Watch Trailer

J. Edgar (2011) with Sinhala Subtitles | තවත් එක චරිතයක නොදුටු පැත්තක්. [සිංහල උපසිරසි සමඟ]

අපි කවුරුත් දන්න සිනමා නළු Clint Eastwood විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය දෙන්න ප්‍රමාද වීම ගැන මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කලින් මම මේක බාරගත්තත් කාර්යයබහුලත්වය නිසාම උපසිරැසි නොදී ඉන්න තරමට කටයුතු යෙදුනත් අපි කවුරුත් දන්න උදා හා විකියා සහෝලා දෙන්නා නිසා තමයි මේකට උපසිරැසි දෙන්න පුළුවන්…

අපි කවුරුත් දන්න සිනමා නළු Clint Eastwood විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය දෙන්න ප්‍රමාද වීම ගැන මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කලින් මම මේක බාරගත්තත් කාර්යයබහුලත්වය නිසාම උපසිරැසි නොදී ඉන්න තරමට කටයුතු යෙදුනත් අපි කවුරුත් දන්න උදා හා විකියා සහෝලා දෙන්නා නිසා තමයි මේකට උපසිරැසි දෙන්න පුළුවන් වුණේ. චරිතාප්‍රදාන චිත්‍රපටි ගැන උදා සහෝ දක්වන උනන්දුව නිසාම මේ වටිනා චිත්‍රපටියට ඔහු තනියම උපසිරැසි දෙන්න හැදුවත් වැකි ප්‍රමාණය 2000 ක් කිට්ටු වෙන්න තියෙන නිසා විකියා සහෝගේ ඉල්ලීම මත මමත් ආපහු පොඩ්ඩක් උදව් වෙලා මේ චිත්‍රපටිය ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ.

කවුද මේ J. එඩ්ගා හූවර් කියන්නෙ. පළවන ලෝක යුද්ධය කාලෙ ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුවට බැඳිලා එතැන් සිට තම මරණය දක්වාම ඇමරිකාවට විශාල මෙහෙයක් කල අයෙක්. ඔහු කළ ප්‍රධානම දෙයනම් කලින් Bureau of Investigations නමින් හැදීන්වී 1935 සිට Federal Bureau of Investigation ලෙස හැදීන්වෙන කෙටියෙන් කියනවනම් FBI ආයතනය උසස් තලයකට නංවා ලීමයි. තම පරීක්ෂකයින්ට ගිණි අවි දැරීමට හා අත් අඩංගුවට ගැනීමට බලයක් නැති තත්වයක සිට ප්‍රාදේශීය පොලීසීය ඉක්මවා යන නීතිමය බලයක් සහිතව ද කලින් කලට නවීම තාක්ෂණය යොදාගන්න අපරාධකරුවනට වඩා පහසුකම් වලින් සහිත කාලානුරූපව නවීන තක්ෂණයෙන් සපිරෙන විද්‍යාගාර පහසුකම් හා ඇමරිකාවේ හොඳම මොළ ටික එකතුකර වඩාත් ක්‍රියාකාරී ලෙස අපරාධ හා සටන් කරන බලවත් තැනකට FBI ආයතනය පත් කිරීමත්, මුළු ඇමරිකාවේම අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු එකතු කර එක් මධ්‍යගත පද්ධතියක් සෑදීම හා චෝහාරික විද්‍යා පරීක්ෂණ අපරාධ විසඳීමට යොදා ගැනීමත් ඔහු කල විශිෂ්ට ක්‍රියා අතරට ගැනෙනවා. 1920-40 සමයේ ඇමරිකාවේ බහුලව සිටි බැංකු කොල්ලකරුවන් ගැන කියවෙන Public enemy චිත්‍රපටයේ කතාවස්තුව වූ John Dillinger, Baby face Nelson වැනි බංකු මංකොල්ලකරුවන්  නීතියේ රැහැනට හසුකර ගැනීම හා සියවසේ අපරාධය ලෙස සැලකෙන එකල ගුවන් සේවයේ වීරයෙකු වූ Charles Lindbergh ගේ දරුවා පැහැර ගැනීම හා ඝාතනය විසඳීම නිසා ඔහුගේ අයතනය උසස් තලයකට ගෙන එන්න ඔහුට මඟ පෑදුවා.

ඒ වගේම ඔහුට විරුද්ධ චෝදනා අතරට FBI නීති සීමාව ඉක්මවා කටයුතු කිරීම, දේශපාලන විරුද්ධ මත දරන්නන්ට හිරිහැර කිරීම්, දේශපාලන නායකයන් ගේ රහසිගත ජීවිත ගැන වාර්තා එකතු කර තබාගැනීම්, නිති විරෝධි ක්‍රම මඟින් තොරතුරු රැස් කිරීම් වගේම ඊර්ෂ්‍යාව නිසා ඉහළට එන පහළ මට්ටමේ පරීක්ෂකයින්ව කපා දැමීමද ප්‍රධාන තැනක් ගන්නවා. ඒත් මේ චෝදනා වලින් වැඩි හරියකින් ඔහු බලාපොරොත්තු වුණේ තම රටට සේවය කිරීම මිසක් තමාට සේවය කරගැනීම නෙවෙයි.

කලින් තිබූ ආයතනයේ 6 වැනි අධ්‍යක්ෂක ලෙස පත්වී පසුව FBI ආයතනයේ පළමු අධ්‍යක්ෂක ලෙස ඔහු තම මරණය තෙක් අවුරුදු 48ක් තම සේවය රටට ලබා දුන්නා. ජනාධිපතිවරු 8 දෙනෙකුට ඔහු සේවය කළා. හැබැයි මම දැකපු විශේෂිත ම දේ තමයි ඔහු ජනාධිපතිට බිය නොවී ජනාධිපති ඔහුට නංවා ගැනීම. සමහර විටෙක ඒ සඳහා ඔහුට උපකාරී වෙන්නෙ එම ජනාධිපති වරුන්ගේ රහසිගත සම්බධකම් ගැන ඔහු දැන සිටීමයි. ඒ නැතැත් අපරාධ මඩින අයතනයක් ස්වාධීන නොවුණොත් දේශපාලකයින්ගේ බලපෑම් වලට නතු වෙන බව පැහැදිලි කාරණයක් නොවැ.

ලිපියනම් ටිකක් දික්වුණා. මෙම චිත්‍රපටය හා අදාළ සිදුවීම් හා චරිත ගැන  අදාල සබැඳිගත කිරීම් කරලා තියෙන නිසා වැඩිපුර විස්තර ගැනීමට අවශ්‍ය අයට ඒවා උදව්වක් වේවි. ඉතින් බාගත කරගෙන කමෙන්ට් එකකුත් දාලමු යමු නේද? 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

52 comments

  1. යසිරු මධුක

    ඔන්න අද මම තමා පළවෙනියා. සිංහල සුබ එක්ක දුන්නට බොහොම ස්තුතියි.

  2. යසිරු මධුක

    කලින් කොම්මෙන්ට් එක පොඩ්ඩක් වැරදිලා. සමාවෙන්න.

  3. punuth

    pattai honde

  4. chamila

    thankss

  5. Nishantha

    thanx specially sinhala sub.

  6. Danuka

    සුභ අලුත් අවුරුදක් වේවා! කියලා කියනවා හැමෝටම.සුපිරි බයිස්කොප් එකකින්ම වැඩ පටන්ගත්ත එක ගැන බයිස්කොප් Team එකටම ස්තුතියි!

  7. ashen malinda

    මේ දීලා තියෙන්නේ ඩිකැප්‍රියෝ අයියගේ මැක්ස ෆිල්ම් එකක් හෙන කාලෙකට පස්සේ... බොහොම ස්තුතියි

  8. Isuru dimantha

    patta film 1k ne deela thiyenne......thankz sub 1kata.....

  9. ශෂී මදුරංග ප්‍රනාන්දු

    මේක සිංහල සබ් එක්ක ලැබෙනකම් බලන හිටියේ සහෝ. නියමයි, ගොඩක් ඉස්තුති, ඉක්මනින් බලල අයෙ දැන්නම් කොමෙන්ටුවක්...

  10. සුරංග වන්නිආරච්චි

    Thanks Uda & Royly

  11. වා.මු. නිලන්ත පියසිරි

    උදා සහ රොයිලි මලයණ්ඩිලාට පිං දෙන ගමන් ඔන්න මම බයිස්කෝප් එක බෑවෙන්න දැම්මා. මේකට උප සිරැසි දෙන්න සෑදෙන්න මහන්සි වෙන්න ඇති. වෙසෙසින් ම කියන්න ඕනේ උදා ගේ සහ රොයිලි ගේ උප සිරැසි වල වෙන වෙන ම අනන්‍යතාවයන් තියෙන්නේ, ඒවා කොහොමද මේ බයිස්කෝප් එකේ සම්මිශ්‍රණය වෙලා තියෙන්නේ කියලාත් අනිවාර්යෙන් ම බලන්න ඕනේ. නැවතත් උප සිරැසි වලට පිං දෙන ගමන්. හැමෝට ම මේක බාගෙන රස විඳින්නත්, පොඩි ප්‍රතිචාරයක් මේකට දාන්නත් අමතක කරන්න එපා කියනවා.

  12. කේ. යූ. ජී. උදාර

    "උදා සහ රොයිලි"
    මේක මරු සුසංයෝගයක්නෙ......
    සබ් ටික නම් එළටම ඇතිය කියල හිතනව.
    370 කොපියක් දුන්න එකත් සෑහෙන වටිනව.

  13. කේ. යූ. ජී. උදාර

    සමාවෙන්න ඕනෙ කලින් කමෙන්ටුවේදි ස්තූති කරන්න බැරි වුණානේ....
    ඔන්න එහෙනම් උදා,රොයිලි දෙන්නටම බොහොමත්ම ස්තූතියි.....

  14. Sha

    Ela ela Thankzzzzzzzzz me film 1a dunnata :)

    A wagema sinhala sub 1th Thankzzzzzzzz :)

    Mwka nam balanna watinama film 1k ;) A nisa onna danawa danma down wenna :)

    Jayawewaaaaaaaaaaaaaaaaaaaa :D

  15. විකියා

    ඇත්තටම මේක නම් සුවිශේෂී බයිස්කෝප් නිර්මාණයක්...අමුතුම ආරක් ගත්ත.... හැමෝම වගේ දැන ගතු යුතු චරිතයක් වටා ගෙතුණු...
    බොහොමත්ම තුති “උදා සහ රොයිලි” සහෝලා දෙන්නටම උපසිරස යොදන්නට උන කැපවීම ගැන........

    ජයෙන් ජය~!

  16. mudiya

    ලියලා තියෙන ලිපිය කියවලා බැලුවම හිතුන අනිවාර්යයෙන්ම බලන්ඩ ඕනි කියල.කොහොමත් මේ වගේ ෆිල්ම් එකක සම්පූර්ණ රසාස්වාදය ලබා ගන්ඩ පුළුවන් සිංහල එක්ක බැලුවම තමයි.ඒ නිසා උදා ටයි රොයිලි ටයි ගොඩක් පිං මේකට සබ් දුන්න එකට.ඔන්න බාන්ඩ දැම්ම.ඉස්සරහට හොඳ ඇනිමේෂන් ෆිල්ම් ටිකක් එනව වගේ.ඔන්න ඔය හැම එකක්ම අපේ සයිට් එකෙන් පළවෙනියටම දෙන්ඩ ඕනි.අපේ කිව්වෙ ඉතිං ෆිට් එකට.බොහෝ........ම ස්තූති‍යි...!

  17. Isuru Udana

    Leonardo Dicaprio කියන්නෙ මගෙ ප්‍රියතම නලුවා. ඉතින් මේක නොබල කොහොමද? උදා සහෝටත් රොයිලි සහෝටත් බොහෝම ස්තූතියි සිංහල සබ් එක්කම මේක දුන්නට...!

  18. prasad

    singhala sub walata thanks, movie eka kohen ganna berida, eth sub tiyenne mehe witharai honda copiyakuth ekka. kollo dennatama tawa tawa sub danna dahiriya lebewa. thanks

  19. Theekshanax

    නියමායි රොයිලි සහො

  20. kantha

    thanks very much sinhala subwalata....
    thawa honda film ekakata sub danna,,
    jayaweawa....

  21. upul hewagamage

    oon mamath gaththa.. thnx sahoo sub walata.. mamath aasai mehema films balanna.. thnx godaariyakma...

  22. රාම් රාජ්

    රොයිලි සෑහෙන කාලෙකින් වැඩේට බැහැලා තියෙන්නේ.නියමයි.

  23. අමීර

    Sin sub walata thanks....

  24. yakada yaka

    hodai ithin balamuko.

  25. kdn

    well done

  26. nuwan

    THANK YOU MACHAN SIRA FILM EKAK WAGE B ALAMA BALAMU

  27. Rajitha

    thank you.elaz a

  28. Rumesh

    siraa!!!! niyamai, jaya wewa !!!!!!

  29. vernie

    බොහොම ස්තුතියි

  30. rasika

    Patta film 1k ne ,,,,,,,,Jaya wewa

  31. Dina

    එල එල........

  32. dinnu

    නියමයී.එල එල, ජයවේවා!!!

  33. me

    Thanks

  34. sena

    Thank you...

  35. paradox

    අපේ රටේ සියලු පොලිස් නිලධාරීන් මෙන්ම සියලු දේශපාලුවනුත් නැරඹිය යුතු චිත්‍රපටයක්. ස්තුතියි රොයිලි. ස්තුතියි උදා.

  36. bee

    tnx kollo............

  37. Nalaka

    OON Baanna damma, attatama saholata pin,
    Film eka balala connentuwak dennan

    Jay Wewa

  38. shani

    thanks

  39. k2abey

    niyamai ba gaththa balala kiyannan aai hari giya aka gana sathutui godak

  40. kusan

    wade ela

  41. shani

    thanks. great movie.

  42. k2abey

    niyamai man baluwa sub niyematama karala thiyenawa jaya wewa..........

  43. සාරංග ලියනගම

    සිංහල සබ් එක්ක බලන්න ආසාවෙන් ඉඳපු පට්ටම ෆිල්ම් එකක්.ගොඩාක් ස්තූතියි සහෝ...

  44. sujeewa

    බොහොම ස්තූතියි සහෝ……

  45. wishwacom

    ★සිංහල උපසිරැසි සමගින් අපගේ චිත්‍රපට බැලීමේ ආශාව වර්ධනය කල ඔබට ,තවතවත් මෙවැනි දේ කිරීමට හැකියාව හා ශක්තිය ලැබේවා..කියල ප්‍රාර්ථනා කරනවා .....★

  46. DAMER

    එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  47. rosa

    thanks

  48. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  49. nidi

    Udha, Royly dennatama gadak sthuthhi karanawa me wage film ekak subs ekka deema gena. subs nethinam mama wage hunga denekuta film eke niyamama rasaya windinna beri wenawa sure. ee nisa me PIN serama anumodan wela thawa hondama honda film godakata subs denna kiyala dennagenma illa sitinawa! thanks!

  50. yasas sri bandara

    sub eka baa gaththaa bohooma sthuuthiyi mee wenuwen kapawena haema dhenaatama

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.