Watch Trailer

Clockstoppers (2002) | වෙලාව නවතන්නෝ

අවුරුදු නම් පහුවෙලා, ඒ උනාට කමක් නෑ…අපේ සියළුම යාළුවන්ට සියලුම වාසනාවන්ත සිතුම් පැතුම් ඉ‍ටුවෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ! (අපේ වෙබ් අඩවියේ ප්‍රශ්නයක් තිබුනා කියලා දැනගන්න පුළුවන් උනේ නම් කොමෙන්ට් වලින් තමයි. මටත් පසුගිය මාස කීපයක්ම අන්තර්ජාල සම්බන්ධකම් ගැටළුවක් තිබුනා) මේ චිත්‍රපටගේ දිගහැරෙන්…

අවුරුදු නම් පහුවෙලා, ඒ උනාට කමක් නෑ…අපේ සියළුම යාළුවන්ට සියලුම වාසනාවන්ත සිතුම් පැතුම් ඉ‍ටුවෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !

(අපේ වෙබ් අඩවියේ ප්‍රශ්නයක් තිබුනා කියලා දැනගන්න පුළුවන් උනේ නම් කොමෙන්ට් වලින් තමයි. මටත් පසුගිය මාස කීපයක්ම අන්තර්ජාල සම්බන්ධකම් ගැටළුවක් තිබුනා)

මේ චිත්‍රපටගේ දිගහැරෙන්නේ අමුතුම කතා තේමාවක්. කලින් උපකල්පනය කළනොහැකි සිදුවීම් මාලාවක් සහිත බැවින් මේ චිත්‍රපටය පුරාම එකසේ කුතුහලය පවතිනවා. විද්‍යාත්මක හා ක්‍රියාදාම ගනයට අයත් මෙය 2002 දී නිපදවූවක්. Clockstoppers කතා තේමාව නම් මෙන්න මෙහෙමයි.

ඇමරිකාවේ නාසා ආයතනය මගින් මෙහෙයවන QT (Quantum Tech) සමාගම නව සොයාගැනීමක් කරනු ලබනවා. ඒ මිනිසාගේ අණුක වේගය ඉතාවැඩි කරන ක්‍රමයක්. මෙවිට අන් අය පෙනෙනුයේ ඔවුන් එක තැන නැවතී ඇතිවාක් මෙනි. මේ තාක්ෂණය කුඩා අත් ඔරලෝසුවකට එක්කිරීම මගින්, මුළු ලොවම විනාශකිරීමේ හැකියාවක් ඇතිබව දැනගන්නා නාසා ආයතනය, මෙම පරීක්ෂනය නවතා දැමීමට අණකරනවා. එහෙත්, QT නායකයා වන, Henry Gates නාසා ආයතනයේ නායකයා පැහැරගනිමින්, මුළු ලොවම පාලනය කිරීමේ ක්‍රියාදාමයට මුලපුරනවා. මෙම තාක්ෂනික ක්‍රමයේ පවතින ප්‍රබලම දුර්වලතාවය වනුයේ, ශරීරයේ අණුක විපර්යාසය අනුව, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වයස වැඩියෙන් ගතවීමයි.

මෙහිදී මා මෙහි කථානායකයා පිළිබඳව වදනක් හෝ පවසා නැත. ඔබේ කුතුහලයට බාධාවක්
වේ යැයි සිතුනු බැවිනි. එසේ නම් දර්ශකයේ ලකුනු 5 ක් පමණ ලබා තිබෙන මේ Clockstoppers ත්‍රාසජනක චිත්‍රපටය නරඹලාම බලන්න.

ලිපිය – ප්‍රියන්ත ද සිල්වා

38 comments

  1. Kasun

    Sthuthi saho!!

  2. Tharanga Darshana Ekanayaka

    බොහෝම ස්තුතියි............

  3. Nimal

    thanks saho.......

  4. wsu

    we want at least one film a day.pls consider we know you are busy.speacially in weekends this site is stagnant.

    why dont you charge a small fee for registration for your dedication.

  5. විකියා

    ඉස්තුති සහෝ
    ජයෙන් ජය~!

  6. AL1717

    Ela Ela onna Apith banawa

    thanks me movie Eka gena kiwwata

    thanks Wewaa
    jaya wewaa

  7. අමල් ප්‍රසාද් සමරවීර

    ela ela..mama nam ithin kawadath asa me wage film walata thama

  8. Supun

    මචන් මෙක බා ගන්නෙ කොහොමද. දන් නෑති හින්ද අහන්නෙ

  9. mudiya

    ඔන්න බාන්ඩ දැම්ම.එල එල ප්‍රියන්ත සහෝ.බොහෝ...........ම ස්තූතියි...!

  10. paradox

    @ wsu

    Good idea.

    @ Admin panel of baiscopelk

    If possible, create a link for donation with paypal.

  11. ශෂී මදුරංග ප්‍රනාන්දු

    හපෝ චා ෆිල්ම් එකක් වගේ සහෝ :-(

  12. kasun

    film eka vitharak danne ban sub ekath dapanko ban

  13. යසිරු මධුක

    බොහොම ස්තුතියි.

  14. kantha

    sinhala sub nethuwa me films kisi wedak nehe.sub denawaam thamai apata film eka therenne..sinhala sub nethuwa films EPOW......

  15. paradox

    @ kantha

    ඉතිං ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඉංග්‍රීසි උපසිරැසි භාවිත කරන්න. පලවෙනි ෆිල්ම් එක තේරෙන එකක් නෑ. දෙවෙනි එක ටිකක් තේරෙයි. තුන්වන එකේ ඉඳන් හොඳටම තේරෙයි. අන්තිමට ඉංග්‍රීසිත් ඉගෙනගෙන ඒවගේම ෆිල්ම් එකත් රසවිඳලා. ට්‍රයි එකක් දීලා බලමු නේද සහෝ ? අපි හැමෝම උපදිනකොට සිංහලවත් ඉංග්‍රීසිවත් ඉගෙනගෙන හිටියෙ නෑනෙ ? පුංචි උත්සාහයක් තියේනම් අපිට කරන්න බැරි දෙයක් නෑ :-)

    1. Anonymous

      Sub nane

  16. AMA

    අපිට සිංහල නැතිව අමාරැයි සහෝ සමහර දේවල් කොපමන ටයි කරත් හරියන්නැති දේවලුත් තියනවනේ

  17. kdn

    keep it up

  18. kantha

    @ paradox ,
    English sub balala eva theruma ragana film eka diha balanakota film eken bhagayak gihin evarai...Ethakota kohomada karanne.. Mea wage site ekakin api bala poriththu wenne honda film ekak sinhala sub ekka devi kiyala.Nikam film eka withara denawanam oya oona thara torrent site wala ailth film thiyenne..biascopelk walin api hamoma balaporoththu wenne sinhala sub with movies..films witharak nemei..meka thamai eththa thathwaya...sub danna mahansiwena hemogema uthsahaya mama ithamath agaya karanawa...Thanka for All..,,,

  19. sena

    Thank you...

  20. Isuru Udana

    Thanks

  21. paradox

    ඉංග්‍රීසි ඉගෙනීම අමාරු/කල නොහැක්කක් යැයි සිතා සිටින සියල්ලන්ටම

    ඔබ මෙන්ම මමද එය එසේම යැයි සිතා සිටියෙමි. අපොස සාපෙළ වන තෙක් මා කිසිදාක ඉංග්‍රීසි විෂය සඳහා ලකුණු 10 කට වඩා ලබාගෙන නොමැත. වෙනත් විදියකට කීවොත් පිහිනීමට නොහැකි නිසා දියේ ගිලීමට බියෙන් වතුරට නොබැස සිටියෙමි.
    නමුත් ඉදිරියේදී නියත වශයෙන්ම වතුරට වැටෙන බව දැනගත් මම වතුරට පැන ජබු ගසන්නට වීමි.
    ඉංග්‍රීසි ඉගෙනීමටද ඔබ එය පටන්ගත යුතුය. කොතැනකින් හෝ, කොතැනකින් හෝ ඔබ එය පටන් ගත යුතුය. ඒ පටන් ගැනීමට බයිස්කොප් අඩවිය මහඟු පිටිවහලක් කරගැනීමට ඔබට හැකිය. ඉංග්‍රීසි ඉගෙනීම විනෝදාංශයක් කරගන්න. එයට පළමු තැන නොදෙන්න. එය බරක් කර නොගන්න.

    1. සිංහල උපසිරැසි සහිතව නැරඹූ චිත්‍රපට ඉංග්‍රීසි උපසිරැසි වලින් නැවත නරඹන්න. දෙවරක් සමහරවිට තුන් වරක්....වචනයෙන් වචනය තේරුම් ගැනීමට උත්සාහ නොගන්න. ඒ වෙනුවට මුලු ඉංග්‍රීසි වාක්‍යයම නිකමට කියවන්න. එය තේරුම් ගැනීමට අහස පොලව ගැටලා කල්පනා නොකරන්න.
    2. නොතේරෙන ඉංග්‍රීසි වචන www.maduraonline.com වලින් සොයන්න. කියවා එය අමතක කර දමන්න. මතක තබා ගැනීමට උත්සාහ නොගන්න.
    3. වචනයේ ශබ්ද කිරීම ගූගල් තුල සොයන්න. define: (උදා: define: emphasis) එහි ස්පීකරය තුල ක්ලික් කරන්න. එවිට ගූගල් එය ශබ්ද නගා කියවනු ඇත. හැකිනම් එය චිත්‍රපටයේ ශබ්දය සමග සංසන්දනය කරන්න.
    4. රූපවාහිනියේ සිංහල පුවත් නැරඹීමෙන් පසු එම චැනලයේම ඉංග්‍රීසි පුවත් නරඹන්න.
    5. ඉංග්‍රීසි පුවත්පත් කියවන්න.
    6. තනියම වචන ගැට ගසමින් කතා කරන්න. මිතුරන් සමග කතා කරන විට චිත්‍රපට වලින් ඉගෙනගත් වචනයක් දෙකක් මැද්දට රිංගවන්න.
    7. SMS, Chat වලදී කුඩා ඉංග්‍රීසි වාක්‍ය භාවිත කරන්න.
    7. ඔබ ඉංග්‍රීසි දන්නා බව ඔබටම පවසන්න. ඔබටම වැටහේවි ඔබ ටිකින් ටික දියුණු වන බව.

    උත්සාහය අත් නොහරින්න. මේ බම්බුව කල නොහැකි දෙයක් බව මුලදී සිතේවි. එහෙත් එය කරන්න. නොනැවතී කරන්න. නැවත නැවතත් කරන්න.

  22. Kasun.D

    ela ela...
    balama balamu..
    thank you saho....

  23. Ravi

    @ paradox ,

    උඹ නම් මාර පොරක් තමයි. මමත් ඔය වගේ එක එක දේවල් කරල තමයි ඉගනගත්තේ. විශේෂයෙන්ම උනන්දුව එකදිගටම තියාගන්න පුළුවන් ගොඩාක් TV Series බැලුවා, Prison Break, 24, LOST, Heroes, MONK , Friends වගේ ඒවා. දැන් නම් මචෝ මොකක් හරි බැලුවම, ඒක කවුරුහරි ඇහුවොත් මට කියන්න පුළුවන්, ඒ වගේම සමහර වෙලාවට, ඒක බැලුවේ English ද නැත්නම් සිංහල උපසි‍රැසිත් එක්කද කියන එකත් මතක නෑ. ඒත් එකක් කියන්න ඕනේ, ඔය වැඩේට මට අවුරුදු ගනනක් නම් ගියා.

    තෑන්ක්ස් මචාලා මේ ලස්සන සංවාදය හොඳටම ටිකක්දුරට ගෙනියපු එක් ගැන.

    බයිස්කෝප් මිතුරන්ටත් තැන්ක්ස් ආ..

  24. paradox

    තවත් අදහසක්. ඔබ මිතුරන් සමග සෙට් වෙයි නම් ටිකක් වැදුනු පසු හැකි පමණ ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උත්සාහ කරන නිසා එසේ කරන බව ඔවුන් කිසිවකුට නොකියන්න. අත්දුටුවයි. සත්තයි. ඉංග්‍රීසි කතාවට ඔබේ ඇති බිය නැතිවේ.

  25. hare :-)

    ච්ත්‍රපටිය හොඳයි. එක දිගට බලාගෙන ඉන්න පුළුවන් එකක්.

    ඔය ඉංගිරිසි ඉගෙනගන්න එක සම්බන්ධයෙන් පැරඩොක්ස්ගෙ කතාව සහතික ඇත්ත. ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන නැත්තං ඒක වෙනම කතාවක්. නමුත් මම හිතන්නෙ නෑ ඉංගිරිස් ඕන නැති උං ඉන්නව කියලා. අදට වඩා හෙටට ඉංග්‍රීසි අවශ්‍යයි. ඒකෙදි හොඳම ක්‍රමේ තමයි ච්ත්‍රපටි. මොකද ලංකාවෙ ගොඩ සුද්දො එක්ක ඉංගිරිස් කතා කරන්න බෑනෙ. (මං කිව්වෙ ලංකාවෙ ඉංගිරිස් දන්න උන් නොදන්න උන්ව කපනවනේ ‍ගොඩක් විට) ඉංග්‍රීසි පත්තර, පොත් හෝ නිව්ස් බැලිල්ල හරි යන්නෙ නැති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ඕන එකෙක් චිත්‍රපටිනං බලනවනේ.... සිංහලෙනුත් බලල ඉංගිරිසියෙනුත් බැලුවොත් සෑහෙන්න ගොඩදාගන්න පුළුවන් වෙයි. පටංගනිද්දිම බෑ කිව්වොත්නං කෝකත් හරියන්නෙ නෑ... :-)

  26. kantha

    @ paradox ,

    thanks saho...mama oya kiw vidiyatama karanna uthsaha gannam..Namutha biascope walin sinhala sub dena eka nawaththanna epa..

  27. shalana

    Thanks...

  28. uda

    ඉංග්‍රිසි ඉගෙනීම ගැන paradox සහෝ කියල තියෙන කතාව ඇත්තයි. නමුත් 'ඉංග්‍රීසිය විශ්ව භාෂාවයි' කියන සංකල්පය ඉදිරියේදී අවලංගු වී යා හැකි බවට කිසියම් මතවාදයකුත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් එඩ්වින් ආරියදාස ශූරින් කිවූ කතා පොඩ්ඩක් මෙතන දාන්නම්! ඇමෙරිකානුවොම හදාපු පුංචි කතාවක්.

    ඔන්න ඇමරිකාවේ පරිගණක විද්‍යාඥයන් බොහොම මහන්සි වෙලා හැදුවලු සියල්ල දත් පරිගණක යන්ත්‍රයක්. මේ පරිගණකයට කට වචනයෙන් ප්‍රශ්නයක් යොමු කළහම ඒ සම්බන්ධව අදාල වෙන හොඳම පිළිතුර මුද්‍රිත පිටපතක් ලෙස ලබා දෙනවලු මිනිත්තු දෙක තුනකින්. අතීත-අනාගත, දන්න-නොදන්න ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් සපයන්න තරම් සමත් දියුණු බවකින් යුක්තයිලු.

    ඔන්න මේ පරිගණක යන්ත්‍රයේ වැඩ නිම කරල එහෙම අපේ විද්‍යාඥ පිරිස ඇමෙරිකානු ජනපති බැ‍රැක් ඔබාමා කැ‍ඳෙව්වලු තමන්ගේ සුපිරි නිර්මාණය ඔහුට පිළිගන්වන්න.
    දැන් ජනාධිපතිතුමා ආවහම මේ පිරිසේ ප්‍රධාන විදුදරයා ඔහුට කිව්වලු

    "සර් මේක තමා මෙතෙක් ලෝකයේ බිහි කළ අනගිතම පරිගණකය. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් අහන්න මිනිත්තු කිහිපයකින් මුද්‍රිත පිළිතුරක් ලැබෙයි. කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් නොලැබී යන්නේ නෑ." කියලා.

    එතකොට ඔබාමා කිව්වලු "හොඳයි එහෙනම් මට දැනගන්න වුවමනයි 2020දී මේ ලෝකයේ ප්‍රබලතම ජාතිය මොකද්ද කියන එක?" කියලා.

    ඔන්න පරිගණකය අර කිව්ව විදිහටම පිළිතුරක් සකස් කරලා මුද්‍රිත පිටපතක් ලබා දුන්නලු.

    ඔබාමා ඇහුවලු "විද්‍යාඥතුමනි, කෝ එහෙනම් ඔය පිළිතුර මට ඇහෙන්න කියවන්න පුළුවනිද?" කියලා.

    අර ප්‍රධානියා එතකොට තුෂ්ණිම්භූත වෙලා බලලා කියනවලු
    "අනේ සර්, මටනම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. ඒක තියෙන්නේ චීන භාෂාවෙන්" කියලා.

    හහ් හහ් හහ් හා.......

    ඔන්න ඕකයි තත්ත්වේ.
    තව අවුරුදු දහයකින් දොළහකින් මුළු ලෝකය වටේම මිනිස්සු ඉංග්‍රීසි වෙනුවට චීන ඉගෙන ගනී මයෙ හිතේ විශ්ව භාෂාව කියලා!

  29. paradox

    හොඳයි. එහෙනම් අපි දැන් ඉංග්‍රීසි ඉගෙනගෙන 2018 දි විතර චීන ඉගෙනගන්න පටන්ගමු.
    අමතක කරන්න එපා කලාශූරී එඩ්වින් ආරියදාස ශූරීන් තමයි සක්විති රණසිංහ කියන හොරාගේ ප්‍රධාන උපදේශක වෙලා හිටියෙ. ඉතිං තනි මිනිහකුගේ අනාගතය දැකිය නොහැකි මිනිසෙක් ලෝකයක අනාගතය ගැන කියන අනාවැකි විශ්වාස කරන්නෙ කෝමද ?
    කොහොම උනත් මම කැමතියි වර්තමානයේ ජීවත් වෙන්න.

  30. uda

    අයිඅයියෝ paradox සහෝ ඔච්චර දුර හිතන්න එපා!

    අර කතාවක් තියෙනවනේ 'ගුරුන්ටත් අකුරු වරදී' කියලා, එඩ්වින් ආරියදාස ශූරීන්ට වුණේ ඒ වගේ වැඩක් කියලයි මමනම් හිතන්නේ. නමුත් මගේ විශ්වාසයේ හැටියට ඒ වගේ ‍රැවටීමකට හසු වූ පමණින් මිනිසෙකුගේ වටිනාකමේ කිසිදු අඩුවක් සිදු වන්නේ නෑ! තවමත් එඩ්වින් ආරියදාස ශූරීන්ගේ දැනුමට සමවෙන්න තියා අලගු තියන්නවත් හැකි කෙනෙක් වත්මන් පරපුර අතරින්නම් බිහිවෙලා නෑ.

    එතුමා විශ්ව කෝෂයක්! හැම ක්ෂේත්‍රයක්ම ගැන මනා දැනුමක් වගේම ප්‍රබල මතකයක් තිබෙනවා. එතුමාගේ දේශන වලට සවන්දෙන්න පෙර මාත් හිතාගෙන හිටියේ ඔය විදිහටම තමා. නමුත් එයින් පස්සේ නම් ඒක එහෙම පිටිම්ම වෙනස් වුණා. කාටවුණත් වරදින්න මහ වෙලාවක් යන්නේ නෑ. ඒක නිසා කෙනෙකුට වැරදුණු පමණින් එයාගේ අගය අවතක්සේරු වෙන්නේ නෑ.

    මම මේ කතාව දැම්මේ පොඩි හාස්‍යයක් එක්කම උපහාසයකුත් එහි අඩංගු නිසා. ඔයා කිව්ව වගේම කවදහරි දවසක ඒ කියන විදිහට වුණොත් අපි එතකොට චීන ඉගෙනගමුකෝ නේ! දැනට ඉතිං කොකටත් දෙයියා ඉංග්‍රීසිම තමා!

  31. Budditha Fernando

    බොහොම ස්තුතියි සහෝ ෆිල්ම් එකට.. English ගැන කතා ටිකත් කියෙව්වා.. හිත ඇත්නම් පත කුඩාද? හිතුවොත් ඕන දෙයක් possible..

  32. Ninenet9

    බොහෝම ස්තූතියි ප්‍රියන්ත සහෝ අපි වෙනුවෙන් මහන්සිවෙලා මේ චිත්‍රපටය සිංහලෙන්ම ලබා දුන්නට...

  33. Anonymous

    meka fattama movie 1k....balala nathi aya balanna :)

  34. Mr,shoes

    ලින්ක් එක අයින් කරලා ...................... අලුත් එකක් දෙන්න

  35. sadheerapriyamantha

    link eka na ne

  36. krishanS21

    sub eka nane

  37. Anonymous

    ko huththo sub eka