෝටි 134ක් පමණ වෙනවා. මේ වීර සිම්හා රෙඩ්ඩි හා වෝල්ටර් වීරයියා චිත්‍රපට දෙකම නිෂ්පාදනය කරන්නේ මයිත්‍රී මූවි මේකර්ස් නිෂ්පාදන ආයතනයෙන්. ඒ නිසා සමහර නළු නිළියන් චිත්‍රපට දෙකේදිම දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම ශෘතී හාසන් මේ චිත්‍රපට දෙකේම පෙම්වතියගේ චරිතය රඟපානවා.

පුරුදු සුපුරුදු පරිදි බාලයියා ද්විත්ව චරිත මවනවා. කන්නඩ සිනමාවේ දුනියා විජයි මෙහි දුෂ්ඨ චරිතය වෙනුවෙන් ගෙන්වාගෙන තියෙනවා. දුනියා විජයි තෙළිඟු චිත්‍රපටයක රඟන මුල්ම අවස්ථාව මේක. ශෘතී හාසන්, හනී රෝස්, වරලක්ෂ්මි සරත්කුමාර් කියන සුරූපී නිළියන් තිදෙනාව මීට එකතු කරගෙන තියෙනවා. ඒ ඇරෙන්න ලාල්, නවීන් චන්ද්‍රා, අජයි ගෝෂ්, මුරලි ශර්මා, රවි ශංකර්, බී. එස්. අවිනාශ්, සචින් කෙඩෙකර්, රඝු බාබු, සප්තගිරි වගේ නළු නිළි පිරිවරක්ම මීට දායක වෙනවා. ඒ වගේම හාස්‍ය සගයින් ලෙස දකින්න පුළුවන් බ්‍රහ්මානන්දම් හා ආලි දෙදෙනාත් විශේෂ පෙනීසිටීමක් ඉදිරිපත් කරනවා.

බාලයියගේ මීට පෙර චිත්‍රපටය වුණ අකණ්ඩා (2021) ඉ.රු. කෝටි 200 ඉක්මවූ දළ ආදායමක් එකතු කර ගන්නවා. එම චිත්‍රපටය හින්දි, දෙමළ භාෂාවෙන් තිරගත කිරීමද සිද්ද වුණා. අකණ්ඩාවට වගේම මේ චිත්‍රපටයටත් සංගීතය සැපයුවේ ද මෑන් හෙවත් තාමන්. අකණ්ඩා චිත්‍රපටයට තාමන් විශාල වැඩ කොටසක් එකතු කරලා තිබුණා. අතාත්ත්වික, තර්කානුකූල නොවන චිත්‍රපටයකට උපසිරැසිය දෙන්න මම අත ගැහුවේ ඒ නිසාමයි. කොහොම වුණත් අකණ්ඩා චිත්‍රපටයෙදි බාලයියගේ රඟපෑම ජාන වලින්ම ආවා කියන්න පුළුවන් තරමේ දක්ෂතා පෙන්නුම් කරා. මේ චිත්‍රපටයෙදිත් ඇතැම් අවස්ථා ඇරුණම බාලයියගේ රංගනය ආසාවෙන් රස විඳින්න පුළුවන්. සටන් අවස්ථා, ප්‍රේමණීය අවස්ථා බලනවා නම් ස්වයංපාලනය තියාගත්තොත් හොඳයි.

ඒ වගේම මේ ලඟදි බාලයියගේ 108 වැනි චිත්‍රපටයේ නිෂ්පාදන වැඩ කටයුතු ආරම්භ කලා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sarileru Neekevvaru (2020), Raja The Great (2017) යන සාර්ථක වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂණය කල අනිල් රවිපුඩි. මෙහි බාලක්‍රිෂ්ණා එක්ක කාජල් අග්‍රවාල්, Dhamaka (2022) චිත්‍රපටයෙන් ඉතා ජනප්‍රිය වුණ හුරුබුහුටි ශ්‍රීලීලා යන දෙදෙනාත් රඟපානවා. මේ චිත්‍රපටයටත් සංගීතය සපයන්නේ තාමන් විසින්මයි. මේ ලඟදි නිකුත් කෙරුණු First Look පෝස්ටරය දකිද්දි නම්, වතාවෙ ද්විත්ව චරිත කරන පාටක් පේන්නෙ නැහැ.

මේ චිත්‍රපටයේ මේ වෙද්දි Imdb අගය 5/10ක්. 123Telugu වෙතින් 3/5ක්, The Indian Express වෙතින් 3.25/5ක්, TOI වෙතින් 2.5/5ක් විදියට අගය කිරීම් හිමිකර ගන්නවා. සමාන්‍යයෙන් විනෝදාත්මක චිත්‍රපටයක් බලන්න කැමති අයට මේක රසවිඳින්න කියන්න පුළුවන්.

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HQ HDRip පිටපත සඳහා අදාළ වේ.

2,837 downloadsDownload Veera-Simha-Reddy-2023.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

2,837 downloadsDownload Subtitles52 KB

22 comments

  1. Anonymous

    මසාලා ටයිප් ෆිල්ම් වලින් නෝලන්ගේ රොකට් සයන්ස් බලාපොරොත්තුවෙන් බලනවනම් ඒක ෆිලුමේ අවුලක් නෙවෙයි බලන එකාගේ ගොන්කම......
    මම නම් ඔය දෙවිදියේම ෆිල්ම් බලනවා
    සබ් එකනම් ටිකක් පරක්කු මචෝ, සබ් එක්කම කලින් බැලුවා
    එනිවේ තැන්ක්ස් සබට

  2. මාලා

    එනිවේ තෑන්ක්ස් සබට. රෂ්මිකාගේ ගුඩ් බායි දෙන්න බැරිද?

    1. Naveen Mbr

      ඒක අපේ කෙනෙක් කරන ගමන්.

    2. Anonymous

      Godfather eka denako

  3. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි මලේ.

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  4. Anonymous

    Godfather 2022 තෙලිගු චිත්‍රපටියට සිංහල උපසිරැසි දොන්කො

  5. Kushan

    Sub akta thanks

  6. Ravindu_Heshan

    thnaks malli❤️❤️❤️

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  7. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Samith

    Thanks brother

  9. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි නවින් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Naveen Mbr

      ස්තූතියි සහෝ!

  12. Anonymous

    පරන ෆිල්ම් සබ් නොදී,
    Kabza(kannada)
    Ayodhi(tamil)
    Kaari(tamil)
    Romancham(malayalam) වගේ අලුත් හොද නිර්මාන වලට සබ් දුන්නනම් වටිනවා
    මොකද මේ ෆිලුම දැනටමත් ගොඩදෙනෙක් බලලා තියෙන්නේ,ඩවුන්ලෝඩ් කවුන්ට් එකෙනුත් ඒක පැහැදිලියි(යෝජනාවක් පමනයි)

    1. විමා

      පරණ ෆිල්ම් ? මේක 2023 එකක්.
      උඹ කාල තරණය කරනවද බන් ?

    2. Anonymous

      ඔයත් ඉතින් මොකක් හරි කොනක් අල්ලගන්නවමයි නේද
      පරන වචනේ අයින් කරගන්නම් එහෙනම්
      මන් කියපු දේ තේරෙන උන්ට තේරෙයි ඩවුන්ලෝඩ් කවුන්ට් එකෙන් ඒක ඕන කෙනෙකුට තේරෙනවා..(යෝජනාවක් විතරයි කියලා කිව්වත් එක්කනෙ,ආයි රිප්ලයි කරකර ඔයාගේ කාලේ කන්න එපා)

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. Anonymous

    මේ චිත්‍රපටිය සුපිරිම කොමිඩියක්.තනිකරම කොමඩියක් .මට මේක පටන්ගත්තු වේලේ ඉඳන් හිනාව නවත්තගන්න බැරි වුනා.අපේ ගෑනි ඇහුවා මොකද ඔයහැටි හිනා වෙන්නේ.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P