හලෝ යාලුවනේ,මම අද කියන්න යන්නේ මම මේ අවුරුද්දේ බලපු සුපිරි “හොල්මන්”ගණයට වැටෙන චිත්‍රපටයක් ගැනයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට Harry Potter චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රග පෑ Daniel Radcliffeව අමතක නැතිව ඇති. Harry Potter කථා මාලාවෙන් අනතුරුව Daniel Radcliff වෙනත් වැඩකට අත ගැසුවා.ඒ ගැන තමයි අද මම කියන්න…

හලෝ යාලුවනේ,මම අද කියන්න යන්නේ මම මේ අවුරුද්දේ බලපු සුපිරි “හොල්මන්”ගණයට වැටෙන චිත්‍රපටයක් ගැනයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට Harry Potter චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රග පෑ Daniel Radcliffeව අමතක නැතිව ඇති. Harry Potter කථා මාලාවෙන් අනතුරුව Daniel Radcliff වෙනත් වැඩකට අත ගැසුවා.ඒ ගැන තමයි අද මම කියන්න යන්නේ.

කවුරුත් හිතුවේ ඔහු Harry Potter කථා මාලාවෙන් අනතුරුව අනිත් අය කරනව වගේ තමාගේ ප්‍රසිද්ධිය රැක ගැනීම සදහා තමාගේ වයසට සරිලන,තරුණ අය හුගක් වෙලාවට නරඹන්න කැමති කොමඩි චිත්‍රපටියක් හෝ ක්‍රියාදාම චිත්‍රපටයක රගපාවී කියලයි.නමුත් ඒ සියල්ල උඩු යටිකුරු කරමින් මොහු රග පෑ මෙහි මොහු කුඩා දරුවෙක් සිටිනා පියෙකුගේ චරිතයට පණ පොවනවා..මොහුගේ මෙම නිර්භීත පියවර අපතේ නොගොස් ඇති බව පෙනී යන්නේ මෙය බ්‍රිතාන්‍යයේ බොක්ස් ඔෆීස් වාර්තා බිද හෙලමින් වාර්තා ගත ආදායමක් සෙවීමට මෙම චිත්‍රපටය සමත් වී ඇති නිසායි.එමෙන්ම බොහොමයක් වෙබ් අඩවිවල මේ චිත්‍රපටය ගැන බොහෝම හොද විදියට අදහස් දක්වා තිබෙනවා.ඇ.ඩො.මිලියන 13ක් වැනි පිරිවැයක් දරා නිපදවා තිබෙන මෙය මා මේ ලිපිය ලියන මොහොත වනවිට එම පිරිවැය මෙන් කිහිප ගුණයක ආදායමක් දැනටමත් සොයා අවසන්.එය දළ වශයෙන් ඇ.ඩො.මිලියන 90 කිට්ටු ආදායමකි.ඒ වගේම IMDb දර්ශකයේ 6.7/10 වගේ ඉහළ මට්ටමේ අගයක් හිමි කර ගන්නත් මේ චිත්‍රපටය සමත්ව තිබෙනවා.

ඔන්න එහෙනම් දැන් වෙන කතා පැත්තක තියල චිත්‍රපටයේ එන කතාව මොකක්ද කියලත් කෙටියෙන් හරි දැන ගම්මුකෝ………

ආතර් (Daniel Radcliffe) කියන්නෙ වෘත්තියෙන් නීතීඥයෙක්. ඔහුට රාජකාරීමය වශයෙන් ඉටු කරන්න සිද්ධවෙන යම් කටයුත්තක් හේතුවෙන් තම පදිංචිය වෙනස් කරමින් හුදෙකලා ගමකට යන්න සිද්ධ වෙනවා.කොහොම වුණත් ගම්වාසීන් නම් ආතර්ගේ පැමිණීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. එයාලට ඕන වෙන්නෙ ආතර් ආපහු තම ප්‍රදේශයෙන් ඉවත්ව යනු දැකීමයි. ඒත් ආතර් ඊට එකඟ නොවෙමින් දිගින් දිගටම ගමේ ‍රැ‍ඳෙන්න තීරණය කරනවා. ඇත්තටම ඇයි ඒ ? ඒ මොකද කිව්වොත් එයාට ඉව වැටෙනවා මේ පිටිපස්සෙ මොකක් හරි අභිරහසක් තියෙනව කියල. විශේෂයෙන්ම ඔහුගේ සේවාදායකයාගේ නිවසේ……. ඇත්තටම මේ අභිරහස මොකක්ද? ඔයාලම එහෙනම් චිත්‍රපටය බලල දැන ගන්නකො……..

එහෙම නම් දැනට මං සමුගන්නම්. යන්න කලින් ඔයාලත් පොඩි කමෙන්ට් පාරකුත් දාගෙනම යන්නකො. මොකද එහෙම වුණොත් ඒකත් ලොකු හයියක් වෙයි……..
හැමටම ජය…….

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Subtitles by

සංදීප

90 comments

  1. ඉෂාන්

    Elakiri machan.. thanks sub walata ela ela

  2. Kasun

    Mama 2nd........

  3. uda

    මේකත් හොඳම කතාවක් කියලා හිතෙනවා.
    තව ගත්තේ නෑ, දෙනකම්ම හිටියා.
    තව අලුත් එකක් අරගෙන ආයිමත් එමු නේ.....
    ජය!

    ලිපිය බොහොම අනගි මචෝ! නියමයි.
    අපේ රටේ මේ වගේ ඒවා නොහැදෙන එක තමා දුක.
    නේද?
    බලමු...
    අපටත් දවසක් එයිනේ!

  4. shani

    thanx sub walata.mamath download wenna damma

  5. rpg

    sub sub ela ela jaya wewa.

  6. uda

    ඒ ගමන් Radcliff ගැන යමක් කියන්න හිතුණා.

    ඔහු හැබෑවටම දක්ෂයෙක්. මම Chronicle එකේදි කිව්ව වගේ තමන්ට ලැබෙන පිළිගැනීම ‍රැකගන්න ජනප්‍රිය ආරේ චරිත හොය හොයා යන නළුවො අතරේ Radcliff කරලා තියෙන්නේ නම් අමුතු වැඩක් තමා. නමුත් සැබෑ රංගනවේදියෙක් එක් ආකාරයේම චරිත හෝ චිත්‍රපට වලට සීමා වුණොත් ඔහුගේ දක්ෂතාවය වර්ධනය වෙනවා වෙනුවට මොට වෙලා යනවා. මට හිතෙන්නේ මෙයා ඒක තේරුම් අරගෙන වෙන්න ඇති, මේ වගේ දෙයක් ගැන හිත යොමු කළේ. ඒ ඔස්සේ ඒ අයට හිමිවෙන්නේ පෙර පැවති ජනප්‍රියත්වය නෙමෙයි; හැබැයි ජනප්‍රසාදය වගේම ආකර්ෂණයකුත් ලැබෙනවා. ඒක නළුවෙකුගේ පැවැත්මට ජනප්‍රියත්වයට වඩා බොහොම වැදගත්.

    ~මේ කාරණේ ලංකාව දිහා බැලුවහම හොඳින්ම තේරේවි, මයෙ හිතේ!~

  7. chamila

    hodai wage balamu...

  8. විකියා

    උදා කිවුවා වගේ එකම ආරක් ගත්ත තේමාවලින් මිදිලා Radcliff වෙනස්ම ආකාරයක දක්ෂ රංගනයක නිරත වෙනවා...
    “සංදීප” සහොටත් බොහොම තුති අපිත් එක්ක මේ වගේ හොද ෆිල්ම් එකක් බෙදා හදා ගත්ත එකට....

    ජයෙන් ජය~!

  9. M.D.A Pradeep (අමිල මනනදේව)

    එල එල සහෝ.තවත් මේ වගේ හොද චිත්‍රපටි අපිට දෙන්න.ඔන්න මමත් බානවා.
    ජය වේවා!!

  10. [DiN3sH]

    මේ දීලා තියෙන්නෙ.. මේක දෙනකන් තමා බලාගෙන හිටියේ.
    ආයේ කියලා වැඩක් නෑ. සංදීප සහෝදරයට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත් මේ වගේ සුපිරි චිත්‍රපට වලට උපසිරැසි යොදන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ පතනවා!!!! ජය!!!

  11. notisamanalaya

    නියමයි. ගොඩක් ස්තූතියි.

  12. rk

    ela ela mama aniwa balami

  13. kantha

    thanks very much saho sinhala subwalata....
    thawa honda film ekakata sub danna labeawa.
    sub danna una mahansiya etha agaya karanawa...,,
    jayaweawa....Wasanaweawa...,,,,,,Pinsiduweawa....

  14. ashan suranga

    thanks machan......

  15. කේ. යූ. ජී. උදාර

    අලුත්ම බයිස්කෝප් එකක් සිංහල සබ් එක්ක අරන් ආවට බොහොම ස්තූතියි සහෝ......
    280mb කොපියක් දුන්න එකත් හුඟක් වටිනවා.

  16. DriftKING

    නියමයි. ගොඩක් ස්තූතියි.

  17. Dina

    thank u.......

  18. Lahiru

    nice buddy thanks!

  19. shiwantha

    thanx machan

  20. යසිරු මධුක

    එල එල සහෝ.තවත් මේ වගේ හොද චිත්‍රපටි අපිට දෙන්න.

  21. CRIP

    Thanks very much. Thanks for your effort

  22. mudiya

    නියමයිනේ දැන් අපේ සයිට් එක.සිංහල සබ් දවසින් දවස දෙනවනෙ.සංදීප සහෝට ගොඩක් පිං මේ වැඩේට.ඔයාල නිසා තමයි අපිට දවස ගානෙ සිංහල සබ් එක්ක ෆිල්ම් බලන්ඩ පුවවන් වෙන්නෙ.මේ වගේම සුපිරි ෆිල්ම් එකක් එක්ක සිංහල සබ් එක්කම ආයෙත් එන්නකො මේ පැත්තෙ ඉක්මනටම.ජයවේවා.බොහෝ..................ම ස්තූතියි...!

  23. සංදීප

    විකියා සහෝට මේ ගැන ස්තූතිවන්ත වෙන්න ඕන.ඔහු නැත්තම් මේක මට දෙන්න බැරි වෙනවා.ඒ වාගේම කොමන්ට් කරපු අනෙකුත් සහෝලටත් බොහෝමත් තුති.

  24. dedunu

    thanks machan……

  25. shalana

    Thanks machooo..

  26. gayan

    thanks

  27. sudaraka

    හොද ෆිල්ම් එකක් බව ට්‍රෙලර් එකෙන් පේනවා..ඒ වගේ හැරී පෝටර් නලුවා කියන රාමුවෙන් මිදිලා තමන්ටම ආවේනික බවක් ගොඩනගා ගන්න එක ඩැනියෙල්ට හොදයි...ස්තූතියි ෆිල්ම් එක දුන්නට...

  28. chathura

    thanks machan....jaya weva.....

  29. dilee

    thanx sahoo....

  30. Chathurabuddi

    පොඩි කොපියක් දුන්නට තැන්කඋ සහෝ

  31. දනුක බෙන්තරවිතාන

    බොහෝම ස්තූතියි සහෝ. :) ලොකු දෙයක් කලේ . තවත් මේ වගේ සුපිරි ඒවාට සබ්ස් දාන්න වාසනාව ලැබෙන්න ඕනේ. :)

    @කාටහරි

    අනේ මම මේක බාන්න දාලා, පැය දහයකටත් වැඩියි. download speed එක 5kbp/s පන්නන්නේ නෑ. තාම 10% වත් නෑ මොකෝ කරන්නේ. :( අනේ උදවු කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. මගේ Internet Speed එක එච්චර slow නෑ. SLT Home PAckage එක තියෙන්නෙත්. කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ.

  32. Isuru Udana

    බොහොම ස්තූතියි සංදීප සහෝ.

    මේ විදිහට තමා මේ සයිට් එක තියෙන්න ඕනෙ. දැන් නැවතත් මේ සයිට් එක ඉස්සර තිබ්බ තත්වෙට ඇවිල්ල කියල හිතෙනව. දැන් හැමදාම වගේ අලුත් චිත්‍රපටයක් සබ් එක්කම දෙනව. බොහොම සතු‍ටුයි...!

  33. uda

    http://www.baiscopelk.com/?page_id=1012
    මේකෙ විදිහට කරල බැලුවද සහෝ?

    මෙතනට ගිහින් උපදෙස් අනුව කළා නම් හරියයි.

    නැතිනම් ඔය ටොරන්ට් එකේ නමින් සර්ච් කරලා ඕකට අදාල හෑෂ් එක/ට්‍රැකර් ලිස්ට් එක හොයාගෙන පේස්ට් කළා නම් හරියයි. කරලා බලන්න.

  34. halapaya

    240 copy 1ta bohoth Shukriya ;)

  35. kdn

    thanks keep it up

  36. me

    Thanks

  37. charith

    sub walata bohomathma sthuthiyyyy........

  38. pubudu

    බොහොම ස්තුතියි සහෝ සබ් වලට... :)

  39. vernie

    thanx සංදී..........................

  40. AL1717

    thnks Machan me Sinhala sub ekata

  41. para

    niyamai saho.........patta film eka.mama wenada horror movies walata asama na eth danam patta..thanks.......thanks

  42. සමන් කළුබෝවිල

    ගොඩාක් දවසකට පස්සේ බයිස්කෝප් එක පැත්තේ ආවා... පට්ටම ෆිල්ම් එකක් සබ් එක්කම දීලා.. අහක බලාගෙන කොහොමද අප්පේ යන්නේ.... ගොඩාක් ස්තූතී.... බයිස්කෝප් එකටත් සංදීප සහෝටත් ජය..... :)

  43. අබා

    නියමයි සන්දීප සහෝ...අනිවා බාන්න ඕන..ස්තූතියි ඔයාට..ජයවේවා෴෴෴

  44. DJ amberella

    elamchoooooooooooo.. thawa holman film diyan... sub 1kama

  45. හර්ෂ..

    මැක්සා ෆිල්ම් එකක් කියල හිතුනා.... ඩවුන් වෙන්න දැම්මා... එල එල.... සබ් වලටත් තැන්ක්ස්...

  46. හසිත අලහකෝන්

    බලන්නම හිතාගෙන හිටපු චිත්‍රපටියක්. “සංදීප” සහෝදරයාට ස්තූතිවන්ත වෙනව උපසිරැසි දුන්නට. තව තවත් මේ වගේ අමුතු චිත්‍රපටි හොයල උපසිරැසි දෙන්න කියල ඉල්ලා හිටිනව..
    ජය වේවා...!

  47. lakmal

    ela machan sinhala sub ekka ela ela thanks brother

  48. රාම් රාජ්

    මෙන්න මේවගේ කොල්ලෝ තව හිටියනම් ඔක්කොම හොලිවුඩ් ෆිලම් ටික අපේ වගේ අපූරුවට බලන්න තිබුනානේ.සුභ පැතුම් කොලුවෝ.

  49. CybER TubE

    මේක සිරා ෆිල්ම් එක.. වෙන horror වගේ ගොන් පාර්ට් නෑ.. 240MB copy එක හොඳට තිනවා..

  50. nush

    ela (Y)

Load more comments